Pilgrim's Guides & Sacred Places

-10%Out-of-Stock

Sithavaka Pura Yugaya Shasthriya Sangrahaya

Out-of-Stock
සීතාවක පුර යුගය ශාස්ත්‍රීය සංග්‍රහය  - සීතාවකපුර යුගය ආධුනිකයන් විසින් පමණක් නොව ප්‍රවීණයන් විසින් ද කියවිය යුතු අගනා ඓතිහාසික හා සාමාජික තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් බව ද සඳහන් කළ හැකි ය.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Budun Pelahara Pa Dabadeniya

Out-of-Stock
බුදුන් පෙළහර පෑ දඹදෙණිය - මෙයින් කතුවරයා පෙන්වා දෙන්නේ දඹදෙණියේ ශ්‍රී විභූතියට සිදු වූ පරිහාණී තත්වයයි. දඹදෙණිය පිළිබඳ හදාරන්නවුන්ට මෙහි උප ග්‍රන්ථය මනා පිටුවහලක් සලසන බව කිව යුතුය. 
Rs 562.50
Rs 625.00
-10%Out-of-Stock

Bauddha Nikaya Wikashaya

Out-of-Stock
බෞද්ධ නිකාය විකාශය - සංකීර්ණ හා දීර්ඝ ඓතිහාසික වෘත්තාන්තයෙහි සියලු පැතිකඩ ආවරණය වන පරිද්දෙන් නිකාය භේදයේ පසුබිම, අටළොස් නිකාය, චතුර්විධ බෞද්ධ දර්ශන සම්ප්‍රදාය, මහායානය හා තන්ත්‍රයානය, අනුරාධපුර යුගයේ ලාංකේය නිකාය විකාශය හා නිකායාන්තර විචාර යන උප ශීර්ෂ හයක් තුළ වියත් ලේඛකයන් සිය අධ්‍යයන පරාසය විකසිත කර ඇත්තේ මෙතෙක් එක් ග්‍රන්ථයකින් පූරණය නොවූ අපේක්ෂාවන් සාධනය කරමිනි.
Rs 1,080.00
Rs 1,200.00
-20%

Mihintale Mahavihara Warnanava

පූජ්‍ය හොරේවෙල සුනීත හිමියන් සහ විජයපුර රාහුල හිමියන් විසින් සකස් කරන ලද  'මිහින්තලා මහාවිහාර වර්ණනාව' නම් මෙම ග්‍රන්ථය දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් මුද්‍රණය කර පාඨක ඔබ අතට පත් වන ග්‍රන්ථයකි.
Rs 500.00
Rs 625.00
-10%

Aithihasika Maligawila Puranaya

'ඓතිහාසික මාලිගාවිල පුරාණය' නම් මෙම ග්‍රන්ථය ඔක්කම්පිටියේ පඤ්ඤාසාර හිමියන් විසින් රචිත ග්‍රන්ථයක් වන අතර පුරාතණ වංසකතා වලට අනුව 'අරියකර විහාරය' නමින් හදුන්වන ලද වර්ථමානයේ  මාලිගාවිල රජමහා විහාරය පිළිබද වංසකතා වල  නොයෙකුත් අකාරයේ තොරතුරු සදහන් අතර මහාවංශයට අනුව මෙම ප්‍රතිමාව, මහා තිස්සගේ සහ සංඝසිවා බිසවගේ වැඩිමහල් පුත්‍රයා වූ අග්ගබෝධි රජතුමන් විසින් කරවූ බවද සදහන් වේ.
Rs 180.00
Rs 200.00
-20%

A PILGRIM'S COMPANION

in this book ably written by ken and visakha kawasaki mentions the places associate with the buddha's life and what important events had taken place in those sacred sites. in other words, it provides its ready with the reison d'ere for visiting that particular sacred site
Rs 798.72
Rs 998.40
-10%Out-of-Stock

Sadhathuka Prathima

Out-of-Stock
'සධාතුක ප්‍රතිමා' නම් මෙම කෘතිය ලාංකේය සධාතුක ප්‍රතිමා සම්බන්ධයෙන් ලියැවෙන පළමු ශාස්ත්‍රීය ලේඛනය වන අතර බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ඉෂංඛ මල්සිරි මහතා විසින් රචනා කරන ලද කෘතියකි. 
Rs 1,440.00
Rs 1,600.00
-10%Out-of-Stock

Gadaladeni Wihara Waruna

Out-of-Stock
මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, පිළිමතලාවෙහි පිහිටි ගඩලාදෙණි රාජමහා විහාරය වූ කලී මෙරට ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බෞද්ධ පූජනීය ස්ථානයක් වන අතර මෙම විහාරයෙහි විශේෂත්වය වන්නේ ලාංකීය ඉතිහාසයේ ගම්පොල යුගය නියෝජනය කරන අතලොස්සක් වූ විහාරස්ථානවලින් එකක් වන මෙය බොහෝ කලක පටන් ස්වභාවික උපද්‍රවයන්ට මෙන්ම පරසතුරු ආක්‍රමණයන්ට පවා ගොදුරු වී ඇති නමුත්, දැනට ශේෂව පවතින ඓතිහාසික සාධකමත අතීත යුගයක් පිළිබද වෘත්තාන්තයක් ඉදිරිපත් කිරීමට තරම් බොහෝ දෑ ඉතිරිවී තිබීම නිසාවෙනි.
Rs 1,260.00
Rs 1,400.00
-10%Out-of-Stock

Dambadiwa vandana

Out-of-Stock
දඹදිව වන්දනා' මෙම කුඩා අත් පොත බෙහෙවින් අගය කළ යුතු ප්‍රයෝජනවත් රචනයකි. ශ්‍රද්ධාවෙන් බැති සිතින් බුද්ධ භූමිය වන්දනාව සඳහා යන අය වෙනුවෙන් සම්පාදනය කරන ලද මෙම කෘතිය දැනගත යුතු සියලු කරුණු සාරවන් ලෙසට ඇතුළත් කරන ලද අපේ රටේ සියලු බෞද්ධ වන්දනාකරුවන් භාවිත කළ යුතු අත් පොතක් ලෙසට අගය කරන අතර ප්‍රවීණ ලේඛිකාවක් මෙන් ම ජනප්‍රිය ගුරුවරියක වූ නාලිනී සුසීලා දිසානායක මහත්මිය තම දිර්ඝකාලීන වෘත්තීය අත්දැකීම් ද උපයෝගී කරගෙන මෙම කෘතිය අනායාසයෙන් කියවා ගෙන යා හැකි ලෙසට රචනා කර තිබෙන අතර තථාගත දේශනය අනුව සංවේදනීය ස්ථාන තම දෑසින් දැක බලා කුසල් රැස්කර ගත යුතු පිළිවෙළ මෙන් ම එම ස්ථානවල වටිනාකම ශ්‍රේෂ්ඨත්වය හා උතුම් බව හඳුන්වා ඇත්තේ පහන් සිත් ඇති වන අයුරිනි. එම ස්ථාන වල දැනසිටිය යුතු ඉතිහාසය ද පසුබිම ද නිවැරදි දැනුමින් උචින ලෙසට ගොනුකර තිබේ.
Rs 315.00
Rs 350.00
-10%

Seruwila Mangala Maha Chaithya Warnanawa

කතෘගෙන්...
සේරුවිල මංගල මහා දාගැබ ඉදි කරණු ලැබුවේ දුටුගැමුණු මහ රජතුමා ගේ පියා වූ කාවන්තිස්ස මහ රජතුමා ය. ඒ ක්‍රි.පූ. දෙවැනි සියවසේ දී ය. සර්වඥයන් වහන්සේ ගේ ලලාට ධාතුව හා කේශ ධාතු තැන්පත් කර ඇත්තේ මේ මහා දාගැබ තුළ යි.බුදුරදුන් තෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ දී සේරුවිලට ද වැඩම කර දැන් මේ මංගල මහා දාගැබ පිහිටා ඇති ස්ථානයේ පන්සියයක් මහ රහතුන් ද සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටියහ. පසුව බුදුරදුන් මහ රහතුන් ද සමගින් ඒ ස්ථානය වටා තෙවරක් වැඩම කර සුමන නා රජු අතේ තිබූ සපු ගසෙන් මල් ගෙණ ඒ ස්ථානයට පූජා කළහ.මේ මහා භද්‍ර කල්පයේ ලොව පහළ වූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන බුදුරජාණන් වහන්සේලා තුන් නම ගේ ධාතු ද දැන් මේ සේරුවිල මංගල මහා දාගැබ පිහිටා ඇති ස්ථානයේ තැන්පත් කර තිබුණි. මේ බව පාලි ධාතුවංශයේ මෙන් ම සිංහල ධාතු වංශයේ ද සඳහන් වෙයි. මේ සියලු කරුණු සලකා බැලීමේ දී සේරුවිල මංගල මහා දාගැබ් වහන්සේ ගේ ඇති පුජනීයත්වය මෙන් ම වටිනාකම කෙතරම් දැ'යි කියා පැහැදිලි ව පෙනේ.
Rs 540.00
Rs 600.00
-10%Out-of-Stock

Swarnamali Maha Chaithya Warnanawa

Out-of-Stock
සවිඥානක සර්ව සත්ත්ව සමූහාභ්‍යන්තරයෙහි සුවිශිෂ්ට සුප්‍රශස්ත වන්නාහු භාග්‍යවත් සම්බුද්ධ රාජයාණන් වහන්සේ මය. අවිඥානක වස්තු සමස්තාභ්‍යන්තරයෙහි සුප්‍රකර්ෂ සුසමාහිත වන්නාහු භාග්‍යවත් සම්බුද්ධ ශාරීරික ධාතූන් වහන්සේ මය. තද් ධාතූන් වහන්සේගේ ද්‍රෝණයක් සුනිහිත සුගර්හිත අතුල්‍ය අසහාය මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ ස්වර්ණමාලි' නම් වන සේක්මය.ශ්‍රී ගෞතම සම්බුද්ධ රාජයාණන් වහන්සේ චෛත්‍යමය ශ්‍රී දේහයකින් අදත් පිවමාන වෙති; ඒ රන්මැලි මහ සෑරදාණෝ ය. ශුද්ධාධර ප්‍රඥාවත්හු අදත් සම්බුද්ධ වග්දන මානන පූජනයට රුචි වෙති. ඒත් රන්මැලි මහ සෑරදාණගේ උදෙසාය. අහස උසට සේ ම භූගර්භයට ද එකසේ විහිදී පැතිරි ඇති රන්මැලි මහ සෑරදාණෝ තම සිළුමිණි රැස් දහරින් දෙව්ලෝ පහස ද භූගත බිම්බයෙහි තොලෝ පහස ද අත්විඳිති.ගැමුණු' සහ ගයාන් යන හාමද්වයයෙහි සාම්‍යයක් පැණෙන්නේ හුදු 'ග' අක්ෂර සමාරම්භය හෝ මාත්‍රා ඓක්‍යය ඔස්සේ පමණක් නොව එකී නාමධාරී යුග්මයෙන් ම රන්මැලි මහ සෑරදාණගේ වෙනුවෙන් මහාර්ඝ කාර්යභාරයක් සිදු වූ හෙයිනි. එනම් එදා අප මහා සෑරදාණගේ පිළිබඳ සාධන කාර්යය දුෂ්ට ග්‍රාමණී අභය නරේන්ද්‍රයාණන් නිසා සිදු වෙද්දී මෙදා ඒ අරබයා ලේඛන කාර්යයක් ගයාන් චානුක විදානපතිරණ ලේඛකයාණන් අතින් සිදුවීම යි.ශුද්ධාවහ ග්‍රන්ථ සම්පාදනයෙහි අග්‍රස්ථාන ප්‍රාප්ත ගයාන් චානුක විදානපතිරණයන්ගේ ස්වර්ණමාලී මහා චෛත්‍ය වර්ණනාව' නම් මෙම ගුථෝත්සාහය එම මහා චෛත්‍ය රාජයාණන්ට ද්විතීයෝත්පත්තියක් ලබා දීමක් ම ය. මෙහිලා සුද්ධදිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්මාදීහු සාධුනාද ප්‍රශංසා පුෂ්පදාම හුදෙක් ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන්ට පමණක් නොව අප ග්‍රන්ථ කර්තෘවරයාණන්ට ද පළඳවන්නාහු ම ය.
අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි
Rs 2,430.00
Rs 2,700.00
-10%

Silumina Maha Seya Saha Salumini Maha Seya

කතෘගෙන්...
සිළුමිණි මහා සෑය මනුෂ්‍ය ලෝකයේ පිහිටා ඇති දාගැබක් නොවෙයි. මේ මහා සෑය පිහිටා ඇත්තේ තව්තිසා දිව්‍ය ලෝකයේ ය. දෙවියන්ට අධිපති වු සක්දෙව් රජු විසින් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට ත් ප්‍රථමයෙන් මහා බෝසතුන් ගේ කේශ ධාතු තැන්පත් කිරීමට මේ මහා සෑය මවන ලදී. සිළුමිණි මහා සෑයේ උස යොදුන් තුනකි. මේ මහා සෑය ඉන්ද්‍රනිල මැණික් වලින් තනා තිබේ. සිළුමිණි මහා සෑයට පාලි භාෂාවෙන් චූළාමණී චේතිය' යනුවෙන් කියනු ලැබේ.සිද්ධාර්ථ ගෞතම මහා බෝධි සත්වයන් වහන්සේගේ කේශ ධාතු ත් සර්වඥ දකුණු දළදා වහන්සේ ත් වැඩ සිටින්නේ මේ මහා සෑය තුළයි. සර්වඥ දකුණු අකු ධාතූන් වහන්සේ මුලින් වැඩ සිටියේ සිළුමිණි මහා සෑය තුළයි. ඒත් පසුව මේ ධාතූන් වහන්සේ ලක්දිවට ලැබුණි. සිළුමිණි මහා සෑය මෙන් ම සළුමිණ මහා සෑය ද මනුෂ්‍ය ලෝකයේ පිහිටා ඇති දාගැබක් නොවෙයි. මේ මහා සෑය පිහිටා ඇත්තේ බ්‍රහ්ම ලෝකයේය. ඝටීකාර බ්‍රහ්ම රාජයා විසින් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට ත් ප්‍රථමයෙන් මහා බෝසතුන් ගිහිගෙයින් නික්මෙන කල්හි හැඳ සිටි වස්ත්‍ර යුගල තැන්පත් කිරීමට මේ මහා සෑය මවන ලදී. සළුමිණ මහා සෑයේ උස යොදුන් දොළොසකි. සළුමිණි මහා සෑයට පාලි භාෂාවෙන් 'දුස්ස චේතිය' යනුවෙන් කියනු ලැබේ. සර්වඥයන් වහන්සේ ගේ වම් අකු ධාතුව තැන්පත් ව ඇත්තේ ද සළුමිණි මහා සෑය තුළයි.මේ සියලු කරුණු සලකා බැලීමේ දී තව්තිසා දෙව්ලොව සිළුමිණ මහා සැයේ ත් බඹලොව සළුමිණි මහා සෑයේ ත් ඇති පූජනීයත්වය මෙන් ම වටිනාකම මොන තරම් මහත් දැ' යි කියා පැහැදිලි ව පෙනෙයි.
Rs 270.00
Rs 300.00
-10%

Mirisaweti Maha Chaithya Warnanawa

කතෘගෙන්...
" මිරිසවැටිය " අටමස්ථානයට මෙන් ම සොළොස්මස්ථානයට අයත් සිද්ධස්ථාන අතුරින් එකකි. මිරිසවැටි මහා දාගැබ් වහන්සේ "මිරිසටි", "මිරිස පිටි” යන නම් වලින් ද හඳුන්වා තිබේ. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල මහ රජතුමාට අයත් රුවන්වැලි මහා සෑ සෙල් ලිපියේ සඳහන් ව ඇත්තේ "මිරිසවිට් " යන නම යි. v කාශ්‍යප මහ රජතුමාගේ පුවරු ලිපියේ ද iv මහින්ද මහ රජු ගේ අංක 1 දරන ජේතවනාරාම පුවරු ලිපියේ ද මේ මිරිසවැටි විහාරය සඳහන් ව ඇත්තේ "මිරිසිවිට්” යන නමින් ය. මිරිසවැටි මහා සෑයට පාලි භාෂාවෙන් "මරිචවට්ටි චෙතිය " යනුවෙන් කියනු ලැබේ.සර්වඥ ධාතු නිදන් කර ඇති දුටුගැමුණු මහ රප්තුමා ගේ කුන්තායුධය (ජයකොන්තය) තැන්පත් ව ඇත්තේ මේ මිරිසවැටි මහා දාගැබ් වහන්සේ තුළ යි.
Rs 270.00
Rs 300.00
-10%

Wanagatha Rajamaha Viharaya

වනගත රජමහා විහාර පොතෙන් වන්දනා කරුවා උත්සාහ කළේ වනාන්තර බදව හෝ වන මැද ගල්ලෙන්වල හුදෙකලා වූ පෙති පිළිම, දාගැබ්, පුරාවිද්‍යා ස්ථාන වන්දනා කිරීමටය. ඒවායේ සැඟවුණු පුරාවිද්‍යාත්මක අගය සහ ඓතිහාසික වටිනාකම සොයා ඉදිරිපත් කිරීමටය. මෙම කෘතියේ ගලේවෙල ගැරඬිගල ලෙන්වල ගල් ඇඳන්, ඇති පොල කඳු බෑවුමේ මාතලේ තල්ගහගොඩ ලෙන් විහාරය. ඇළහැර අමුණ සහ බකමුණේ බුදුරුවයාය පිළිමය. කන්දේගම කන්දේ සැතපෙන පිළිමය. හෙනන්නේගල ලෙනේ දාගැබ සහ උතුරේ කුරුඳුමලේ විහාරය. සපුමල්ගස්කඩ සහ කිඹුලාගලත් ගැන කරුණු අඩංගුය. ලංකා පටුන, යාල වන මැද නටබුන් විහාර මෙන්ම තරුලෙන්ගල සහ පඩිකෙම්ගල ඇතුළු අප තුළ කුතුහලය දනවන පුරාණ රජ මහා විහාර රාශියක් ගැන මෙම කෘතියෙන් දැනුමක් ලබාදෙන අතරම ඒවා සොයා වන්දනා කිරීමට පාඨකයා පොලඹවයි
Rs 765.00
Rs 850.00
-10%

Sithul pawwe bana katha

බුදු දහමේ ගැඹුරු ධර්ම රසය සාමාන්‍ය ජනතාවට රසවත් කථා මාර්ගයෙන් හඳුන්වා දීමේ සම්භාව්‍ය සිංහල සාහිත්‍ය පරම්පරාවට අනුගත වීමෙන් ලේල්වල සමිත හිමියන් විසින් මෙම '' සිතුල්පව්වේ බණ කථා " කෘතිය සම්පාදනය කරනු ලැබ ඇත.පැරණි සාහිත්‍ය මූලාශ්‍ර වල සඳහන් සිතුල්පව්ව හා සම්බන්ධ කථාන්තර උකහා ගනිමින් ඒවායේ අර්ථ හා අරමුණු ආරක්ෂා වන සේ කථා රසය උද්දීපනය වන පරිදි මෙය ලියා තිබීම සිංහල සාහිත්‍යයේ අභිවර්ධනය වෙනුවෙන් කරන ලද මහඟු මෙහෙවරක් සේ අගයමි.මෙහි ඇතුළත් කථා පාලි අටුවා වලින් සහ සිංහල සම්භාව්‍ය ග්‍රන්ථ වලින් උපුටා ගත්ත ද ඒවා සාහිත්‍ය රසය හා මුසුකොට නැවත ඉදිරිපත් කිරීමක් මෙමගින් සිදු කර ඇත. කථා රසය සමගම ධර්ම රසය ගලා යාමට සැලැස්වීම කතුවරයාගේ අභිප්‍රාය වී ඇති බව පෙනේ.උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවාවේ නව මානයක් මෙම කෘතිය මගින් එළි දක්වා ඇත. එම උත්සාහය සාර්ථක වී ඇති අතර හුදී ජන ප්‍රසාදයට මෙන්ම විද්වද් සම්භාවනාවට ද පාත්‍ර වන නිර්මාණයක් ලෙස මෙම කෘතිය අගය කළ හැකිය.
ආචාර්ය කුඹල්බොඩ ධම්මාලෝක හිමි
Rs 270.00
Rs 300.00
-10%

Ruwanweli Maha Seya

තුන් ලෝකයෙහි ම වැඩි ම සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටින ස්වර්ණමාලි නම් පූජනීය චෛත්‍යයෙහි කථා ප්‍රවෘත්තිය, රුවන්වැලි මහා සෑය නම් මෙම සදහම් ග්‍රන්ථය තුළින් කියවේ. මෙම ග්‍රන්ථය කියවා අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයෙන් යුතු ව චෛත්‍යය වන්දනාවේ යෙදීම තුළින් ජීවමාන බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කළා සේ ම පින්දහම් රැස් කර ගත හැකි ය.
Rs 288.00
Rs 320.00
-10%

Sarwagna Bhiksha Pathra Dhathun Wahanse

" යුද්ධයෙන් පැරදී පැන යන සතුරන් උතුම් වූ පාත්‍ර ධාතූන් වහන්සේ තේ දළදා වහන්සේ ත් ගෙණ නැව් නැගී එතෙර යන බව දැන ගැනීමට ලැබුණි. එය එසේ වුව හොත් මේ ලංකාද්වීපය හිස් වන්නේය.මේ ලක්දිව මුතු මැණික් ආදී මහත් වූ වස්තු මොන තරම් තිබුණ ත් ඒ සියලු වස්තූන්ට වඩා ශ්‍රේෂ්ඨ රත්න වන්නේ අප ධර්මස්වාමීන් ගේ දළදා වහන්සේ ත් පාත්‍ර ධාතූන් වහන්සේ තේය. මේ ධාතූන් වහන්සේලා දෙනම නැති වුව හොත් මහත් වූ ධනයක් වියදම් කර මහත් වූ වෙහෙසක් ගෙණ මේ රට එක්සේසත් කිරීමට මා ගන්නා උත්සාහය ඒකාන්තයෙන් ම ඵලක් නැති වන්නේය.ඉතා අගනා මැණික්වලින් බබළන රමණීය ඔටුන්නකින් මගේ හිස අලංකාර වී තිබේ. ඒත් එය පවිත්‍ර වන්නේ මහර්ෂීන් වහන්සේ ගේ උතුම් වූ දළදා වහන්සේ ගේ ත් පාත්‍ර ධාතූන් වහන්සේගේ ත් උතුම් වූ ස්පර්ශය ලැබීමෙන් පමණි. එබැවින් සියලු දෙනා එකට එක් ව මහා සේනාව ගෙණ ගොස් සතුරන් වනසා උතුම් වූ දළදා වහන්සේ ත් උතුම් වූ පාත්‍ර ධාතූන් වහන්සේ ත් ගෙණ වහා මෙහි එව."
මහා පරාක්‍රමබාහු මහ රජතුමා 
Rs 360.00
Rs 400.00
-10%

kesha dathu wistharaya

කතෘගෙන්...
" කේශ ධාතු විස්තරය " නම් වූ මේ පොතේ සඳහන් වන්නේ බුදුරජාණත් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා ගැන දැන ගත යුතු මූලික කරුණු ස්වල්පයකි.ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, බුරුමය (මේයෙන්මාරය) යන රටවල කේශ ධාතූන් වහන්සේලා නිදන් කර දාගැබ් තනා ඇත. මේ දාගැබ් වලින් කිහිපයක් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ තනා තිබේ. කේශ ධාතූන් වහන්සේලා නිදන් කර ලොව පළමු වරට දාගැබ් කරවීමේ ගෞරවය හිමි වන්නේ තපස්සු, භල්ලික වෙළඳ දෙබෑයන්ට ය.බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතූන් වහන්සේලා ගෙන් වැඩි ම ධාතු ප්‍රමාණයක් වැඩ සිටින එකම රට ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය වූ ශ්‍රී ලංකාවයි. ලංකාවේ පුරාණ දාගැබ් කිහිපයක ම සර්වඥ කේශ ධාතු තැන්පත් ව ඇත.කේශ ධාතූන් වහන්සේලා වැඩ සිටින දාගැබ් වහන්සේලා ගැන ප්‍රමාණවත් දැනීමක් අපේ බෞද්ධයින්ට නැත. ඒ බව ඔවුන් හා කථා කිරීමෙන් පෙනී ගියේය. කේශ ධාතූන් වහන්සේලා ගැන වෙන ම ලියැවුණු පොතක් ද මෙකල දක්නට නැත. අතීතයේ "කේශ ධාතු වංශය " යන නමින් ප්‍රකට ග්‍රන්ථයක් තිබී ඇතත් අද එය දක්නට නැති අප්‍රකට, දුර්ලභ ග්‍රන්ථයකි. "කේශ ධාතු වංශය" යන නමින් ප්‍රකට කුඩා පාලි ග්‍රන්ථයක් ඇත ත් එහි ඇත්තේ කේශ ධාතු සය නමක් නිදන් කර තැනූ දාගැබ් වහන්සේලා සය නමක් ගැන විස්තරයකි. ඒ හැර එහි කේශ ධාතූන් වහන්සේලා ගැන වෙන විස්තර සඳහන් කර නැත.කරුණු මෙසේ පවතින බැවින් "කේශ ධාතු විස්තරය " නම් වූ මේ කුඩා පොත සම්පාදනය කළෙමි. පොත කුඩා වුවත් මෙය මුල සිට අග දක්වා කියැවීමෙන් කේශ ධාතූන් වහන්සේලා ගැන ප්‍රමාණවත් අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇතැ'යි සිතමි.
Rs 225.00
Rs 250.00
-10%

Dhathu wistharaya

ධර්මය සහ ධාතු යන වචන ද්වයය ම දැරීමේ අර්ථයෙන් සාම්‍යයක් උසුලයි. සත්ත්‍වයා සතර අපායට වැටෙනු හොදී දරනු ලබන්නේ ධර්මය විසින් වන අතර මූලික කාරක ශක්තිය හෝ පුජනීය ශ්‍රේෂ්ඨ විචිත්‍ර තත්ත්‍වය හෝ රැඳී ඇත්තේ යම් බඳු තැනෙක්හි ද එය ධාතු නම් වෙයි. ධර්මජ ධර්ම භූත භාග්‍යවත් සම්බුද්ධ චරිතාබද්ධ විවිධ භෞතික ද්‍රව්‍යාත්මක කොටස් ද ධාතු ලෙසින් සම්භාවිත වී ඇති අතර එකී සම්බුද්ධ ධාතු වර්ණනාව ලේඛන දේශන චින්තන විෂයය අතික්‍රාන්තවන බව සත්‍යයකි.නානාවිධ තිරශ්චීන සත්ත්‍වයන්ගේ දත්ත, තබ, චර්ම, රෝම ආදිය මිනිසුන් සඳහා ලෞකික වශයෙන් පමණක් උපකාරක වෙද්දි ශ්‍රී සර්වඥ ශාරීරික සහ පාරිභෝගික ධාතු ඔස්සේ ලෞකික සහ ලෝකෝත්තර සුබ සාධනය කවරෙකුට කෙසේ වත් වාරණය කළ නොහැකි ය.කැලණිය විශ්ව විද්‍යාලයයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ බාහිර කථිකාචාර්ය, කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙණේ ආචාර්ය ගයාත් චානුක විදානපතිරණයන්ගේ ධර්මමය රචනා චාතූර්යය පිළිබඹු කරන නවතම කැඩපත වූ " ධාතු විස්තරය ” නම් ග්‍රන්ථය සැබැවින් ම ග්‍රන්ථ ධාතුවකි. සම්බුද්ධ ධාතු පිළිබඳ ප්‍රාමාණික වූ ද දුර්ලභ වූ ද අග්‍රගණ්‍ය වූ ද ශුද්ධෝත්පාදක වූ ද තොරතුරු සමුදායයකින් මෙම ග්‍රන්ථය විසිතුරු වෙයි. තවද එකී ධාතු ස්ථාපිතපූජ්‍යස්ථානයන්ට අදාළ වර්ණවත් ඡායාරූපාවලියකින් ද කෘතිය සමලංකෘතවී ඇත. විද්වද් ජනයාගේ නැණ පමණක් නොව ගුණ ද සද් ජනයාගේ ගුණ පමණක් නොව නැණ ද පුබුදුවාලීමට සමත් "ධාතු විස්තරය " "ථූපාරහ' නොවේ යයි කොට නම් කිව හැකිද?
අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි
Rs 855.00
Rs 950.00
-10%

Budu himi pahasin pin bimak wu mahiyanganaya

" බුදුහිම් පහසින් පින් බිමක් වූ මහියංගණය * නම් වූ මෙම ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථය. 2011 වර්ෂයේ දී ප්‍රකාශිත. "පැරණි ලක්දිව බුදු සිරිපා පහස ලද මයියංගණය " නමැති කෘතියේ සංශෝධිත පිටපතකි. 2026 වර්ෂය වන විට සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් ව වසර 2615 ක්ද සම්මා සම්බුදු රජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් ව වසර 2570 ක් ද සම්පූර්ණ වේ. ඒ නිමිත්තෙන් බෞද්ධ ජනහදවත් වල බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරනු පිණිස, අලුතින් ඇතුළත් කරන ලද පරිච්ඡේද කිහිපයකින් ද සමන්විත ව පාලි ත්‍රිපිටකය, අට්ඨ කථා, මහාවංස, දීපවංස වැනි ප්‍රාමාණික ප්‍රාථමික මූලාශ්‍රයන් ද වෙනත් ද්විතීයික හා තෘතීයික මූලාශ්‍රයන් ද පරිශීලනය කොට සම්පාදනය කරන ලද මෙම ග්‍රන්ථය, මා හැඟි ධර්ම ශාස්ත්‍රීය සම්ප්‍රදානයකි.
Rs 675.00
Rs 750.00
-10%

Sammukha Deva Prasadaya Ammaduva Kuda Kataragama Devalaya

අම්මඩුව කුඩා කතරගම දේවාලය පිළිබඳ සවිස්තර විග්‍රහයක් අන්තර්ගත වන මේම කෘතිය සාර්ථක පර්යේෂණ නිබන්ධනයක ස්වරූපයක් ගනියි.දේවාලයේ අතීතය, දේවාල පරිශ්‍රය, වත්පිළිවෙත් සහ ඇසළ පෙරහර ආදී සංස්කෘතික අංග මෙන්ම, කතරගම දෙවියන් පිළිබඳ පුරාවෘත්ත ඇතුළත් වන හෙයින්, දේවාලය පිළිබඳ පූර්ණ චිත්‍රයක් නිර්මාණය වෙයි. තේමාවට අදාළ වන විශ්වසනීය තොරතුරුවලින් සමන්විත වන හෙයින් මේම කෘතිය පාඨකයන්ට වඩාත් ප්‍රියමනාප වනු නොඅනුමානය.
Rs 900.00
Rs 1,000.00