Hindi Sahithya Ithihasaya ' හින්දී සාහිත්‍ය ඉතිහාසය ' පිළිබඳ විශාරද සුරංජි ශ්‍යාමලී' විසින් සම්පාදිත " හින්දි සාහිත්‍ය ඉතිහාසය" නම් මෙම කෘතිය තුළ හින්දි සාහිත්‍යයේ ආදි කාලය' නම් වූ මුල්ම වකවානුවේ සිට වර්තමානය දක්වා හින්දි සාහිත්‍යයේ ප්‍රවාහය පිළිබඳ කරුණු පෙළ ගස්වා ඇත. හින්දි සාහිත්‍ය ඉතිහාසය පිළිබඳ පුළුල්, සවිස්තරාත්මක මෙන්ම විශිෂ්ට කෘතියක් ලෙස හැදින්විය හැකිය. Rs 600.00 Add to cart Buy
Chandolankara පෙරදිග සාහිත්‍ය විචාරය හදාරන විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනය උදෙසා සම්පාදිත, ඡන්දස් හා අලංකාර පිළිබඳ මූලාශ්‍රය සාකච්ඡා කෙරෙන මෙම කෘතිය ප්‍රාථමික මූල ග්‍රන්ථාශ්‍රිත විමර්ශනයකි. Rs 1,121.00 Add to cart Buy
Rupasiddhiya - (Dvthiya Bhagaya) රූපසිද්ධි - පාලි රූපසිද්ධි මහා ව්‍යාකරණ ග‍්‍රන්ථය පරිශීලනයෙහි නියුක්ත ආධුනිකයනට ඇතිවන ගැහැට දුරලීමවස් සම්පාදිත රූපසිද්ධි ග‍්‍රන්ථයෙහි දෙවන කාණ්ඩය මෙයයි. මෙම ග‍්‍රන්ථය මගින් පාලි ව්‍යාකරණාවබෝධයට සරල මාර්ගයක් ලබාදෙනු ලබන අතර පිරිවෙන් අධ්‍යාපනයේදී ද ආවශ්‍යක ග‍්‍රන්ථයක් ද වේ. Rs 1,100.00 Add to cart Buy
Pali Bhashava Poshanaya Kala Wideshikayo කතෘ හිමියන්ගෙන්... මේ කෘතිය තුළ සාකච්ඡා කෙරෙන්නේ පාලි භාෂා - සාහිත්‍යය පිළිබඳ එක් සුවිශේෂී පැතිකඩකි. වර්තමාන සාම්ප්‍රදායික ථේරවාද බෞද්ධ ලෝකයේ මෙන් ම භාරතයේ හා අපරදිග රටවල පාලි අධ්‍යයන ප්‍රවර්ධනයට දායක වූ ශ්‍රී ලාංකේය නොවන පුද්ගලයන් පිළිබඳ මෙහි සැකෙවින් විමර්ශනය කෙරෙයි. පෙරදිග හා අපරදිග පාලි භාෂා සාහිත්‍යයේ උන්නතිය මෙන් ම අවනතිය ද නව දෘෂ්ටි කෝණයකින් අධ්‍යයනය කිරීමට මෙම කෘතිය පාදක වනු ඇත. පාලි සාහිත්‍ය ඉතිහාසයේ මේ පැති කඩ සම්බන්ධයෙන් සිංහල බසින් ලියැවී ඇති එක ම කෘතිය මෙය වන බව සඳහන් කරනු කැමැත්තෙමි. Rs 1,750.00 Add to cart Buy