Dhanathmaka Chinthana
ධනාත්මක චින්තනයට හා පෞරුෂ සංවර්ධනයට උපකාරී වන සාහිත්‍ය ක්ෂේත්රයට අලුතින් ම එකතු වන පොත් පෙළයි මේ. ධනාත්මක ව සිතන ජාතියක් ගොඩනංවා ගැනීමට ළමා වියේ සිට ම තමාට යමක් කළ හැකි ය යන ආකල්පය ඇති ජනතාවක් බිහි කර ගත යුතු ය. එය අපි සැම ඉසවුවකින් ම ආරම්භ කළ යුතු ය. පාසල් වයසේ දරුවන්ට ඉගැන්විය යුත්තේ කවර අභියෝගයක් වුව ද ජය ගත හැකි බව යි. අපට ප්‍රශ්න හෝ ගැටලු නැත. ඇත්තේ අභියෝග හා අවස්ථා පමණි යන අයුරින් සිතීමට සිසුන් පුරුදු කළ යුතු ය. මේ උත්සාහය ඒ සඳහාය. මෙම ලිපි දරුවනුත්, දෙමාපියනුත් එක්ව කියවිය යුතු ය. සාකච්ජාවට ගත යුතු ය. අත්හදා බැලිය යුතු ය. අප සිතන කියන හා කරන හැම ක්‍රියාවලියක්ම පළමු පෙළ අයකු ලෙස සිතන්නට, කියන්නට හා කරන්නට හුරු විය යුතු ය. ඔබට පළමු පෙළ අයකු වීමට මෙම ධනාත්මක චින්තන ලිපි සංග්‍රහය මිතුරකු මෙන් උදවු කරනු ඇත. ඔබ ගෙදර සිටියත්, පාසලේ සිටියත් කාර්යාලයේ සිටියත්, වාහනයේ සිටියත් ඔබ ළඟ සිටින හොඳ ම මිතුරා බවට ධනාත්මක චින්තන පොත් ළඟ තබා ගන්න.
Rs 250.00