Home

-10%
Dictionary Of Pali Proper Names 1-2 Vols
Dictionary Of Pali Proper Names 1-2 Vols - The present work Dictionary of Pali Proper Names is a magnum opus of Malalasekera, in two volumes.It is a dedicated work of meticulous scholarship which can be seen from the extensive references from the Pali cononical and non-cononical literature and the vast number of entries on the proper names.
Rs 13,500.00
Rs 15,000.00
-10%
Prakurtha Basha Parinamaya
ප්‍රාකෘත භාෂා පරිණාමය - විශ්වවිද්‍යාල, පිරිවෙන් හා ප්‍රචීන භාෂොපකාර සංගමයේ විභාගවලට සිංහල හා පාලි විෂය ධාරා යටතේ ප්‍රාකෘත භාෂාව ඉගැන්වෙන අතර ඒ සඳහා අමතර කියවීම‌ට පොත් දුර්ලභ ය. ආචාර්ය මඩිගේ සුගතසිරි හිමියන් විසින් රචිත 'ප්‍රාකෘත භාෂා පරිණාමය' නමැති මේ කෘතිය යථෝක්ත ඌනතාව සපුරාලන්නකි. ප්‍රාකෘත භාෂාවන්හි ආරම්භය, විවිධතා හා පරිණාමය ගැන තොරතුරු මේ කෘතිය මඟින් අනාවරණය වේ. 
Rs 495.00
Rs 550.00
-10%Out-of-Stock
Bauddha Chinthanaya 1 - Indiyanu Mahayana Budusamaya
Out-of-Stock
බෞද්ධ චින්තනය 1 - ඉන්දියානු මහායාන බුදුසමය - බුද්ධ පරිනිර්වාණයේ පටන් මහායාන බුදුසමයේ ආරම්භය, සංකල්පයන් හා අවසානය ද මහායාන බුදුසමය හා සබැඳි  විවිධ තොරතුරු මෙම කෘතිය ඔස්සේ විග්‍රහයට ලක් කොට ඇත.
Rs 1,350.00
Rs 1,500.00
-10%
Bauddha Chinthanaya 2 - Negenahira Asianu Mahayana Budu Samaya
බෞද්ධ චින්තනය 2 - නැගෙනහිර ආසියානු මහායාන බුදු සමය - නැගෙනහිර ආසියානු ‌‌බෞද්ධ චින්තනය, කලාශිල්ප, බෞද්ධ මූලාශ්‍රය හා සාහිත්‍ය, බෞද්ධ ඉතිහාසය හා බුදු දහමේ ව්‍යාප්තිය යනාදී වශයෙන් ‌විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ විග්‍රහයන් මෙම කෘතිය මඟින් ඉදිරිපත් කෙරේ. මෙනිසා මෙම කෘතිය උක්ත ‌විෂය ක්ෂේත්‍රයන් හදාරන විද්‍යාර්ථීන්ට මහඟු අත්වැලක් සපයනු නොඅනුමාන ය.
Rs 2,493.00
Rs 2,770.00
-10%Out-of-Stock
Theravada Bhanaka Sampradaya
Out-of-Stock
ථෙරවාද භාණක සම්ප්‍රදාය - "ථෙරවාද භාණක සම්ප්‍රදාය පිළිබඳ ආචාර්ය මඩිගේ සුගතසිරි හිමියන් විසින් තම ශාස්ත්‍රීය ශික්ෂණය උපයෝගී කොට ගනිමින් සම්පාදිත මෙම කෘතිය තත්විෂය සම්බන්ධයෙන් ශාස්ත්‍රීය ලෝකයට ප්‍රදානය කෙරෙන නවතම කෘතිය යි. මේ වූකලී ප්‍රාචීන අධ්‍යපනයෙහි මෙන් ම විශ්වවිද්‍යාලයන්හි අධ්‍යයන අධ්‍යාපන කටයුතුවල නිරත වන ආචාර්ය ශිෂ්‍ය දෙපක්ෂයට පමණක් නොව පර්යේෂණ කාර්‍යන්හි යෙදෙන විද්වතුන්ට ද ඉමහත් ලෙස ප්‍රයෝජනවත් වනු නො අනුමාන ය."
Rs 540.00
Rs 600.00
-10%
Pali Bhashadhyayana Margopadesha Sangrahaya
පාලි භාශාධ්‍යයන මාර්ගෝපදේශ සංග්‍රහය - පාලි භාෂාව සම්බන්ධව මූලික කරුණු වලින් ආරම්භ කොට ක්‍රමයෙන් ගැඹුරු කරුණු විස්තර කිරීම් කෙරෙහි යොමු කෙරෙන අතර එක් එක් පැහැදිලි කිරීම් අවසානයෙහි අභ්‍යාසයන් ද ලබා දීම මඟින් භාෂා ඥානය දියුණු කර ගැනීම‌ට පාඨකයනට මෙමඟින් මඟ සලසයි.
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock
Asamanya Sithaka Hadaruva
Out-of-Stock
අසාමාන්‍ය සිතක හැඩරුව - 'ඔබේ ජීවිතය නැවත නිර්වචනය කිරීම හා තමාගේ කොන්දේසිවලට අනුව සාර්ථක කරගැනීමට අසම්මත නීතී 10ක්' - New York Times හා Amazon.com No. 1 Book Globally, Nautilus ග්‍රන්ථ සම්මානයෙන් පිදුම් ලද, සිව් වසරක් තරම් ‌කෙටි කාලයක දී ‌‌ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වූ හා භාෂා 25කට පරිවර්තනය වූ 'The Code of the Extraordinary Mind' නම් ග්‍රන්ථය වර්ථමාන ‌ලෝකයේ පළවූ සුවිශේෂී පුද්ගල වර්ධන ග්‍රන්ථය ‌යි. 'අසාමාන්‍ය සිතක හැඩරුව' එහි සිංහල පරිවර්තනයයි.
Rs 1,665.00
Rs 1,850.00
-10%
Yathiwarayeku Se Sithanna
යතිවරයෙකු සේ සිතන්න - මෙය ඔබේ ජීවිතය වෙනස් කරන අපූරු ග්‍රන්ථයකි. වෙළඳපොලට නිකුත් වූ සැනින් ම ලොව පුරා මිනිසුන් මිලියන ගණනින් වැලඳගත් ජේ. සෙත්ති විසින් රචිත මෙම 'Think Like a Monk' ග්‍රන්ථය වසර 2020 දී Amazon.com හා New York Times හි වැඩිම අලෙවියක් හිමි කරගත් පුද්ගල වර්ධන ග්‍රන්ථය බවට පත් විය. 'යතිවරයෙකු සේ සිතන්න' මෙහි සිංහල පරිවර්තනයයි.
Rs 1,422.00
Rs 1,580.00
-10%
Bauddha Pavidisi Nithiya
බෞද්ධ පැවිදිසි නීතිය - බෞද්ධ පැවිදිසි නීතිය පිළිබඳව සිංහල භාෂාවෙන් ග්‍රන්ථයක් නොමැති බව වටහා ගත් මහාචාර්ය මාරසිංහ මහතා එම අඩුව පිරවීමට, මුල් කෘතියේ අඩංගු බෞද්ධ පැවිදිසි නීතිය පිළිබඳ පරිච්ඡේද සතර දීප්ත හොරගොඩගේ සහයෙන් විධිමත් ලෙස පරිවර්තන කොට මෙසේ ප්‍රකාශයට පත් කෙරිණි.
Rs 1,260.00
Rs 1,400.00
-10%
Sanskrutha - Nama - Akyatha Abhinava Waranegilla
සංස්තකෘත - නාම - ආඛ්‍යාත අභිනව වරනැගිල්ල - සංස්කෘත භාෂාව හැදෑරීම සඳහා භාවිතා කළ හැකි සංස්කෘත ශබ්දවරනැගීම් සහිත ග්‍රන්ථයක් ලෙස මෙය වැදගත් වේ. මෙහි කරුණු සිංහල තේරුම් ද සහිත ව ඉදිරිපත් කර ඇති අතර මූලික පිරිවෙන් අවසාන විභාගය, ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම සහ අවසාන විභාගවලට මෙන්ම විශ්වවිද්‍යාලයීය උසස් විද්‍යර්ථීන්ගේ ද ප්‍රයෝජනය පිණිස සම්පාදිත අගනා කෘතියක් ලෙස හැඳින්විය හැකි ය.  
Rs 684.00
Rs 760.00
-10%
Sanskrutha - Vyakarana Reethi Adyanaya
සංස්කෘත ව්‍යාකරණ රීති අධ්‍යයනය - සංස්කෘත භාෂාවේ මූලික ව්‍යාකරණ සහ සාහිත්‍ය දැනුම පිරිවෙන් ශිෂ්‍යයන්ට ලබාදීමේ අරමුණින් "සංස්කෘත ව්‍යාකරණ රීති අධ්‍යයනය" සම්පාදනය කර ඇත. සංස්කෘත භාෂා අධ්‍යයනය‌ට හොඳ ගුරු ඇසුරක් අවශ්‍ය වන්නාක් මෙන් ම හොඳ ග්‍රන්ථ ඇසුරක් ලැබීම ද ශිෂ්‍යයන්ගේ භාග්‍යකි. සිංහල මාධ්‍යයෙන් සංස්කෘත ව්‍යාකරණ අධ්‍යයනයට පිවිසෙන ආධුනිකයන්ට මෙය හොඳම කෘතියකි.  
Rs 1,035.00
Rs 1,150.00
-10%Out-of-Stock
Sinhala Bauddha Manse Rogabadha Samanaya Karana Mahapiritha
Out-of-Stock
සිංහල බෞද්ධ මනසේ රෝගාබාධ සමනය කරන මහපිරිත - "ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට 'ආධ්‍යාත්මික ස්නායුවේද විද්‍යාව (Neurotheology)' පදනම් කොට ඇති මෙම මාහැඟි ග්‍රන්ථය සිංහල බෞද්ධ ජන සමාජයේ භාවිතා වන මහා පිරිත් දේශා පිළිබඳ නව්‍යය වූ දෘෂ්ටි කෝණයකින් සිදුකළ පර්යේෂණයකි. සිංහල ‌බෞද්ධ ජන සමාජය තුළ 'මහපිරිත' කායික, මානසික සහ ඊතරය තල තුළ චිකිත්සක ක්‍රමයක් ලෙස භාවිතා වන ආකාරය පිළිබඳ සිදුකල ඉතා අගනා පර්යේෂණයක් ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැක." 
Rs 3,780.00
Rs 4,200.00
-10%
Leonard Wolf Samaga Gamanak
ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක් - "බ්‍රිතාන්‍ය යටත් විජිත සේවයෙන් විශ්‍රාම ගෙන වර්ෂ 1911 දී ආපසු එංගලන්තයට ගිය ලෙනාර්ඩ් වුල්ෆ් ලෝ පතළ කීර්තිමත් ලේඛකයෙකු ලෙස 1960 දී හම්බන්තොට දැක බලාගැනිමේ අදහසින් නැවත ලංකාවට පැමිණෙයි. මේ ඔහුගේ ඒ සංචාරය පිළිබද කතාන්දරයයි."
Rs 1,440.00
Rs 1,600.00
-10%
Sinhala Sahithyayehi Batahira Abasaya
සිංහල සාහිත්‍යයෙහි බටහිර ආභාසය - සිංහල ජන සමාජය කෙරෙහි බටහිර සංස්කෘතිය හා ශිෂ්ඨාචාරය බලපා ඇත. එහි එක් පැතිකඩක් වන සිංහල සාහිත්‍යයෙහි දක්නා ලැබෙන බටහිර ආභාසය විචාරපූර්වකව විග්‍රහ කිරීම මෙහි කතුවරයාගේ කාර්ය වී ඇත. මෙම කෘතියෙහි ඇතුළත් ඇතැම් කරුණු, ආාර්ය උබයසිරි විජයනන්ද වික්‍රම විසින් මුල්වරට පළකොට ඇත්තේ, 'සංස්කෘත', 'විමංසා', 'සාහිත්‍යය', 'පියවර' හා 'ප්‍රගති' වැනි ප්‍රකට සඟරා ඇසුරෙනි. 
Rs 1,080.00
Rs 1,200.00
-10%
Bhavitha Sithehi Asiriya
භාවිත සිතෙහි අසිරිය - බුදු දහමෙහි මුල් තැන ලැබෙන සිත පිළිබඳ ප්‍රකට වන අසිරිය අගය කරමින් ලියවී ඇති මෙම ග්‍රන්ථය පාඨකයින්ගේ හුදු ශ්‍රද්ධාව හා ධර්මාවබෝධය වර්ධනය සඳහා සකස් කරන ලද්දකි.
Rs 450.00
Rs 500.00
-10%
Santhathi Maha Rahathan Wahanse
සන්තති මහ රහතන් වහන්සේ - මෙම කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ "සන්තති" නම් වූ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අයත් නොවන, නමුත් බුදුසසුන තුළ අතිශය ප්‍රකට මහ රහතන් වහන්සේගේ චරිත කථාවයි. 
Rs 162.00
Rs 180.00
-10%
Sirilaka Sthupa Puranaya
සිරිලක ස්තූප පුරාණය - සිරිලක ස්තූප පුරාණය නම් ගවේෂණාත්මක කෘතිය ශ්‍රී ලාංකේය පාසල් ශිෂ්‍ය ශිෂ්‍යවන් හා සරසවි විද්‍යාර්ථීන්ගේ විෂයානුබද්ධ දැනුම වර්ධනය සඳහා රචිත ගුණාත්ම කරුණු වලින් අනූන කෘතියකි.
Rs 711.00
Rs 790.00
-10%
Dumbarabhinandana Shasthriya Sara Sangrahaya
දුම්බරාභිනන්දන ශාස්ත්‍රීය සාර සංග්‍රහය - කරලියද්ද ශ්‍රී උපෝසථාරාම පුරාණ විහාරස්ථානයේ ඓතිහාසික වටිනාකම ඉස්මතු කරමින් පළමු කොටස රචනා කොට ඇති අතර දෙවන කොටසේ එක් එක් අනුමාතෘකා යටතේ දුම්බර ප්‍රදේශයේ ඓතිහාසික, පුරාවිද්‍යාත්මක, සාහිත්‍ය, සමාජ හා සංස්කෘතික ලක්ෂණයන් ආදීය පිළිබඳ ව චාය‌ා රූප සහිත ව මැනවින් විග්‍රහ කීරිමට ලක් කොට ඇති ආකාරය ප්‍රශංසනී‌ය ය. බෞද්ධ අධ්‍යයනය, බෞද්ධ සංස්කෘතිය, ඉතිහාසය, පුරාවිද්‍යාව, සමාජ විද්‍යාව, ජන සන්නිවේදනය සහ සිංහල ආදී විෂයන්ගෙන් යුත් ලිපි සමූහයක එකතුවක් ලෙස ද දැක්විය හැකි ය.
Rs 2,250.00
Rs 2,500.00
-10%
Purva Wivaha Upadeshanaya (Budu Dahama Asurin)
පූර්ව විවාහ උපදේශනය (බුදු දහම ඇසුරින්) - ඓතිහාසික සෙංකඩගල ශෛලාභිවර්ධනපුර පුරවරයෙහි අප අස්ගිරි මහාවිහාර පාර්ශවීය කාරක සංඝ සභික, ශ්‍රී උපෝසථාරාම පුරාණ විහාරාධිකාරී කල්‍යාණ මිත්‍ර ආචාර්ය පූජ්‍ය කැටකුඹුරේ ධම්මාරාම හිමියන් විසින් රචනා කොට ප්‍රකාශයට පත් කළ පූර්ව විවාහ  උපදේශනය (බුදු දහම ඇසුරින්) කෘතිය ඉතා සුවිශේෂී පර්යේෂණ ග්‍රන්ථයක් වශයෙන් සඳහන් කළ හැක.
Rs 1,215.00
Rs 1,350.00
-10%
Dhammanandabhinandana
ධම්මානන්දාභිනන්දන - අස්ගිරි මහාවිහාර පාර්ශවයේ ශ්‍රීමත් මහානායක මාහිමි ප්‍රධාන සානුනායක විංශද්වර්ගික කාරක සංඝසභාවේ සමානඡන්දයෙන් අප ගුරුදේවෝත්තම මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශවයේ මහාලේඛකාධිකාරී, මැදගම ධර්මකීර්ති ශ්‍රී ධම්මක්ඛන්ධ ධම්මානන්දාභිධාන මාහිමිපාණන් වහන්සේ මහනුවර ඓතිහාසික සුදුහුම්පොළ රජමහා විහාරයෙහි අභිනව විහාරාධිපති නායක මාහිමියන් වශයෙන්, තෝරාපත් කොට එහි ශ්‍රී සන්නස් පත්‍රය පිරිනමන මෙම ඓතිහාසික හා පූජනීය අවස්ථාවේ දී උන්වහන්සේට උපහාරයක් වශයෙන් ප්‍රායෝගික වටිනාකමක් ඇති ග්‍රන්ථයකි.
Rs 1,800.00
Rs 2,000.00
-10%
Maga Eli Peheliya
මග එළි පෙහෙළිය - මග එළි පෙහෙළිය භාවනාව හා බුදු දහම ගැන උනන්දුවක් දක්වන ගවේෂකයන්ට ය. එය බුදුන් වදාළ දහම සඳහා හොඳම මූලාශ්‍රය පාලි පෙළෙහි සූත්‍ර බහුතරය බව තහවුරු කරයි.
Rs 1,350.00
Rs 1,500.00
-10%Out-of-Stock
Abhidharma Chiththavithi Sangrahaya
Out-of-Stock
අභිධර්ම චිත්තවීථි සංග්‍රහය - "අභිධර්ම චිත්තවීථි සංග්‍රහය" නමැති කෘතිය රචනා කිරීමට අදහස් කර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයෙහි අභිධර්මය පිළිබඳ දේශන පැවැත්වීමට කරුණු එකතු කිරීමේ ව්‍යායාමයෙහි ප්‍රතිඵලයක් වශයෙනි.
Rs 1,080.00
Rs 1,200.00