Home

New
Sathipattana Bhavanavehi Gambura Wataha Ganna I
කර්තෘ ගෙන්...
බෞද්ධයන් සතිපට්ඨාන භාවනාව පිළිබඳ දක්වන උනන්දුව ඉමහත් බව අමුතුවෙන් සඳහන් කිරීම අනවශ්‍යය. එසේ වුවද නිවනට මග පෙන්වන ඒකායන මාර්ගය ලෙස හඳුන්වා දී ඇති මෙම භාවනාව තුළ ඇති වටිනා අංග සමුහයක්ම නියම ආකාරයට විග්‍රහ වී නැති බව, ශ්‍රී ලාංකිකයන් අතර ඉමහත් ගෞරවයට භාජනය වී ඇති රේරුකානේ මහා නා හිමියන්ද පෙන්වාදී ඇති බව ද අමතක කිරීමට නුපුළුවන!.මෙම පොත ලිවීමේ ප්‍රධාන අරමුණ මෙම භාවනා ක්‍රමය සෘජුවම විස්තර කර ඇති සුත්‍ර කිහිපය, වෙනත් සුත්‍ර' සහ භාවනාව වඩන ලද යෝගීන් පිළිබඳව වාර්තා වී ඇති විස්තර සමග සැසඳීම තුළින් අදාළ භාවනා ක්‍රමයෙහි ගැඹුර පෙන්වා දීමට උත්සාහ කිරීමයි. 
Rs 650.00
New
Gauthama Budun Wahansege Dinapotha
කතෘගෙන්...
බුද්ධ චරිතයේ බොහෝ දෙනෙක් දන්නා සුලභ සුප්‍රසිද්ධ සිදුවීම් මෙම බුද්ධ චරිත කථා පොත්වල පෙල ගස්වා ඇති අතර සූත්‍ර පිටකය සහ විනය පිටකය පුරා උන්වහන්සේ දේශනා කර ඇති ධර්මය සහ විනය කැටිකොට දක්වා ඇති එක් ග්‍රන්ථයක් සොයා ගැනීමට නැත. බුදුන් වහන්සේ ගේ වසර 45ක දේශනාවන්, හමු වූ පුද්ගලයින්, චාරිකා කළ ප්‍රදේශ සහ ස්ථාන සහ සිදු වූ තදනු බද්ධ සිදුවීම් එකම ග්‍රන්ථයකින් කියවා තේරුම් ගැනීමට පාඨකයාට අවස්ථාවක් සලසාදීමත්, ගෞතම බුදුන්වහන්සේ වසර 45 ක කාලය තුල දවස් ගත කළ ආකාරය දින පොතක් ලෙස සකස් කර ඉදිරිපත් කිරීමත් මෙම ග්‍රන්ථය රචනා කිරීමේ පරමාර්ථය යි. මෙමගින් පාඨකයාට බුදු සිරිත මැනවින් වටහා ගැනීමටත් සමස්ත බුද්ධ දේශනාවම අතැඹුලක් සේ කියවා රස විඳ දහම අවබෝධ කර ගැනීමටත් මග පෑදෙනු ඇත.
Rs 2,300.00
New
Awareness Meditation A Deeper Understanding
This book by arya keerthi kumarasena discusses finer aspects of the four foundations of mindfulness meditation. equally good for beginners in meditation as well as advanced practitioners, it can be read with benefit to fine - tune your meditation
Rs 650.00
New
Bauddha Dharma Sannivedanaye Muladharma
බුදුරජාණන් වහන්සේගේ නෛර්යාණික වු ශ්‍රේෂ්ඨ ධර්ම මාර්ගය මූලික වශයෙන්ම ප්‍රකට කෙරෙන, වඩාත් පැරණි යයි පිළිගනු ලබන පාලි පිටකාගත ඉගැන්වීම් පාදක කොටගත් ලිපි අඩ සියෙයකින් සමන්විත වන මෙම කෘතිය බුදු දහම පිළිබඳ අධ්‍යාපන අධ්‍යයන කාර්යයන්හි නිරත නවීනයන්ගේ මෙන්ම ප්‍රවීණයන්ගේද මනදොළ සපුරා ලන්නකි. ප්‍රමාණයෙන් කුඩා වුවද ධර්ම ශාස්ත්‍රීය අගයෙන් කුඩා නොවන මෙම ලිපි තුළ බොහෝ විට හමුවන්නේ මූලාශ්‍රයද පාදක කොට ගනිමින් සමාජ සංස්කෘතික වැදගත්කමක් ඇති අප අතර සාකච්ඡාවට බඳුන්වන කාලීන ප්‍රස්තුතයන් පිළිබඳ සිදුකෙරෙන විචාර පූර්වක සාකච්ඡාවන්ය. මෙම කෙටි නිබන්ධන සමහරක් විටින් විට පුවත්පත්වල පළකරන ලද ඒවාය. එහෙත් ඒවා මෙසේ සංග්‍රහ කොට නැවත ප්‍රකාශයට පත්කිරීම බෞද්ධ අධ්‍යයන ක්‍ෂේත්‍රයට කරන ලද මහගු මෙහෙවරකි.
Rs 250.00
New
Nivan Maga Soya
මහණෙනි, යමෙක් ඇස කන නාසය දිව ශරීරය සිත සහ ඒවාට අරමුණු වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි කෙරෙහි සතුටු නොවෙයිද, ඒවා මම මාගේ වශයෙන් නොගනියිද, එයම සිත තුළ පවතින රාගයේ කෙළවර වෙයි. සිත තුළ පවතින ද්වේෂයේ කෙළවර වෙයි. සිත තුළ පවතින වැරදි දැකීමේ කෙළවර වෙයි. සිත තුළ පවතින සැකයේ කෙළවර වෙයි. මානයේ කෙළවර වෙයි. දඬු මුගුරු ගැනීම, ආයුධ ගැනීම, කෝළාහළ කිරිම, විරුද්ධව කථා කිරිම, කේළාම් කීම, බොරු කීම යන අකුසලයන්ගේද කෙළවර වෙයි. 
(මධු පිණ්ඩිකසුත්‍රය)
Rs 1,250.00
New
Heladiuvaseen Saha Adivaseen
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ ආදිවාසී ජන අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයානන්ද සෝමසුන්දර මහතා විසින් සංස්කරණය කරන ලද ආදී වාසීන් පිළිබඳ දෙවන පර්යේෂණ ග්‍රන්ථය වූ හෙළදිව් වාසීන් සහ ආදිවාසීන්' නමැති මෙම කෘතිය, ශ්‍රී ලංකාවේ වසන හෙළදිව්වාසීන් සහ ආදිවාසීන් පිළිබඳ ව ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට අද දක්වා පුරාවිද්‍යාත්මක පර්යේෂණයන්ගෙන් හා සාක්‍ෂි වලින් හෙළි වී ඇති කරුණු ද, ඓතිහාසික පුරාවෘත්තයන්ගෙන් හා ජනප්‍රවාදයන්ගෙන් හෙළි වී ඇති කරුණුද අලළා විද්වතුන්, පර්යේෂකයින්, ගවේෂකයින්, සමීක්ෂකයින් සහ මාධ්‍යවේදීන් විසින් ලියැවුනු පර්යේෂණාත්මක හා ගවේෂණාත්මක ලිපි රැසකින් සමන්විත වන අතර, සමාජ විද්‍යාව, මානව විද්‍යාව, පුරා විද්‍යාව, වාග් විද්‍යාව, සංස්කෘතිය ඇතුළු විවිධ සමාජීය විද්‍යාවන් හා මානව ශාස්ත්‍රයන් හදාරණ හෝ එම විෂයයන් පිළිබඳව උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් මාහැඟි ග්‍රන්ථයක් බව කිව යුතු ය.
Rs 750.00
New
Guththila Kavya
ගුත්තිල කාව්‍යය ජාතක පොතෙහි එන ගුත්තිල ජාතකය  වස්තු කොට ගෙන ලියවුණක් වුව ද, එය තවත් ජාතක කථාවක් පද්‍යට නැගීමක් නො වේ.රාජකීයකුගේ ආරාධනයෙන් ලියවුණ ද රාජ සභා ජීවිතය උත්කර්ෂයට නංවන අලංකාරවාදී, මධු වෘෂකයක් ද නො වේ මය. ගුත්තිල කාව්‍යය සම්භාව්‍ය සිංහල පද්‍ය සාහිත්‍යාවලියෙන් අපට හමු වන අතිසුගන්ධ පුෂ්ප මඤ්ජරිය සේ හැඳින්විය හැක්කේ එහි ලා උපයුක්ක කෙරෙමින් සංයෝජිත නාදරූපාවලිය ද, මැනවින් සුසංයෝග වී ඇති බැවිනි.සියවසක් පමණ කාලයක් තුළ ගුත්තිල කාව්‍යය නූතන සිංහල පාඨකයාට ඉදිරිපත් කළ විවාකයන් සිදු කෙළේ එහි රසානුභාවය නොසලකා ගුරු - ගෝල, ගැටුම් විමසීමයි. එමගින් ඔවුහු පාඨක රසාවේශය නො තකමින් ස්වකීය පණ්ඩිත්‍යය පමණක් වෙනත් හුවා දැක්වූහ.සිරි තිලකසිරි සූරීන්ගේ මේ නව පෙළ ගැස්ම හා අර්ථවත්තනය සංවේදී, පාඨකයා රසාවේශ කරවන්නක් මෙන් ම. කිවිසුරු වැත්තෑවේ හිමියන්ගේ ප්‍රතභා ශක්තියට සාධාරණය ඉටු කරන්නක් ද බව සතුටින් පැවසිය හැකිය. 
Rs 3,500.00
New
Navikaranaya saha pansala
පේරාදෙණිය සරසවියේ සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකු වූ මහාචාර්ය දයා අමරසේකර මහතා ශ්‍රී ලංකාවේ සමාජය හා සංස්කෘතිය පිළිබඳව ලිපි ලේඛන රාශියක් පළ කොට ඇති ප්‍රවීණ ආචාර්යවරයෙකි.ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා හා මානව විද්‍යා ක්‍ෂේත්‍රයට ඒ මහතාගෙන් සිදුවන සේවයේ තවත් කඩ ඉමක් ලෙස නවීකරණය සහ පන්සල යන කෘතිය හැඳින්විය හැකිය.සමය (ආගම) පිළිබඳ සමාජ විද්‍යාවට අදාළව ලියා ඇති මෙම නවතම කෘතියේ කාලෝචිත මාතෘකා කිහිපයක්ම එකතු වී තිබේ.
Rs 950.00
New
Jayasumana Shasthriya Lipi Sangrahaya
ජයසුමන ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය නම් මෙම කෘතිය ඉතා වැඩි ශාස්ත්‍රීය වටිනාකමක් ඇති ශාස්ත්‍රීය ලිපි ගණනක එකතුවක් ලෙස හැදින්විය හැකිය
Rs 950.00
New
Kosol Maha Raju Dutu Sihina Dahasaya Saha Wathman Minis Samajaya Pilibada Wimasumak
කොසොල් මහ රජ දුටු සිහින දහසය සහ වත්මන් මිනිස් සමාජය පිළිබද විමසුමක් යන මෙම කෘතිය තුළින් කොසොල් මහ රජතුමන් විසින් දුටු සිහින 16 බුදුපියාණන් වහන්සේට ඉදිරිපත් කළ මොහොතේ බුදු පියාණන්වහන්සේ විසින් එම එක් එක් සිහිනය විස්තර කර දුන් ආකාරය පිළිබදවත් එම සිහින වල තේරුම් පිළිබදවත් මෙම කෘතිය තුළ අන්තර්ගතය.
Rs 350.00
New
Shasana Ithihasaya
දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය අපේ සිංහල බෞද්ධ දරුවන්ට පමණක් සීමා වූ විභාගයකි. එම නිසා මෙම විෂයයන් හැදෑරීමට අනුග්‍රහය ලබාදෙන විද්වතුන් ඉතා අඩු වී ඇත. විෂයයන් හතරකින් සමන්විත දහම් පාසල් අවසාන විභාගයේ. එක් විෂයක් වනුයේ ශාසන ඉතිහාසයයි.මෙම විෂයට ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් නොතිබූ බැවින් විභාග දෙපාර්තමේන්තුවේ අවසර ලබාගෙන 2003 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් යට දොලවත්තේ ජිනසිරි හිමියන් විසින් සැකසීම ඉතා අගනා සේවාවක් බව හදපිරි සතුටින් සිහිපත් කරමි.දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් සපයා දෙමින් අපේ දහම් පාසල් අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන්ගේ ධර්ම ඥානය වැඩිදියුණු කිරීමට ගත් උත්සාහය පිළිබඳ මතුගම ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී හිමියන් ලෙස අපගේ බලවත් සතුට හා ආශිර්වාදය යටදොලවත්තේ ජිනසිරි හිමියන්ට පළකර සිටිමි.
පංච මහා විහාරාධිපති, පරිවෙණාධිපති, ප්‍රධානාචාර්ය, සමස්ත ලංකා සාම විනිසුරු,  සද්ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය උපරතන ඌරගහ සිරිධම්මාභිධාන කළුතර දිස්ත්‍රික්කයේ සහ බෙන්තර වලල්ලාවිට කෝරළයේ අධිකරණ සංඝනායක ස්ථවිර සිරිනිවාස විද්‍යායතන පිරිවෙණ
Rs 300.00
New
Buddhism Lectures and Essays
"Buddhism Lectures and Essays" is a book by Venerable Balangaoda Ananda Maitreya, offering insights into various aspects of Buddhist teachings. It covers topics like the Buddha and his teachings, household life, meditation, and the path to Nibbana. The book is presented as a series of talks and essays, providing a comprehensive introduction to Buddhist principles and practices. 
Rs 1,000.00
New
Kshinasrava Margaya
අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානාහිමියන් ගේ දේශන පත්‍රිකා, ඇවතුම්, පැවතුම්, ලියුම්, කියුම්, ග්‍රන්ථ සම්බන්ධ ඉමහත් කීර්තියක් පැතිර තිබේ. මේ අතිශය වටිනා සංසිද්ධීන් මූලාශ්‍රයන් ශාස්ත්‍රීය පර්යේෂණයට යොමු කළ තිළිණ සූරීයපති සුධීමතුන් විසින් නවත ම කෘතියක් පාඨක අතට පත් කර ඇත. ඒ ක්ෂිණාශ්‍රව මාර්ගය නිස්සරණ ප්‍රදීපස්තම්බය පිළිබඳ අනඳ මෙත් නාහිමි දෙසුම් සංග්‍රහය යි. යෞවනයෙකු විසින් මෙබඳු ක්‍ෂේත්‍රයක් ගවේෂණය කිරීම පෙරළා කිසිවක් අපේක්‍ෂා නොකොට කරන ලද සුවිශාල ප්‍රයත්නය සපුරා අගය කරනුයේ පුණ්‍ය චේතනා පෙරදැරි ව ය. මේ කෘතිය කියැවීමෙන් පාඨකයන්ට අපමණ ප්‍රයෝජනයක් ලබා ගත හැකි බැව් ගෞරවයෙන් සඳහන් කරමි.
Rs 750.00
New
Dhayana Wadu Munivaru
කතෘගෙන්...
මහා ඝන වනාන්තර වල, කඳු හා ගල් ගුහා තුළ උන්වහන්සේලා වැඩ සිටියේ පියාපත් බර පමණක් ඇති කුරුල්ලන් මෙනි.රුක් මුල්, සොහොන් බිම්, පිදුරු කුටි, ලෙන් හා එළිමහන් භූමියෙහි උන්වහන්සේලා බවුන් වැඩුයේ හුදෙකලා සෘෂිවරුන් මෙනි. යම් සේ සමන් මල් වැල මැලවී ගිය මල් බිම හෙලයිද එමෙන්ම රාගය ද ද්වේෂය ද මුදා හල උන්වහන්සේලා නික්ලේශී ආධ්‍යාත්මික මුනිවරු වෙති.
Rs 450.00
New
Paliakkaramala Pali Hodi Potha
මෙම ග්‍රන්ථය පිරිවෙන් මූලික ශ්‍රේණිය සඳහා සුදුසුය. එසේම පාලි භාෂාව හැදෑරීමට ප්‍රවේශ වන ආධුනිකයන්ගේ නිවැරදි ලේඛන ක්‍රමය හා භාෂණය හුරු කරවීමට ඉතා උචිත වන ලෙස සම්පාදනය කර ඇති මෙම කෘතිය අකුරු කරවීමේ දී අතහුරු කරන ක්‍රමය පමණක් නොව මනස ක්‍රියා කළ යුතු ආකාරය ද මානසික සංවර්ධනය ද අනුක්‍රමයෙන් සංවර්ධනය කෙරෙන ඉතා උසස් කෘතියකි.
Rs 550.00
New
Sabba Papassa Akaranan
බුදු දහම තුළින් තම දෛනික ජීවන ක්‍රියාවලියේ බාධක මගහරවා ගනු රිසි බෞද්ධයාට, හස්තසාර ක්‍රම විධි ඇතුළත් මෙය අත්පොතක් සේ භාවිතයට ගත හැකි ප්‍රශස්ත ග්‍රන්ථයකි. උපතේ සිට මියෙන තෙක්, දුෂ්කර වූ ජීවන ගමන තුළ මුහුණ දීමට සිදුවන නොයෙක් බාධකයන් ජයගෙන සාර්ථක දිවිපෙවෙතකට අවශ්‍ය බොදු පිළිවෙත් රාශියක් කියාදෙන මෙම ග්‍රන්ථය, පූජ්‍ය අල්ගම වත්තේ සුමනවංශ හිමියන් පාරම්පරිකව ලත් දැනුම් සම්භාරයේ තරම කෙබඳු දැයි කියාපාන කැඩපතක් සේය. ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රසංශා, සැප දුක් යන අටලෝ දහමෙහි ඒ ඒ අවස්ථාවන්ට මුහුණදෙන පුද්ගලයාගේ පිහිටට හේතු වන අස්වැසිලිදායක ග්‍රන්ථයක් වන මෙය සැබවින්ම සාර්ගර්භ වූ කරුණු අන්තර්ගත වූවක අවසන් ප්‍රතිඵලය ලෙස අගය කළ යුත්තකි.
Rs 500.00
New
Kaya Dakeema
කය පිළිබදව බුදු රජාණන්වහන්සේ විසින් බුද්ධ දේශනාවන්හි දෙසා වදාළ ආකාරයට විද්‍යාත්මකවද හේතු සාදක පැහැදිලි කරමින් රචිත ඉතා අගනා කෘතියක් වන මෙම කෘතිය බෞද්ධ අබෞද්ධ සියලු දෙනා හට ජිවිතයට වටිනා යමක් එක් කළ ගත හැකි කෘතියක් ලෙස සදහන් කළ හැකිය.
Rs 350.00
New
punchi ayata Kai Kathandara
මෙයින් ඇතැම් කතන්දරයක් කලකට ඉහත දී ලංකාදීප පුවත් පතෙහි බිංදු ගේ යහළුවන් උදෙසා මා විසින් කියන ලදී. ඒවා මෙහි ඇතුළු කිරීමට අවසර දුන් එම පත්‍රයේ ප්‍රධාන කතෘ තැන්පත් ඩී.බී. ධනපාල මහත්මාණන්ට මාගේ ස්තුතිය හිමි වෙයි.
එසේ ම මේ සඳහා මා පොළඹවා ලූ, ලංකාදීප කතෘ මණ්ඩලයේ සිරිපාල තිලකසේන හිතවතාණන්ටත්, මෙය ප්‍රකාශයට පත් කළ සමන් මුද්‍රණාලයටත් මම ස්තුති වන්තවන්නෙමි.
මහගම සේකර , 1958
Rs 600.00
New
Magul Poru Ashtaka
කොතරම් තාක්ෂණික වර්ධනයක් මධ්‍යයේ ජීවත් වුව ද, සිංහලයෝ තවමත් පෞරාණික සම්ප්‍රදායයන් අනුගමනය කරති. විවාහ මංගල්‍ය උත්සවයක් නගරයේ හෝටලයක පැවැත්වෙන අවස්ථාවක වුව මනාලිය මංගල පෝරු මස්තකප්‍රාප්ත කිරීමටත්, දැනුමැතියකු ලවා අදාළ අෂ්ටක ගායනා කරවීමටත් ඔවුන් පෙළඹෙන්නේ ච හෙයිනි. මේ පසුබිමෙහි මංගල පෝරු අෂ්ටකයන්හි අගය තවමත් නොවියැකී පවතියි.
Rs 250.00
New
Pragna Bhawanawa - 01
ප්‍රඥා භාවනාව - 1 නම් මෙම කෘතිය පූජ්‍ය මොරටුවේ ගුණරතන ස්වාමීන් වහන්සේ විසින් රචිත අතර උන්වහන්සේ පළමුවන ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකි. දැනට විශ්‍රාම ලබා ඇත. එමෙන්ම ප්‍රඥා භාවනාව - 1 නමැති පොතට අමතරව පාලි ක්‍රියා පද සහ කිතක පද ව්‍යාකරණය හෙවත් තදීය ශබ්දකෝෂය 1, 2, 3 සහ පාලි ව්‍යාකරණය හා බෞද්ධ දර්ශනය, සතර සතිපට්ඨාන භාවනාව, සප්තබොජ්ඣංගය, බුද්ධ වන්දනාව බෝධි පූජාව භාවනාව, සප්තවිසුද්ධිය, චිත්තය - කර්මය - කර්ම විපාකය නමැති ග්‍රන්ථයන්හි ද කතුවරයා වෙති.
උන්වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රය සහ විචාරාත්මක ධර්ම චක්‍ර සූත්‍රය ඇසුරින් ධර්ම දේශනා පැවැත්වීමටත් භාවනා පුරුදු කිරීමටත් අතිදක්ෂ යතිවරයාණ කෙනෙකි. උන්වහන්සේ කෘතහස්ත ග්‍රන්ථ කතුවරයෙක් ද වෙති.
Rs 200.00
New
Buddha Dharmaya Ha Pali Bhasha Parichaya
ආගමකින්, දර්ශනයකින් ලොවට ඉදිරිපත් කරන ඉගැන්වීම් මගින් සිදුවන්නේ මානව වර්ගයාගේ සංස්කෘතික හා සාරධර්ම තිබෙන පරිදි ආරක්ෂා වීම හෝ නව චින්තනයක් ගොඩනංවා සවිඥානව ලොව දෙස බැලීමට මංපෙත් විවර කිරීමකි. තථාගත ධර්මය එහිලා සුවිශේෂී වේ. අවින්තනිකව ජීවත්වන මානව වර්ගයා සචින්තනික කොට මානසික ජීවනයක් ලබාදී, අවදි කරවීමට බුදු දහමින් දෙන පණිවිඩය අත්‍යන්තරයෙන්ම සාරගර්භය. කුඩා දරුවාගේ පටන් දැනුම් තේරුම්කම් සපුරා ගත් වැඩිහිටියා දක්වාම චින්තනය අවදි කිරීමට බුදු දහමේ ඉගැන්වීම් ප්‍රබලය. දහම් අධ්‍යාපනය මගින් අපේක්ෂිත කාරණයද එයයි. වර්තමාන අධ්‍යාපන සංකල්ප වල ප්‍රමුඛාර්ථය වන්නේ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය මගින් නවලොවක් නව අයුරකින් දකින දරුවෙකු බිහි කිරීමයි.
Rs 200.00
New
Gihiyan Wu Apatada Mee Bhavayedi Magapala Sapura Gatha Hakiya
" ගිහියන් වූ අපට ද මෙම භවයේ දී මගඵල සපුරා ගත හැකිය." නමින් ලියැවුණු මෙම ග්‍රන්ථය කුඩා වුව ද ඒ තුළ අන්තර්ගතව ඇත්තේ සත්‍ය ලෙසින් ම ගිහියනට අවැසි වටිනා කාලෝචිත දහම් කරුණු වේ. තව ද මෙම ග්‍රන්ථයේ ඇති විශේෂත්වය නම් කතුවරයාණන්, ත්‍රිපිටක ග්‍රන්ථ පරිශීලනය කොට එතුළින් දැන කියා ගත් දහම් කරුණු ත්‍රිපිටක ග්‍රන්ථ හා සූත්‍ර නමින්ම සනාථ කොට තිබීමය. එය ග්‍රන්ථයේ වටිනාකම තිව්‍ර කිරීමට හේතු වී ඇත. බුදු දහම පිළිබඳ විමසන්නා වූ ධම්මකාමී පින්වතුන් හට මෙය මහත් වූ පිටිවහලක් සේ මම දකිමි.
Rs 175.00
New
Maga Phala Adath Labiya Haakida
බුදුරජාණන් වහන්සේ
"සුභද්‍රය, යම් ශාසනයක ආර්ය අෂ්ඨාංගික මාර්ගය නැත්තේ නම් එහි පළමුවන ශ්‍රමණයා ද නැත, දෙවන ශ්‍රමණයා ද නැත. තුන්වන ශ්‍රමණයා ද නැත. සතරවන ශ්‍රමණයා ද නැත. යම් ශාසනයක ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඇත්තේ නම් එහි පළමුවන ශ්‍රමණයා ද ඇත. දෙවන ශ්‍රමණයා ද ඇත. තුන්වන ශ්‍රමණයා ද ඇත. සතරවන ශ්‍රමණයා ද ඇත. සුභද්‍රය, මේ ශාසනයෙහි ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඇත්තේය. ඒ නිසා සුභද්‍රය පළමුවන ශ්‍රමණයා ඇත්තේ මෙහි ය. දෙවන, තෙවන, සිව්වන ශ්‍රමණයා ඇත්තේ මෙහි ය. සුභද්‍රය, අනිත් තැන් ශ්‍රමණයන්ගෙන් හිස් ය. "ඉමෙව සුභද්ද භික්ඛු සම්මා විහරෙය්‍යුං න සුඤ්ඤො ලෝකො අරහන්තෙහි අස්ස" සුභද්‍රය, මේ භික්‍ෂුන් මනාකොට වාසය කෙරෙන්නේ නම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේ ය.
Rs 300.00
New
Kriya vivaranaya
අලුත් ගතෙකි; අලුත් පිළිවෙළෙකි; අලුත් මතබෙහෙවි. මත අලුත් වුවද පෙරැ යෙදුම් මතැ නැගිණ. ඒ කෙසේ වුවත් මත බෙයට බොහෝ ඉඩ ඇති.හැකි තරම් නිවැරැදි කරන්නට තැත් කළ ද වරද නැති වුව පුදුමයෙකි; පුහුදුන් බැවිනි. දක්නා අප ද දක්වත් වා.හෙළු පද යෙදුමට බන්නෝ බොහෝ හ. සකරුණු බියෙකි. නිරණට මඟෙක් නැත් නම් කවර දෙවියන්ගේ පිහිට යැ? ඒ අතින් මෙතෙක් නොලද පිහිට ලබන එළි බිඳක් සපයා - ලන්නට යැ මෙ ගත සැපැයුණේ.මෙහි සියලු හිමි කම් අප සතු යැ. එහෙයින් මෙගත්හි දැක්වෙන කරුණු උපුටා - ගැන්ම නිය විරුදු වෙයි.
මුනිදාස කුමාරණතුංග
Rs 475.00