Out-of-Stock Samana Saha Wiruddha Pada Out-of-Stock සමාන පද සහ විරුද්ධ පද - සිංහල භාශාවේ සමානාර්ථ පද සහ විරුද්ධාර්ථ පද කවරේ ද, ඒවා වඩාත් උචිත ලෙස භාවිතයට ගත හැකි වන්නේ කවර තැන්හි ද යන්න අවබෝධ කර ගැන්මට සමාන පද සහ විරුද්ධ පද පිළිබඳ රචිත මෙකී කෘතියෙන් හැකියාව ලැබේ.මෙහි වචන අකාරාදි පිළිවෙලට සකසා ඇති බැවින් පාසල් සිසුන්ට පහසුවෙන් අවශ්‍ය වචන සොයා ගැනීමට ද හැකියාව ලැබේ. Rs 225.00 Details View details
Out-of-Stock Wairagyashathakaya Out-of-Stock වෛරාග්‍යශතකය - ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සදහා ඉදිරිපත්වන වීද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා සංස්කෘත පෙළ, අන්වය හා පදගතාර්ථ සහිතව සංස්කරණය කරන ලද්දකි. Rs 300.00 Details View details
Out-of-Stock Wimarshanathmaka Pali Wiyakaranaya-2 Out-of-Stock විමර්ශනාත්මක පාලි ව්‍යාකරණය (ද්විතීය භාගය) - ප‍්‍රශස්ත ශාස්ත‍්‍රීය ව්‍යායාමයකින් අනතුරුව මකුරුප්පේ ධම්මානන්ද හිමියන් විසින් ශාස්ත‍්‍රීය ලෝකයට පිරිනමනු ලබන මෙම කෘතිය විද්‍යාර්ථීන්ගේ හා විද්වත් පාඨකයන්ගේ චිත්තාරාධනය කරනු නිරනුමානය. Rs 400.00 Details View details
Sinhala Bhashadyayana Ithihasaya සිංහල භාෂාධ්‍යයන ඉතිහාසය - මේ කෘතිය භාෂා අධ්‍යයනය නූතන විද්‍යාත්මක ශික්ෂණ මාර්ගයක් සේ වර්ධනය වීමට පූර්වයෙහි පටන් සිංහල භාෂාවේ ඉතිහාසය සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශන, අධ්‍යයන හා ගවේෂණ සම්බන්ධයෙන් කෙරෙන ප‍්‍රමාණික අධ්‍යයනයකි. Rs 600.00 Add to cart Buy
Out-of-Stock Sinhala Bhashave Prabhavaya Ha Pravardhanaya Out-of-Stock සිංහල භාෂාවේ ප‍්‍රභවය හා ප‍්‍රවර්ධනය - සිංහල භාෂා ඉතිහාසය හදාරණ ප‍්‍රාචීන හා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් වෙනුවෙන් සම්පාදනය කරන ලද ප‍්‍රශස්ථ කෘතියකි. Rs 250.00 Details View details
Out-of-Stock Wag Widyathmaka Sanskrutha Bhasha Adhyayanaya Out-of-Stock වාග් විද්‍යාත්මක සංස්කෘත භාෂා අධ්‍යයනය - ප‍්‍රාචීන අවසාන විභාගයට පෙනී සිටින විද්‍යාර්ථීන් හට ප‍්‍රයෝජනවත් වන අයුරින් සම්පාදනය කරන ලද කෘතියකි. Rs 250.00 Details View details
Pali Neethi Grantha Sahithyaya පාලි නීති ග‍්‍රන්ථ සාහිත්‍යය - ''පාලි නීති ග‍්‍රන්ථ සාහිත්‍යය පිළිබදය” යන මෙම නිබන්ධනයේ දී පාලි සාහිත්‍යයෙහි නිරූපිත පාලි නීති ග‍්‍රන්ථ දහය පිළිබදව මූලික අවධානය යොමු කොට සකසා ඇත. Rs 300.00 Add to cart Buy
Sarala Sanskruthashikshakaya 3 සරල සංස්කෘත ශික්ෂකය 3 - මේ සරල සංස්කෘත ශික්ෂක නම් පොත් පෙලේ තුන්වැන්නයි. මෙහි පළමුවන, දෙවැනි පොත් හදාලහට මේ තුන්වැන්න මැනවින් ඉගැන්මෙන් සකුබසෙහි මහත් නිපුණ බවක් ලැබෙනු ඇත. Rs 3,800.00 Add to cart Buy
Sidathsangarave Bhasha Salasumkaranaya සිඳත් සඟරාවේ භාෂා සැලසුම්කරණය - මේ කෘතියේ දී දඹදෙණි යුගය හා සිදත් සගරාව බිහිවීමට බලපෑ සමාජ, දේශපාලන පසුබිම, දඹදෙණි යුගයේ භාෂා සාහිත්‍යය තත්ත්වය, සිදත් සගරා කතුවරයාගේ අරමුණු, සිදත් සගරාවේ සංස්ථිතිය, සිද්ධාන්ත, සිදත් සගරාවේ ව්‍යාකරණ විධි හා භාෂා සැලසුම් ප‍්‍රයත්න මෙන් ම සිදත් සගරා පිරිවර ග‍්‍රන්ථ වලින් සිදු වූ විවිධ සැලසුම් පිළිබදව අධ්‍යයනයට ලක්කර ඇත. Rs 380.00 Add to cart Buy
Sidathsangarave Pasukaleena Bhasha Salasum karanaya සිඳත් සඟරාවේ පසුකලීන භාෂා සැලසුම්කරණය - සිදත් සගරා විෂය කොටගෙන බිහි වූ හා සිදත් සගරාව ආශ‍්‍රය කරමින් බිහි වූ ව්‍යාකරණ ග‍්‍රන්ථ වලින් සිදුව ඇති භාෂා සැලසුම්කරණයන් හෙළිදරව් කිරීම මෙම කෘතියෙහි මූලික අරමුණ වේ. Rs 600.00 Add to cart Buy
Out-of-Stock Pali Vyakaranaya Out-of-Stock පාලි ව්‍යාකරණය - අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර විභාගයේ පටන් උපාධි විභාගය දක්වා මැනවින් පරිශීලනය කළ හැකි සුවිශේෂී වූ වියරණ ග‍්‍රන්ථයකි. Rs 1,250.00 Details View details
Out-of-Stock Sinhala Nawakathave Vikashanaya Out-of-Stock සිංහල නවකතාවේ විකාශනය - මෙම කෘතියෙන් සිංහල නවකතාව ක‍්‍රමයෙන් දියුණු වී ගිය අන්දමත්, කලින් කලට යුගයෙන් යුගයට, එහි ස්වරූපය හා පරමාර්ථ වෙනස් වූ ආකාරයත්, සිංහල නවකතා, කලාවට හා එහි සන්දර්භයට අළුත් අංග එකිනෙක එකතු වූ හැටිත් සුවිශේෂී විග‍්‍රහයක් කර ඇත. Rs 350.00 Details View details
Aththa Yuththa ඇත්ත යුත්ත - මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත මෙම ග්‍රන්ථය සමාජ විවරණය, භාෂා සාහිත්‍ය විචාර හා ප්‍රතිමා කලාව පිළබඳ ලිපි පෙළකින් සමන්විත වූවකි. Rs 375.00 Add to cart Buy
Thisara Sandeshaya තිසර සංදේශය - ඉපැරණි ම සංදේශ කාව්‍යය වශයෙන් සැලකෙන මෙම ග‍්‍රන්‍ථයෙන් අවුරුදු පන්සියයකට පෙර ලංකාවේ ඉතිහාසය සමාජ තතු ආගමික පසුබිම ආදී කරුණු ගණනාවක් විවරණය වේ. ඉටු අනිටු ගණ සහ අධ්‍යාපනය සඳහා ඉතා වැදගත් කරුණු රාශියක් පිටු 28 කින් යුත් සංඥාපනයට ඇතුළත් කර තිබේ. සංදේශ කාව්‍යය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලබා ගැනීමට මෙම පොත අනිවාර්යයෙන් ම කියවිය යුතු අතර කාන් රසාස්වාදයේ තීව‍්‍ර වින්‍දනය සඳහා එය උපකාරී වනු ඇත. Rs 280.00 Add to cart Buy
Selalihini Sandeshaya සැළලිහිණි සංදේශය - සංදේශ සාහිත්‍යයේ අතිශය රසවත් කාව්‍ය නිර්මාණයන්ගෙන් යුතු පොතක් ලෙස සැලකෙන මෙය තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන් විසින් රචනා කරනු ලැබ ඇත. මෙම නව සංස්කරණය වර්තමාන සිසු පරපුරේ ප‍්‍රයෝජනය සඳහා සෑම පද්‍යයක් වෙනුවෙන් ම පද පිළිවෙල අර්ථය සහ ටිප්පනි යන අංග තුනෙන් ම සමන්විතව සැකසී තිබේ. ටිප්පනි යටතේ අර්ථාවබෝධයට අපහසු පදයන් සම්බන්ධව විස්තර දක්වා ඇති අතර සාහිත්‍යමය රසවින්දනය සඳහා ද අවස්ථාව සලසා දී තිබේ. සිසුන්ට ප‍්‍රයෝජනවත් වන පරිදි මෙහි ප‍්‍රස්ථාවනාව ද සැකසී තිබීම විශේෂත්වයකි. ප‍්‍රස්තාවනාව යටතේ ශ‍්‍රී රාහුල හිමියන්ගේ ප‍්‍රතිභාව ද එකල කවි සමය හා රාහුල හිමියන් පිලිබඳව ද කරුණු රැසක් සඳහන් ව තිබේ. Rs 560.00 Add to cart Buy
Out-of-Stock Gira Sandeshaya Out-of-Stock ගිරා සංදේශය - සංදේශ ග‍්‍රන්ථ අතරින් ඉතාමත් රසවත් කාව්‍ය ග‍්‍රන්ථය ලෙස සමහර වියතුන්ගේ ප‍්‍රසාදය හිම් වූ සිංහල විෂයය වෙනුවෙන් විභාග ගණනාවක් ම සඳහා නිර්දේශිත ග‍්‍රන්ථයකි. ඓතිහාසික කරුණු ඇතුළත් ඉතා රසවත් විරිත් කීපයකින් ම සැකසුණු පද්‍ය 254 කින් යුතු මෙම කෘතියෙහි සෑම පැදියකට ම පද පිළිවෙළ, අර්ථය, විස්තරාඛ්‍යාන සහ රස භාව සංකල්පනයන් ද ඇතුළත් කර තිබේ. සුන්දර රසාස්වාදයන් ලබාදෙන අති රමණීය ගී සංකල්පයන්ගෙන් පරිපූර්ණ සංදේශ කාව්‍යයකි. Rs 390.00 Details View details
Sawul Sandeshaya සැවුල් සංදේශය - අලගියවන්න මුකවෙටි තුමා අතින් ලියැවී ඇති මෙම සංදේශය සීතාවක පුරවරයේ සිට සබරගමුව වෙත යැවෙන ලෙස ලියැවී තිබේ. අලංකාර පද්‍යවලින් යුතු ය. මෙය ද කාලානුරූප ව ලියැවුණු සාහිත්‍ය වටිනාකමකින් යුතු පොතකි. Rs 240.00 Add to cart Buy
Hansa Sandeshaya හංස සංදේශය - සිංහල සංදේශ කාව්‍ය අතර පැරණි ම සංදේශ කීපය අතරට මෙම සංදේශය ද අයත් වන බව සඳහන් කරන කතුවරයා මෙය ද සෑම කාව්‍යාංගයකින් ම සමන්විත වන අතර එහි අර්ථය ද පැහැදිලිව සඳහන් වේ. එසේ ම සෑම පදයක් සඳහා ම යොදා ඇති කාව්‍ය විස්තරයන්ගෙන් සාහිත්‍ය පිළිබඳ ව දැනුම් රැසක් ගෙන එන බව දක්නට ලැබේ. මේ හැරෙන්නට ඒ ඒ පද්‍ය වල දක්නට ලැබෙන විවිධි ග‍්‍රන්ථි පද සඳහා විවරණය කිරීමක් ද දක්නට ඇත. කවර උසස් විභාගයකට වුවද සූදානම් වන අයට භාවිත කළ හැකි ලෙස සැකසී තිබේ. Rs 720.00 Add to cart Buy
Mayura Sandashaya පදගතාර්ථ සහිත මයුර සංදේශය - සංදේශ සාහිත්‍ය ග‍්‍රන්ථ අතුරින් මයුර සංදේශයට ද හිමිවන්නේ නොදෙවෙනි තැනකි. දැනට මෙය අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ විවිධ විභාගයන් සඳහා නියම කර ඇති බැවින් පැරණි සංස්කරණයට වඩා ඉතාමත් පැහැදිලි වර්තමාන සිංහල භාෂාව යොදාගෙන සංස්කරණය කර තිබේ. මේ නිසා ඕනෑ ම අයෙකුට පහසුවෙන් කියවා අවබෝධ කර ගත හැක. සෑම පද්‍යයක් සඳහා ම සැකසුම, අර්ථය, විස්තර හා පද විවරණයක් සපයා තිබේ. වැදගත් තොරතුරු රැසක් ඇතුළත් කරමින් ලියැවුණු වටිනා ප‍්‍රස්ථාවනාවකින් ද යුක්තය. උසස් විභාග සඳහා පමණක් නොව පාසල් අධ්‍යාපන සඳහා වුවද භාවිත කිරීමට සුදුසු වන ලෙස සංස්කරණය කර තිබේ. Rs 590.00 Add to cart Buy
Rasavadaya ha Bauddha Kavya රසවාදය හා බෞද්ධ කාව්‍යය - සංස්කෘත ආලංකාරිකයන් පරිශ්‍රමයෙන් විකාශනය කළ මතයක් වන රසවාදය හිසින් ගැනීම නිසා අනුකාරක විචිත්‍ර රීතියක් බිහි වූ අයුරුත් එය අපගේ නිදහස් සාහිත්‍ය සම්ප්‍රදායට බාධාවක් වූ සැටියත් මාර්ටින් වික්‍රමසිංහ මේ කෘතියෙන් අනාවරණය කරයි. Rs 175.00 Add to cart Buy
Sinhala Sahithyaye Negeema සිංහල සාහිත්‍යයේ නැගීම - සිංහල සාහිත්‍යයේ එන ජනකවි, සිව්පද කාව්‍ය, ගද්‍ය හා පද්‍ය ආදී බොහෝ සංස්කෘතිකමය මාතෘකා ඔස්සේ ලියැවුණු විචාරවත් ග්‍රන්ථයක් ලෙසින් හඳුන්වා දිය හැක. මෙහි එන පටුන කියවන කා හට වුවද මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විචාර බුද්ධියට ගෝචර වූ මාතෘකා එයට කදිම නිදසුන් වේ. Rs 1,100.00 Add to cart Buy
Jathaka Katha Wimasuma ජාතක කතා විමසුම - ජාතක කතා ජනකතා නොවේ. ඇතැම් පචිචුප්පන්න වස්තු බුදුරදුන්ගේ හා යතිවරයන්ගේ අත්දැකීම් ඇසුරින් රචිත නියම යථාර්ථක කථා ය. පුනරුක්තයන් බැහැර කරනු ලැබූ විට ඒ කතා ඇන්ටන් චැකෝෆ්ගේ කතා වලට ළං වෙයි. අතීත වස්තු ජන කතා ඇසුරින් බෞද්ධ යතිවරයන් විසින් නිපදවන ලද ස්වාධීන කථා ය. ඒ ඒ ජන්මයෙහි උපන් බෝධිසත්වයින්ගේ චරිතය ගුරුකොට ගැනීම නිසා ඒ කථාවල චරිත පුද්ගල චරිත ලෙස නිරූපණය වෙයි. ඇතැම් කථා සන්දර්භය, වර්ණනා රීතිය හා යථාර්ථ රූපය ද විසින් වර්තමාන බටහිර කථාවලට සමාන වන තැන් ද ඔහු පෙන්වයි. Rs 350.00 Add to cart Buy
Nawa Padya Sinhalaya නව පද්‍ය සිංහලය - නූතන සිංහල පද්‍යය ස්වාධීනව විභාග කරමින් මේ දක්වා ලියවී ඇති හොඳම විචාර ග්‍රන්ථය "නව පද්‍ය සිංහලය" බව බොහෝ විචාරකයින්ගේ මතයයි. කොළඹ යුගයේ එළිසම පද්‍යය හා නිසඳැස් - නිදහස් පද්‍ය පිළිබඳව පුළුල් විචාරණයක් ඉදිරිපත් කරන මෙම ග්‍රන්ථය සිංහල සාහිත්‍ය හදාරන විද්‍යාර්ථීන්ට මෙන් ම උගතුන්ට ද එකසේ ප්‍රයෝජනවත් වේ. Rs 350.00 Add to cart Buy