Sinhala Language & Literature

-10%

Sinhala Dik Sangya

'සිංහල දික් සඟිය' නම් මෙම ග්‍රන්ථය ධර්මඥානය අතින් මෙන් ම භාෂාඥානය අතින් ද පරිපූර්ණ පඩිවරයකු වූ බළන්ගොඩ ආනන්ද මෛත්‍රේය හිමිපාණෝ විසින් රචිත ග්‍රන්ථයක් වන අතර උන් වහන්සේ විසින් 1936 වසරදී මේ අගනා ධර්ම සංග්‍රහය එළි දක්වන ලදි.
Rs 1,539.90
Rs 1,711.00
-10%

Munidasa Kumaratunga Wagmalava

මෙම ග්‍රන්ථය  මුනිදාස කුමාරතුංගයන්ගේ වාග් මාලාව පිළිබද කරන ලද දීර්ඝකාලීන පර්යේෂණයක ප්‍රතිඵලයක් වන අතර 'මුනිදාස කුමාරතුංග වාග්මාලාව' නම් මෙම ග්‍රන්ථය තිලෝකසුන්දරී කාරියවසම් මහතා විසින් රචනා කරන ලද ග්‍රන්ථයකි.
Rs 135.00
Rs 150.00
-10%

Wayakarana Rathnakaraya

කර්තෘ ගෙන්..
''මේ තාක් අපට දක්නට ලැබුණු සිංහල ව්‍යාකරණ ග්‍රන්ථයකට ආරූඪ නො කරන ලද සන්ධි ක්‍රම, විකරණ ප්‍රත්‍යය ආදී කරුණු රැසක් ම මේ ග්‍රන්ථයට ඇතුළත් කිරීමට ලැබීම ගැන මම සතුටු වෙමි. නැණවත් සුධීහු මෙයින් ලැබිය හැකි ප්‍රයෝජනය ගැන සතුටු වෙමින් කිව යුතු යමක් ඇති වුවහොත් වියත් ප්‍රතිපදායෙහි පිහිටා ප්‍රකාශ කරන්නාහු නම් එයින් අපි ප්‍රයෝජනය ගන්නෙමු. ආධුනිකයන්ට ද එය ප්‍රයෝජනයක් වන්නේ ය. එසේ නො වන නින්දා ප්‍රශංසාදිය ගැන මෑ පෙළ පමණ සිඹි යනාදීන් දැක්වූ ප්‍රතිරාජ පරිවේණාධිපතීන් වහන්සේගේ අදහසට ම අපිදු එකග වම්හ. ''  
Rs 495.00
Rs 550.00
-10%Out-of-Stock

Sinhala Shailiya

Out-of-Stock
විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ බෞද්ධ පීඨාධිපති බෞද්ධ සංස්කෘතික මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලී හිමියන් විසින් රචනා කරන ලද 'සිංහල ශෛලිය' නම් මෙම ග්‍රන්ථයේ මගින් විවිධ විචිත්‍ර ශෛලීන් ගණනාවක් පිළිබද කරුනු අන්තර්ගත අතර විවිධ ශෛලීන් මගින් භාෂාව සුපෝෂණය වූ ආකාරය පිළිබදවද මෙම ග්‍රන්ථය පරිශීලනය කරණ පාඨකයා හට මනාව පැහැදිලි වේ. 
Rs 270.00
Rs 300.00
-10%

Sri lankawe sandesha kavya pilibada wimarshanayak

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විද්‍යා දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික මහාචාර්ය සිල්වි සේනාධීර මැතිනිය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික පුස්තකාලාධිපති එන්.ටී.ඒ. සේනාධීර මහතා විසින් නූතන ශාස්ත්‍රීය විධි අනුගමනය කරමින් ශ්‍රී ලාංකීය සම්භාව්‍ය සන්දේශ සාහිත්‍යයෙහි ප්‍රභවය, විකාශනය සහ පරිහානිය පිළිබද විමර්ශනනාත්මක අධ්‍යනයක් සිදු කරමින් මෙම කෘතිය රචනාකර ඇත.
Rs 1,858.50
Rs 2,065.00
-10%

Purana Wessanthara Jathaka Kawya

'වෙස්සන්තර ජාතක කාව්‍යය' නම් මෙම කෘතිය සිතියම් සහිතව පුරාණ වෙස්සන්තර ජාතක කාව්‍ය නව මුහුණු වරකින් රත්න පොත් ප්‍රකශකයෝ විසින් ඔබ අතට පත්වෙයි.
Rs 207.00
Rs 230.00
-10%

Muwadewdawatha

අනුරපුර යුගයෙහි සිටම ජාතකකථා වස්තුකොටගනිමින් කාව්‍ය රචනයෙහි නිරත වීම සිංහල කවීන් ප්‍රිය කළ බවට බොහෝ හේතු සාධක ඇති අතර. එහෙත් දැනට අප හමුවෙහි ඇති එවන් කාව්‍ය අතුරින් පැරැණිම කාව්‍යය වශයෙන් සැලකිය හැක්කේ පොලොන්නරු යුගයෙහිදී ලියැවී ඇතැයි සැලැකෙන මුවදෙව්දාවතයි.
Rs 2,920.50
Rs 3,245.00
-10%

Shasthreeya Lekanayaka Mulashraya Dakvime Kramawedaya

'ශාස්ත්‍රීය ලේඛනයක මූලාශ්‍රය දැක්වීමේ ක්‍රමවේදය' නම් මෙම කෘතිය දඹුල්ලේ සුදේව හිමියන් විසින් රචිත අතර සුදේව හිමියන් විසින් මෙම කෘතිය තුළින් ශාස්ත්‍රීය ලේඛනයක ඉතා වැදගත් අංගයක් වන මූලාශ්‍රය සදහන් කිරීම පිළිබද ක්‍රමවත් ශෛලිමය විධික්‍රමයක් හදුන්වා දෙන අතර එහිලා කතු හිමියෝ චිකාගෝ ශාස්ත්‍රීය රචනා අත්පොතෙහි එන ජාත්‍යන්තර ශෛලිය භාවිතයෙන් කෘතිය රචනා කර ඇත.
Rs 318.60
Rs 354.00
-10%Out-of-Stock

Guththila Kavya

Out-of-Stock
ගුත්තිල කාව්‍යය ජාතක පොතෙහි එන ගුත්තිල ජාතකය  වස්තු කොට ගෙන ලියවුණක් වුව ද, එය තවත් ජාතක කථාවක් පද්‍යට නැගීමක් නො වේ.රාජකීයකුගේ ආරාධනයෙන් ලියවුණ ද රාජ සභා ජීවිතය උත්කර්ෂයට නංවන අලංකාරවාදී, මධු වෘෂකයක් ද නො වේ මය. ගුත්තිල කාව්‍යය සම්භාව්‍ය සිංහල පද්‍ය සාහිත්‍යාවලියෙන් අපට හමු වන අතිසුගන්ධ පුෂ්ප මඤ්ජරිය සේ හැඳින්විය හැක්කේ එහි ලා උපයුක්ක කෙරෙමින් සංයෝජිත නාදරූපාවලිය ද, මැනවින් සුසංයෝග වී ඇති බැවිනි.සියවසක් පමණ කාලයක් තුළ ගුත්තිල කාව්‍යය නූතන සිංහල පාඨකයාට ඉදිරිපත් කළ විවාකයන් සිදු කෙළේ එහි රසානුභාවය නොසලකා ගුරු - ගෝල, ගැටුම් විමසීමයි. එමගින් ඔවුහු පාඨක රසාවේශය නො තකමින් ස්වකීය පණ්ඩිත්‍යය පමණක් වෙනත් හුවා දැක්වූහ.සිරි තිලකසිරි සූරීන්ගේ මේ නව පෙළ ගැස්ම හා අර්ථවත්තනය සංවේදී, පාඨකයා රසාවේශ කරවන්නක් මෙන් ම. කිවිසුරු වැත්තෑවේ හිමියන්ගේ ප්‍රතභා ශක්තියට සාධාරණය ඉටු කරන්නක් ද බව සතුටින් පැවසිය හැකිය. 
Rs 3,150.00
Rs 3,500.00
-10%Out-of-Stock

Kriya vivaranaya

Out-of-Stock
අලුත් ගතෙකි; අලුත් පිළිවෙළෙකි; අලුත් මතබෙහෙවි. මත අලුත් වුවද පෙරැ යෙදුම් මතැ නැගිණ. ඒ කෙසේ වුවත් මත බෙයට බොහෝ ඉඩ ඇති.හැකි තරම් නිවැරැදි කරන්නට තැත් කළ ද වරද නැති වුව පුදුමයෙකි; පුහුදුන් බැවිනි. දක්නා අප ද දක්වත් වා.හෙළු පද යෙදුමට බන්නෝ බොහෝ හ. සකරුණු බියෙකි. නිරණට මඟෙක් නැත් නම් කවර දෙවියන්ගේ පිහිට යැ? ඒ අතින් මෙතෙක් නොලද පිහිට ලබන එළි බිඳක් සපයා - ලන්නට යැ මෙ ගත සැපැයුණේ.මෙහි සියලු හිමි කම් අප සතු යැ. එහෙයින් මෙගත්හි දැක්වෙන කරුණු උපුටා - ගැන්ම නිය විරුදු වෙයි.
මුනිදාස කුමාරණතුංග
Rs 427.50
Rs 475.00
-10%Out-of-Stock

Sinhala Bashawa Ha Sahithya

Out-of-Stock
සිංහල භාෂාව හා සාහිත්‍යය නම් මෙම කෘතිය ආචාර්‍ය ජි. එස්. බී. සේනානායක මහතා විසින් රචනා කරණ ලද අතර ක්‍රිස්තුවර්ෂ ආරම්භයේ සිටම ආරම්භ වී වැඩුණු සිංහල සාහිත්‍යයක් සිංහලයා සතු වූ අතර සිංහල සාහිත්‍යයෙන් තෝරා ගත් සම්භාව්‍ය කෘති කිහිපයක් පිළිබදව ලුහුඩු විමසීමක් මෙම කෘතිය ඇසුරෙන් සිදු කෙරෙන අතර භාෂාවේ ආරම්භය හා විකාශය හැදින්වෙන ප්‍රමාණවත් කෘතියක් මෙතෙක් පළකරවා නොමැති කාළ වකවානුවක මෙවැනි කෘතියක් පළ කිරිම ඉතා විශිෂ්ට කාර්ය්‍යක් වන අතර සිංහල භාෂාව් පිළිබද අධ්‍යනය කරණු ලබන ඕනෑම කෙනෙකු හට ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock

bashawa ha sanniwedanaya pilibada baudda wiggrahaya

Out-of-Stock
බුදු දහමේ පවතින භාෂා ලක්ෂන සහ සන්නිවේදන ලක්ෂන විමසා බැලීම මෙම කෘතිය මගින් සිදු කරන අතර මෙම කෘතිය භාෂාව හා සන්නිවේදනය පිලිබද නව මානයකින් විමර්ශනය කිරීමට දරන ලද අගනා ප්‍රයත්නයක් වශයෙන් පෙන්වා දිය හැක.
Rs 382.50
Rs 425.00
-10%

Sinhala Sahithya Yata Sidu Wu Wideshiya Balapama

මෙම කෘතිය මඟින් 16 වන සියවසේ පෘතුගීසි ආක්‍රමණයේ සිට 17 වන සියවසේ ලන්දේසි බලපෑම දක්වා වූ කාලපරිච්ඡේදය තුළ සිංහල සාහිත්‍යය ලත් නව මුහුණුවර විග්‍රහ කෙරේ. කෝට්ටේ යුගයේ පරිහානියත් සමඟ සාම්ප්‍රදායික සාහිත්‍ය රටාවෙන් බැහැරව, බටහිර ආගමික, සංස්කෘතික සහ භාෂාමය බලපෑම් සිංහල ලේඛන කලාවට හා ජන විඥානයට කාන්දු වූ ආකාරය මෙහිදී මූලිකව සාකච්ඡා වේ.
විශේෂයෙන් පෘතුගීසි ආභාසයෙන් බිහි වූ ක්‍රිස්තියානි සාහිත්‍යය, සිංහල භාෂාවට එක් වූ පෘතුගීසි වචන සහ මහනුවර යුගයේ මුල් අවධියේ ඇති වූ සංස්කෘතික සංකලනයන් පිළිබඳ මෙහිදී සියුම් අධ්‍යයනයක් සිදු කර ඇත. සාම්ප්‍රදායික ගද්‍ය පද්‍ය සම්ප්‍රදාය විදේශීය බලපෑම් හමුවේ වෙනස් වූ ආකාරය සහ අභියෝගයට ලක් වූ ආකාරය අවබෝධ කර ගැනීමට මෙය කදිම මඟ පෙන්වීමකි.
Rs 1,350.00
Rs 1,500.00
-10%

Piyasamara

කෘතිය ඇසුරෙන්...
නව (වත්මන්) අනුභූතීන් හෘදයාංගමය ලෙස ප්‍රකාශ කිරීමට උචිත කව්බසක් නිපදවා ගැනීමට සමත් වීම පිය සමරෙහි සුව්ශේෂ ජයග්‍රහණයයි. අර්ථ සංක්ෂේපණය, අලංකාරෝක්ති පිටු දැක ස්වාභාවික ව කළ රචනය, වස්තු විෂයයට ම ගැළපෙන විරිතආදී වශයෙන් නූතන රසිකයන් ගේ හද බැදගන්නා ලක්ෂණ රැසක් එහි වේ. ඖචිත්‍ය ගුණයෙන් පිය සමර කිසිදු කවකට දෙ වැනි නො වේ.
මුල් වරට පිය සමර ප්‍රකාශයට පත් කරමින් ජයන්ත වීරසේකරයන් ඊට සැපයූ සංඥාපනයට හා ව්වරණයට අමතර ව මහාචාර්ය පී. බී. මීගස්කුඹුර, ගුණදාස අමරසේකර සහ ශ්‍රීනාත් ගණේවත්ත විසින් සැපයුණු විචාර ලිපි 3ක් මේ සංස්කරණයට ඇතුළත් ව ඇත. පිය සමර පිළිබඳ අපූරු රසදීමක් වන මහාචාර්ය මීගස්කුඹුර ගේ ලිපිය සිංහල කාව්‍ය විචාරයට නව මානයක් එක් කරයි. කව්බසෙහි විශේෂතා පිළිබද වත් වත්මනට උචිත කව්බසක් නිපදවා ගැනීමට ගතයුතු මග පිළිබඳ වත් අමරසේකර සිය ලිපියෙන් විශද කොට දක්වයි
Rs 360.00
Rs 400.00
-10%

Jinakaalamali

සියම් දේශයේ විසූ රතනපඤ්ඤ මහතෙරුන් විසින් සම්පාදිත ජිනකාලමාලී ශාසන පරම්පරා කාලය ප්‍රකාශ කෙරෙමින් සම්පාදිත කෘතියකි. කෝට්ටේ රාජධානි සමයේ දී දිවයිනෙන් සියම් රාමඤ්ඤ කාම්බෝජ දේශයන්ට උපසම්පදාව ගෙන යෑමට පැමිණි භික්ෂූන් මෙරට ඉතිහාසය සම්බන්ධ අප්‍රකට කරුණු ද ඒ රටවලට ගෙන යෑමේ ප්‍රතිඵලය දැනට මෙරට අප්‍රචලිත එවන් කරුණු මේ කෘතියෙන් අනාවරණය වේ.
Rs 531.00
Rs 590.00
-10%Out-of-Stock

Sinhala akuru Puranaya

Out-of-Stock
සිංහල භාෂාව ලියා දැක්වීම සදහා භාවිත කරන අක්ෂර මාලාව, සිංහල භාෂාවේ අනන්‍යතාව පෙන්නුම් කරන ප්‍රධාන සාධකයකි. සිංහලය ජීව භාෂාවක් නිසා සිංහල භාෂාව ව්‍යවහාර කරන ජනතාවගේ අවශ්‍යතා අනුව සිංහල අකුරු ද කාලයත් සමඟ වෙනස් වී ඇත. 'සිංහල අකුරු පුරාණය' නම් මේ පොතේ අරමුණ වන්නේ සිංහල අකුරුවල ඉතිහාසය හා විකාශය, අකුරුවල හැඩරුව, අක්ෂර මාලාවේ ප්‍රභේද, අකාරාදි පිළිවෙළ, අක්ෂර වින්‍යාසය, අකුරු හා බැඳුණු සිරිත් විරිත් හා විශ්වාස, අකුරු වල රූපික අනන්‍යතාව, සිංහල අකුරුවල මෑතකාලීන වෙනස්කම් ආදී මාතෘකා තිස් පහක් යටතේ සිංහල අකුරු පිළිබඳ කතාන්තරය සරලව ඉදිරිපත් කිරීම යි. සිංහල භාෂා විෂයක කරුණු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාඨකයන්ට පමණක් නොව මුද්‍රණ ශිල්පය, පරිගණක විද්‍යාව හා රූපික මෝස්තර කලාව යන අංශවල සිංහල අකුරු පිළිබඳව ගවේෂණය කරන විද්‍යාර්ථින්ට ද මේ කෘතිය වැදගත් මූලාශ්‍රයක් වනු ඇත.
Rs 2,250.00
Rs 2,500.00
-10%

Prabhandha Sangrahaya

මෙහි පළ වනුයේ ප්‍රබන්ධෝපදේශයෙහි නව වන පරිච්ඡෙදයෙහි දැක්වුණු වස්තු වින්‍යාස සිවු සැත්තෑවේ සම්පූර්ණ ප්‍රබන්ධ යි. ප්‍රබන්ධෝපදේශය දක්වනුයේ නානාවිධ ප්‍රබන්ධයන් කළ යුතු මාර්ගය යි. ප්‍රබන්ධ සංග්‍රහය උපදේශයක් නො දේ, සම්පූර්ණ ප්‍රබන්ධ මැ දක්වයි. ඇතැමකුට උපදේශයකට වඩා ප්‍රයෝජනවත් වනුයේ ආදර්ශය යි. එ බන්දවුනට ප්‍රබන්ධ සංග්‍රහය ප්‍රශස්තශික්ෂකයෙකි. ප්‍රබන්ධයන් මැ කියවා, එහි රස විඳැ එ බඳු ප්‍රබන්ධයන් තමන් මැ කරන්නට වන කලැ, උපදේශ නිකම් මැ පුරුදු වන හෙයිනි
Rs 360.00
Rs 400.00
-10%

Sinhala Sahithyadhara

සිංහල සාහිත්‍යධාරා නම් මෙම ග්‍රන්ථය  වූකලී සිංහල සාහිත්‍ය වංශයේ දෘශ්‍යමාන සාහිත්‍යාංග එකොළසක් පිළිබඳ සංක්‍ෂිප්ත ප්‍රමාණවත් විමර්ශනය කරන පරිච්ඡේද එකොළසකින් සමන්විත  සරල ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 371.70
Rs 413.00
-10%

Sandas Kadapatha

පද්‍ය සාහිත්‍ය නිර්මාණයේ දී කවීන් අතර ජනප්‍රිය අංශයක් වන ඡන්දස පිළිබද මෑතක දී ලියැවුණු ප්‍රාමාණික කෘතියක් ලෙස 'සඳස් කැඩපත’ හඳුන්වා දිය හැකිය.
Rs 1,350.00
Rs 1,500.00