Medical Book

Out-of-Stock

Saukhaya Wadena Jeevana Kramaya

Out-of-Stock
අධික රුධිර පීඩනය, රුධිර සීනි ප්‍රවනාහයට රුධිර සංසරණ පද්ධතියේ බලපෑම, රුධිර තෙල් අධිකවීම, රෝගයන් පාලනය කිරීමට හදවතෙහි ආබාධයන්ට බලපාන සාධක - ආදී මිනිසාගේ සෞඛ්‍ය පරිපාලනය කිරීමට බෞද්ධ මනෝ විද්‍යාවෙන් ලැබෙන අනුග්‍රහයන් කෙසේද යන්න විග්‍රහ කරන ලද ග්‍රන්ථයකි..

Deshiya Hasthasara Aushada Yoga - 1

දේශීය හස්තසාර ඖෂධ යෝග 1 - සෑම ගෙදරක්ම වෙද ගෙදරක් කරමු යන තේමාව යටතේ 1988 මැයි මස ඇරඹූ ආයුර්වේද පත‍්‍රය ජනතාව අතට පත් කළ වට්ටෝරු අතුරෙන් 2000 වර්ෂයේ මැයි මස දක්වා පළ වූ සර්වාංග වෙදකමට අදාළ වට්ටෝරු මෙම පොතට ඇතුළත් කර ඇත.
Rs 250.00
Out-of-Stock

Obe Ledata Ayurveda Prathikara

Out-of-Stock
ඔබෙ ලෙඩට ආයුර්වේද ප්‍රතිකාර - මේ කෘතියෙන් වා පිත් සෙම් යන මේවා කිපෙන හේතු,කිපෙන වෙලාවල්,කිපීම නිසා ඇතිවන බොහෝමයක් රෝගාබාධ,නිට්ටාවට සුව කිරීම සඳහා අවශ්‍ය විවිධ ඖෂධ හා රෝග නිවාරණ ක්‍රම පැහැදිලි කරයි.

Yogadaranaya

යෝගාදාරණය - ගර්භණීන්ට, සූතිකාවන්ට සහ දරුවන්ට ප‍්‍රමේහ, දියවැඩියාව, පක්‍ෂඝාත, උපදංශ, පීනස ඇතුළු විවිධ රෝගවලට ප‍්‍රතිකාර ඇතුළත් වන පැරණි පොතකි. 
Rs 185.00
Out-of-Stock

Peenus Weda Potha

Out-of-Stock
පීනස් වෙද පොත - පීනස් රොගය සුව කර ගැනීමට අවශ්‍ය කෂාය, නාසයට උරන කුඩු, උරන දුම් පන්දුම, නස්න, තෛල, ඝෘත, බස්න, ඉස ගැල්ලූම්, චූර්ණ ආදිය සදහන් වන පැරණි පොතකි. 
Out-of-Stock

Wana Weda Potha

Out-of-Stock
වන වෙද පොත - ශරීරයේ විවිධ ස්ථානයන් හි සෑදෙන ගෙඩි, වණ, පිළිකා, මස්දලූ, ආදියට සුදුසු ප‍්‍රතිකාර ද ඔඩු තෙල් ද වලිප්පුවට හා රත ගායට සුදුසු ඖෂධයන් ද ඇතුළත් පැරණි ග‍්‍රන්ථ පිටපතකි. 

Udarata Behethgei Ath Weda Potha

උඩරට බෙහෙත්ගෙයි අත්වෙද පොත - ජම්බීර කල්කය, ආතඝාර ගුලිය, ශ‍්‍රී බ‍්‍රහ්මාදී රසය, හෙනරාජ කෂාය වැනි ඖෂධ සැකසුම හා විවිධ රෝගයන්ට ඒවා යොදන ආකාරය සමග කළ යුතු ප‍්‍රතිකාර ඇතුළත් පැරණි ග‍්‍රන්ථයකි.
Rs 120.00

Senaha Shathakam Beheth Thel Potha

ස්නේහ ශතකම් (බෙහෙත් වෙද පොත) - බුද්ධරාජ, ප‍්‍රාණජීව, සිද්ධාර්ථ, නාරායන ආදී දේශීය වෙදකමේ දී යොදා ගන්නා තෙල් වර්ග සියයක් ද ඒවා යොදන අවස්ථාවන් හා සාදාගන්නා අන්දම ද මෙහි සදහන් වේ. දේශීය වෛද්‍යවරුන්ට පරිහරණයට අගනා පොතකි. 
Rs 200.00
Out-of-Stock

Bhelasanhitha

Out-of-Stock
මහර්ෂි භේලාචාර්යවරයාගේ භේලසංහිතා - ආයුර්වේද ප‍්‍රතිකාර විධි සහ නීරෝගී දිවියකට ආහාර විහරණ පිළිබද උපදෙස් ද විවිධ රෝග සහ ඒවා විවරණය කිරීම ද සහිත මෙය ඉපැරණි ග‍්‍රන්ථයකි. 

Ayu Bala Wadana Nelli

ආයු බල වඩන නෙල්ලි - ජනප‍්‍රිය ඖෂධීය ශාක පිළිබදව ලියැවුණු පොත් පෙළක සිව් වැන්නයි. නෙල්ලි හා පැරණි ජන විශ්වාස, නෙල්ලි නාමකරණය, සම්භවය හා ව්‍යප්තිය, නෙල්ලි ශිකයේ උද්භිද විද්‍යාව, වගාව, අස්වනු නෙළීම, පශ්චාත් අස්වනු රෝග, නෙල්ලිවල රසායනික සංඝටක, ඖෂධීය වැදගත්කම හා භාවිතයන් සහ නෙල්ලි ශාකයේ විවිධ ආර්ථික ප‍්‍රයෝජන ආදී අංශ ගණනාවක් පිළිබද තොරතුරු රැසක් මේ පොතෙහි අඩංගු වෙයි. 
Rs 235.00
Out-of-Stock

Sinhala Nadi Vaidya Vidyawa

Out-of-Stock
සිංහල නාඩි වෛද්‍ය විද්‍යාව - දේශිය වෙදකම අනුව රෝගයකට ප‍්‍රතිකාර කිරීමට පෙර රෝග නිධානය සොයා ගත යුතුය. රෝග නිධානය සොයා ගැනීමේ ප‍්‍රධාන උපාය මාර්ගය නාඩි පරීක්ෂාවයි. ස්ත‍්‍රී පුරුෂ නාඩි හරියාකාරව පරීක්ෂා කරන්නේ කෙසේදැයි දැන ගැනීමට මෙම පොත කියවා බලන්න. අෂ්ට පරීක්ෂා, පංච පරීක්ෂා, මාරාන්තික ලක්ෂණ ආදී විවිධ මාතෘකා 150 ටත් වැඩි සංඛ්‍යාවක් යටතේ විස්තර වන වටිනා පොතකි. වෛද්‍යවරු අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු සිරිත් විරිත් ද මීට ඇතුළත් කර තිබේ. 
Out-of-Stock

Balanced Diet

Out-of-Stock
Balanced Diet - Discover Ayurveda, the ancient holistic health system from India. Ayurveda is not just about treating sickness, but rather, emphasizes preventing disease and enhancing health, longevity and vitality. It is a complete way of life, based on balance and harmony with nature. Ayurvedic Balancing offers a simple but not simplistic, approach to integrating these Eastern wellness principles into a Western fitness lifestyle.

Roga Nivaranayata Budu Dahama

රෝග නිවාරණයට බුදු දහම - බටහිරින් ආ දෙය පමණක් ශාස්ත්‍රීය වශයෙන් උසස් යයිද බටහිර තාක්ෂනය අන් හැම දෙයම අභිබවා ඇතැයිද සලකන්නට බොහෝ අය පුරුදු වී ඇති කාලයක නිකුත්වන මෙම කෘතිය වෛද්‍යවරුන්ට, විද්‍යාඥයින්ට, පර්යේෂකයන් ට මෙන්ම සාමාන්‍ය පාඨකයින්ට ද අතිශය ප්‍රයෝජනවත් වනු නොඅනුමානය..
Rs 295.00

Rasa Guna Piri Beli

රස ගුණ පිරි බෙලි - ජනප‍්‍රිය ඖෂධීය ශාක පිළිබදව ලියැවුණු පොත් පෙළක දෙවැන්නයි. ප‍්‍රකට හා ජනප‍්‍රිය පලතුරු ඔසු ගසක් වන බෙලිවල නාමකරණය, සම්භවය හා ව්‍යාප්තිය, රසායනික සංඝටක, ඖෂධීය වැදගත්කම හා භාවිතයන් මෙන්ම බෙලි ගස ආශ‍්‍රිත ආගමික හා දේව විශ්වාසයන් පිළිබද තොරතුරු රැසක් මේ පොතෙහි අඩංගු වෙයි. බෙලි ශාකයේ ඖෂධීය ගුණ පිළිබද නුතන විද්‍යාත්මක පර්යේෂණ වලින් ලැබී ඇති සාක්ෂි ගැන පුළුල් විස්තරයක් ද මෙම නව සංස්කරණයට ඇතුලත් කොට තිබේ.
Rs 220.00
Out-of-Stock

Waidhya Chinthamani Bhaishdhya Sangrahaya

Out-of-Stock
රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල ස්ථවිරයන් වහන්සේ විසින් රචිත 'වෛද්‍ය චින්තාමණි' නම් මෙම වෛද්‍ය චින්තාමණියෙන් ලංකාවාසී ජනතාවගේ ආරෝග්‍ය වර්ධනය සදහා චින්තාමණියකින් සේම මහගු සේවයක් සිදුවන අතර ප්‍රත්‍යක්ෂ ඵලදායි හස්තසාර අයුර්වේදීය ඖෂධ යෝග හා එයට උපාංග වශයෙන් නැකැත්-මන්ත්‍ර-යන්ත්‍ර-සත්‍ය ක්‍රියා (කෙම්) උපයෝගී කොට රචනා කර තිබෙන මෙම මහා වෛද්‍ය ග්‍රන්ථ රත්නය සකල වෛද්‍ය ග්‍රන්ථයන්ගේ ශිඛා මාණික්‍යයක් වනු නොඅනු මානය. 
Out-of-Stock

Ahalepola adhikaram Thumage Athwedha potha

Out-of-Stock
රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල ස්ථවිරයන් වහන්සේ විසින් රචිත 'ඇහැළපොළ අදිකාරම්තුමාගේ අත්වෙද පොත' නම්  මෙම කෘතිය තුළ ඇහැළපොළ අදිකාරම්තුමාගේ පුස්කොළ පොතෙහි අන්තර්ගතව තිබූ බොහෝ ඖෂධ වට්ටොරු ගණනාවක් එක්කොට  සකස් කරන ලද කෘතියකි.
Out-of-Stock

Parani Aushadha Wattoru

Out-of-Stock
පැරණි ඖෂධ වට්ටෝරු නැමැති මෙම පොත මගින් පරම්පාරිකව පවත්වාගෙන ආ සිංහල වෙද ක්‍රමය මගින් රෝග ගණනාවක් සුව කර ගැනීමට ඔබට ප්‍රයොජනවත් වේ. 
Out-of-Stock

Sugandha Wilasini Dhuma Prakaranaya

Out-of-Stock
කර්තෘ ගෙන්...
පරම්පරාගත පැවතගෙන එන ඉතා අනගි දුර්ලභ ධූම ක්‍රම කිසිදු වෙනසකින් තොරව ඒ අයුරින්ම මෙම ග්‍රන්ථයට මා විසින් ඇතුළත් කළේ මේවා සගවාගෙන තබාගැනීම හෝ අඩුපාඩු සහිතව පළකිරීම යන දෙපක්ෂයෙන්ම වැළකී අංග සම්පූර්ණ ග්‍රන්ථයක් ලෙස මෙය ඉදිරිපත් කළ යුතු බැවිනි. එබැවින් මේ වටිනා ග්‍රන්ථය ඉතා කුඩා වූ නමුත් ආයුර්වේද ශාස්ත්‍රීය ග්‍රන්ථ අතර සුපිපී කුඩා විකසිත සුවදැති පුෂ්පයක් වන බව මාගේ විශ්වාසයයි.
Out-of-Stock

Thripitakaye Wishmitha Behetha

Out-of-Stock
ශරීරයේ ඇතිවන විවිධ රෝගාබාධ වලට ත්‍රිපිටකයේ සදහන් “ප්‍රතිමුත්ත භේසජ්ජය” නම් ප්‍රතිකාර ක්‍රමය ගැන ලියැවුණු සුවිශේෂී කෘතියකි. 

Pilisarana

ලාංකික අප, ලෝක විපරිත ස්වභාවයකින් උග්‍ර ලෙස බැට කා ප්‍රකෘති තත්ත්වයට පත්වීමට වෙර දරමින් සිටින අතර මෙයින් දැඩි ලෙස සෘජුව හා වක්‍රව, කායිකව හා මානසිකව ඇඳ වැටුන හා වැටෙමින් සිටින අය බොහෝය. ඒ අතර අතලොස්සක් තවමත් ඒ ගැන සුසුම් හෙලමින් පමණක් සිටිති. මේ සියලු දෙනා වෙනුවෙන් සකස් වූ ලිපි රැසකින් "පිළිසරණ " ඔබ අතට පත්වෙයි.
Rs 250.00

Shri Sharngadhara Sanhitha

කෘතිය ඇසුරෙන්...
අපේ පාරම්පරික වෙදකම වුවත් අංග සම්පූර්ණව ඉගෙනීමට නම් ශාර්ඩ්ගධර සංහිතාව පරිශීලනය කිරීම අවශ්‍ය වනුයේ පාරම්පරිකව වෙදකම ඉගෙනීම කිරීමේදී, තමන් ප්‍රතිකාර කරන රෝගීන්ට තමන් අතින්ම පිළියෙල කරන ලද බෙහෙත් යෙදීමේ සම්ප්‍රදාය නිසයි. එසේ ඖෂධ නිෂ්පාදනයේදී කෂාය, චූර්ණ, ගුලි, කල්ක, අවලේහ, රසායන, සෘත තෛල සහ රසදිය ගන්ධක ආදී රස බෙහෙත් නිෂ්පාදනය ද එම රස බෙහෙත් ශෝධන, මාරණ ක්‍රම ද, විෂ බෙහෙත් ද්‍රව්‍යවල විෂ නැසීම ද ඉගෙනගතයුතුය. ඒ හැර වෙදකමේ මූලධර්ම ද වෛද්‍ය ආතුර දෙපක්‍ෂයේ පෙරමග නිමිති, සිහින ඵලාපල සහ වමන විරේචන ආදී පංචකර්ම විධි ස්වේද කර්ම, රක්ත මෝක්ෂණ, ආදී හැම අංශයක්ම ගුරු වෙද ගෙදරින් අභ්‍යාස කළ යුතුය. ශරීර ක්‍රියා විඥාන ආහාර පරිපචන ක්‍රියා ආදිය ද අවශ්‍යයෙන් තම වෙද සිසුන්ට ඉගැන්වීම කළ යුතු වේ. මේ ආදි වශයෙන් මා විසින් මෙහි දැක්වුණු, නොදැක්වුණු එනම්, ධාතු ප්‍රකෘති, ත්‍රිධාතු ත්‍රිදෝෂ, භේද, ලෝකයේ මැවීම, ද්‍රව්‍යයන්ගේ රස ගුණ ආදියත් නාඩි පරීක්ෂා ආදී රෝග පරීක්ෂණ ක්‍රම, සහ ඒ ඒ රෝගයන්ට යොදන හස්තසාර ඖෂධ ද මෙම ශාර්ඩ්ගධර සංහිතාවේ ද සංහිතා ග්‍රන්ථයෙකැ දැක්වෙන පරිදි ලුහුඬින් දැක්වේ. මේ අනුව ආයුර්වේද විශ්වවිද්‍යාල ආයතන ආදී හැම ආයුර්වේද අධ්‍යාපන ස්ථානවල ම පරිශීලනය කළ යුතු, ඒ නිසා ම අප විසින් සාදර ගෞරවයෙන් පරිශීලනය කරනු ලබන මේ "ශාර්ඩ්ගධර සංහිතා" ග්‍රන්ථ රත්නය සොයා ගැනීමට අපහසු වීම මහත් පාඩුවකි. එම අඩුපාඩුව, දිවයිනේ හැම තැනක ම පතළ කීර්තිමත් වෛද්‍ය නාමයක් ඇති, දේශීය වෛද්‍යොපාධ්‍යාය පී. නාගොඩ විතාන විද්වතුන් විසින් පිරිමසනු ලැබීම කාලෝචිත වෙයි. "සුබසෙත" පත්‍රය ආරම්භයේ පටන් පාඨකයන්, රෝගීන්, විමසන ප්‍රශ්න වලට පිළිතුරු සහ ප්‍රතිකාර මේ දක්වා ම ලියන, ලේඛන කලාවෙහි ද සමත්කම දක්වන මෙතුමා ජනාධිපති සම්මානය ද ලබා ඇත.
තෙළඟපාත ධර්මකීර්ති නායක ස්ථවිර
තෙළඟපාත පාරම්පරික වෛද්‍යක්‍රම නිපුණායතනය තෙළඟපාත, කැලණිය
Rs 2,900.00
Out-of-Stock

Sanjeevani Sara Sangrahaya Nam Wu Ayurveda Waidya Shabdakoshaya

Out-of-Stock
''සංජීවනී සාර සංග්‍රහය නම් වූ ආයුර්වේද වෛද්‍ය ශබ්දකෝෂය'' මෙම ශබ්දකෝෂය වෛද්‍යචාර්ය, වෛද්‍යනිධි පූජ්‍ය අල්ගමවත්තේ සුමනවංශ හිමිපාණන්වහන්සේ විසින් රචනා කොට ඇති අතර බහු භාෂික අර්ථ නිරූපන සහිතව ලියැවෙන ගබ්දකෝෂයකි.  මෙම ශබ්දකෝෂය මගින් වසර 50 ට අධික කාලයක් ආයුර්වේද ක්ෂේත්‍රයේ පැවති බලවත් අඩුපාඩුවක් සම්පූර්ණ වන අතරේම ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ විද්‍යාර්ථයින්ට මහගු පිටුවහලක් වනු නොඅනු මානය.

Karambagale Ath Weda Potha

කරඹගල වනාහි පැරණි රොහණ රාජ්‍යයට අයත් සම්බුද්ධාගමනයේ ආදිම අවස්ථාව වන  ‌කාවන්තිස්ස සමයේ සිට මහත් ප්‍රසිද්ධියක් උසුලන බෞද්ධ පූජණීය ස්ථානයකි. ලංකා ශාසන ප්‍රවෘත්තිවල කරඤ්ජක ලෙන නමින් ව්‍යවහාර වූ මෙහි එකල මහරහතන් වහන්සේලා පවා වැඩසිටි බැව් පාළි භාෂාවෙන් ලියා තිබෙන ඇතැම් කථා වස්තු වලින් පෙනේ. මෙහි වූ ඇතැම් ගල් ගුහාවල ලංකාවේ ආදිම යුගයට අයත් අවුරුදු දෙදහසකට වඩා පැරණි බෞද්ධ සිතියම් තිබේ. එකල විසූ රහතන් වහන්සේලාගේ ප්‍රයෝජනය පිණිස පහළ වූ උනුදිය උල්පත් පවා මෙහි ඇති බැව් පුරාවෘත්තයන්හි සඳහන් වෙයි.සත්වයන්ගේ මනොරොග නිවාරණය සඳහා ක්‍රියා කළ භික්ෂූන් වහන්සේලා විසූ මෙම රමණීය ගල් විහාරයෙහි සත්‍වයන්ගේ කායික රෝග නිවාරණයටත් අවශ්‍ය ඖෂධ යොග ද ලියා තිබෙන බැව් මේ පොතෙන් පෙනේ. නොයෙක් වර්ග වලට අයත් රෝග සඳහා ලියන ලද ප්‍රත්‍යක්ෂතම ඖෂධ වට්ටෝරු 577 කට වැඩි ගණනක් මෙහි ඇතුළත්ව ඇත.
ඒ ඒ වට්ටෝරුවල භාෂා විලාසය අනුව සලකන විට අවුරුදු 1000 ක පමණ කාලයක සිට වරින්වර එකතු කළ වට්ටෝරු එක තැනක ලිවීමෙන් මෙය පොතක් වශයෙන් සකස් වී තිබෙන බැව් සිතිය හැක.මෙය වට්ටෝරු වෙද පොතකි. මෙහි ඇතුළත් ඇතැම් ඖෂධ යෝග වෙන කිසිම වෙද පොතක නොතිබෙන්නට පුළුවන. එකම පුස්කොළ පිටපතක් පමණක් තිබූ මේ පොත සකස් කිරීමේදී ලේඛකයන් අතින් සිදුවුනා යයි සිතිය හැකි සුළු සුළු අඩුපාඩු පමණක් සම්පූර්ණ කිරීම පමණකි මෙහි කර ඇත්තේ. පැරණි පුස්කොළ පිටපතත් මේ මුද්‍රිත පිටපතත් අතර ඊට වඩා යම්කිසි වෙනසක් සිදුවී නැත.
Rs 800.00

Sinhala Kashaya Sangrahaya

සිංහල කෂාය සංග්‍රහය නම් වූ මේ වෛද්‍ය ග්‍රන්ථය වනාහි අතීත ලංකාවෙහි සකලාංග සම්පූර්ණ ඉමහත් දියුණුවකින් පැවති ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය හකුළුවා පැවිදි - ගිහි පඬිවරයන් විසින් ලියන ලද අර්ක ප්‍රකාශය (ශ්‍රී ලංකාධිපති රාවණ අධිරාජ) සාරාර්ථ සංග්‍රහව (ශ්‍රී ලංකාධිපති නරේන්ද්‍ර බුද්ධදාස) වරසාරාර්ථ සංග්‍රහව -සාරසංග්‍රහව - යොගාණිවය ප්‍රයෝග රත්නාවලිය (මයුරපාද පරිවෙණාධිපති බුද්ධ පුත්‍ර හිමි) භෙසජ්ජ මඤ්ජුසාව (පංචමූල පරිවෙණාධිපති හිමි) යෝගරත්නාකරය (මෝරගම්මන හිමි) වරයොග සාරය - හෙසජ්ජ මංජුසා සන්නය (වැලිවිට ශ්‍රී ගරණංකර සංඝරාජ හිමි) ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රාජ වෛද්‍යවරයාගේ අත් වේද පොත, ඇහැළපොළ අධිකාරම්තුමාගේ අත්වෙද පොතහා දඹදිව විසූ චරක - සුශ්‍රුත - වාග්භටාදි මහා දාර්ශනිකයන් විසින් ද ලියන ලද වෛද්‍ය ග්‍රන්ථයන්හි එන ප්‍රත්‍යක්ෂ ඵලදාසි ඖෂධ යෝග උපුටා තුන්දොස් සමනයෙන් දීර්ඝකාලීන නීරෝගතාවය අපේක්ෂා කරන රෝගීන්ගේ හා වෛද්‍යවරයන්ගේ ප්‍රයෝජනය සඳහා සකස් කරන ලද්දකි.
Rs 925.00

Bauddha Saukhya Waidyopadesa

මිනිසාට රෝග වැලදේ. ඒ රෝග වැලඳි කල දුකකි. එය තමන්ට අවශ්‍ය පරිදි පාලනය කළ නොහැකි වන හෙයින් ඒ අනාත්ම නම් වෙයි. ඒ නිසා පුරාණ ආයුර්වේද ශාස්ත්‍රයේත් බුදු සමයෙත් කායික මානසිකත්වයන් මුලික වීමෙන් විවිධ රෝග වැලදෙන බවත් ඒවා සුවපත් කර ගැනීම සඳහා මානසික මෙන්ම ඖෂධීය ප්‍රතිකර්ම අවශ්‍ය බවත් පැවසේ. එබැවින් බුදු සමය නිරන්තරයෙන්ම පුද්ගලයන්ගේ කායික මානසික නිරෝගීතාවය උදෙසා ඉන්ද්‍රිය පරිපාලනයේ ද අවශ්‍යතාවය අවධාරණය කොට ඇත.
සංස්කෘත භාෂාව ඇතුලු පෙරදිග භාෂා කිහිපයක ගැඹුරු දැනුමක් ඇති ප්‍රවීණ ආචාර්යවරයෙකු හා ග්‍රන්ථ කතුවරයෙකු ද වන ශාස්ත්‍රවේදී එච්.බී.ආර්. වෑගන්තලේ මහතා ආයුර්වේද ගුරුවරයෙකු ලෙස ද කලක සිට සේවය කරණ අතර මෙතුමා තම අධ්‍යයනයන් මගින් ලත් දැනුම හා අවබෝධය හෙළි කරන උත්සාහයක් ලෙස 'බෞද්ධ සෞඛ්‍ය වෛද්‍යෙපදේශ' ග්‍රන්ථය දැක්විය හැකිය. කර්ම
Rs 850.00

Suwabara Diviyakata Sangeetha Chikithsawa

සුවබර දිවියකට සංගීත චිකිත්සාව කෘතිය අද්‍යතන පුද්ගලයාට හා මානව සමාජයට සංගීත චිකිත්සාවේ ඇති වැදගත්කම ඓතිහාසික පර්යාලෝකයකින් පමණක් නොව, එහි සංකල්පය, ව්‍යවහාරික ශිල්පීය හා ක්‍රමවේදීය මානයන් ඔස්සේ ඉදිරිපත් කරමින් වර්තමාන අවිවේකී, අති ධාවනකාරි මිනිසාගේ භාව චිත්තධ්‍යානයට සංගීතචිත්සාව යොදා ගැනීමේ හැකියාව ඉතා මැනවින් පෙන්වා දෙන්නේය.
Rs 290.00

Sri Lanka Ayurveda Ithihasaya

"ශ්‍රී ලංකාවේ ආයුර්වේද ඉතිහාසය" නමින් විශ්වවිද්‍යාල ආයුර්වේද අධ්‍යාපනයට සරිලන සේ සකස් කර ඇති මෙම ග්‍රන්ථය ආයුර්වේද වෛද්‍ය හා ශල්‍යවේදී උපාධිය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනය ඔනැංවීමට මහඟු අත්වැලක් වන අතර පුරාණ ශ්‍රී ලංකාවේ සිට වර්තමානය තෙක් ආයුර්වේදයේ විකාසනය පිළිබඳ කරුණු මැනවින් ගොනු කර ඉදිරිපත් කර තිබීම මෙහි ඇති විශේෂත්වයයි. ආයුර්වේදය පිළිබඳ හදාරන සියලු දෙනාටම මෙය ප්‍රයෝජනවත් වනු නොඅනුමානය.
Rs 1,750.00
Out-of-Stock

Api Nirogi Wemu

Out-of-Stock
ඔබට අවැසි සෞඛ්‍යා සම්පන්න දිවි පෙවෙත සාක්ෂාත් කර ගැනීම සදහා සහය වීමට නිරතුරු ව සුදානම් අප වනාහි සුදුසුකම් ලත්, අත්දෑකීම් බහුල වෘත්තිකයන් කණ්ඩායමකි. ලොව පුරා සිටින ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය තත්ත්වයන් බොහොමයක් වළක්වා ගැනීම පිළිබඳව දැනුවත් කිරීම මඟින් ඔවුන්ට උපකාර කිරීම අප ගේ අරමුණයි. සංකීර්ණ සහ සංක්ෂිප්ත වෛද්‍ය විද්‍යාත්මක කරුණු, ඔබේ භාෂාවෙන් ම කියවා ඔබට අවබෝධ කර ගත හැකි බව සපථ කිරීම අප ගේ උත්සාහය යි. අප ඔබට ඉදිරිපත් කරන තොරතුරුවල කාලීනත්වය, අදාළ භාවය සහ විශ්වාසනීයත්වය සහතික කිරීම සඳහා සෑම පරිච්ඡේදයකම අන්තර්ගතය අපි ප්‍රවේගමෙන් සමාලෝචනය කළෙමු.