Pilgrim's Guides & Sacred Places

-20%

Buddhagaya Bomada Kara

බුද්ධගයා බෝමැඩ කරා - ඉපැරණි බෞද්ධ භාරතයේ ඓතිහාසික සිද්ධස්ථාන රැසක අප්‍රකට තතු හෙලි කරමින්, භාරතීය බෞද්ධ උරුමයෙහි ගුණ රුව හුවා දක්වමින් ලියැවුණු මෙම කෘතිය භාරතීය බෞද්ධ ඉතිහාසය කෙරෙහි විමසුම් ඇස හෙළන විද්‍යාර්ථීන් අවදි කරන පර්යේෂණාත්මක නිබන්ධනයක් ලෙසින් පාඨක ඔබට ඉදිරිපත් කළ හැක. 
Rs 330.40
Rs 413.00
-20%

Jaya Sri Mahabodhiya

ජය ශ්‍රී මහබෝධිය නම් මෙම කෘතියේ විශේෂත්වය බුද්ධ ගයාවේ ශ්‍රී මහා බෝධිය ගැන කරුණු විමසා බැලීමත්, මහා බෝධිය හෙවත් ඇසතු වෘක්ෂය පුජනීයත්වයට පත්ව තිබු අයුරු පුරාවිද්‍යාත්මක මුලාශ්‍ර ඇසුරෙන් විමසා බැලීමත් ය..
Rs 141.60
Rs 177.00
-20%

The Glory Of Sanchi

The Glory Of Sanchi - The book titled " Glory Of Sanchi" was first published by the shell company of Ceylon in memory of 2500 years of Buddhism in 1956. All the copies were distributed and not a single copy was available after a few days.Thereafter Buddhist Cultural Centre of Dehiwala decided to edit and publisher with English translation.
Rs 176.00
Rs 220.00
-10%

Sundara Laosaya

සුන්දර ලා ඕසය - සංචාරය කිරීම සදහා ඉතා සුදුසුම රටක් වන ලාඕසය පිලිබදව දැනගත යුතු බොහෝ කරුණු, දැනගත යුතු බොහෝ ස්ථාන පිලිබද විස්තර ඡායාරූපද සහිතව ඉදිරිපත් කර ඇති සුවිශේෂී වූ කෘතියකි.
Rs 585.00
Rs 650.00
-10%Out-of-Stock

Situlpauva

Out-of-Stock
Situlpauva - All that needs be known about the ancient temple of Situlpauva in Sri Lanka is laid bare by the author of this booklet, Malinga Amarasinghe.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Dalada Maligawa

Out-of-Stock
Dalada Maligawa – The Temple of the Sacred Tooth Relic in Kandy, Sri Lanka , Prof. Anuradha Seneviratna describes the history and evolution of the building hosting the sacred tooth of the Buddha situated in Kandy.
Rs 371.70
Rs 413.00
-10%

Ethihasika Mahanuvara Natha Devalaya

ඓතිහාසික මහනුවර නාථ දේවාලය - ඓතිහාසික මහනුවර නාථ දේවාලය පිළිබඳ ව සිදු කළ පරියේෂණ කෘතියක් වශයෙන් මෙය හැඳින් වීමට හැකි ය. නාථ දේව සංකල්පය, මහනුවර නාථ දේවාලය, නාථ දේවාල පරිශ්‍රයේ ඉදිකිරීම් හා සබැඳි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ, නාථ දේවාලයේ පරිපාලන ව්‍යුහය, නාථ දේවාලය හා බැඳී පවතින චාරිත්‍ර, නාථ දේවාලයෙන් හමු වූ පුරාවස්තු යන පරිච්‌ජේදයන් යටතේ විස්තර කිරීම් සිදු කෙරේ.
Rs 450.00
Rs 500.00
-10%

Asirimath Haththikuchchi Wiharaya

අසිරිමත් හත්ථිකුච්චි විහාරය - හත්ථිකුච්චි යන නම ව්‍යුත්පන්න වී ඇත්තේ ඇත් හෙවත් හත්ථි යන්නත් කුස හෙවත් කුච්චි යන්නත් සන්ධි වීමෙන් විය යුතු ය. මෙය යම් තාක් දුරකට සනාථ කෙරෙන ලෙනක් සහිත ගල් කුලක් මෙම භූමියෙහි දකින්නට ලැබෙයි. ඒ අනුව පැරණි මූලාශ්‍රයන්හි ඇත් කුස් වෙහෙර යන්නෙන් දැක්වෙන්නේ මෙම විහාරය විය යුතු ය. මෙම ස්ථානයෙන් ලැබෙන පැරණි සෙල්ලිපිවල ද ස්ථානය ද හඳුන්වා ඇත්තේ හත්ථිකුච්චි යන අර්ථවත් ඇති කුච වෙහෙර යනුවෙනි.
මෙම ස්ථානය මහත් ජන ආකර්ෂණයක් දිනා ගැනීමට එක් හේතුවක් වී ඇත්තේ සිරිසඟබෝ රජු හිස දන් දුන් ස්ථානය මෙය බවට ඇති ජන විශ්වාසය හා ඇතැම් විද්වතුන් දරණ මතයයි.
 මෙම විහාරස්ථානය මුලින්ම භික්ෂු වාසය පිණිස පිළියෙල වූයේ ක්‍රිස්තු පූර්ව තෙවන සියවසත්, ක්‍රිස්තු වර්ෂ පළමු සියවසත් අතර බව මේ ස්ථානයෙන් ලැබෙන පූර්ව බ්‍රාහ්මී සෙල් ලිපි සහිත ගල් ලෙන් වලින් සනාථ වෙයි. මෙම ලෙන් ලිපිවලට අතිරේකව ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ නවය සියවස දක්වා කාලයට අයත් ගිරි ලිපි 56ක් මේ ස්ථානයේ වෙයි.
ප්‍රතිමා ගෘහයක්, වටදා ගෙයක්, උපෝෂථඝරයක්, බෝධිඝරයක් හා ජන්ථාඝරයක් මෙම ස්ථානයේ ඇති විශේෂිත ගොඩනැගිලි අතර වෙයි. 
මෙම ග්‍රන්ථයෙහි මුඛ්‍ය අරමුණ වන්නේ මෙම ස්ථානයට යන නොයන ඔබව ස්ථානය පිළිබඳව දැනුවත් කිරීමයි.
Rs 531.00
Rs 590.00
-10%

Kirinda Puraviddayathmaka Saha Samaja Widdayathmaka Wivaranayaki

කිරින්ද පුරාවිද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක විවරණයකි - කිරින්ද ඔබ අතට පත්වනුයේ නවතම කරුණු ගණනාවක් සමඟින් ය. කිරින්ද ගැන අප දැන සිටියේ විහාර මහා දේවිය ගොඩ බැස්ස තැන හැටියට ය. නමුත්, ඊට වඩා විෂය පරාසයක් වෙත මෙහි කතුවරයා අපව ගෙන එයි.
කිරින්දේ ප්‍රාග් ඓතිහාසික ගල්ලෙන් ගැනත් සෙල්ලිපි තුනක්ම කිරින්දේ ඇති බවත් මුල්මවරට අපට දැන ගැනීමට ලැබෙනුයේ කිරින්ද කෘතියෙනි. මෙවැනි අනගි කරුණු ගණනවකින් සමන්විත කිරින්ද දක්ෂිණ ශ්‍රී ලංකාවේ වෙහෙර විහාර වන්දනා චාරිකාවේ යන ඔබ අතේ තිබිය යුතු කෘතියකි.
Rs 441.00
Rs 490.00
-10%

Asirimath Sithulpauva

අසිරිමත් සිතුල්පව්ව - සිතුල්පව්ව විහාරය අයත් වූයේ පුරාණ රුහුණේ කතරගම ක්ෂත්‍රීය රජ පරම්පරාවේ පාලනය යටතේ පැවති වපසරිය තුලය.
මෙය දිවයිනේ පැරණිතම විහාරයක් වූවා පමණක් නොව විශාලතම සංඝාරාම අතලොස්සෙන් එකක් ද වූයේ ය. දෙතිස්ඵල රැහ බෝධීන් අතරින් එකක් රෝපණය කිරීමට තෝරා ගත් ස්ථාන අතරින් එකක් රෝපණය කිරීමට තෝරා ගත් ස්ථාන අතරින් එකක් වූයේය ද සිතුල්පව්වයි. 
මහාවංශයට අනුව සිතුල්පව්ව විහාරය කරවන ලද්දේ රුහුණේ පාලකයාව සිටි කාවන්තිස්සයි. ක්‍රිස්තු පූර්ව පළමු සියවසේ දී රජ පැමිණි වලගම්බා සමයේ දී මෙහි භික්ෂූන් වහන්සේලා 12 000 ක් වැඩ විසූ බව පැරණි මූලාශ්‍රවල සඳහන් වෙයි. දුටුගැමුණු රජුගේ දශමහා යෝධයන් අතරින් සිව් දෙනෙකු විසින් මහා සංඝයා විශයෙහි පිදූ ගල් ලෙන් මෙම ස්ථනයේ දක්නට ලැබෙයි. සද්ධාතිස්ස, ලජ්ජිතිස්ස, ඉලනාග, ගජබා මෙම ස්ථානයට අනුග්‍රහය දැක්වූ රජුන් අතර වූ බවට සාධක සෙල් ලිපිවලින් අනාවරණය වෙයි. අනුරාධපුර අවධියෙන් පසුව මෙම ස්ථානයට කවර ඉරණමක් අත්වීද යන්න පිළිබඳ සාධක කිසි තැනෙක දක්නට නොලැබෙයි.
මෙම ග්‍රන්ථය ඔබ අතට පත් කෙරෙනුයේ එහි යන නොයන ඔබ හට අත්වැලක් සලසනු පිණිස ය.
Rs 621.00
Rs 690.00
-10%

Asirimath Polonnnaruva

අසිරිමත් පොළොන්නරුව - පොලොන්නරුව යනු දිවයිනේ දෙවන අගනුවරයි. මෙම ස්ථානය ක්‍රිස්තු වර්ෂ මුල් සියවස්වල පටන් විටින් විට අනුරාධපුරයේ සිට රජකළ ඇතැම් රජවරුන්ට තාවකාලික වාසස්ථානයක්ද විය. එහෙයින් එය කඳවුරුපුර නමින්ද නම් විය. පොලොන්නරුව මුලින්ම නිත්‍ය වාසස්ථානය බවට පත් කරගන්නා ලද්දේ රාජ රාජ නම් සොළී පාලකයා යටතේ ය. සොළී පාලනයෙන් රට මුදවා ගත් පළමු විජයබාහු රජු 1055 වසරේ දී රාජ්‍යත්වයට පත් විය. ඔහුගේ පාලන සමය දිවයිනේ ඉසුරුමත් අවධියක් ලෙස සළකනු ලැබේ. එතැන් පටන් එතරම් බලවත් නොවූ රජුන් තිදෙනෙකුන් පසුව පළමු පරාක්‍රමබාහු රාජ්‍යත්වයට පත් වෙයි. අභ්‍යන්තර අරගල වලට සාර්ථකව මුහුණ දුන් ඔහු 1153 වසරෙ දී දිවයිනේ පාලකයා බවට පත් විය. පොලොන්නරුව විහාරාරාම හා නගරාංගයන්ගෙන් සම්පූර්ණ කළ ඔහු පරාක්‍රම සමුද්‍රය නම් සුප්‍රකට ජලාශය ද පොලොන්නරුවේ ඉදිකළේය. මින් පසු පොලොන්නරුවේ රජ පද පත් ප්‍රබල රජෙකු ලෙස ඉස්මතු වන්නේ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල පමණකි. 
පොලොන්නරුව අද දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය අතින් දෙවැනි වනුයේ අනුරාධපුරයට පමණි. එහි යන ඔබට අත්වැලක් සැපයීම මෙම ග්‍රන්ථයේ අරමුණයි. 
Rs 441.00
Rs 490.00
-10%

Nuthana Thissamaharamaya

නූතන තිස්සමහාරාමය - සුමිත් රණසිංහයන් සමාජ පුරාවිද්‍යාව ජනතාව වෙත ගෙන යන විද්වතෙකි. හෙතම වෘත්තියෙන් පුරාවිද්‍යාඥයෙකි. මධ්‍යම සංස්කෘතික අරමුදල තුළ සිටින පිරිස් කළමනාකරුවෙකි, සහකාර අධ්‍යක්ෂවරයෙකි. කෘති රචනා කිරීමට සුදුසුකම් ලද්දෙකි. හෙළ, සකු හා පාලි ආදී භාෂාවන් පිළිබඳ විද්වතෙකි. ඉලක්ක හා අරමුණු ජය ගැනීමට සිය කාර්‍ය මණ්ඩලය මෙහෙය වන පාලකයෙකි. 
සිය රාජකාරි ජීවිතයට අමතරව තම විෂය දහරාව අනාගත පරපුරට දායාද කිරීමට කැප වෙන්නෙකි.
සමාජ පුරාවිද්‍යාව පිළිබඳව පරිඥානයක් සතු ඒ මහතා තිස්සමහාරාම ව්‍යාපෘතියේ කළමනාකරු ලෙස නිරත වූ වකවානුවෙහි තිස්සමහාරාමය මෑත ඉතිහාසය ගැන ගවේෂණය කර නිර්මිත නවතම කෘතිය "නූතන තිස්සමහාරාමය" යි.
මීට පෙරත් කතරගම් පුවත, කන්දබඩ පත්තුව, සොළොස්මස්ථාන,සඳගිරිය ආදි වශයෙන් ප්‍රකාශ කර ඇති ගමවේෂණාත්මක කෘතිවල කතුවරයා ය. ගීත රචකයෙකි. පුවත්පත් ලේඛකයෙකි. 
තිස්සමහාරාමය නූතන ඉතිහාසය පිළිබඳව අප නොදන්නා ඉසව් වෙත පරිච්ඡේද ගණනාවක් මගින් කරුණු ගොනුකර රචිත මේ ග්‍රන්ථය පාඨක රුචිය දනවන අගනා ශාස්ත්‍රීය කෘතියකි. සරසවි විද්‍යාර්ථින්ට ද අගනා මූලාශ්‍රයකි.   
Rs 1,080.00
Rs 1,200.00
-10%

Asirimath Mihinthalaya

අසිරිමත් මිහින්තලය - ඓතිහාසික මිහින්තලා පූජා භූමියට ප්‍රවේශ වන ඔබට එහි ඇති පෞරාණික ස්ථාන නැරඹීමට අත්වැලක් සැපයීම මෙම ග්‍රන්ථයේ අරමුණයි.
Rs 711.00
Rs 790.00
-10%

Sri Lankave Watadageval

ශ්‍රී ලංකාවේ වටදාගෙවල් - මෙය පාසල් තුළ බුද්ධ ධර්මය, බෞද්ධ ශිෂ්ටාචාරය, චිත්‍ර කලාව ආදී විෂයයන් හදාරන ශිෂ්‍යයන්ට මෙන්ම දහම් පාසල් සිසුන්ට ද අතිරේක විෂය දැනුම පොතක් වේ.
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock

Sri Lankave Aithihasika Ha Poojaniya Sthana

Out-of-Stock
ශ්‍රී ලංකාවේ ඓතිහාසික පූජනීය ස්ථාන - අවුරුදු පහක පමණ කාල පරිච්ඡේදයක් තුළ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ (අනුරාධපුර) ලද අධ්‍යාපනයෙන් හා පොත්පත් ආශ්‍රිතව ලද දැනුමෙන් ද, ග්‍රන්ථයෙහි සඳහන් ස්ථාන සියැසින් නරඹා, පර්‍යේෂණය කර හා ඡායාරූපගත කිරීමෙන් ද ලබා ගත් අවබෝධය තුළින් මෙවැනි ග්‍රන්ථයක් එළිදක්වා ඇත.
Rs 405.00
Rs 450.00
-10%

Jaya Sri Maha Bodhiya - Rataka Mahima 6


 ජය ශ‍්‍රී මහා බෝධිය
ශ්‍රී ලංකාවේ වෙසෙන අපි වාසනාවන්තයෝ. අපට අවුරුදු දෙදාස් පන්සිය ගණනකටත් වැඩි කාලයක සිට පැවත එන සංස්කෘතික උරුමයක් තියෙනවා. මේ සංස්කෘතික උරුමයේ එක් කොටසක් තමා ලංකාව පුරා පිහිටි ඓතිහාසික ස්ථාන. මේ පොතේ අරමුණ වන්නේ  එවැනි ස්ථානයක් වන ජය ශ‍්‍රී මහා බෝධියෙහි ආගමික වටිනාකමත්, ඓතිහාසික වටිනාකමත් හදුන්වා දීමයි.
Rs 405.00
Rs 450.00
-10%

Isurumuni Rajamaha Wehera - Rataka Mahima 4

ශ්‍රී ලංකාවේ වෙසෙන අපි වාසනාවන්තයෝ. අපට අවුරුදු දෙදාස් පන්සිය ගණනකටත් වැඩි කාලයක සිට පැවත එන සංස්කෘතික උරුමයක් තියෙනවා. මේ සංස්කෘතික උරුමයේ එක් කොටසක් තමා ලංකාව පුරා පිහිටි ඓතිහාසික ස්ථාන. මේ පොතේ අරමුණ එවැනි ස්ථානයක් වන ඉසුරුමුණි රජමහ වෙහෙරෙහි ආගමික වටිනාකමත්, ඓතිහාසික වටිනාකමත් හදුන්වා දීමයි. 
Rs 585.00
Rs 650.00
-10%Out-of-Stock

Ruvanvali Saya - Rataka Mahima 5

Out-of-Stock
ශ්‍රී ලංකාවේ වෙසෙන අපි වාසනාවන්තයෝ. අපට අවුරුදු දෙදාස් පන්සිය ගණනකටත් වැඩි කාලයක සිට පැවත එන සංස්කෘතික උරුමයක් තියෙනවා. මේ සංස්කෘතික උරුමයේ එක් කොටසක් තමා ලංකාව පුරා පිහිටි ඓතිහාසික ස්ථාන. මේ පොතේ අරමුණ එවැනි ස්ථානයක් වන ඉසුරුමුණි රජමහ වෙහෙරෙහි ආගමික වටිනාකමත්, ඓතිහාසික වටිනාකමත් හදුන්වා දීමයි. 
Rs 315.00
Rs 350.00
-10%

Buddhabhumi Alokanaya

කාලයේ වැලිතලාවෙන් වැසී ගිය බෞද්ධ ඉතිහාසය පුරාවිද්‍යාත්මකව ගොඩගැනීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ වටිනා හා ඉතා දුර්ලභ තොරතුරු රැසකින් සමන්විත චාර්ල්ස් ඇලන් විසින් රචිත The Buddha And sahibs  ග්‍රන්ථයේ පරිවර්තනයයි බුද්ධභූමි ආලෝකනය. 
Rs 1,044.00
Rs 1,160.00
-10%

Kelani Wihare - Rataka Mahima 1

ශ්‍රී ලංකාවේ වෙසෙන අපි වාසනාවන්තයෝ. අපට අවුරුදු දෙදාස් පන්සිය ගණනකටත් වැඩි කාලයක සිට පැවත එන සංස්කෘතික උරුමයක් තියෙනවා. මේ සංස්කෘතික උරුමයේ එක් කොටසක් තමා ලංකාව පුරා පිහිටි ඓතිහාසික ස්ථාන. මේ පොතේ අරමුණ එවැනි ස්ථානයක් වන ඉසුරුමුණි රජමහ වෙහෙරෙහි ආගමික වටිනාකමත්, ඓතිහාසික වටිනාකමත් හදුන්වා දීමයි. 
Rs 315.00
Rs 350.00
-10%

Degaldoruwa - Rataka Mahima 3

ශ්‍රී ලංකාවේ වෙසෙන අපි වාසනාවන්තයෝ. අපට අවුරුදු දෙදාස් පන්සිය ගණනකටත් වැඩි කාලයක සිට පැවත එන සංස්කෘතික උරුමයක් තියෙනවා. මේ සංස්කෘතික උරුමයේ එක් කොටසක් තමා ලංකාව පුරා පිහිටි ඓතිහාසික ස්ථාන. මේ පොතේ අරමුණ එවැනි ස්ථානයක් වන ඉසුරුමුණි රජමහ වෙහෙරෙහි ආගමික වටිනාකමත්, ඓතිහාසික වටිනාකමත් හදුන්වා දීමයි. 
Rs 270.00
Rs 300.00
-10%

Siri Dalada Maligawa - Rataka Mahima 2

ශ්‍රී ලංකාවේ වෙසෙන අපි වාසනාවන්තයෝ. අපට අවුරුදු දෙදාස් පන්සිය ගණනකටත් වැඩි කාලයක සිට පැවත එන සංස්කෘතික උරුමයක් තියෙනවා. මේ සංස්කෘතික උරුමයේ එක් කොටසක් තමා ලංකාව පුරා පිහිටි ඓතිහාසික ස්ථාන. මේ පොතේ අරමුණ වන්නේ එවැනි ස්ථානයක් වන සිරි දළදා මාලිගාවෙහි ආගමික වටිනාකමත්, ඓතිහාසික වටිනාකමත් හදුන්වා දීමයි.
Rs 405.00
Rs 450.00
-20%Out-of-Stock

Budun Upan Deshaya

Out-of-Stock
බුදුන් උපන් දේශය - බුදුන් ඉපදුනේ ලංකාවේ යන දුර්මතය බිඳහෙලන ගවෙෂනාත්මක කෘතියක් වන මෙය දඹදිව වන්දනාවේ යන අයටද ප්‍රයෝජනවත් අන්දමින් සකසා ඇත. දඹදිව පිහිටියාවූ සියළුම පූජනීය ස්ථාන - එකිනෙකට දුර කිලෝමීටර ප්‍රමානයන්ගෙන්ද, පැරණි සොළොස් මහා ජනපද හා ඒවා ප්‍රධාන රාජ්‍ය දෙකක් යටතේ සංවර්ධනය වීම ආදී විචාරාත්මක අධ්‍යනයක් මෙයින් ඉදිරිපත් කරයි.
Rs 320.00
Rs 400.00
-10%

Thirikunamalaye Bauddha Puravasthu Ha Pujyasthana

තිරිකුණාමලය බෞද්ධ පුරාවස්තු හා පූජ්‍යස්ථාන - තිරිකුණාමලය අවට ඇති පූජ්‍යස්ථාන හා පුරාවස්තු පිළිබඳ අධ්‍යනයක යෙදුණු කතුවරයා සියැසින් දුටු තොරතුරුත් ග්‍රන්ථාගත කරුණුත් සංසන්දනය කරමින් ලියන ලද මෙම කෘතිය වන්දනාවේ යන බැතිමතුන්ට ද විවිධ අධ්‍යනයන්හි යෙදෙන ආධුනිකයන්ට ද පාසල් දරු දැරියන්ට ද ප්‍රයෝජනවත් දුලබ කරුණුවලින් සමන්විත වේ. මෙහි භාෂා විලාසය සිත්ගන්නාසුලුය. කෘතියෙහි අන්තර්ගත කරුණු සුගම ලෙස වටහා ගැනීමට එම බස ඉවහල් වේ.
Rs 585.00
Rs 650.00
-10%Out-of-Stock

Aithihasika Suduhumpola Rajamaha Wiharaya

Out-of-Stock
ඓතිහාසික සුදුහුම්පොළ රජමහා විහාරය - ශ්‍රී ලංකාවේ ගෞරවනීය බෞද්ධ විහාරස්ථානයක් වන සුදුහුම්පොල රජමහා විහාරයේ පොහොසත් ඉතිහාසය සහ සංස්කෘතික වැදගත්කම විස්තර කරයි. විචිත්‍රවත් විස්තර සහ ඉතිහාසගත මූලාශ්‍ර හරහා, මෙම පොත දේවමාළිගාවේ මූලාරම්භය, වාස්තු විද්‍යාත්මක ආශ්චර්යයන් සහ බැතිමතුන්ගේ පරම්පරාවන් සඳහා අධ්‍යාත්මික හා වාර්ගික කේන්ද්‍රස්ථානයක් ලෙස එහි භූමිකාව ගවේෂණය කරයි. මෙම තීක්ෂණ බුද්ධියෙන් යුත් ආඛ්‍යානය දේවමාළිගාවේ චිරස්ථිතික උරුමය සහ ප්‍රාදේශීය ප්‍රජාවට සහ ඉන් ඔබ්බට එහි ප්‍රගාඪ බලපෑම කෙරෙහි ආලෝකය විහිදුවයි.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Sigiriya Ehi Sithuvam Raja Uyana Ha Anekuth Nagaranga

Out-of-Stock
සීගිරිය එහි සුප්‍රකට සිතුවම්, රජ උයන හා අනෙකුත් නගරාංග - සීගිරිය මුලින්ම ජනාවාස කරන ලද්දේ ප්‍රාග් ඓතිහාසික මානවයා විසිනි. සීගිරි නගරය තුළ ඇති අලිගල නම් ලෙනෙන් මානව අස්ථි යනාදිය ලැබී තිබේ. 
ක්‍රිස්තු පූර්ව 3 සියවසත්, ක්‍රිස්තු වර්ෂ 1 සියවසත් අතර කාලයට අයත් සීගිරියේ ඇති කටාරම් කොටවා සැකසූ ලෙන් බෞද්ධ භික්ෂූන්ගේ වාසය පිණිස වෙන් විය. 
සීගිරියේ වැදගත්ම නෂ්ටාවශේෂ කාශ්‍යප රාජ්‍ය සමයට අයත් ය. සිය පියා වූ ධාතුසේන රජු මැර වූ හෙතම සිය සොයුරු මුගලන් කුමරුට බියව සීගිරියට පළා ආවේ ය. ආරක්ෂිත රැකවලින් අනූන සියලු නගරාංගයන්ගෙන් හෙබි අලංකාර නගරයක් සීගිරිය පර්වතාශ්‍රයේ තැනූ කාශ්‍යප රජු එහි සිට වසර 18ක් දිවයින පාලනය කළේ ය.
සීගිරිය නගරය ප්‍රධාන කොටස් පහකට බෙදිය හැකිය. මධ්‍යයෙහි ඇත්තේ ප්‍රධාන පර්වතය හා ඒ මත පිහිටි රජ මාලිගයයි. සුප්‍රකට සීගිරිය සිතුවම් සහ කැටපත් පවුර අයත් වන්නේ ද මේ කොටසටම ය. පර්වතය වටා බෑවුම් සහිත පෙදෙස ප්‍රකාරයකින් පිරිකෙව් කොට ඇති ඇතුල් නගරයයි. පර්වතයටත් ඇතුල් නගරයත් බටහිර දෙසින් ඇත්තේ රාජකීය විනෝද උද්‍යානයයි. 
ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ, එනම් පර්වතයට නැගෙනහිර දෙස පිට නගරය ලෙස සැළකේ. මෙම සියලු නගරාංග මැදිවන පරිදි පිටතින්ම ඇත්තේ පවුරු සහ දිය අගල් ය. සීගිරිය වැව පිහිටියේ නගරයට වයඹ දෙසිනි.
සීගිරිය නගරය පිළිබඳ ප්‍රමාණික දැනුමක් ලබාදීම මෙම ග්‍රන්ථයේ මුඛ්‍ය අරමුණයි.
Rs 1,575.00
Rs 1,750.00
-10%

Sacred Island

Sacred Island - This travel and pilgrimage guidebook is meant primarily for Buddhists or those interested in Buddhism who wish to explore Sri Lanka’s rich cultural and spiritual heritage. Drawing on his extensive knowledge of the island, the author weaves together archaeological findings, art history and the stories and legends of the Buddhist tradition to bring to life thirty-three places of religious significance.
Rs 450.00
Rs 500.00
-10%

Middle Land Middle Way

Middle Land Middle Way - A comprehensive guidebook to the places in India made sacred by the Buddha’s presence. Beginning with an inspiring account of Buddhist pilgrimage, the author then covers sixteen places in detail. With maps and colour photos, an essential companion for pilgrim and traveler.
Rs 315.00
Rs 350.00
-20%Out-of-Stock

Sri lankave Wandana Gaman Maga

Out-of-Stock
ශ්‍රී ලංකාවේ වන්දනා ගමන් මග - වන්දනාවේ යන සැදැහැවතුනට කල්තබා තම ගමන් මග පිළියෙළ කර ගැනීම සඳහා ප්‍රයෝජනවත් වන අයුරින් මෙය සම්පාදනය කරන ලදී. සෑම වැදගත් ස්ථානයක් පිළිබඳව ම ඓතිහාසික විස්තරයක් ද නවාතැන් පහසුකම් ආදී තොරතුරු ද මෙහි ඇතුලත් වෙයි..
Rs 200.00
Rs 250.00
-20%

Asirimath Dambadiva

අසිරිමත් දඹදිව - දඹදිව වන්දනාවේ යෙදෙන සැදැහැවතුන්ට අත්‍යවශ්‍ය තොරතුරු ඇතුළත් කොට ඉතා සරල බසින් ලියාවුණකි.
Rs 339.84
Rs 424.80