Home

-10%New
Nivan Dora Yathura
චිත්ත යනු සිනේ හරාත්මක දැනුම් ස්වභාවය හෙවත් ඥානයයි. සියලු සචේතනික හැගීම්වල යටතට වැටෙන දැනුමේ හෙවත් ඥානයේ මූලික ගතිය හෙවත් පියවි ස්වභාවයයි. මූලික අඥානකමෙන් හෙවත් අවිද්‍යාවේ දුෂ්ට බලපෑම්වල හේතුවෙන් දුෂණය වෙන සිතෙන් නිකුත් වෙන්නා වූ වේග ධාරා වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යනාදී වශයෙන් ද්විත්තය ආත්ම වංචනික සියුම් මකුළු දැලක පටලවයි. එය සිත විසින් ම සිත රවටා ගැණීමකි. සිතේ අව්‍යාජ භාවය හුදු දැනීම පමණි. එහි ප්‍රස්තුතයෙ කාරණාවෙන් ද්වින්ට ස්වභාවයන් නැති අතර ඇත්තේ දැනීම ම පමණි. සිතේ නැසී යාමක්, ලුවන් ට යාමක්, ලුපදීමක් හෝ මිය යාමක් හෝ සිදු නොවේ. නිවන් මග සාක්ෂයාකරණයට අඟුළට සිත පුහුණු කර ගන්නා ආකාරය පහදන 'Things as they are' සරල සුගම බස් වහරින් පරිවර්තනය කර ඔබ අතට පත් කරනුයේ ප්‍රවීණ ලේඛක නිලක කුඩාහෙපිරි සුරින් ය.
Rs 450.00
Rs 500.00
-10%New
Yahapath Birindaka Viya Haki Maga
වර්තමාන තරගකාරි සමාජයේ, අභියෝගාත්මක රැකියාවල නියුතු වන තරුණ පරපුරට තම වෘත්තීය හා ගෘහස්ත ජීවිතයේ දී දහසක් ගැටළු වලට මුහුණ දීමට සිදු වේ. එවන් අවස්ථාවල තම සහකාරිය ගෙන් ලැබෙන සහාය, ආදරය හා මගපෙන්වීම කවර අභියෝගයකට වුව ද නොසැලී සිටීමට උපකාරී වේ.භාර්යාවකට තම පවුලේ සාමය හා අභිවෘද්ධිය නංවාලීමට ඉටු කළ හැකි මෙහෙය අපමණ ය. වෘත්තීය ක්‍ෂේත්‍රයේ ඉහළට නැගීමට තම ස්වාමි පුරුෂයාට, භාර්යාවකට කවර තරමේ උදව්වක්, උපකාරයක් කළ හැකි ද යන්න ඩොරති කානගී මෙම පොතෙන් මනාව පෙන්වා දෙයි.
Rs 405.00
Rs 450.00
-10%New
Dhanathmaka Daksha Daruveku Hada Wada Gathaheki Maga
දක්ෂ දරුවකු හදා වඩා ගැනීම සෑම දෙමව්පියකුගේ ම බලාපොරොත්තුවයි. 21 වන ශත වර්ෂයේ ජීවත්වන දෙමාපියන්ට තම දරුවන් හදා වඩා ගැනීමේ දී විශේෂ දැනුවත් කිරීමක් අවශ්‍ය වේ. පරිගණකය, රූපවාහිනිය, ගෝලීයකරණය හා විවිධ මතවාද මෙන් ම මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදය, ලිංගිකත්වය, අපයෝජන, තර්ජන, ගර්ජන හා චණ්ඩතාව යන සෑම ක්‍ෂේත්‍රයකම වර්තමානයේ දැවැන්ත බලපෑමක් සිදුවෙමින් පවතී.මෙම අභියෝග සමග ගැටෙමින්, ගැලපෙමින්, හිස ඔසවා ගෙන ජීවත් විය යුත්තේ කෙසේද යන්න වර්තමානයේ ඉගෙන ගත යුතු ව ඇත. මාග්‍රට් මී මිඩ් වරෙක කී පරිදි '' අපගේ දරුවන් රැකියාව කරනුයේ ඔවුන් ඉපදුන සමාජයේ නොවේ. ඔවුන් මිය යනුයේ ඔවුන් රැකියාව කළ සමාජයේ නො වේ. " මේ නිසා නව සමාජයට මුහුණ දෙමින්, ඔරොත්තු දෙමින් ජිවත් වන හැටි දරුවන්ට කියා දීම හා ඊට හුරු කිරීම දෙමාපිය වගකීම වන්නේ ය.
Rs 360.00
Rs 400.00
-10%New
Hovanho Shishtacharaya Purana Chinaya
පුරාණි ශිෂ්ටාචාර
අප ජීවත්වන ලෝකයේ දියුණුවට පුරාණ ශිෂ්ටාචාර දායක විය.මේ ශිෂ්ටාචාර පිළිබඳ ඉගෙනීම අපට අපගේ ලෝකය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට හේතු වෙයි. ඔවුන්ගේ නිපදවීම් හා දියුණුව මඟින් අප ජීවත් වන මේ ලෝකය හැඩ ගැස්වීමට මේ ශිෂ්ටාචාර බලපෑ අයුරු පෙන්වා දෙයි.මෙම පොත ආසියාවේ බිහි වූ චීන ශිෂ්ටාචාරය ගැනයි.
Rs 198.00
Rs 220.00
-10%New
Dutugamunu Rajjuruwo
අපේ අතීතය ගැන කියවමු
විජය රජුගෙන් පටන් ගෙන අපේ අවසාන රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ ගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි. මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ. මේ පොත, ලක්දිව එක්සේසත් කළ දුටුගැමුණු රජු ගැනයි.
Rs 360.00
Rs 400.00
-10%New
Sara Puraye Siripa Piyuma
මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා ජනප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
මේ පොතෙන් කියවෙන්නේ සියම් රටේ ඇති සිරිපා පතුලක් ගැන යි.
Rs 270.00
Rs 300.00
-10%New
Mirisaveti Seyata nama lebunu heti
මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
දුටුගැමුණු රජතුමා මුලින් ම හදාපු දාගැබ් වහන්සේට 'මිරිසවැටිය' කියන නම ලැබුණු හැටි මේ පොතෙන් විස්තර කෙරෙනවා
Rs 270.00
Rs 300.00
-10%New
Nidahas Satana 1 Kotasa
අපේ අතීතය ගැන කියවමු
අතීතයේ ශ්‍රී ලංකාවේ තිබූ සරුසාර බෝග සහ මුතු මැණික් නිසා ශ්‍රී ලංකාව විදේශ රටවල අවධානයට යොමු විය. එම නිසා ක්‍රි.ව. 1505 සිට ක්‍රි.ව. 1948 දක්වා කාලයේ ලංකාව විදේශ රටවල් තුනක ආක්‍රමණවලට ලක් විය.බ්‍රිතාන්‍යයෝ 1815 වර්ෂයේ දී මුලු ලංකාවම ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කර ගත්හ. එතැන් සිට වසර 133 ක කාලයක් බ්‍රිතාන්‍යයෝ ලංකාවේ පාලන කටයුතු ගෙන ගියහ. බ්‍රිතාන්‍යයන් ලංකාවේ බලය තහවුරු කර ගත් ආකාරයත් බ්‍රිතාන්‍ය පාලනය නිසා දැඩි අසීරැතා වලට ලක්වූ රට වැසියන් බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව කළ නිදහස් සටන් ආරම්භවූ ආකාරයත් මේ පොතේ ඇත.
Rs 315.00
Rs 350.00
-10%New
Nidahas Satana 2 Kotasa
අපේ අතීතය ගැන කියවමු
ශ්‍රී ලංකාවේ තිබූ සරුසාර බෝග සහ මුතු මැණික් නිසා ශ්‍රී ලංකාව විදේශ රටවල අවධානයට යොමු විය. එම නිසා ක්‍රි.ව. 1505 සිට ක්‍රි.ව. 1948 දක්වා කාලයේ ලංකාව විදේශ රටවල් තුනක ආක්‍රමණ වලට ලක් විය.බ්‍රිතාන්‍යයෝ 1815 වර්ෂයේ දී මුළු ලංකාවම ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කර ගත්හ. එතැන් සිට වසර 133 ක කාලයක් බ්‍රිතාන්‍යයෝ ලංකාවේ පාලන කටයුතු ගෙන ගියහ. බ්‍රිතාන්‍ය පාලනය නිසා අසීරුතාවලට ලක් වූ රට වැසියත් බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව සටන් කර නැවතනිදහස ලබාගත් ආකාරය මේ පොතේ ඇත.
Rs 360.00
Rs 400.00
-10%New
Siddhartha Gauthama Buddha Charithaya 5
මේ පොතේ ඇතුළත් කොටස්

සුනීත හා සෝපාකට පිහිටවීම.
මෙහෙණ සසුන පිහිටුවීම.
බුදුන්ගේ දෙවන වර ලක්දිව වැඩීම.
චූලෝදර මහෝදර බුදුන් සරණයෑම.
තවිව්තිසාවේ මායා දෙව් පුතුට දහම් දෙසීම.
මෛත්‍රී බුදුන් පැවිදි වීම.
බුදුන්ගේ තෙවන ලක්දිව ගමන හා සිරිපතුල පිහිටුවීම.
භද්‍රවතිකා ඇතින්නට පිහිටවීම.
බුදුන් පාරිල්‍යය වනයට වැඩීම.
අලව් යකු දමනය.
අංගුලිමාල
ආනන්ද බෝධි රෝපණය.
දෙව්දත් තෙරුන් බුදුන්ට කළ හතුරුකම්.
Rs 360.00
Rs 400.00
-10%New
Siddhartha Gauthama Buddha Charithaya 6
මේ පොතේ ඇතුළත් කොටස්

 කිසාගෝතමිය රහත්ඵල ලැබීම.
පටාචාරාවන් රහත්ඵල ලැබීම.
අජාසත් රජු පැහැදීම.
කාල සිටු පුතු බුදුන් සරණයෑම.
පූතිගත්තතිස්ස තෙරුන්ට පිහිටවීම.
බුදුන් කුසිනාරා නුවරට වැඞීම.
බුදුන් පිළිගත් අවසාන දානය.
මාරයාගේ ඉල්ලීම.
මහ පොළොව කම්පාවීම.
අවසන් බුදුවදන.
බුදුන්ගේ පිරිනිවීම.

Rs 360.00
Rs 400.00
-10%New
Polowa Kada Wetuna Da
ජාතක කථා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි.එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත.මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි.මෙහි එන කථාවට පදනම් වූයේ 'දද්ධභ ජාතකය' යි.
Rs 225.00
Rs 250.00
-10%New
Kalyana Mithrayo
ජාතක කථා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි.එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත.මේ කථා පොඩ් දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි.මෙහි එන කථාවට පදනම් වූයේ 'කුසනාලී ජාතකය' යි.
Rs 225.00
Rs 250.00