Abhidhamma

Out-of-Stock

Sithuvili Handuna Ganne Kese Da?

Out-of-Stock
සිතුවිලි හඳුනා ගන්නේ කෙසේ ද? - පාඨකයා හට තම මනස නිවැරදිව තේරුම් ගැනීම සඳහා වන මගපෙන්වීමක් ලෙස සලකා බලන විට මඩිහේ සුගතසිරි හිමිපාණන්ගේ මෙම කෘතිය ධර්මකාමී පාඨක ලෝකය වෙත ප්‍රදානය කොට ඇති අගනා ධර්ම දානයක් වේ. සිත පිළිබඳ බොහෝ ඉගැන්වීම් මෙම කෘතියෙහි අන්තර්ගතය.

Abhidarma Vibhagaya

අභිධර්ම විභාගය - බුද්ධ ධර්මයෙහි මනෝවිද්‍යාත්මක ඉගැන්වීම් ඇතුළත් අභිධර්ම දේශනාව ගැඹුරු විෂයයකි.මෙම කෘතිය තුළින් අභිධර්ම යන්නෙහි අර්ථය,අභිධර්ම පිටකයාට අයත් ග්‍රන්ථ ඇතුළුව චිත්ත,චෛතසික,ප්‍රකීර්ණක,චිත්ත විථි,විථි මුක්ත,ආදිය මනාව විස්තර කර දී ඇත.
Rs 554.60

Abhidharmartha Pradeepika - 02

අභිධර්මාර්ථ ප්‍රදීපිකා - 02 - අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ හතෙහිම පරමාර්ථයන් සරල සිංහල බසින් ලියා ඇති පොතකි. පාලි පෙළ-සිංහල අනුවාදය, විස්තර වර්ණනා යන අංග තුනෙන්ම සම්පුර්ණ මෙම ග්‍රන්ථය අභිධර්මය ඉගෙන ගන්නා අයට සහ උගන්වන අයටද එකසේ ප්‍රයෝජනවත් ය. 
Rs 2,650.00

Abhidarmachandrikawa

ගැඹුරු දහමක් වන අභිධර්මය ආධුනිකයාගේ පටන් සියළු දෙනාටම අපහසුතාවයකින් තොරවම උගැන්වීමට හා ඉගෙන ගැනීමට අභිධර්මචන්ද්‍රිකාව පරිශීලනයෙන් හැකි වෙයි.මුල් කාලයේ කාණ්ඩ නවයකට පැවති මෙය කොටස් එකතු කොට සම්පූර්ණ පොතක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
Rs 2,250.00

Abhidarmartha Sangrahaya

අභිධර්මාර්ථ සංග්‍රහය - 13 වන සියවසෙහි වැඩසිටියේයැයි සැළකෙන අර්ථකථාචාර්්‍යය අනුරුද්ධ මහතෙරණුවන් විසින් අභිධර්මය විෂයෙහි රචනා කරන ලද අර්ථ සංග‍්‍රහයකි.  බුද්ධ දේශිත පරමාර්ථ සත්‍යය විස්තරාත්මකව හදාරන්නවුන් විසින් විස්තර විභාග දැනුම් සඳහා පරිශීලනය කළ යුතු අත්පොතකි.  
Rs 967.60

Keles Ekdahas Pansiyaya

කෙලෙස් යනු සිත කිළිටි කරන, නිර්වාණ මාර්ගය අඳුරු කරන අපේ සිතේ නිතර ඇතිවන සිතුවිලිය. ධර්මය පිළිබඳ නොදන්නා පුද්ගලයන්ගේ සිතු තුළ මෙම ක්ලේශයන් නිතර වර්ධනය වේ. නිවන් දැකීමට වෙර දරන පුද්ගලයන් විසින් තම සිත කෙලෙසුන්ගෙන් මිදි පිරිසිදු කර ගැනමට නම් ඒ කෙලෙස් පිළිබඳ ප්‍රමාණාත්මක අවබෝධයක් ලැබිය යුතුය. කෙලෙස් එක්දහස් පන්සියය ග්‍රන්ථය යනු එම කෙලෙස් පිළිබඳ තත්ත්වාකාරයෙන් අවබෝධ කර ගැනීමට අපට ඇති එකම ග්‍රන්ථය වේ.
Rs 570.00
Out-of-Stock

Abhidharma Pitaka Saraya - 1

Out-of-Stock
අභිධර්ම පොත්වල සිංහල සන්නය හෝ සිංහලට පරිවර්තන අඩු බැවින් මෙම පොත අභිධර්මය ඉගෙන ගන්නන්ට අත්වැලකි. මෙහි අභිධර්ම පිටකයේ පොත් හතෙන් ධම්මසංගනිප්පකරණය/ විභංගප්පකරණය/ ධාතු කථා ප‍්‍රකරණය/ පුග්ගල පඤ්ඤප්තිකරණය/ කථා වස්තු ප‍්‍රකරණය යන කොටස් අන්තර්ගත ව ඇත.
Out-of-Stock

Abhidharma Pitaka Saraya - 2

Out-of-Stock
අභිධර්ම පොත්වල සිංහල සන්නය හෝ සිංහලට පරිවර්තන අඩු බැවින් මෙම පොත අභිධර්මය ඉගෙන ගන්නන්ට අත්වැලකි. මෙහි අභිධර්ම පිටකයේ පොත් හතෙන් යමකප්පකරණය/ පට්ඨානප්පකරණය යන කොටස් අන්තර්ගතව ඇත. 

Pattana Maha Prakarana Sannaya

බුදුන් වහන්සේ හේතුඵල දේශනය සිදු කර ඇත්තේ එක් ක්‍රමයකට නොව ක්‍රම තුනකිනි. එනම් ආර්ය සත්‍යය ක්‍රමය, පටිච්ච සමුප්පාද ක්‍රමය සහ පට්ඨාන ක්‍රමය යනුවෙනි.  එලෙසම පටිච්ච සමුප්පදාය තුළ ද දොළොස් ආකාර වූ හේතුඵලයන් දක්වා ඇත. එහෙත් ඒ කිසි තැනක තෘෂ්ණාව ආදි ධර්‍ම ඵලයට හේතුවන සැටි විනා එලෙස හේතුවන්නේ ඇයි දැයි විස්තර කර නොමැත. නමුත් පට්ඨාන ප්‍රකරණය යනු එලෙස කුඩා ධර්‍ම කොටසක නොනැවතී සිට සෑම හේතුඵල ධර්‍මයන් පිළිබඳව ම බුදුරදුන් කර ඇති දේශනාවයි. මෙය හුදෙක් තවත් ග්‍රන්ථයක් නොව මෙය ඉතා ගැඹුරු වූ ද විශාල වූ ද ධර්‍ම කොටස් නොයෙක් ක්‍රම මගින් විස්තර කොට ඇති හේතුඵල දේශනයයි. එබැවින් නුවණැත්තන් කියවා අවබෝධ කර ගත යුතු ග්‍රන්ථයක් වන මෙම පට්ඨාන ප්‍රකරණ ග්‍රන්ථය  ඉතා ගැඹුරු වූ අර්ථ ඇති බැවින් අවබෝධයෙන් යුක්තවම කියවීම ඉතා වැදගත්ය.මක්නිසාද යත් මෙය එකී පට්ඨාන ප්‍රකරණ පාලි ග්‍රන්ථයට නිර්මාණය කරන ලද සිංහල අනුවාදය බැවිනි.
Rs 1,880.00
Out-of-Stock

Dhathu Saha Butha

Out-of-Stock
සතර මහා භූතයන්ට අනුරුප පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු සමුහයත් අවකාශය නිරුපනය කරන ආකාශ ධාතුව සහ මනස මුල් කරගෙන ක්‍රියාත්මක වන විගණන ධාතුව ද අඩංගු ධාතු කොටස් 6ක් පිළිබඳව ධර්මයේ සඳහන් වේ. එයද සමග මෙම ධාතු කොටස් එක් වීමෙන් සෑදෙන භූත යන ලක්ෂණය පිළිබඳව මෙහිදී විග්‍රහ කරනු ලබයි.
Out-of-Stock

Sathara Paramartha Dharma Wigrahaya

Out-of-Stock
බුදු දහමේ සම්පූර්ණ වශයෙන් ඇතුළත් වන විනය පිටකය, සූත‍්‍ර පිටකය, අභිධර්ම පිටකය යන ත‍්‍රිපිටකයට අයත් අභිධර්මයත්, අභිධර්මයෙහි ප‍්‍රධාන වශයෙන් අඩංගු වන චිත්ත, චෛතසික, රූප, නිබ්බාන යන පරමාර්ථ ධර්ම සතරත් ඉතා පැහැදිලි ලෙස මෙහි විස්තර කර තිබේ. මෙම පොත කියවීමෙන් එම අභිධර්ම පිටකය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත හැක. එසේම සිත දියුණු කර ගැනීම තුළින් නිවන් අවබෝධ කර ගැනීමේ පිළිවෙල සහ ඊට අනුගත වන ආකාරය ද මෙයින් පැහැදිලි වේ. නිවන් අවබෝධය අපේක්ෂිත සෑම අයෙකු විසින් ම කියවිය යුතු පොතකි. 

Abhidharmaye Mulika Karunu

අභිධර්මය මනාව ඉගෙනීමට නම් අභිධර්මය පිටකය මැනවින් හදාළ යුතුය. එහෙත් එය කළ හැකි ඉතා අපහසු කාරණාවකි. අභිධර්‍මය යන්න වචන පමණකින් අවබෝධ කළ නොහැක්කකි එබැවින් ඒ සඳහා ගුරූපදේශ සහිතව අභිධර්‍මය උගත යුතුය. ඒ සඳහා ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති පත පොත අතරින් මේ අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථය පළමු පියවර වේ. අභිධර්මය පිළිබඳ ඉගෙන ගන්නා කෙනෙකුට ඒ පිළිබඳව පිරිසිදු මූලක දැනුමක් අවශ්‍යය වේ එය මේ පොතින් සම්පූර්ණ වේ. තවත අභිධර්‍මය පිළිබඳ කරුණු පහසුවෙන් අවබෝධ කර ගැනීමට වචන මාත්‍රයක් පමණක් ම නොකියා ධර්‍ම විස්තර ද මෙම ග්‍රන්ථය තුළ සඳහන්ව ඇති බැවින් අභිධර්‍මය ඉගෙන ගන්නා කාහට වුවද මෙය අභිධර්‍ම අත්පොතක් ලෙසට භාවිතා කළ හැකිය.
Rs 410.00

Abhidharma Margaya

අභිධර්‍මමාර්ගය යනු අභිධර්‍මය ඉගෙන ගන්නන්ම අරමුණු කරගෙන ලියැවුණ ග්‍රන්ථයකි. සාමාන්‍ය ටීකා සම්ප්‍රදායෙන් මිදී ඉතා පහසුවෙන් මෙම අභිධර්‍මය අවබෝධ කර ගත හැකි පරිදි අවශ්‍යය පාඨයන් සකස් කර තිබීම මෙම ග්‍රන්ථය බොහෝ ප්‍රචලිත වන්නට හේතු වී ඇත.
Rs 650.00

Wanchaka Dharma Ha Chiththopalesha Dharma

සිතේ ඇතිවන සිතුවිලි පිළිබඳ නිවැරදි අවබෝධයක් සම්මුති සත්‍යය තුළින් දැකිය නොහැකිය. එහෙත් බුදුන් වහන්සේ ඒ පිළිබඳ පරමාර්ථ සත්‍ය තුළින් පැහැදිලි කරන ලදී. එය අභිධර්‍මය ලෙස හඳුන්වයි. වඤ්චක ධර්‍ම යනු එවැනිම පරමාර්ථ සත්‍යයකි. එ
Rs 480.00

Abhidharmartha Pradeepika - 01

අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ හතෙහිම පරමාර්ථයන් සරල සිංහල බසින් ලියා ඇති පොතකි. පාලි පෙළ-සිංහල අනුවාදය, විස්තර වර්ණනා යන අංග තුනෙන්ම සම්පුර්ණ මෙම ග්‍රන්ථය අභිධර්මය ඉගෙන ගන්නා අයට සහ උගන්වන අයටද එකසේ ප්‍රයෝජනවත් ය. 
Rs 3,775.00

The Theravada Abhidhamma

The Theravada Abhidhamma - This volume examines the Abhidhamma perspective on the nature of phenomenal existence. It begins with a discussion of the dhamma-theory (the theory of real existents) which provides the ontological foundation for the Abhidhamma philosophy. It then explains the category of the nominal and the conceptual as the Abhidhamma’s answer to the objects of common-sense realism. Among the other topics discussed are the theory of double truth, analysis of mind, theory of cognition, analysis of matter, the nature of time and space, the theory of momentary being, and conditional relations. 
Rs 500.00

Study Notes On Abidhamma

Study Notes On Abidhamma - This book serves to help the many keen learners of Buddhism who are in need of explanatory notes on subjects which have not been dealt with before, in the English medium. Students who sit for the Dhamma and Abhidhamma examinations held by YMBA Colombo could use this book to study progressively for all five examinations from the Junior level to the Diploma level. 
Rs 700.00

Abhidhamma Studies

Abhidhamma Studies - Bold and brilliant essays exploring the psychological and philosophical foundations of the Abhidhamma. Shows the practical relevance to the spiritual life of the Abhidhamma's methodical psychological analysis.
Rs 380.00

Guide Through The Abhidhamma Pitaka

Guide Through The Abhidhamma Pitaka - The principal aim of this book is to clarify the structure of the Abhidhamma works, most of which are quite large and complex, and thus aid the study of them. 
Rs 350.00

Manual Of Insight

Manual Of Insight - Knowing that reliable information on the practice of insight meditation was much needed by Buddhists in the West, the Venerable Ledi Sayadaw wrote the 'Manual of Insight, treating subjects such as the distortions of perception, the conceivings , the stages, the noble truths,  the causes of phenomena, the higher knowledges, Nibbana etc. Each of the subjects is fully expounded and furnished with brief illustrations, some of which are drawn from the Pali texts, while others are the product of the Mahathera's own mind and pen.
Rs 125.00

Abhidharma Chiththavithi Sangrahaya

අභිධර්ම චිත්තවීථි සංග්‍රහය - "අභිධර්ම චිත්තවීථි සංග්‍රහය" නමැති කෘතිය රචනා කිරීමට අදහස් කර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයෙහි අභිධර්මය පිළිබඳ දේශන පැවැත්වීමට කරුණු එකතු කිරීමේ ව්‍යායාමයෙහි ප්‍රතිඵලයක් වශයෙනි.
Rs 1,200.00

Manasa Sasara Saha Nivana

මනස සසර සහ නිවන - මහාචාර්ය කළල්ඇල්ලේ ශේඛර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මවිනය ශබ්ද ශාස්ත්‍ර පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති ප්‍රකට යතිවරයෙකි. සිංහල, පාලි, සංස්කෘත, හින්දි යන පෙරදිග භාෂා මෙන් ම ඉංග්‍රීසි වැනි අපරදිග භාෂා පිළිබඳ මනා දැනුමක් ඇති ස්වාමීන් වහන්සේ නමක් වන අතර උන් වහන්සේගේ නවතම කෘතිය වන 'මනස සසර සහ නිවන' යන මෙම කෘතිය බුදු දහමේ ඉගැන්වෙන කේන්ද්‍රීය සංකල්පයක් වල විමුක්ති මාර්ගය පිළිබඳ කෙරෙන ශාස්ත්‍රීය විග්‍රයක් ලෙස හැඳින් විය හැක.
Rs 160.00
Out-of-Stock

Sasara Gamane Kelavara

Out-of-Stock
සසර ගමනේ කෙළවර - මෙම කුඩා ග්‍රන්ථයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ බුදු රජාණන් වහන්සේගේ අවසාන අවවාද වූ 'අප්පමාදේන සම්පාදේත' යන ගාථා පාඨය අනුව අප ලබා ඇති උතුම් මනුෂ්‍ය භාවය අවසන් වන්නට කලින් අප ලබා ඇති ඒ අමා මහ නිවන අවබෝධ කර ගැනීමෙන් මෙතෙක් කල් අප මේ ගත කළ දුක් සහිත භයානක සසර ගමන නවතා දැමීම සඳහා කරුණු ඉතා සරළ අන්දමට පැහැදිලි කර දීමට ය. 

Rupa, Rupa Upadanaya Saha Saththva, Pudgala Asmimanaya

රූප, රූප උපාදානය සහ සත්ත්ව, පුද්ගල අස්මිමානය - පූජ්‍ය මොරටුවේ ගුණරතන ස්වාමීන් වහන්සේ 1967 වර්ෂයේ දී ශ්‍රී ලංකා විද්‍යොදය  විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේ දී උපාධිය ලබා ධර්‍ම ග්‍රන්ථ රැසක් රචනා කළ ඇති අතර මෙම 'රූප, රූප උපාදානය සහ සත්ත්ව, පුද්ගල අස්මිමානය' උන් වහන්සේගේ ග්‍රන්ථය එක් අනර්ග නිර්මාණයකි.
Rs 354.00

Mana Sanasana Nivana Mana Wanasana Nivana

මන සනසන නිවන මන වනසන නිවන - මෙම ග්‍රන්ථයෙහි සම්පාදක ගරු පුවක්පිටිගම සීලානන්ද ස්වාමීන් වහන්සේ දහම් පොත පත නිතර කියවමින් තම ධර්මාවබෝධය පුළුල් කර ගන්නා ගමන් ම පාඨක ජනතාවට ද එම දැනුම ලබා දී මේ අරමුණින් මෙම ග්‍රන්ථය රචනා කොට ඇත. 
Rs 472.00

Thrushnava, Upadanaya Saha Nivana

තෘෂ්ණාව, උපාදානය සහ නිවන - බෞද්ධයන් හට යහපත් දිවි පෙවෙතක් ගත කිරීම සඳහා අනුගමනය කළ යුතු ධර්ම කරුණු, එම කරුණු අනුමනය මඟින් උතුම් වූ නිවන් මඟ ට පැමිණීමට මඟ පෙන්වීමක් මෙම කෘතියෙන් සැපයේ. 
Rs 531.00
Out-of-Stock

Lihil Basin Abhidarmaya

Out-of-Stock
ලිහිල් බසින් අභිධර්මය - අභිධර්මය පිළිබඳ ප්‍රවීණ දේශක හා ලේඛක සී. කොඩිකාරආරච්චි මහතාගේ "ලිහිල් බසින් අභිධර්මය" නම් වූ මෙම ග්‍රන්ථය අභිධර්මය හැදෑරීමට කැමති ප්‍රවීණනයට මෙන් ම හුදී ජනයන්ට ද මහත් පිටුබලක් සපයනු ඇත.
Out-of-Stock

Abhidharma Adhyayana

Out-of-Stock
අභිධර්ම අධ්‍යයන - “මෙම ග්‍රන්ථයෙහි අන්තර්ගත වන්නේ හීනයාන සහ මහායාන අභිධර්‍ම සම්ප්‍රදාය පිළිබඳව කරන ලද ශාස්ත්‍රීය අධ්‍යනය කිහිපයකි. මෙම සංග්‍රය ප්‍රකාශයට පත්කිරමේ මූලික පරමාර්ථය වනුයේ සිංහල භාෂා මාධ්‍යය තුළින් ධර්‍මය පිළිබඳ උසස් අධ්‍යාපනයක් ලබනු කැමති විද්‍යාර්ථීන්හට ඒ සඳහා ඉතා අල්පමාත්‍ර වූ මග පෙන්වීමක් ලබා දීමයි.”
Out-of-Stock

Nirvanaya Saha Sadacharaya

Out-of-Stock
නිර්වාණය සහ සදාචාරය - 'මෙම ග්‍රන්ථය ශාස්ත්‍රවේ දී විශේෂ උපාධි පරීක්ෂණ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත ඉදිරිපත් කරන ලද නිබන්ධනයෙහි සංශෝධිත සංස්කරණයකි. නිර්වාණ පරමාර්ථයෙහි ඇති සදාචාරාත්මක අගය හුවා දක්වන මෙම නිබන්ධනයෙන් වැදගත් වූ ද කාලෝචිත වූ ද කාර්යයක් ඉටු කෙරේ.'
Out-of-Stock

Abidahama Lihil Hela Basin

Out-of-Stock
අබිදහම ලිහිල් හෙළ බසින් - ඉතාමත් ගැඹුරු විෂයක් වූ අභිධර්මය ලිහිල් බසින් වැටහෙන පරිදි ලිවීමේ අරමුණින් යුතු ව කතෘ සඳසිරි එම්. ලියනගේ මහතා මෙම කෘතිය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය පරිශීලනයේ දී එතුමා ගේ අරමුණ මැනවින් සඵල වී ඇති බව පැහැදිලි වේ. අභිධර්ම විෂය හදාරන ආධුනිකයන්ට මෙය වඩාත් සුදුසු වන අතර ග්‍රන්ථය රචනා කිරීමේ දී මහාචාර්ය අතිපූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහා නායක හාමුදුරුවන් වහන්සේගේත්, පණ්ඩිත අතිපූජ්‍ය මාතර ශ්‍රී ධර්මවංශ හාමුදුරුවන් වහන්සේත් විසින් රචනා කොට ඇති ග්‍රන්ථ ද පරිශීලනය කර ඇත.
Out-of-Stock

Nirikshanayata Hasukara Gatha Yuthu Patichchasamuppadaya

Out-of-Stock
නිරීක්‍ෂණයට හසුකර ගත යුතු පටිච්චසමුප්පාදය - හේතුඵල වාදය සහ පටිච්චසමුප්පාදය පිළිබඳ ශාස්ත්‍රීය විග්‍රයක් ඉදිරිපත් කිරීම නොව ධර්මය අවබෝධ කර ගැනීම සඳහා උත්සහ කරන කෙනෙකුට අදාල වන ප්‍රායෝගික ධර්ම මාර්ගය වෙත යොමු වීමට හේතු වන කත්තුකාම්‍යතා ඥානය (කළ යුතු යැයි හැඟෙන ඥානය) ඇති කර ගැනීමට ප්‍රයෝජනවත් වේ යැයි හැගෙන ආකාරයට කරුණු ඉදිරිපත් කිරීම මෙම පොත ලිවීමේ අරමුණ බව මෙම පොත ආරම්භයේ දී සඳහන් කෙරේ.