New Lama Manovidyawa - Lama Sanwardhanaya Ha Lama Arakshanaya පෙර පාසල් ගුරුවරියන්ට ගුරු පුහුණු පාඨමාලා - හදාරන ගුරුවරුන්ට දරුවන් හොඳින් හදා වඩා ගන්නට උනන්දු වන දෙමාපියන්ට අත්පොතකි. ළමයින් හදා වඩා ගැනීමේ දී ඔවුන්ගේ හැකියාවන් දක්ෂතාවන් හා අවශ්‍යතාවන් පිළිබඳව නිවැරදි වැටහීමක් දෙමාපියන් තුළ තිබිය යුතු ය. පුර්ණ පෞරුෂ වර්ධනයකින් යුතු ළමයෙකු හදා වඩාගත හැකි වනුයේ ළමයා ගේ කායික, බුද්ධිමය, චිත්තවේගික හා සාමාජික යන අංශයන්හි වර්ධනය පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති විට පමණි. ළමයින්ගේ වර්ධන රටාව සහ ස්වරූපය පිළිබඳව පැහැදිලිව දැන ගැනීමට සිංහල පාඨකයන්ට තිබූ අවහිරය මේ පොත නිසා මගහැරී යයි. නූතන පර්යේෂණ වලින් හෙළි වූ නව තොරතුරු ද ඇතුළත් කොට, ළමා මනෝ විද්‍යාව පිළිබඳ නව දැනුම සරල, සුගම බසින් සිංහල පාඨක ලෝකයා වෙතගෙන ඒමට කතුවරු සමත්ව සිටිති. දරුවන් හදා වඩා ගැනීමෙහි නියැලි සැම දෙනා ළඟ ම තිබිය යුතු පොතකි. Rs 1,200.00 Add to cart Buy
New Maranaya Ha Maranaya Pilibanda Vidyava මරණය හා මරණය පිළිබඳ විද්‍යාව ග්‍රන්ථය මෙලොව ජීවිතය නිවැරදිව වටහා ගැනීමටත්, ජීවිතය සැපවත් කර ගැනීමටත් ඔබට බෙහෙවින් උපකාර වනු ඇත. Christine Longaker දුක් වේදනාවට පත්ව කෙඳිරී ගාමින්, වැළපෙමින් රෝගීව සිටින හා මරණය අබියස, එය පෙනී පෙනී සිටින අසාධ්‍ය රෝගීන්ට උවැටන් කරමින් ඔවුන් එම දුකෙන් බේරා ගැනීමට කටයුතු කළ යුතු ආකාරය Facing Death and Finding Hope ග්‍රන්ථයේ දක්වා ඇත. රෝගීන්, වයසක දෙමාපියන්, වැඩිහිටි නිවාසවල සිටින මහලු අය රැකබලා ගන්නන්, පිළිකා හා එඩ්ස් වැනි රෝග වලට ගොදුරු වූවන්ට උදව් කරන අයට තම මිතුරකු දුකට හා විපතට පත් වූ විටෙක කටයුතු වඩා නිවැරදි ව කළ යුතු ආකාරය වටහා ගැනීමට මෙම පොත මහඟු රුකුලක් වනු ඇත. නිවැරදි ක්‍රමය දැන ගෙන එය ඉටු කිරීම මහඟු පිනක් වේ. මිය යන පුද්ගලයකුට සිහි නුවණින්, සිත සැනසිල්ලේ මිය යාමට උදව් කිරීම තරම් වූ තවත් යහපත් පුණ්‍ය කටයුත්තක් නොමැති තරම් ය. එම පුණ්‍ය කර්මය නිවැරදි ව හා හොඳින් ම කර ගැනීමට ඔබට මෙම පොත උදව් වනු ඇත. Rs 350.00 Add to cart Buy
New Sarthakathvayata Pahasu Manpeth ඔබේ ජීවිතය සාර්ථක කරගැනීමට ඍජුව ම උදවු වන ප්‍රායෝගික ක්‍රියාමාර්ග අන්තර්ගත හස්තසාර ග්‍රන්ථයකි. බොහෝ දෙනකු දියුණු නොවන්නේ ඔවුන් තුළ ඇති නොහැකියාව නිසා නො වේ. පරාජයට හේතු වන සාධක හඳුනා ගෙන ඒවා ජය ගෙන දියුණුව කරා ගමන් කරන මාර්ගය නොදන්නා නිසා ය. බොහෝ දෙනෙකු අසමත් වන්නේ අන් කිසිම බාහිර හේතු නිසා නොව ඔවුන් තුළ ම ඇති අසමත් වීමට හේතු වන පුරුදු ය. එම අසමත් වීමේ පුරුදු අතර පැහැදිලි අරමුණක් නැතිකම ඍණාත්මක චින්තනය. ඵලදායිත්වය අඩුකම, ජීව ශක්තිය නැතිකම. තම මතය පැහැදිලි ව ඉදිරිපත් කිරීමේ නොහැකියාව. හැකිළුණ චිත්ත සැලසුම්. දුබල ආත්ම ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීම ආදිය ඉන් සමහරකි. පරාජයන්ට හේතු වන මෙම සාධක වලට අභියෝග කරන්න ඉගෙන ගන්න. ඒ සඳහා ඔබට මෙම පොත උදවු වනු ඇත. මේ පොතේ එන උපදෙස් පිළිගැනීමෙන් හා ක්‍රියාත්මක කිරීමෙන්, ඔබේ සම්පත් හා වස්තුව වැඩි කරගත හැකි ය. සාර්ථකත්වය, සන්තුෂ්ටිය හා පුද්ගල සබඳතා දියුණු කරගත හැකි ය. මාස කීපයක් තුළ දී ම ඔබ දියුණුවේ හිණි පෙත්තට ළඟාවනු ඇත Rs 600.00 Add to cart Buy
New Kantha Manovidyawa ha Kanthawadi Upadeshanaya කාන්තා මනෝ විද්‍යාව හා කාන්තාවාදී උපදේශනය නම් වූ මෙම කෘතිය අදාළ විෂය පිළිබඳ සිංහල මාධ්‍යයෙන් පළ වූ ප්‍රථම කෘතිය වෙයි. මෙහි විශේෂ වැදගත්කම නම් කාන්තාවාදී දෘෂ්ටිය හුවා දක්වමින් පුරුෂයකු විසින් ලියන ලද වීම ය. කාන්තා වාදය ගැන බොහෝ සෙයින් ලියා ඇත්තේ කාන්තා ලේඛිකාවන් වන හෙයින් මෙය නවමු අත්දැකීමක් විය හැකිය. කාන්තා මනෝ විද්‍යාව, මනෝවිද්‍යාවේ අනෙකුත් ශාඛා වලට වඩා ඉඳුරා වෙනස් ය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, පුරුෂවාදී දේශපාලනයෙන් කාන්තාව මුදවා ගැනීම, බලය බෙදා ගැනීම, කාන්තාව බලගතු කරණය හා කාන්තාව යටපත් වීමෙන් මුදවා ගැනීම යන පංච මූලධර්ම මතගොඩනැගී ඇති කාන්තා මනෝ විද්‍යාව මෙම කෘතිය මගින් මැනවින් අර්ථකථනය කරනු ලබයි. එසේ ම පවතින සමාජ ක්‍රමය තුළ කාන්තාව ඔසවා තැබිය යුත්තේ කෙසේදැයි මෙම කතුවරයා විග්‍රහ කරයි. තමන් කවු ද? තමන්ගේ නියම ස්වරූපය කවරේ ද? යන්න තේරුම් ගෙන, සීමා පවුරු බිඳ ඉවත හෙළා ස්වයං බලවන්ත කරණය වීමට කැමැති සෑම කාන්තාවක් ම මෙම කෘතිය කියවිය යුතු වේ. කියවා ඉවත හෙළනු වෙනුවට එහි සාරය එන්නත් කරගෙන අන්‍යයන්ට ද එසේ කළ යුතු වේ. Rs 500.00 Add to cart Buy
New Sandushtika Ha Manushika Manowidya Praweshaya ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රටක මානසික සෞඛ්‍යය සංවර්ධනය සඳහා නිර්දේශ 10 ක් ඉදිරිපත් කර ඇත. ඉන් එක් නිර්දේශයක් වනුයේ මානව සම්පත් සංවර්ධනයයි. මනෝ උපදේශක වෘත්තිකයන් ද මානසික සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයට අයත්වන වැදගත් මානව සම්පතකි. එනයින් මහාචාර්ය රෝලන්ඩ් අබේපාල හා කථිකාචාරීණී අරුන්දතී අබේපාල එක්ව ලියා ඇති සාංදෘෂ්ටික හා මානුෂික මනෝවිද්‍යා ප්‍රවේශ' නමැති අගනා ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ උපදේශන මනෝ විද්‍යාව හදාරන විද්‍යාර්ථීන්ට අතිශයින්ම ප්‍රයෝජනවත් කෘතියක් වන අතරසෑම මිනිසකු තුළම පවතින මානසික ශක්තිය හා විභවය පිළිබඳ සාකච්ඡා කරන සාංදෘෂ්ටික හා මානුෂික මනෝවිද්‍යා ප්‍රවේශයේ දර්ශනය න්‍යායන් හා ප්‍රායෝගික භාවිතය සරල ව පැහැදිලිව නිවැරදිව හා අදාළව පාඨකයාට මිතුරු ලෙසින් මෙහි ලියැවී ඇත. Rs 300.00 Add to cart Buy
NewOut-of-Stock Sigmund Freudge Manowishleshanawadaya Out-of-Stock මහාචාර්ය රෝලන්ඩ් අබේපාලයන් විසින් රචිත සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනොවිශ්ලේෂණවාදය නමැති මනෝවිද්‍යා කෘතිය මනොවිශ්ලේෂණවාදී ප්‍රවේශයඉතා සරල බසින් එහෙත් ගැඹුරින් පැහැදිලි කරනු ලබන සිංහල බසින් ලියවුණු විශිෂ්ට කෘතියක් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. Rs 800.00 Details View details
New Kotipathiyeku Wimata Nam එක් පුද්ගලයෙකුට මුදල් ඉතිරි කිරීමට අවශ්‍ය විය.ඔහු ජීවත් වන්නේ මුදල් ණයට ගැනීමෙනි.ඩොලරයක් ණයට ගෙන,ඉතිරි කිරීමේ ගිණුමකට බැර කරන මෙන් මම ඔහුට උපදෙස් දුනිමි.මුදල්වල වැදගත්කම ඔහුට වැටහුනේ එසේ කළ දිනයේය. Rs 390.00 Add to cart Buy
New Manovidya Upadeshana Praveshaya මානව ගැටලු විසදා ගැනීමෙහිලා මනෝවිද්‍යාත්මක උපදෙශනය අතිශය ප්‍රශස්ථ ය. එම න්‍යායාත්මක ඥානය නූතන සමාජයට දායාද කිරීම කාලීන අවශ්‍යතාවයකි. මනෝවිද්‍යා උපදෙශන න්‍යායන් සම්බන්ධයෙන් ලාංකීය අධ්‍යයන ක්ෂ්‍රේත්‍රයෙහි ප්‍රමාණික ග්‍රන්ථ සොයා ගැනීම තරමක් දුෂ්කර ව්‍යායාමයකි. ඒ සම්බන්ධයෙන් සිදුකොට ඇති ශාස්ත්‍රීය විමර්ශන අතිශය දුබල වීම ඊට හේතුව යි. ''මනෝවිද්‍යා උපදෙශන ප්‍රවේශ'' නමැති මෙම කෘතිය මගින් එම අවශ්‍යතාව පූර්ණය වනු නොඅනු මානය. Rs 490.00 Add to cart Buy
New Pohosath Wanna Sathutin Sitinna මෙම ග්‍රන්ථයෙන් කියැවෙන වැදගත් පනිවුඩ කීපයක්ම ඇත. ඉන් පළමු වැන්න වත්මන් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවය. දෙවැනි පනිවුඩය වන්නේ මේ ලෝකය තුළ කිසිවක් හිඟ නැති බවය. හිඟයක් ඇත්නම් එයට හේතුව හරියට වැඩ නොකිරීමය. තුන්වන පනිවුඩය වන්නේ මුදල් අත්‍යවශ්‍ය වුවත් මුදලට සතුට අත් කර ගැනීමට නොහැකි බවය. මුදල් වලට අමතරව වෙනත් යමක් අත්කර ගත යුතු බව කතුවරයාගේ හැඟීමය. ඒ කුමක්ද යන්න මෙම ග්‍රන්ථය කියවීමෙන් දැනගත හැක. මෙම කෘතිය සැබෑ ලෙසටම කතුවරයාගේ අත්දැකීම් මත රචනා කරන ලද්දක් වීම ද තවත් වැදගත් කාරණයකි. Rs 1,200.00 Add to cart Buy
New Supiri Mathakaya මිනිසා මිහිතලයේ වෙසෙන සුවිශේෂී පිවියා බවට පත්ව ඇත්තේ ඔහු සතු විශ්මිතමානසික හැකියාවන් නිසයි. චින්තාමය හැකියාව හා මතක හැකියාව ඒ අතරින් ප්‍රධාන වේ. සිතීමේ හැකියාව මෙන් ම මතක හැකියාව ද අපගේ බොහෝ දෛනික කාර්යයන් සඳහා අත්‍යවශ්‍ය වේ. මතකයේ සිදුවන ඌනතාවයන් නිසා පොදුවේ අප සෑම අයෙකුට ම විවිධ ගැටළුවලට මුහුණ පෑමට සිදු වේ. මතක හැකියාව පිළිබඳ මැසිවිලි නගන්නන් අතර පරීක්ෂණ සඳහා සූදානම් වන සිසු දරුවෝ ප්‍රධාන වෙති. පිළිතුරු සැපයීමේ දී මතකය ආවර්ජනය කර ගැනීමේ අපහසුව ගැන ඔවුහු නිරතුරුව තමන්ට ම චෝදනා කර ගනිති. එහෙත් මතක තබා ගැනීමේ හැකියාව දියුණු කර ගැනීම සඳහා ක්‍රම ශිල්ප බොහොමයක් තිබේ. සුපිරි මතකය නම් මේ පොත තුළින් මතක තබා ගැනීමේ හැකියාව දියුණු කරලීමට කදිම මඟ පෙන්වීමක් සැපයේ. මතක තබා ගැනීමේ ක්‍රම ශිල්ප රැසක් පිළිබඳව මෙහි දී කතුවරයා විසින් සරල බසින් හා සිත් ගන්නා අන්දමින් විස්තර කර දී ඇත. මතක හැකියාව දියුණු කර ගැනීමට අවශ්‍ය සෑම අයකුට ම මෙම කෘතිය තුළින් අත්වැලක් සැපයෙනු නිසකය. Rs 300.00 Add to cart Buy
New Darshanika Manovidyawa දර්ශනය හා මනෝ විද්‍යාව මෙන්ම, තර්ක ශාස්ත්‍රය යන අංශත්‍රයෙන්ම ග්‍රන්ථ රචනා කළ කර්තෘ හිමියන් වෙතින්. ඔබ අතට පත්වන නව්‍ය ග්‍රන්ථය. "දාර්ශනික මනෝවිද්‍යාව නම් ග්‍රන්ථය වේ. මනෝ විද්‍යාවෙහි රැකුම්ගෙ දර්ශනය නම් වේ. විය. විද්‍යාවට සේම මනෝ විද්‍යාවටද පොදු වූවක් හෙයින්, දර්ශනයෙන් තොරව මනසට ද පැවැත්මක් නොමැත. මනෝ විදනව වෙතින්, මනස හා සබැඳි බොහෝ ප්‍රපංච අධ්‍යයන හා පර්යේෂණ කෙරෙන්නේ නමුත්, අවසාන නිගමනයකට හා එකඟතාවයකට හෝ පැමිණි නම් නැත. මනෝවිද්‍යාඥයාට විසඳිය නොහැකි බොහෝ ප්‍රස්තුත දාර්ශනික මනෝවදනඥයා විසින් විමර්ශනය කරනු ලබයි. එය, එසේ වන්නේ, මනස හා සබැඳි කාය චිත්ත ගැටලුව හා චිත්ත වේග මෙන්ම, අධිෂ්ඨානය හා මරණය සේම, පුනර්භවය හා බුද්ධිය වැනි ප්‍රස්තුත මෙම කෘතියෙන් උපන්‍යස්ථ වන හෙයිනි. Rs 250.00 Add to cart Buy
New jeewithayata Para Kiyana Mul Lamaviya බොහෝ විට දරුවන් හඬන්නේ සරල අවශ්‍යතාවන් වෙනුවෙනි. මීට අමතරව අසනීප තත්ත්වයන්ද මීට බලපෑ හැකිය. සාමාන්‍යයෙන් අලුත උපන් දරුවෙකු සතියකට දින 03 ක් පමණ නැහැවීම ප්‍රමාණවත්ය. එහෙත් දිනපතා දරුවාගේ මුහුණ, දෙකන් දෙපස, බෙල්ල, රහස් ප්‍රදේශ පිරිසිදු කළ යුතුය. මෙම කෘතිය දරුවන්ගේ මුල් ළමා විය සම්බන්ධයෙන් වන සියළුම අත්‍යවශ්‍ය කරුණු අන්තර්ගත කොට ලියැවී ඇත. මෙම කෘතියේ මුල් කර්තෘවරු පර්යේෂණ රාශියක් කොට ඉන් සනාථ වන කරුණු අඩංගු කර මෙම ග්‍රන්ථය ලියා පල කර ඇත. Rs 390.00 Add to cart Buy
New Sithaka wehesa සිතක වෙහෙස ස්වාමිපුරුෂයන්ගේ පැමිණිලි නමින් මීට ප්‍රථම මා විසින් පොතක් පළ කරන ලදී. "සිතක වෙහෙස නැමැති මේ පොතේ අන්තර්ගත වන්නේ විවාහක කාන්තාවන් තමන්ගේ ජීවිතය තම ස්වාමිපුරුෂයන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවතුම් නිසා අසහනකාරී තත්වයකට පත්වී යැයි පවසමින් ඒ හා සම්බන්ධයෙන් කරන විස්තරයත්ය. ආවර්ජනයන්ය. එබැවින් මේ පොත" සිතක වෙහෙස " භාර්යාවන්ගේ පැමිණිලි යනුවෙත් නම් කළෙමි. ඇතැම් කාන්තාවන් උගත් කමින්. සමාජ ආර්ථික මට්ට වලින් විවිධ වෙනස්කම් පළ කළ ද බහුතරයකගේ මානසික වෙහෙස සඳහා මුල් වන්නේ ප්‍රධාන කාරණා කිහිපයකි. ඒ අතර විශ්වාසය බිඳ දැමීම, ලිංගික ජීවිතය, මානව ගරුත්වය පිළිබඳව අසංවේදීතාව කැපී පෙනේ. ප්‍රේමය. ආදරය ගැන අවබෝධයක් නොමැති කම, දරුවන් කෙරෙහි අසංවේදී වීම මෙන්ම විවිධ සමාජ ආර්ථික පීඩාවන් ද පොදු තත්වයන් යටතේ කැපී පෙනේ. මෙහි අන්තර්ගත විස්තර කියවන කවරෙකුට වුව එය පැහැදිලිවනු ඇත. Rs 1,230.00 Add to cart Buy
New Adaraneeya Daruwani කර්තෘ ගෙන්... තරුණ වියට පත් දරුවෙකු රටට සම්පතකි. ඔහු වඩාත් යහපත් සම්පතක් බවට පත්වන්නේ අධ්‍යාපන වරප්‍රසාදය හොදින් උරුම කර ගැනීමෙන් ය. අධ්‍යාපනය යනු විෂය කාරණා ඉගෙන විභාග සමත් කිරීම පමණක් නොවේ. අධ්‍යාපන වරප්‍රසාදයෙන් පිබිදුණ පුද්ගලයා තමන්ට ගෞරවනීය මෙන් ම අන්‍යයන්ට ගෞරවනීය කෙනෙකු විය යුතු ය. අභියෝගයකට මුහුණ දිය හැකි, ගැටලුවක් නිරාකරණය කර ගත හැකි, දරා ගැනීමේ ශක්තියක් ඇති කෙනෙකු විය යුතුය. ඒ වටිනාකම් ජීවිතයකට උරුන වන්නේ ජිවිතාවබෝධය පුළුල් කර ගැනීමෙනි. අවබෝධාත්මක වින්දනයක් මගින් මානව පුරුෂාර්ථ වෙත සංවේදී වීමෙනි. අධ්‍යපනයෙන් පිබිදුණු කෙනෙකු ගේ අගය නිර්ණය වන්නේ ඔහු ජිවිතය හා සමාජය සම්බන්ධයෙන් දක්වන ආකල්පවලිනි. Rs 780.00 Add to cart Buy
New Preethimath Premaniya Jeevithayakata මෙලොව ජීවිතය සතුටින් ගත කිරීම අප සැමගේ ප්‍රාර්ථනයයි. දරුවකු පිළිසිඳ ගත් මොහොතේ සිට මරණය දක්වාමත්, ඇතැම් විටක මරණින් පසුවත් අප සැවොම එකට ඇද බැඳ තබන තනි සාධකයක් වේ නම් ඒ ආදරයයි. ආදරයෙහි ස්වභාවයන් විවිධ ය. ආදරයේ අවශ්‍යතාවන් ද විවිධ ය. ඒ නිසා ඒ ඒ කාලයට අවශ්‍ය, සන්තෘප්ත විය යුතු ආදරයක් ඇත. මේ ආදර අවශ්‍යතාව නිසි ලෙස හඳුනා ගෙන ඒ ඒ වයසට උචිත ලෙස ආදරය දැක්වීම මගින් ආදර තටාක පුරවා ගත හැකි ය. ඒ පිළිබඳ මනෝවිද්‍යාත්මක අර්ථකථනයක් මෙම පොතෙහි අන්තර්ගත ය. ඔබේ පුද්ගල ජීවිතයත්, පවුල් ජීවිතයත් සාර්ථක කර ගැනීම සඳහා ආදරය භාවිත කළ හැකි ආකාරය පිළිබඳ සවිස්තර පැහැදිලි කිරීමක් ඇති සිංහලෙන් පළ වූ පළමු ග්‍රන්ථය මෙයයි. Rs 300.00 Add to cart Buy
New Sapalavath Vivaha Jivithayakata Maga මිනිස් ජීවිතයේ වැඩි කාලයක් අප ජිවත් වනුයේ විවාහක බිරියන් හෝ සැමියන් ලෙසය. යමකු වසර 25 න් විවාහ වී, අවු 70 ක් ජීවත් වන්නේ නම් අවුරුදු 45 ක් ම ගත කරනුයේ විවාහ පවුල් ජිවිතයක් තුළ ය. ජීවිතයේ ඉතා වටිනා ම දීර්ඝ කාලයක් සතුටින් සාර්ථක ව ගත කිරීම අපගේ අධිෂ්ඨානය හා ප්‍රාර්ථනව විය යුතු ය. එය සඵලවත් ජීවිතයක අත්‍යවශ්‍ය අංගයකි. මිනිසාට ඇති අපූර්වතම හැකියාව වන්නේ අලුතින් යමක් ඉගෙන ගෙන තම ජීවිතය තමාට රිසි පරිදි හසුරුවා ගැනීමට ඇති හැකියාවයි. සතුන් හුදෙක් ම ආරයේ සහ පුහුණුවේ ප්‍රතිඵලයක් වුව ද, මිනිසාට ආරය, පුහුණුව මෙන් ම, ඉගෙනීම ද තම දිවිය හැඩ ගස්වා ගැනීම සඳහා උපකාර කර ගත හැකිය. පිළිසිඳ ගත් මොහොතේ සිට හැම මොහොතක ම හැම දිනකම මිනිස් ජිවියා ඉගෙන ගනිමින් තම ජිවිතය සාර්ථක කර ගනී. විවාහ ජීවිතය ද සඵලවත් ගත කිරීමට උගත හැකි ය. තැත් වරද ක්‍රමයෙන් ඉගෙන ගන්නවා වෙනුවට, පොත් පත් වලින් පර්යේෂණ වාර්තා වලින්, අනෙකුන්ගේ දැනුමෙන් හා අත්දැකීමෙන් ද මිනිසාට ඉගෙන ගත හැකි ය. Rs 400.00 Add to cart Buy
New Mohanaya Ha Mohana Shilpa Krama Athpotha ශ්‍රී ලංකාවේ සිංහල පාඨක ජනතාවට මෝහනය හා මෝහන ශිල්ප ක්‍රමය පිළිබඳ සවිස්තරව හඳුන්වා දීමේ අරමුණින් මෙම පොත ලියා ඇත. මෝහන විද්‍යාව හා මෝහන ශිල්ප ක්‍රමය ආරම්භයේ සිට මේ දක්වා විකාශය වූ අන්දමත්, වර්තමානයේ මෝහන විද්‍යාව භාවිත වන අන්දමත් සවිස්තරව දැනගත හැකි ය. නූතන වෛද්‍ය විද්‍යාත්මක හා ස්නායු වෛද්‍ය පර්යේෂණ අනුව මෝහනය හා සම්බන්ධ කර ඇති පර්යේෂණ නිසා මෝහන විද්‍යාව වර්තමානයේ යළි සාකච්ඡාවට බඳුන් ඇත. පහත සඳහන් ගැටලු වලට හා අවශ්‍යතා වලට මෝහන ශිල්ප ක්‍රම භාවිත කර සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි ය. අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට ඉගෙන ගන්නා කරුණු හොඳින් මතක තබා ගැනීමට විභාග වලට සාර්ථකව පිළිතුරු ලිවීමට. විභාග භීතිකා වලින් මිදීමට. විභාග වලින් ඉහළ ප්‍රතිඵල ලැබීමට මානසික පීඩන අවම කරගැනීමට අනියත බිය, ලජ්ජාව හා සබකෝලය අඩු කරගැනීමට මිතුරු සබඳතා වැඩි දියුණු කරගැනීමට භීතිකා, කාංසා හා ක්ලමථ අඩු කරගැනීමට ඇබි බැහි වීම් වලින් අත්මිදීමට දුම් පානය මත්පැන් භාවිතය - මත්ද්‍රව්‍ය භාවිතය ආදී අහිතකර පුරුදු බිඳගැනීමට නිය හැපීම, ඇඟිලි ඉරීම, නින්දේ දී ඇඳ තෙමීම නපුරු සිහින දැකීම් නවතා සුව නින්දක් ලබා ගැනීමට රැකියා ක්‍ෂේත්‍රයේ දී ඉක්මන් උසස්වීම් ලබාගැනීමට ඉහළ අලෙවි කටයුතු කරගැනීමට නායකත්වය දෙමින් කණ්ඩායම් ජයග්‍රහණය කරා ගෙන යාමට මගපෙන්වයි. ස්වයං මෝහන ක්‍රම ශිල්ප ක්‍රම ද අන්තර්ගත ය. ඔබට නිරතුරු උපකාර කරගත හැකි විශිෂ්ට අත්පොතකි Rs 500.00 Add to cart Buy
New Dhanathmaka Daksha Daruveku Hada Wada Gathaheki Maga දක්ෂ දරුවකු හදා වඩා ගැනීම සෑම දෙමව්පියකුගේ ම බලාපොරොත්තුවයි. 21 වන ශත වර්ෂයේ ජීවත්වන දෙමාපියන්ට තම දරුවන් හදා වඩා ගැනීමේ දී විශේෂ දැනුවත් කිරීමක් අවශ්‍ය වේ. පරිගණකය, රූපවාහිනිය, ගෝලීයකරණය හා විවිධ මතවාද මෙන් ම මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදය, ලිංගිකත්වය, අපයෝජන, තර්ජන, ගර්ජන හා චණ්ඩතාව යන සෑම ක්‍ෂේත්‍රයකම වර්තමානයේ දැවැන්ත බලපෑමක් සිදුවෙමින් පවතී.මෙම අභියෝග සමග ගැටෙමින්, ගැලපෙමින්, හිස ඔසවා ගෙන ජීවත් විය යුත්තේ කෙසේද යන්න වර්තමානයේ ඉගෙන ගත යුතු ව ඇත. මාග්‍රට් මී මිඩ් වරෙක කී පරිදි '' අපගේ දරුවන් රැකියාව කරනුයේ ඔවුන් ඉපදුන සමාජයේ නොවේ. ඔවුන් මිය යනුයේ ඔවුන් රැකියාව කළ සමාජයේ නො වේ. " මේ නිසා නව සමාජයට මුහුණ දෙමින්, ඔරොත්තු දෙමින් ජිවත් වන හැටි දරුවන්ට කියා දීම හා ඊට හුරු කිරීම දෙමාපිය වගකීම වන්නේ ය. Rs 400.00 Add to cart Buy