Dictionaries & Encyclopedia

A Dictionary Of Pali - Part 2 (g - n )
A Dictionary of Pali - is a comprehensive reference work that provides detailed definitions and explanations of Pali words, the language of the Theravada Buddhist scriptures. This authoritative dictionary is an indispensable tool for students, scholars, and practitioners of Buddhism, offering a thorough exploration of Pali vocabulary and its usage in Buddhist texts. With its clear and concise entries, this dictionary is an essential resource for anyone interested in delving deeper into the teachings and literature of Theravada Buddhism.
Rs 25,600.00
Out-of-Stock
A Dictionary Of Pali - Part 1 (a - kh )
Out-of-Stock
A Dictionary of Pali - is a comprehensive reference work that provides detailed definitions and explanations of Pali words, the language of the Theravada Buddhist scriptures. This authoritative dictionary is an indispensable tool for students, scholars, and practitioners of Buddhism, offering a thorough exploration of Pali vocabulary and its usage in Buddhist texts. With its clear and concise entries, this dictionary is an essential resource for anyone interested in delving deeper into the teachings and literature of Theravada Buddhism.
Out-of-Stock
English Sanskrit Dictionary
Out-of-Stock
The English Sanskrit Dictionary - is an invaluable resource for those seeking to deepen their understanding of both languages. It provides clear and concise translations of English words into Sanskrit, along with explanations of usage and context. Whether you are a student, scholar, or simply curious about the Sanskrit language, this dictionary is an essential tool for exploring the rich and vibrant world of Sanskrit literature and culture.
Out-of-Stock
Gunasena Maha Sinhala Shabdakoshaya
Out-of-Stock
ගුණසේන මහා සිංහල ශබ්දකෝෂය - හෙළ බස,ලොව අනෙක් ජීව භාෂා හා සසඳන කල්හි ලඝු කොට සැලකිය හැක්කක් නොවේ.අද ද හෙළ බසෙහි උපදින ශබ්ද,වදන් බොහෝය.ඒ සියල්ල එක් තැන් කොට අරුත් සැපයීම සුළු පටු කාර්යයක් නොවේ.අභිමානවත් වූ හෙල බසෙහි අපමන වූ වදන් රැසක් එක්කර 2005 වසරේදී ගුණසේන මහා ශබ්දකෝෂය එළි දකින්නේ ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංග සූරීන්ගේ සම්පාදකත්වයෙනි.එහෙත් එම ශබ්දකෝෂයේ විශාලත්වය දෛනික පරිශීලනයේදී තරමක් අපහසු කාර්යයක් බව පාඨකයන්ගේ අදහස විය.ඊට විසඳුමක් ලෙස මෙම ශබ්දකෝෂය හඳුන්වාදිය හැක.
Out-of-Stock
A Practical Sanskrit Dictionary
Out-of-Stock
A Practical Sanskrit Dictionary - is an essential companion for students and enthusiasts of Sanskrit, offering a comprehensive guide to the language's vocabulary and usage. This practical reference work provides clear and concise definitions of Sanskrit words, along with examples of their usage in classical and modern contexts. Whether you are a beginner or an advanced learner, this dictionary is a valuable resource for understanding and interpreting Sanskrit texts with ease and accuracy.
Tripitaka Gatha Akaradiya
ත‍්‍රිපිටක ගාථා අකාරාදිය පාලි ත‍්‍රිපිටකය බෞද්ධ ලෝකයෙන් පරිබාහිර සමාජයට ව්‍යාප්ත වීම ත‍්‍රිපිටකයේ ගමන් මගෙහි වැදගත් සන්ධිස්ථානයකි. ථෙරවාද බෞද්ධ අධ්‍යයනයෙහි නියුතු විද්‍යාර්ථීන් බහුතරයක් මුහුණ දෙන මූලික ගැටලූවක් සේ පාලි භාෂාව පිළිබඳ අවබෝධයේ ඌනතාව හඳුනාගත හැකිය. 
Rs 4,500.00
Out-of-Stock
Sinhalen Pali
Out-of-Stock
'සිංහලෙන් පාලි' මෙම ග්‍රන්ථය දර්ශනපති ඩී.සද්ධාසේන මහතා විසින් රචනා කර ඇති අතර එතුමා විසින් මෙම ග්‍රන්ථය  රචනා කිරීමේදී පාලි භාෂාව පිළිබද මහා වියතකු වන ඒ.පී.බුද්ධදත්ත ස්වාමීන් වහන්සේගේ ' එඊඩ්ස් ටු පාලි කන්වසේශන් ඇන්ඩ් ට්‍රන්ස්ලේශන්' යන කෘතියෙන් ද ඉතා වටිනා කරුණු ගෙන මෙම කෘතියට අන්තර් ගත කර ගෙන ඇත.
Out-of-Stock
UGATHAMANA JAPAN BASA
Out-of-Stock
'උගතමනා ජපන් බස' නම් මෙම කෘතිය ආචාර්ය ඒ. ජේ. රුහුණුහේවා මහතා විසින් රචිත කෘතියකි. ජපන් භාෂාවේ එදිනෙදා ව්‍යවහාර කෙරෙන වචන රාශියක් එක්තැන් කොට ඇති මෙම කෘතිය සරල ලෙසත් විද්‍යානුකූල ලෙසත් සකස් කර ඇති අතර මෙම කෘතිය මගින් ජපන් බස හදාරණ සැමට අත්වැලක් වනු නො අනුමානය.
Out-of-Stock
Sarasavi sinhala sinhala shabdakoshaya
Out-of-Stock
මෙම ශබ්දකෝෂය තුළ ශීර්ෂ පද 85,000කට වැඩි ගණනකට අරුත් සපයා ඇති අතර එදිනෙදා භාවිතයේ දී අවශ්‍ය වන වදන් බොහෝමයක් එක් රැස් කර ඇති නිසා අපේ පැරණි පොතපත පරිශීලනය කරන්නන්ට හට මහඟු අත්වැලක් සපයයි. පැරණි බෞද්ධ පොතපත කියවන අයට මාර්ගෝපදේශකයෙකි. සිංහල භාෂාව හදාරන දරුදැරියනට ඉතා ප්‍රයෝජනවත් වන අතර පරිගණක විද්‍යාව,තොරතුරු තාක්ෂණය ඇතුළු විවිධ විෂයයන් රැසකට අදාළ වචන විශාල ප්‍රමාණයක් ඇතුළත් කර ඇති ශබ්දකෝශයකි. නූතන සන්නිවේදනය සඳහා සිංහල බස යොදා ගන්නා අයට මහෝපකාරී ග්‍රන්ථයකි.
Sinhala Demala Shabdakoshaya
මෙම සිංහල දෙමල ශබ්දකෝෂය සිංහල දෙමල භාෂාව අධ්‍යනය කරණු ලබන සියලු දෙනා හට ඉතා වටිනා ශබ්දකෝෂයක් ලෙස හැදින්විය හැකිය
Rs 590.00
Out-of-Stock
Kelaniya Sinhala Hindi Maha Shabda Koshaya
Out-of-Stock
''කැලණිය සිංහල-හින්දි මහා ශබ්ද කෝෂය'' නැමැති මෙම කෘතිය කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා විසින් කැලණිය විශ්වවිද්‍යාලයේම සහාය සංස්කාරක මණ්ඩලයක සහාය ඇතුව කරන ලද අග්‍රගන්‍ය ශබ්ද කෝෂයක් ලෙස හැදින්විය හැකිය.
Out-of-Stock
Sanjeevani Sara Sangrahaya Nam Wu Ayurveda Waidya Shabdakoshaya
Out-of-Stock
''සංජීවනී සාර සංග්‍රහය නම් වූ ආයුර්වේද වෛද්‍ය ශබ්දකෝෂය'' මෙම ශබ්දකෝෂය වෛද්‍යචාර්ය, වෛද්‍යනිධි පූජ්‍ය අල්ගමවත්තේ සුමනවංශ හිමිපාණන්වහන්සේ විසින් රචනා කොට ඇති අතර බහු භාෂික අර්ථ නිරූපන සහිතව ලියැවෙන ගබ්දකෝෂයකි.  මෙම ශබ්දකෝෂය මගින් වසර 50 ට අධික කාලයක් ආයුර්වේද ක්ෂේත්‍රයේ පැවති බලවත් අඩුපාඩුවක් සම්පූර්ණ වන අතරේම ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ විද්‍යාර්ථයින්ට මහගු පිටුවහලක් වනු නොඅනු මානය.
Out-of-Stock
Mulika Koriyanu Bhashawa
Out-of-Stock
මූලික කොරියානු භාෂාව නම් මෙම ග්‍රන්ථය සම්පාදනය කළ පාක් හියුන් ජො කතුවරිය දකුණු කොරියාවේ යොංහි (Kyunghee University) විශ්ව විද්‍යාලයෙන් කොරියානු භාෂාව සහ සංස්කෘතිය පිළිබඳ ප්‍රථම උපාධිය ද, එම සරසවියෙන්ම කොරියානු භාෂාවේ ව්‍යාකරණ සම්බන්ධව ශාස්ත්‍රපති උපාධියද, එම සරසවියෙන්ම කොරියානු භාෂාව සහ සංස්කෘතිය පිළිබඳ පුළුල් මෙන්ම නිරවද්‍ය දැනුමක් ලබාදීමේ උදාර අරමුණෙන් යුක්තව ග්‍රන්ථ සම්පාදනයට එළඹීම මහත් භාග්‍යයකි. කොරියානු භාෂාව පිළිබඳ කෘතහස්තදැනුමකින් තොර පුද්ගලයන් අතින් කොරියානු භාෂා දැනුමත්, අභ්‍යාසලාභීන්ට EPS-TOPIC විභාගය සඳහා අවශ්‍ය මඟ පෙන්වීමක් ලබා දීමට මහඟු අත් වැලක් වනවාට කිසිදු සැකයක් නොමැත.
1993 - 2004 දක්වා Kyo-weon" Keumjatab, Kyoshin ආයතනයන්හි ද 2005 සිට 2011 දක්වා Hongik" Sejong, Kyunghee සහ චීනයේ Chinghwa යන විශ්ව විද්‍යාල වලද, 2011 සිට මේ දක්වා EPS-TOPIC විභාගාපේක්ෂකයන් සඳහා දේශන පවත්වමින් ද, කොරියාවෙහි විදේශ ශ්‍රමිකයන් උදෙසා සමාජ සුභ සාධන වැඩසටහන් යටතේ 2004 වසරේ සිට පුරා වසර හතරක් කොරියානු භාෂාව පිළිබඳ ඉගැන්වීටම් කටයුතුවල යෙදෙමින් ද ලබා ගත් පරිචය, මෙම ග්‍රන්ථ සම්පාදනයෙහි ලා බෙහෙවින් ඉවහල් වී තිබේ. "කොරියානු භාෂා අධ්‍යයනයේදී විදේශිකයන්ට අත්වැලක්" නමින් කොරියානු භාෂාවේ ව්‍යාකරණ සම්බන්ධ ග්‍රන්ථයක් රචනා කළ ඇය "Speak Korean for Sri Lanka" නම් ග්‍රන්ථය රචනයෙහි දැනට නිරතව සිටින්නීය.භාෂා ව්‍යවහාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශකත්වය ලබා දෙමින් මෙම ග්‍රන්ථයේ ප්‍රශස්ත භාවයට දායකවීමට හැකි වීම ගැන බෙහෙවින් සතුටු වන අතර, මෙබඳු ග්‍රන්ථයක් රචනා කිරීම සම්බන්ධයෙන් පාක් හියුන් ජො කතුවරියට ප්‍රශංසනාත්මක ගෞරවය පුද කරමි. " මූලික කොරියානු භාෂාව " නම් වූ මෙම ග්‍රන්ථය ශ්‍රී ලාංකේය දූ දරුවන්ට කොරියානු භාෂාව අධ්‍යයනයේ දී ඉමහත් සේ සරණ වන බව සොම්නසින් ප්‍රකාශ කරමි.
ආචාර්ය චන්ද්‍රා කරුණාරත්න
කොරියානු භාෂාව පිළිබඳ කථිකාචාර්ය ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය
Sanskrutha Adhunika Shabdhakoshaya
ශ්‍රී ලාංකේය සම්භාව්‍ය අධ්‍යාපන ඉතිහාසයෙහි කලෙක පටන් පැවැති අවශ්‍යතාවක් සම්පූර්ණ කිරීමක් වශයෙන් සංස්කෘත ආධුනික ශබ්දකෝෂය" සම්පාදනය වී ඇත. පිරිවෙන් හා ආධුනික සිසුන් සඳහා මෙම ශබ්දකෝෂය සම්පාදන වී ඇතත්, එමගින් දුහුනන් හට පමණක් නොව වියතුන්ට ද අනල්ප වූ ප්‍රයෝජනයක් අත්වනු නිසැක ය. මෙම ආධුනික ශබ්ද කෝෂය ආකෘතික වශයෙන් ඉතා සරල ය. ශබ්දකෝෂ සම්පාදනයේ දී ජනප්‍රිය අකාරාදි පිළිවෙළ අනුව වචන හෙවත් පද ගොනු සඳහා දේවනාගරී අක්ෂර භාවිත කරමින්, එම ශබ්දවල උච්චාරණය ද සිංහල අක්ෂර වලින් දක්වමින්, අර්ථ පැහැදිලිව දක්වා ඇත. සංස්කෘත විෂය වැනි සම්භාව්‍ය භාෂාවක් අධ්‍යනය කිරීමට අපේක්ෂා කරන ආධුනික ශිෂ්‍යයන්ට මහත් ප්‍රයෝජනයක් සලසන කෘතියකි.වචන පන්දහසකට අධික ප්‍රමාණයකට අර්ථ සපයා ඇති අතර, ශාස්ත්‍රීය ගවේෂණය සඳහා දේශීය හා විදේශීය මූලාශ්‍ර රාශියක් පරිශීලනය කර තිබීම ද සැලකිය යුත්තකි. නූතන තාක්ෂණික උපකරණ සඳහා භාවිත කරන වචන මෙන්ම, විද්‍යාත්මක වචන කෙරෙහි ද අවධානය යොමු කර තිබීම සුවිශේෂ ලක්ෂණයකි.තවද සංඛ්‍යා නාම, සංඛ්‍යා ස්ථාන නාම සහ විශේෂ වචන වසයෙන් දින හතේ නම්, මාස දොළහේ නම් දක්වා තිබීම ද අගය කළ යුතු ය. අ. ධා - අර්ථවත් ධාතු, ක්‍රි.වි -ක්‍රියා විශේෂණ, අව් - අව්‍යපද, නි - නිපාතපද වශයෙන් ශබ්දකෝෂ ක්‍රම වේද වලට අනුව කෙටි යෙදුම් දක්වා තිබීම ද ශබ්දකෝෂය පරිශීලනයෙහි පහසුවකි.සංස්කෘත විෂය පිළිබඳ ප්‍රාමාණික විද්වත් භාවයක් අත්කරගෙන සිටින පදියතලාවේ අමරවංශ හිමි ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර පිළිබඳව සහ තුලනාත්මක වාග් විද්‍යාව සම්බන්ධව ද ශාස්ත්‍රීය පර්යේෂණ රාශියක ව්‍යාවෘතව සිටියි. ග්‍රන්ථ කරණය සම්බන්ධයෙන් උන්වහන්සේ සතු සුවිශේෂ වූ ප්‍රායෝගික දැනුම "සංස්කෘත ආධුනික ශබ්දකෝෂය ¨ සම්පාදනයෙහි ද, යොදාගෙන තිබේ. ඉතා පරිශ්‍රමයෙන් වචන තෝරාගෙන, එහි නිරුක්ති ප්‍රකාරව අර්ථ දැක්වීම කෙරෙහි අවධානය යොමු කර ඇත. සංස්කෘත භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ සමාරම්භයේ සිට වර්තමානය දක්වා භාෂාමය, සමාජීය අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය ශබ්ද භාවිතය පිළිබඳ සංග්‍රහයක් ලෙස ද, අගය කළ හැකිය.
පූජ්‍ය පැපිළියානේ සුමිත්ත නා හිමි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය, නිට්ටඹුව.
Rs 560.00
Out-of-Stock
Sarasavi Patashaliya Shabdhakoshaya
Out-of-Stock
' සරසවි පාඨශාලීය ශබ්ද කෝෂය ' යනුවෙන් නම් කර ඇති මෙය නව ආරකින් සකස් කළ විශ්වකෝෂ ගුණාංග සහිත ශබ්දකෝෂයකි. එහෙයින් පාසල් දරුවන්ට එදිනෙදා අධ්‍යාපන කටයුතු වලදී මෙය සුවිශේෂ අත්වැලක් වනු නොඅනුමානය.
Hindi Sinhala Prasthava Pirulu Saha Igivaki Koshaya
'හින්දි සිංහල ප්‍රස්ථාව පිරුළු සහ ඉගි වැකි  කෝෂය' නම් වු මෙම කෘතිය හින්දි භාෂාවට අභිරුචියක් දක්වන්නන් හට මහෝපකාරීවන කෘතියකි.
Rs 1,200.00
Cheena Bshadhyayana
තෙරිපැහැ උපනන්ද හිමියන් විසින් රචනා කරණ ලද 'චීන භාෂාධ්‍යයන' නම් මෙම පර්යේෂණ කෘතිය චීන භාෂාව හදාරණ විද්‍යාර්ථීන්ට තත් විෂය ඵිළිබදව හැදෑරීමට  ඇති වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 800.00
China Bhashava Saha Sarala Wakya Wiggrahaya
" චීන භාෂාව සහ සරල වාක්‍ය විග්‍රහය" යන මාතෘකාව යටතේ කෙරෙන මෙම කෘතිය තුළ චීන භාෂාවෙහි සරල වාක්‍ය සංස්ථිතිය පිළිබඳව වාග් විද්‍යාත්මකවත්, තුලනාත්මකවත් කරුණු අධ්‍යයනය කරන අතර ප්‍රස්තුතයට අදාළව ශ්‍රී ලංකාවේ චීන භාෂාව හදාරන ආධුනිකයන්ට අත්වැලක් වන අතර චීන භාෂාවෙහි ලේඛන ව්‍යවහාරය කෙරෙහි අවධානය යොමු කෙරෙන මෙම අධ්‍යයනයේදී, චීන සිංහල භාෂාද්වයෙහි සරල වාක්‍ය සංස්ථිති වල පවතින මූලික සමානතා අසමානතා වාග්විද්‍යාත්මකව අධ්‍යයනය කරණු ලබයි.
Rs 700.00
Out-of-Stock
1800 Mulika Koriyanu Wachana Malava
Out-of-Stock
කෘතිය තුළින්...
කොරියානු භාෂා ප්‍රවීණතා විභාග සඳහා මුහුණ දෙන දරු දැරියන්ට නිවැරදි වාග් මාලාව ඉගැන්වීම මගින් තරඟ විභාග ජය පමණක් නොව එදිනෙදා භාවිතයට ද මෙම භාෂාව හුරු කරවීම අපගේ අපේක්ෂාව වේ. මෙම ග්‍රන්ථය අධ්‍යයනය කිරීම තුළින් කොරියානු භාෂා වේ සාර්ථක වාග් මාලාවක හිමිකරුවෙකු හෝ හිමිකාරිනියකු වීම සඳහා ඔබට අත්වැලක් ලැබේ.