Piriven Books

Thisara Sandeshaya

තිසර සංදේශය -  ඉපැරණි ම සංදේශ කාව්‍යය වශයෙන් සැලකෙන මෙම ග‍්‍රන්‍ථයෙන් අවුරුදු පන්සියයකට පෙර ලංකාවේ ඉතිහාසය සමාජ තතු ආගමික පසුබිම ආදී කරුණු ගණනාවක් විවරණය වේ. ඉටු අනිටු ගණ සහ අධ්‍යාපනය සඳහා ඉතා වැදගත් කරුණු රාශියක් පිටු 28 කින් යුත් සංඥාපනයට ඇතුළත් කර තිබේ. සංදේශ කාව්‍යය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලබා ගැනීමට මෙම පොත අනිවාර්යයෙන් ම කියවිය යුතු අතර කාන්‍ රසාස්වාදයේ තීව‍්‍ර වින්‍දනය සඳහා එය උපකාරී වනු ඇත. 
Rs 280.00
Out-of-Stock

Gira Sandeshaya

Out-of-Stock
ගිරා සංදේශය -  සංදේශ ග‍්‍රන්ථ අතරින් ඉතාමත් රසවත් කාව්‍ය ග‍්‍රන්ථය ලෙස සමහර වියතුන්ගේ ප‍්‍රසාදය හිම් වූ සිංහල විෂයය වෙනුවෙන් විභාග ගණනාවක් ම සඳහා නිර්දේශිත ග‍්‍රන්ථයකි. ඓතිහාසික කරුණු ඇතුළත් ඉතා රසවත් විරිත් කීපයකින් ම සැකසුණු පද්‍ය 254 කින් යුතු මෙම කෘතියෙහි සෑම පැදියකට ම පද පිළිවෙළ, අර්ථය, විස්තරාඛ්‍යාන සහ රස භාව සංකල්පනයන් ද ඇතුළත් කර තිබේ. සුන්දර රසාස්වාදයන් ලබාදෙන අති රමණීය ගී සංකල්පයන්ගෙන් පරිපූර්ණ සංදේශ කාව්‍යයකි. 
Out-of-Stock

Sawul Sandeshaya

Out-of-Stock
සැවුල් සංදේශය -  අලගියවන්න මුකවෙටි තුමා අතින් ලියැවී ඇති මෙම සංදේශය සීතාවක පුරවරයේ සිට සබරගමුව වෙත යැවෙන ලෙස ලියැවී තිබේ. අලංකාර පද්‍යවලින් යුතු ය. මෙය ද කාලානුරූප ව ලියැවුණු සාහිත්‍ය වටිනාකමකින් යුතු පොතකි. 

Hansa Sandeshaya

හංස සංදේශය - සිංහල සංදේශ කාව්‍ය අතර පැරණි ම සංදේශ කීපය අතරට මෙම සංදේශය ද අයත් වන බව සඳහන් කරන කතුවරයා මෙය ද සෑම කාව්‍යාංගයකින් ම සමන්විත වන අතර එහි අර්ථය ද පැහැදිලිව සඳහන් වේ. එසේ ම සෑම පදයක් සඳහා ම යොදා ඇති කාව්‍ය විස්තරයන්ගෙන් සාහිත්‍ය පිළිබඳ ව දැනුම් රැසක් ගෙන එන බව දක්නට ලැබේ. මේ හැරෙන්නට ඒ ඒ පද්‍ය වල දක්නට ලැබෙන විවිධි ග‍්‍රන්ථි පද සඳහා විවරණය කිරීමක් ද දක්නට ඇත. කවර උසස් විභාගයකට වුවද සූදානම් වන අයට භාවිත කළ හැකි ලෙස සැකසී තිබේ.  
Rs 720.00

Sinhala Sahithyaye Negeema

සිංහල සාහිත්‍යයේ නැගීම - සිංහල සාහිත්‍යයේ එන ජනකවි, සිව්පද කාව්‍ය, ගද්‍ය හා පද්‍ය ආදී බොහෝ සංස්කෘතිකමය මාතෘකා ඔස්සේ ලියැවුණු විචාරවත් ග්‍රන්ථයක් ලෙසින් හඳුන්වා දිය හැක. මෙහි එන පටුන කියවන කා හට වුවද මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විචාර බුද්ධියට ගෝචර වූ මාතෘකා එයට කදිම නිදසුන් වේ.  
Rs 1,100.00

Sinhala Sahithya Wansaya

සිංහල සාහිත්‍ය වංශය - සිංහල සාහිත්‍ය වකවාණු සියල්ල පුරාතන, මධ්‍යතන, නූතන යනුවෙන් යුග තුනකට බෙදා ඒ ඒ යුගවලට ඇතුළත්වන කාලසීමා, ඒ වකවාණුවල ලියැවුණු ග‍්‍රන්ථ, ඒ ග‍්‍රන්ථාගතබස ඇතුළත් කරුණු හා ග‍්‍රන්ථස්වභාවය ආදිය ගැන ප‍්‍රමාණවත් විස්තරයක්, විචාරවත් තොරතුරු රැසක් මේ අද්විතීය පර්යේෂණාත්මක කෘතියෙහි අන්තර්ගත වී ඇත.  
Rs 5,000.00

Padyawali

පද්‍යාවලී - සාගර පළන්සූරිය මහතා විසින් රසවිදීම සදහා එක්රැස් කළ රචනාවන් ක‍්‍රමානුකූලව යෙදීමෙන් මෙම ග‍්‍රන්ථය නිර්මාණය කර ඇත. නවීන කාලයේ පටන් නුවර කාලය අවසනට අපේ පද්‍යවංශය පිළිබඳව සෑහෙන අවබෝධයක් පද්‍යාවලියෙන් ලැබෙනු ඇත. 
Rs 550.00
Out-of-Stock

Muvadevdavatha - Wanarathna Wyakhya

Out-of-Stock
මුවදෙව් දා වත - චමත්කාරජනක කාව්‍ය සංකල්පනාවලින් පරිපූර්ණ ගී විරිතින් ලියැවුණු මෙම කාව්‍යයෙන් ගෙන එන්නේ මඛාදේව ජාතකයයි. පදගතාර්ථ, භාව, ටිප්පනි සහ චන්‍දස් යටතේ එක් එක් කවිය පිළිබඳව දීර්ඝ ලෙස විස්තර සපයා ඇත. ජනප‍්‍රිය බෞද්ධ කථාවකි. සාර්ථක සංස්කරණයකි. 
Out-of-Stock

Guththila Kawya - Waththave Himi

Out-of-Stock
ගුත්තිල කාව්‍ය -  ජනප‍්‍රිය පැරණි පද්‍ය ග‍්‍රන්ථයක් වූ මෙයට කාව්‍ය අර්ථ පමණක් නොව විස්තර ව්‍යාඛ්‍යාන ඇතුළත් කරමින් සිසුන්ට පොත පිළිබඳ ව දැනීම හැරෙන්නට සාමාන්‍ය දැනීම දියුණු කර ගැනීමේ අවස්ථාව ද ප‍්‍රවිෂ්ට කර තිබේ. සාරගර්භ සංඥාපනය අතිශය වැදගත් ය. රසවත් කෙටි විරිත් වලින් යුතු මෙය කාව්‍ය කරණයට ගුරුවරයෙකි. දීර්ඝ විස්තර වලින් අපූරු කාව්‍ය රසාස්වාදයක් පාඨකයාට ලබා දෙන්නේ කවිකතාව තුළිනි. 

Dampiya Atuwa Gatapadaya

ධම්පිය අටුවා ගැටපදය -  මෙම ධම්පියා අටුවා ගැටපදය පාලි ධම්ම පදට්ඨ කථාවට ලියන ලද ව්‍යාඛාන ග‍්‍රන්ථයකි. ධම්ම පදයට හා ධම්මපදට්ඨ කථාවට මූලාශ‍්‍ර වූ හෙළටුවාව සහායකොට ගෙන තිබේ. මේ නිසා උසස් අධ්‍යාපනය ලබන අයට පරිශීලනය සඳහා මෙම පොත බෙහෙවින් උපකාරී වේ.
Rs 1,400.00
Out-of-Stock

Jathaka Atuva Gatapadaya_Prathama Bhagaya

Out-of-Stock
ජාතක අටුවා ගැටපදය (ප‍්‍රථම භාගය) - අත්‍ථි කථාචාර්ය බුද්ධඝෝෂ හිමියන් විසින් ලියන ලද ජාතකට්ඨ කථා නම් ජාතක පාලි අත්‍ථි වර්ණනාවෙහි යම් යම් ගැටලූ සහගත පද විවරණය කිරීම, විස්තර කිරීම සඳහා මෙය ලියැවී තිබේ. බෞද්ධ ග‍්‍රන්ථ පරිශීලනය සඳහා බොහෝ සෙයින් මෙය උපකාර වේ. 

Jathaka Atuwa Gatapadaya _ 2

ජාතක අටුවා ගැටපදය (`විතීය භාගය) - පස්වෙනි ශත වර්ෂයෙහි පමණ ලක්දිවට පැමිණි බුද්ධඝෝෂ අට්ඨකථාචාර්යයන් විසින් රචනා කරන ලද ජාතකට්ඨ කතා නම් ග‍්‍රන්ථයේ වූ ග‍්‍රන්‍ථි පද විවරණය සඳහා මෙම පොත ලියැවී තිබේ. එම ධර්ම ග‍්‍රන්ථය පරිශීලනය කරන අය සඳහා මෙම පොත අතිශය වැදගත් බව පෙනේ. 
Rs 490.00
Out-of-Stock

Sarala Therum Sahitha Loveda Sangarawa

Out-of-Stock
ලෝවැඩ සගරාව - ලෝවැඩ සගරාව යහපත් මාර්ගයෙහි ගමන් කරනු කැමැත්ත  වූන්ට අකුසලින් මිදී කුසල් වැඩිදියුණු කිරීමට මග පෙන්වන කල්‍යාණ මිත්‍රයෙකි. කියවා සරලව තේරුම් ගතහැකි බණ පොතකි. භාවනාව සදහා කමටහනකුදු වන්නේය.
Out-of-Stock

Shubhashithaya - Itha Sarala Sinhala Therum Sahitha

Out-of-Stock
සුභාෂිතය - දයාව, කරුණාව, ඉවසීම ආදී මිනිස් ගුණ වර්ධනය කරන්නාවූත් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මද මානය ආදී දුර්ගුණයන් මර්දනය කරන්නා වූ සිංහලයාගේ සංස්කෘතික ලක්ෂණ පිළිබද හැගීමක් ඇති කරවන අතරම සාහිත්‍ය රසය හා භාෂා ඥාණය පිළිබද දැනුමක් දරුවන් තුළ ඇති කරන්නා වූ සම්භාව්‍ය සාහිත්‍ය කෘතියකි. 

Amawathura

අමාවතුර -  බෞද්ධ අධ්‍යාපනය ලබන ගිහි පැවිදි විද්‍යාර්ථීන්ට අත්‍යවශ්‍ය ම සම්භාව්‍ය පබැªමකි. පොළොන්නරු යුගයේ අවසානයේ දී ලියැවුණු මෙහි භාෂාව කර්ණ රසායන අමෘත ප‍්‍රවාහයකි. මේ පොත තුළින් ඒ අමෘතය ඔබත් රසවිඳ බලන්න. සම්භාව්‍ය ගණයේ ලා වියතුන් විසින් සලකනු ලබන මෙම පොත කියවීමෙන් ලැබෙන ඒ කාව්‍යමය ප‍්‍රබෝධය ඔබත් අත්දැක තිබේ ද? මෙම සංස්කරණය විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ප‍්‍රමුඛ විද්වත් මණ්ඩලයක් විසින් කරන ලද්දකි. 
Rs 1,050.00
Out-of-Stock

Pali Adhyayana Vimarshana

Out-of-Stock
පාලි අධ්‍යයන විමර්ශන - මහාචාර්යය ඔලිවර් අබේනායක මහතා විසින් 1960 වසරේ පටන් පුරා දශක හයකට ආසන්න කාලය තුල විවිධ මාතෘකා යටතේ ලිපි රාශියක් ඉදිරිපත් කොට ලැබ ඇත. එයින් පාලි අධ්‍යයන සදහා ඇති ලිපි සියල්ල ම සංගෘහිත කර ඇති මෙම කෘතිය පාලි විෂයය හදාරණ විද්‍යාර්ථීන්හට මහත් සේ ප‍්‍රයෝජනවත් වනු ඇත. 
Out-of-Stock

Saku Kavi Lakunu

Out-of-Stock
සකු කවි ලකුණු -  සංස්කෘත පද්‍ය කාව්‍ය මෙන් ම ගද්‍ය කාව්‍ය පිළිබඳ ව ද මනා විග‍්‍රහයක් උදාහරණ දෙමින් ඉදිරිපත් කරන අතිශය වැදගත් කෘතියකි. සංස්කෘත මහා කාව්‍ය ඛණ්ඩ කාව්‍ය මෙන් ම වීරකාව්‍ය පිළිබඳ ව විස්තර දක්වන අතර කාලිදාස, අශ්වඝෝෂ, භාරවී, මාඝ, ජයදේව ආදී කවියන් පිළිබඳ ව ද විස්තර සඳහන් කර ඇත. එසේම ශිශුපාලවධ, ගීකගෝවින්දය, කාදම්බරිය, කුමාර සම්භව, කිරාතර්ජුනිය, මේඝ දූතය, අනුරුධ ශතකය, බුද්ධ චරිත මහා කාව්‍ය ආදී කෘතීන් පිළිබඳ ව විමර්ශනාත්මක විස්තර ද මෙහි දක්වා තිබේ. 

Vishnu Sharmange Pancha Thanthraya

පංච තන්ත්‍රය - මීට අවුරුදු දෙදහසකට පමණ ඉහත ඉන්දියාවේ විසූ විෂ්ණු ශර්මන් නමැති මහා පඬිවරයා විසින් මිනිසාට යහපත් චරිතයක් හා මනා පෞරුෂත්වයක් ගොඩනගා ගන්නේ කෙසේද යන්න පැහැදිලි කරන දේශන ආශ‍්‍රයෙන් මෙය සකස් වී ඇත.
Rs 1,100.00

Sanskrutha Kavya Sahithya

සංස්කෘත කාව්‍ය සාහිත්‍යය - කාව්‍ය සංස්කෘතිය, කාලිදාසට පෙර ලේඛකයෝ, විර කාව්‍ය, ඓතිහාසික කාව්‍ය, පේ‍්‍රම බන්ධන, ජන කථා, උපදේශන කථා, ගීත හා සුභාෂිත කාව්‍යය, කාව්‍ය සිද්ධාන්ත, මහා කවි කාලිදාස ආදී මාතෘකා යටතේ සංස්කෘත කාව්‍ය සාහිත්‍ය පිළිබඳ ලියැවුණු පොතකි. 
Rs 240.00
Out-of-Stock

Kotte Yugaye Sandesha Wivaranaya

Out-of-Stock
කෝට්ටේ යුගයේ සංදේශ විවරණය - බොහෝ වෙහෙස මහන්සිව විශේෂ කරුණු රැස්කර ලියන ලද පොතකි.උසස් පෙළ සිංහල විෂය හදාරණ සිසුන්ටද, උගන්වන ගුරුවරුන්ටද බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

Sahithya Atuvava

සාහිත්‍ය අටුවාව - සාහිත්‍යය හදාරන්නන්ට හමුවන්නේ අප සංස්කෘතියේ විවිධ දායාදයන්ය. එම දායාදයන් ඇසුරු නොකර දේශාභිමානය හා අප ජාතියේ ප්‍රෞඩත්වය ආදිය පිළිබඳ හැඟීමක් ඇති කර ගත නොහැක. එම නිසා සාහිත්‍යය  යනු අධ්‍යාපනික වශයෙන් පමණක් නොව සෑම පුරවැසියෙකුටම තම ජාතික අභිමානය ගොඩනඟා ගැනීමට ඉවහල් වන විෂය ක්‍ෂේත්‍රයකි. ඒ සඳහා දිවයින පුවත්පතට ලියූ ලිපි මුල් කරගෙන සිරි තිලකසිරි විසින් රචිත සිහිත්‍ය අටුවාව ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි. 
Rs 180.00
Out-of-Stock

Lanka Pali Sandesa Sahithyaya

Out-of-Stock
ලංකා පාලි සන්දේස සාහිත්‍යය - සන්දේස සාහිත්‍යයේ ආරම්භය, විකාශය, විශේෂතා, ඓතිහාසික තොරතුරු යන කරුණු වලින් සංගෘහිත මෙම කෘතිය ප‍්‍රාචීන විභාග හා උසස් විභාගවලට පෙනී සිටින විද්‍යාර්ථීන්හට මහත් ප‍්‍රයෝජනයක් වනු ඇත.

Lovada Sangarava Bava Sanna Sahitha

ලොවැඩ සඟරාව (භාව සන්න සහිතයි) -  පාසල්වල සහ දහම් පාසල්වල භාවිත කළ පැරණි කවි පොතක් වූ මෙහි ඇතුළත් වන්නේ සුචරිත වර්ධනයත් ඒ තුළින් මිනිසාගේ ආර්ථික සංවර්ධනයට ලැබෙන පිටුබලය ගැනත් ය. පාසල් දරුවන් අතට පත් කිරීමට වටිනා වීදාගම හිමියන්ගේ කෘතියකි. ලෝකයට වැඩ ඇති පරපුරක් බිහි කිරීමට ඉවහල් වන අදහස් සමුදායක් කාව්‍ය සංකල්ප තුළින් එළිදැක්වීමකිි. මෙහි ඇතුළත් අවවාදාත්මක පද්‍ය කටපාඩම් කර ගන්නාවුනට ජීවිතයේ දී ලද හැකි ඵල බොහෝ ය. 
Rs 200.00
Out-of-Stock

Pali Sahityadarayo

Out-of-Stock
පාලි සාහිත්‍යධරයෝ - පාලි සාහිත්‍ය සඳහා සේවාවන් ඉටු කළ සාහිත්‍යධරයන් දස දෙනෙකු පිළිබඳ තොරතුරු එක් කොට රචිත ග්‍රන්ථයක් ලෙසින් හඳුන්වා දිය හැක.

Gnanaseeha Nahimi Granthamala Sahithya

සාහිත්‍යය - සිංහල සාහිත්‍යය වංශයෙහි ආදි යුගයේ පටන් වර්තමාන යුගය දක්වා වූ සාහිත්‍යය කාරකයන්ගේ කෘතීන් පිළිබදව අපක්ෂපාත විවේචනයකින් කැරෙන මේ ග‍්‍රන්ථයෙන් සිංහල සාහිත්‍ය පෝෂණයට නව පණක් ඇති වනු නොඅනුමානය.
Rs 300.00

Pali Literature

Pali Literature - This volume contains three classical works that cover the history of Pali literature in Sri Lanka, Burma and Southeast Asia. In the first work in this collection, The Pali Literature of Ceylon, Dr. Malalasekera surveys Sri Lanka’s rich heritage of Pali Buddhist literature.
Rs 1,000.00
Out-of-Stock

Kavsilumina The Crown Jewel Of Sinhala Poetry In English Prose

Out-of-Stock
Kavsilumina – The Crown Jewel of Sinhala Poetry in English Prose Translated by M.B. Ariyapala Kavsilumina was a distinguished work in Sinhala Poetry by the king Parakramabahu the 6th of Kotte kingdom of Sri Lanka. This has been translated into English prose by the distinguished professor of Sinhala, M.B. Ariyapala.

Hansa Sandesaya

Hansa Sandesaya - A complete translation and presentation of the 203 verses mentioned in the Swan Memorandum into English. It is a great help to the development of students' English knowledge.
Rs 230.00

Thripitaka Sahithyata Pera Wadanak

ත්‍රිපිටක සාහිත්‍ය පෙරවදතක් - බුද්ධ වචනය පාදක කොටගෙන පාලි භාෂා මාධ්‍යයෙන් විකාශනය වූ විශාල සාහිත්‍ය පරාසයක අංගෝපාංග විමසා බැලීමට දැරූ සාර්ථක ප්‍රයත්නයක් ලෙස ත්‍රිපිටක සාහිත්‍යයට පෙරවදනක් නම් වූ කෘතිය ඉදිරිපත් කළ හැකිය.බෞද්ධ සාහිත්‍ය පිළිබඳව හදාරණ විද්‍යාර්ථින්ට හුදෙක්ම මෙය මාර්ගෝපදේශයක් වනු ඇත.
Rs 236.00
Out-of-Stock

A History Of Pali Literature

Out-of-Stock
A History Of Pali Literature - This book is in 2 volumes and has become a classic in Pali studies. It provides a vast amount of information about early Buddhism and about early Indian ancient history. It is a valuable reference book for the scholar as well as the general reader interested in Buddhism.