Pilgrim's Guides & Sacred Places

Out-of-Stock

Dabadiva Sadaham Suvada

Out-of-Stock
දඹදිව සදහම් සුවඳ - දඹදිව පුන්‍ය භූමිය වන්දනා කිරීමට යන බැතිමතුන්ට එම ස්ථාන පිළිබද මනා අවබෝධයක් තිබිය යුතුය. ඒ පුණ්‍ය ස්ථානවල එදා බුදුන් වහන්සේ ජීවමාන කාලයේ සිදුවූ විශේෂිත වූ කතා පුවත් දැන ගැනීම සද්ධාව වර්ධනයට මහෝපකාරී වේ. ඒ සදහා මේ බණ පොත අත්පොතක් වශයෙන් දඹදිව වන්දනාවේ යන සෑම දෙනාටම එක සේ ප‍්‍රයෝජනවත් වේ. 

Sri Padawanshaya

 ශ්‍රී පාදවංශය - ශ්‍රී පාදස්ථානය පිළිබද කතුහිමියන්ගේ අත්දැකීම් පසක් කොට ලියවුනු කෘතියකි එමෙන්ම ශ්‍රී පාදය පිළිබද සෙල්ලිපි මෙන්ම අතිශයින්ම දුර්ලභ ජෑයාරෑපද මෙහි ඇතුලත් වේ.
Rs 650.00

Sadaha Wadana Dahmbadiva Wandana

"සදහා වදන දඹදිව වන්දනා අත්පොත" ලියා ඇත්තේ පොතේ දැනුමත් දඹදිව සිද්ධස්ථාන සිසාරා ඇවිදීමෙන් ලත් පළපුරුද්දත් යන දෙකම උපයෝගී කරගෙනය. ඒ නිසා මෙම පොත වචනයේ මුළු මහත් අරුතින් ම "අත්පොතකි". වන්දනා කලයුතු ස්ථාන හා එම ස්ථානවල වර්ණ ඡායාරුප දක්වමින් එහි වැදගත්කම පෙන්වා ඩී ඇත. ඒ ඒ සිද්ධස්ථාන වන්දනා 
කරන ගාථා හා ඒවායේ සිංහල අර්ථය ද දක්වා තිබීම වන්දනාකරුවන්ට මහත් ප්‍රයෝජනවත්ය..
Rs 767.00

Sirilaka Budusasuna Saha Ruhunehi Wana Senasun

සිරිලක බුදුසසුන සහ රුහුණෙහි වන සෙනසුන් - මෙම ලේඛනාවලිය අධ්‍යයනය කිරීමෙන් ශාසන ඉතිහාසය ගැනත්, රුහුණේ පුරාණ වන සෙනසුන් කිහිපයක් ගැනත් අප්‍රකට බොහෝ තොරතුරු අධ්‍යයනය කළ හැකිය.
Rs 354.00
Out-of-Stock

Solosmasthana

Out-of-Stock
සොළොස්මස්ථාන - මෙම ග්‍රන්ථය මගින් දේශීය සංචාරකයින් නොහොත් බෞද්ධ වන්දනාකරුවන් වෙත සොළොස්මස්ථානය ගැන මනා විස්තරයක් ලබා දෙයි.

Sri Lankave Len

ශ්‍රී ලංකාවේ ලෙන් - උදුන්දොර ශ්‍රීපහන ලෙන, පාහියන් ලෙන, බටදොඹ ලෙන, බටතොට ලෙන, රිටිගල ලෙන්, උඩවත්ත කැලේ ලෙන්, දොරවක ලෙන, රාවණ ලෙන, මීමුරේ වෙඩිලුණු ගුහාව ඇතුළු පුරාවිද්‍යා නටබුන් රාශියකට ගොස් විඳි ගවේෂණාත්මක අත්දැකීම් මෙහි අඩංගුයි. 
Rs 400.00
Out-of-Stock

Anuradhapura Pooja Nagaraya

Out-of-Stock
අනුරාධපුර පූජා නගරය - අනුරාධපුරයේ පූජා නගරයෙහි සියලු පුදබිම් හා පුරාවස්තු නිරීක්ෂණය කොට පුළුල් ලෙස ඒ පිළිබඳ අවබෝධයක් ලබමින් මෙම කෘතිය රචනා කර තිබේ. ඡායාරූප මඟින් කර ඇති හැඳින්වීම නිසා ආධුනිකයකුට වුව ද අනුරාධපුරයේ පුරාවස්තු හඳුනාගැනීමට පහසුවක් සැලසෙයි.

Amaraniya Polonnaruva

අමරණීය පොළොන්නරුව - අධ්‍යාපන ගමන් යන්නන්ට, වන්දනාකරුවන්ට, පාසල් දරු දැරියන්ට හා ගුරුවරුන්ට ද පොළොන්නරුව පිළිබඳ ව වගතුග විමසන පොදු පාඨකයන්ට ද මේ ග්‍රන්ථය ඉතා ප්‍රයෝජනවත් වේ.
Rs 225.00
Out-of-Stock

Pujaneeya Atamasthanaya

Out-of-Stock
පූජනීය අටමස්ථානය - අටමස්ථානය වන්දනා කරන සැදැහැවතුන්ට මෙන්ම පුරාවිද්‍යා නටබුන් හා පූජනීය ස්ථාන ගැන කරුණු සොයා යන කාටත් වැදගත් වන වටිනා කරුණු එක් රැස් කළ කෘතියකි. "පූජනීය අටමස්ථානය" පොතේ අටමස්ථාන සංකල්පයේ ඉතිහාසය, රුවන්වැලි මහා සෑය, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ලෝවාමහාපාය, ලංකාරාමය, ථූපාරාමය, මිරිසවැටිය, අභයගිරිය හා ජේතවනාරාමය යන පරිච්ඡේද ඔස්සේ කරුණු පෙළගස්වා තිබේ.

Atamasthana Saha Solosmasthana

අටමස්ථාන සහ සොලොස්මස්ථාන - මෙම පොත පාසල් දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට වුව විපුල ඵල ලැබිය හැක්කකි. දහම් පඬුරක් වශයෙන් දීමට මෙම පොතේ ඇති අගය ඉතා ඉහළ බව කිව යුතුය.
Rs 200.00
Out-of-Stock

Pujaneeya Deshayata Gaman Maga

Out-of-Stock
පුජනීය දේශයට ගමන් මග - පූජනීය දේශය සමන්විත වන්නේ සිත නිවන අති පැරැණි පුණ්‍ය භූමි රැසකිනි. මධ්‍යම පළාත සිසාරා පැතිරී තිබෙන මෙම පින්බිම් සමූහය නිරන්තරයෙන්ම සැඳැහැවතුන්ගේ ගෞරවයට පාත්‍රව පවතින අතර, මෙම අති රමණීය පින්බිම් සොයා යාමට පුල පුලා සිටින පිරිස්ද එමටය. එවැනි සැඳැහැවතුනට මග පෙන්වනුවස් ලියැවී ඇති මෙම පොත් පිංච එම පින්බිම් හඳුන්වා දෙන අතරම, එහි යන්නන්ට මාර්ග විස්තරය ද සපයන්නේ ය. වන්දනාමාන සඳහා පිංබිම් සොයා යන්නන්ට මෙය අත්පොතකි.