Sinhala Language & Literature

-10%Out-of-Stock

Amawathura-Gatapada Akaradiya

Out-of-Stock
අමාවතුර ගැටපද අකාරාදිය -  අමාවතුරේ දුරවබෝධ පද අකාරාදී පිළිවෙළින් පෙළ ගස්වා එම පදවලට අරුත් සපයමින් සිරි සුමන හිමිපාණන් විසින් පිළියෙල කරන ලද මේ අකාරාදියල අමාවතුර හදාරන ශික්ෂක ශිෂ්‍ය දෙපක්ෂයට පමණක් නොව අමාවතුර රස විදින සාමාන්‍ය පාඨකයන්ට ද අත්‍යවශ්‍ය ග‍්‍රන්ථයක් බැවින් සෑම දෙනාම මෙම පොත කියවිය යුතුය.  
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock

Thulanathmaka Vag Vidyawa

Out-of-Stock
තුලනාත්මක වාග් විද්‍යාව - මේ පොතෙහි මුල් පරිච්ඡේද කීපයට වාග් විද්‍යාවේ හා ව්‍යාකරණයේ ඉතිහාසයත්, භාෂාව, එහි ප‍්‍රභවය, වර්ධනය, ව්‍යාප්තිය හා පරිණාමය පිළිබදව මේ දක්වා වාග් විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කර ඇති ප‍්‍රධාන මත හා විවේචන සමහරකුත් ඇතුළත් වෙයි. ලේඛනයේ ඉතිහාසයට හා ලෝක භාෂා වර්ග කිරීමට පරිච්ඡේද බැගින් වෙන්කර ඇති අතර පොතේ අගභාගය සම්පූර්ණයෙන්ම ඉන්දු - යුරෝපීය භාෂා පවුල සහ එහි සාඛා, ප‍්‍රසාඛා හා ඒවාට අයත් භාෂා පිළිබද ඉතිහාසය තුලනාත්මක වාග් විද්‍යානුකූලව පිළිවෙලින් ඉදිරිපත් කර ඇත.
Rs 1,665.00
Rs 1,850.00
-10%

Parevi Sandeshaya

පරෙවි සංදේශය -  පදගතාර්ථ විස්තර විමර්ශන සහිත මෙම සන්දේශය ජයවර්ධන පුරවර සිට ගිරිහෙලපුර හෙවත් දෙවිනුවර උපුල්වන් දෙවිªන්ට යැවෙන්නකි. සාම්ප‍්‍රදායික සන්දේශ කාව්‍ය රීතීන් අනුගමනය කරමින් ම මෙය ද සැකසී ඇත. 
Rs 261.00
Rs 290.00
-10%

Sinhala Sahithya 2

සිංහල සාහිත්‍යය - 02 - සිංහල සාහිත්‍යය කතාව ගෙනහැර දක්වමින් ලියනු ලබන පොත් පෙළේ දෙවැන්නයි මේ. බුදු වසින් 1775 සිට 1827 දක්වා අතර කාලය තුළ ලියැවුණ පත -පොත පිලිබද කතාව මෙයට ඇතුළත් වෙයි. 
Rs 531.00
Rs 590.00
-10%

Sinhala Sahithya

සිංහල සාහිත්‍යය - මෙම විෂයෙහිලා උනන්දුවක් දක්වන සියලූ දෙනාට මහාර්ඝ කෘතියක් වන මෙහි සිංහල සාහිත්‍යය පිළිබදව සුවි‌‌ශේෂී කරුණු රාශියක් අන්තර්ගතව ඇත.
Rs 1,485.00
Rs 1,650.00
-10%

Sinhala Sahithya Vimasuma

සිංහල සාහිත්‍ය විමසුම - සිංහල බෝධිවංශය, ගිරා සංදේශය, ඩිංගිරිමැණිකා යන ග‍්‍රන්ථ පිළිබද සවිස්තරාත්මක විවරණයක් සපයන මෙම කෘතිය පිරිවෙන්හි අධ්‍යයනය ලබන ශිෂ්‍යයින් සදහා මහත් සේ ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 135.00
Rs 150.00
-10%

Gnanaseeha Nahimi Granthamala Sahithya

සාහිත්‍යය - සිංහල සාහිත්‍යය වංශයෙහි ආදි යුගයේ පටන් වර්තමාන යුගය දක්වා වූ සාහිත්‍යය කාරකයන්ගේ කෘතීන් පිළිබදව අපක්ෂපාත විවේචනයකින් කැරෙන මේ ග‍්‍රන්ථයෙන් සිංහල සාහිත්‍ය පෝෂණයට නව පණක් ඇති වනු නොඅනුමානය.
Rs 270.00
Rs 300.00
-10%

Sinhala Sahithyayehi Batahira Abasaya

සිංහල සාහිත්‍යයෙහි බටහිර ආභාසය - සිංහල ජන සමාජය කෙරෙහි බටහිර සංස්කෘතිය හා ශිෂ්ඨාචාරය බලපා ඇත. එහි එක් පැතිකඩක් වන සිංහල සාහිත්‍යයෙහි දක්නා ලැබෙන බටහිර ආභාසය විචාරපූර්වකව විග්‍රහ කිරීම මෙහි කතුවරයාගේ කාර්ය වී ඇත. මෙම කෘතියෙහි ඇතුළත් ඇතැම් කරුණු, ආාර්ය උබයසිරි විජයනන්ද වික්‍රම විසින් මුල්වරට පළකොට ඇත්තේ, 'සංස්කෘත', 'විමංසා', 'සාහිත්‍යය', 'පියවර' හා 'ප්‍රගති' වැනි ප්‍රකට සඟරා ඇසුරෙනි. 
Rs 1,080.00
Rs 1,200.00
-10%

Buthsarane Wakya Winyasaya

බුත්සරණේ වාක්‍ය වින්‍යාසය - මෙය දොළොස්වන ශත වර්ෂයේ අගභාගයේ දී හෝ දහතුන්වන ශත වර්ෂයේ මුල්භාගයේ දී හෝ 'විද්‍යාචක්‍රවර්තීන්' විසින් රචනා කරන ලද බුත්සරණේ වාක්‍ය වින්‍යාසය පිළිබඳ ශාස්ත්‍රීය විමර්ශනයකි.
Rs 765.00
Rs 850.00
-10%

Sidath Sangara

සිදත් සඟරා - 13 වන සියවසේ දඹදෙණි සමයේදී රචිත සිදත් සඟරාව සාම්ප්‍රදායික සිංහල ව්‍යාකරණයන්ගේ මූලික විධි පැහැදිලි කරගැනීම සඳහා මූලික කොට ගන්නා ග්‍රන්ථය ලෙස සැළකේ. එය දේව ප්‍රතිරාජයන්ගේ ආරාධනාව මත පතිරාජ පිරිවන් හිමි විසින් රචනා කොට ඇති බව පිළිගැනෙයි.
Rs 182.25
Rs 202.50
-10%Out-of-Stock

niwaradi wahara

Out-of-Stock
සිංහල ව්‍යාකරණය පිළිබද විශේෂඥයකු වන ආචාර්ය පණ්ඩිත ගුණපාල සේනාධීර මහතා විසින් රචිත මෙම කෘතිය නිවැරදිව සිංහල ව්‍යාකරණ භාවිතා කරන ආකාරය පිළිබද මනා දැනුමක් ලබා ගත හැකි කෘතියකි.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Kumarathungu Maga

Out-of-Stock
රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය වරියක් වන මහාචාර්ය ධර්මා රාජපක්ෂ මහත්මිය විසින් රචිත  'කුමාරතුගු මග' නම් මෙම කෘතිය මගින් මෑත කාලීන සිංහල භාෂාවේ උන්නතිය පිළිබදව අවංක හැගීමකින් කටයුතු කළ භාෂා ප්‍රේමියෙකු වන කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ කාව්‍ය කරණය පිළිබදව ඉතා හොද ප්‍රායෝගික දැනුමක් ලබා ගත හැකි ග්‍රන්ථයකි.
Rs 202.50
Rs 225.00
-10%Out-of-Stock

Sinhala Viyakarana Guruwaraya

Out-of-Stock
'සිංහල ව්‍යාකරණ ගුරුවරයා' නම් මෙම කෘතිය සිංහල භාෂාව හදාරන හා එය විෂයක් ලෙස විවිධ විභාගවලට ගන්නා ගුරු-සිසු දෙපාර්ෂවයටම ඉතා ප්‍රයෝජනවත් කෘතියකි.
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock

Shikshaka Wurthiya

Out-of-Stock
'ශික්ෂක වෘත්තීය' නම් මෙම ලිපි පෙළ හරහා  එදා කුමාරතුංග මුනිදසයන් විසින්  ශික්ෂකයන් අවදි කර ඔවුන් ගත යුතු මග පෙන්වා එ මගින් රට නිවැරදි මගට යොමු කිරීමට දැරූ අභීෂ්ට ප්‍රයත්නයක් ලෙස හැදින්විය හැකිය.
ඒ කෙරෙහි වර්ථමාන සමාජයේ ජිවත් වන ගුරුවරුන්ගේ මෙන්ම අධ්‍යාපන ප්‍රත්පත්ති සම්පාදකයන් ගේ අවධානය යොමු වීම අද ද රටට මහත් වැඩදායී වනු ඇත.
Rs 135.00
Rs 150.00
-10%Out-of-Stock

Sinhala Lekana Rithiya

Out-of-Stock
නිවැරදි භාෂා භාවිතයක් සදහා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් එළි දක්වන ලද ''සිංහල ලේඛන රීතිය'' නව සංස්කරණය නම් මෙම කෘතිය පාසල් වල අධ්‍යපනය ලබන සිසුන්ට , සරසවි අධ්‍යපනය ලබන සිසුන්ට මෙන්ම සිංහල ලේඛන රීතිය පිලිබද අධ්‍යනය කරන ඕනෑම පුද්ගලයෙකු හට ඉතා වටිනා ග්‍රන්ථයකි. 
Rs 270.00
Rs 300.00
-10%

Sinhala Rasabasa

ලොව සම්භාව්‍ය භාෂා අතර සිංහල භාෂාව ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර මෙම කෘතිය නිර්මාණය කිරීමේ දී සමාන පද, බහු අර්ථ පද, විරුද්ධාර්ථ පද, යුගල පද වැනි තෝරාගත් මාතෘකා කිහිපයක් ගෙන එම්.ජි.සිරිල් මහතා සහ නාලිනී කන්ත්‍රිආරච්චි මහත්මිය විසින් රචනා කරණ ලද 'සිංහල රසබස' නම් මෙම කෘතිය සිංහල භාෂාව අධ්‍යනය කරන්නෙකු හට ඉතා වටිනා ග්‍රන්තයකි. 
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Sinhala Basha Parinamaya

Out-of-Stock
සිංහල සාහිත්‍ය උන්නතිය උදෙසා බද්දේගම විමලවීර ස්ථවීර හිමිපාණන් වහන්සේ විසින් රචිත මෙම කෘතිය පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාට මෙන්ම උසස් අධ්‍යපනය ලබන ඕනැම කෙනෙකුට සිංහල භාෂාවේ භාෂා පරිණාමය පිලිබදව අධ්‍යයනය කිරීමට ඉතා වටිනා කෘතියකි.
Rs 405.00
Rs 450.00
-10%

Mahagama Sekara Saha Ohuge Geya Kavya

ගීත නාටක රචකයෙකු මෙන්ම කාව්‍ය ,චිත්‍රපට ගීත සහ තවත් බොහෝ අලංකාරවත් කවි නිර්මාණ කල නිර්මාණ කරුවෙකු ලෙස මහගම සේකර මහතා හැදින්විය හැකි අතර. රත්න ශ්‍රි විජේසිංහ මහතා විසින් රචිත මෙම කෘතියේ මහගම සේකර මහතාගේ කවි නිර්මාණ පිලිබදව ඉතා වටිනා දැනුම් සම්භාරයක් ලබා ගත හැකිය
Rs 714.42
Rs 793.80
-10%

Sinhala Ketikatha Sangrahaya

මෙම කෘතිය පේරාදෙණි සරසවියේ ශාස්ත්‍රවේදී බාහිර උපාධි පාඨමාලාව හදාරන සිසු සිසුවියන් වෙනුවෙන් සැකසුණ නිර්දිෂ්ට කෘතියකි. මෙය කෙටිකතා කලාව හදාරන උපාධි අපේක්ෂකයන්ගේ පමණක් නොව කෙටිකතා කලාව පිළිබද උනන්දුවක් දක්වන වෙනත් ඕනැම අයෙකුගේ ශාස්ත්‍ර උන්නතිය පිණිස උපකාර වනු ඇත.
Rs 720.00
Rs 800.00
-10%Out-of-Stock

Widheshiya ketikatha sangrahaya

Out-of-Stock
මෙම කෘතිය පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍රවේදී බාහිර උපාධි පාඨමාලාව හදාරන සිසු සිසුවියන් වෙනුවෙන් සැකසුණ නිර්දිෂ්ට කෘතියකි. මෙය විදේශ කෙටිකතා කලාව හදාරන උපාධි අපේක්ෂකයන්ගේ පමණක් නොව විදේශ කෙටිකතා කලාව පිළිබද උනන්දුවක් දක්වන වෙනත් ඕනැම අයෙකුගේ ශාස්ත්‍ර උන්නතිය පිණිස උපකාර වනු ඇත. 
Rs 1,125.00
Rs 1,250.00
-10%

Sinhala Bashadhyana Lipi-01

සිංහල භාෂාවේ අනුපද්ධති සම්බන්ධයෙන් ද සිංහල භාෂාවේ විකාශනය සම්බන්ධයෙන්ද ඉතිහාසගත සාධක හා එහි පරිණාමය කෙරෙහි බල පෑ සමාජ-සංස්කෘතික සාධක පිළිබද ව  පදනම්ව මහාචාර්ය විමල් ජි. බලගල්ලේ මහතා විසින් රචිත මෙම කෘතිය භාෂාව පිළිබද ඇල්මක් හා කුතුහලයක් ඇති බුද්ධිමත් පාඨකයාට ඉතා ඵලදායි වන කෘතියකි.    
Rs 675.00
Rs 750.00
-10%

Sinhala Viyakarana Akaradiya

සිංහල ව්‍යාකරණ අකාරාදිය නම් මෙම කෘතිය තුළින් ව්‍යාකරණ භාවිතයෙදී සිදුවන වැරදි හදුනා ගෙන ඒවා නිවරදි කර ගනිමින් නිවැරදිව සිංහල ව්‍යාකරණ භාවිතා කල යුතු ආකාරය පිලිබදව බාල මහලු ඕනැම  කෙනෙකුට මනා දැනුමක් නිසකව ලබා ගත හැකි කෘතියකි.
Rs 675.00
Rs 750.00
-10%

Sri Rathanasara Wyakarana

සිංහල භාෂාවේ උන්නතිය උදෙසා ශාස්ත්‍රාචාර්‍ය පණ්ඩිත දෙහිගස්පේ ප්ඤ්ඤාසාර හිමිපාණන් වහන්සේ විසින් රචිත මෙම කෘතිය පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාට මෙන්ම උසස් අධ්‍යපනය ලබන ඕනෑම කෙනෙකුට සිංහල භාෂාවේ ව්‍යාකරණ භාවිතය පිලිබදව අධ්‍යයනය කිරීමට ඉතා වටිනා කෘතියකි.
Rs 424.80
Rs 472.00
-10%

Sinhala Wyakarana

හික්කඩුවේ ශ්‍රි සුමංගල හිමිපාණන් වහන්සේ සිංහල භාෂාවට කරන ලද සේවය අපිරිමිතය. උන්වහන්සේගේ ග්‍රන්ථ ප්‍රයෝජනයට ගනිමින් එම්. කේ. සුසන්ත සේනාධිලංකාර නම් වූ ඒ අසහාය සම්මානනීය ලේඛකයා විසින් රචිත  සිංහල ව්‍යාකරණ නම් වු මෙම කෘතිය සිංහල භාෂාව ඉගෙනීමට හිතැති සියලු දෙනාගේ ප්‍රයෝජනයට ඉවහල් වනු ඇත.
Rs 247.50
Rs 275.00
-10%Out-of-Stock

Sinhala Akshara Vinyasa Akaradiya

Out-of-Stock
'සිංහල අක්ෂර වින්‍යාස අකාරාදිය' නම් වු මෙම කෘතිය සම්පාදනය කොට ඇත්තේ සමකාලීන සිංහල ලේඛන මාලාවේ අක්ෂර වින්‍යාස අරඹයා ගැටලු තැන් මතු වූ විට භාවිතා කළ හැකි ප්‍රයෝගික භාෂා අත් පොතක් ලෙසය.
Rs 855.00
Rs 950.00
-10%Out-of-Stock

Punchibandara Weragama Pandithumage pada nithiya

Out-of-Stock
හෙළ බස පර ගැති බවින් මුදවා ගැනීමේ දැඩි අදිටනින්, සිය දිවි කැප කළ සරසවි සදරැස කතුවර වේරගම පඩිතුමාණන්ගේ මෙම පද නීතිය වත්මන් තරුණ පුවත්පත් කලාවේදින්ට සහ තරුණ ගුරු පරපුරට ඉතා මහගු දායාදයක් වන කෘතියකි. 
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Sinhala Sahithya Grantha Wanshaya

Out-of-Stock
ආචාර්ය ප්‍රේමදාස ශ්‍රි අලවත්තගේ මහතා සිංහල සාහිත්‍යයට සම්බන්ධ විවිධ ක්ෂේත්‍රයන්ට අයත් ග්‍රන්ථ රාශියක් රචනා කළ සාහිත්‍ය සම්මානලාභී කෘතහස්ථ ලේඛකයෙකි.
Rs 855.00
Rs 950.00
-10%

Basha Samiksha

විවිධ ශාස්ත්‍රීය වාර සගරාවල හා අභිනන්දන ග්‍රන්ථ වලට මවිබසින් ඉදිරිපත් කරන ලද ලිපි අතුරින් ලිපි 28ක් පමණ 'භාෂා සමීක්ෂා' නම් වූ මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇති අතර මෙම ග්‍රන්ථය මහාචාර්‍ය්ය ඩබ්.එස්. කරුණාතිලක මහතා විසින් සකස් කොට මව්බසින් ඉදිරිපත් කරණු ලබන භාෂා කිහිපයක් අන්තර් ගත ලිපි කිහිපයක එකතුවක් ලෙස හැදීන්විය හැකිය.
Rs 427.50
Rs 475.00
-10%Out-of-Stock

Liyana kalawa saha Rachana widi krma

Out-of-Stock
ලියනගේ අමරකීර්ති මහතා විසින් රචනා කරන ලද 'ලියන කලාව සහ රචනා විධි ක්‍රම' මෙම පොත අධ්‍යයනය කිරීම තුලින් හුදෙක් නිරවද්‍ය වාකය රචනයට පමනක් සීමා වී පැවති ශාස්ත්‍රීය ලේඛනය පිලිබද කතිකාව විවිධ කෝණ ගණනාවකින් දැකිය හැකි අතර ඒ අතර  ප්‍රවාදත්මක දැනුම ගවේශනය, විචාරාත්මක චින්තනය, ලේඛනය හා සම්බන්ධ විවිධ ආචාරධර්ම ආදිය පිලිබදව මනා දැනුමක් ලබා ගත හැකිය.
Rs 882.00
Rs 980.00
-10%

Nomiyena Mathaka

නූතන  සිංහල කවීන් අතර  අරිසෙන් අහුබුදු ශූරීන් සුවිශේෂ වන බව අමුතුවෙන් කිව යුතු නැත. මෙම ග්‍රන්ථය අරිසෙන් අහුබුදු ශූරීන් විසින් සමාජයට ඵලදායි සේවයක්  කල යම් පිරිසකගේ ගුන කවියෙන් වැයීමට යොදා ගෙන ඇති අතර ඉතා භාවමය හා රසවත් අර්ථාන්විත වූ කවි පෙළක් මෙම ග්‍රන්ථයේ අන්තර් ගත වේ.
Rs 513.00
Rs 570.00
-10%Out-of-Stock

Sigiri Gee Nirmana

Out-of-Stock
සීගිරි කැටපත් පවුර, සීගිරිය ඇතුළත සීගිරියකි. පැරණි සිංහල නගර නිර්මාණය හා කලාශිල්ප පිළිබද අවබෝධයක් ලබා ගැනීමට සීගිරි නටබුන් හා චිත්‍ර යම් ප්‍රමාණයකට වැදගත්ද පැරණි සිංහල භාෂාව හා සාහිත්‍යය අධ්‍යයනයෙහි ලා කැටපත් පවුරේ එන කුරුටු ගීද ඒ තරමටම වැදගත්ය. මේ ගී බලවත් පරීශ්‍රමයකින් කියවා අර්ථකථනයන්ද සහිතව ප්‍රකාශයට පත් කිරීමෙන්, අභාවප්‍රාප්ත මහචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් කර ඇත්තේ අනල්ප වූ ශාස්ත්‍රීය සේවයකි. 
Rs 1,800.00
Rs 2,000.00
-10%Out-of-Stock

Sinhala Kawaya Rasa - Bhawa - Alankara - Shasthraya

Out-of-Stock
එච්. බී .ආර්. වෑගන්තලේ මහතා විසින් රචිත මෙම කෘතිය ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ මධ්‍යම හා අවසාන විභාග සදහා විශේෂයෙන් සකස් කර ඇති කෘතියකි. 
Rs 405.00
Rs 450.00