Best sellers

Taste of Freedom
Why and how should we meditate? The answer unfolds as sweetly as ever within the pages of this minor treatise by one of the most eminent meditation masters of the 20th century.
Rs 150.00
Himalaye Vismitha Sudu Thausa
හිමාලයේ විස්මිත සුදු තවුසා - ආධ්‍යාත්මික ගවේෂක පෝල් බ‍්‍රන්ටන් මේ කෘතියෙන් විස්තර කරන්නේ ඉකුත් ශත වර්ෂයේ තුන්වැනි දශකය ආරම්භයේ දී පමණ තම අවසන් චාරිකාව වූ කෛලාස කූඨ වන්දනාවට තිබ්බත රජය අවසර නොදීම නිසා ඔහු හිමාලයේ උස් කදු මුදුනක පිහිටි පාළු කැලෑ බංගලාවකට වී බවුන් වැඞීමේ දී ලද අසාමාන්‍ය අත්දැකීම් හා පසුව එහි සිට ප‍්‍රතාප්නගර් දක්වා වග වලසුන් ගහණ මහ වනය හරහා තරු එළියෙන් අසු මෙහෙයවමින් හුදකලාව නුහුරු පටු මංපෙත් ඔස්සේ දල බෑවුම්, ගිරි දුර්ග පසු කරමින් සිදු කළ අතිබිහිසුණු ගමන හා ඉනික්බිතව ලද විස්මිත අත්දැකීම් ආදියයි.
Rs 850.00
Out-of-Stock
Sinhala Bhasha Vyakarana
Out-of-Stock
සිංහල භාෂා ව්‍යාකරණය -  නිවැරදි සිංහල භාෂාව භාවිතයේදී ව්‍යාකරණය අතිශයින් වැදගත් වේ. පාසල් දරුවන්ටත් සන්නිවේදන මාධ්‍යයන්හි නියුතු වූවන්ටත් හෙළ බසට ආදරය කරන සැමටත් ස්වීය භාෂා ඥානය සංවර්ධනය කර ගැනීමට අත්‍යන්තයෙන්ම වැදගත්ය.
Buddha Dharmaya
බුද්ධ ධර්මය - අ.පො.ස. උසස් පෙළ බුද්ධ ධර්මය නව විෂය නිර්දේශය වඩාත් සංකීර්ණ එමෙන්ම ගැඹුරු වූවකි. එහිලා විද්‍යාර්ථීන් මුහුණදෙන අභියෝග රාශියකි. පොතපත විරල වීම හා තිබෙන ග‍්‍රන්ථයන්හි දුරවබෝධ බව හා ව්‍යාකූල බව ඉන් ප‍්‍රධාන වේ. ශාස්ත‍්‍රපති පූජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමියන් විසින් රචිත මෙම කෘතිය මෙකී ගැටලූවලට විසදුමක් ලෙස ඉදිරිපත් වන උත්කෘෂ්ට කෘතියකි.
Rs 1,750.00
Sanskrutha Patamala 02
සංස්කෘත පාඨමාලා 02 - මෙම ගද්‍ය, පද්‍ය සංග‍්‍රහය සංස්කෘත හදාරණ නවකයන්, ආධුනිකයන් වෙනුවෙන් සම්පාදිතය. 
Rs 725.00
Sanskrutha Vyakarana Tharangini - (Karaka - Samasa - Thaddhitha - Tharanga
සංස්කෘත ව්‍යාකරණ තරඞගිණී (කාරක - සමාස - තද්ධිත - තරඞග) - පිරිවෙන් විභාගයන් සදහා ඉදිරිපත්වන විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා සැකසුණු සංස්කෘත ව්‍යාකරණ ග්‍රන්ථයකි.
Rs 290.00
Sanskrutha Vyakarana Tharangini
සංස්කෘත ව්‍යාකරණ තරඞගිණී (සංඥා - සන්ධි - නාම තරඞග) - පිරිවෙන් විභාගයන් සදහා ඉදිරිපත්වන විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා සැකසුණු සංස්කෘත ව්‍යාකරණ ග්‍රන්ථයකි.
Rs 480.00
Sanskrutha Chandas Shasthraya
සංස්කෘත ඡන්දස් ශාස්ත‍්‍රය - මෙහිදී ඡන්දස් ශාස්ත‍්‍රයේ ඉතිහාසය පිළිබද හැදින්වීමක් ද ඇතුළත් වන අතර ඡන්දස් ශාස්ත‍්‍රය සම්බන්ධයෙන් දත යුතු ”සංඥා” ඇතුළුව ”මාත‍්‍රා” වර්ණ ඡන්දස් හා ”වෘත්ත” ප‍්‍රභේදයන් ගැන සරල හැදින්වීම් ඇතුළත් වේ.
Rs 250.00
Sarasvatha Wivarana
සාරස්වත විවරණය (සංඥා, සන්ධි, කාණ්ඩය)  - ප‍්‍රාචීන විභාග සඳහා මෙන් ම ආයුර්වේදය ඉගෙනීම සදහා ද සංස්කෘත භාෂාව අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් මෙම පොත ප‍්‍රාචීන පණ්ඩිත විභාගය දක්වා ඇති ප‍්‍රාචීන ප‍්‍රථම මධ්‍යම හා අවසාන පන්ති සදහා සුදුසුකම් ලැබීමට භාවිත කිරීම සදහා සැකසී ඇත.
Rs 700.00
Saundarananda Mahakavya 4-5-6 sarga
සෞන්දරනන්ද මහාකාව්‍යය 4-5-6 සර්ග - ප්‍රාචීන විභාගවලට පෙනී සිටින විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා නාගරී පෙළ, අන්වය, පදාර්ථ ද සහිතව සම්පාදනය කරන ලද්දකි.
Rs 340.00
Pali Rachana 2
 පාලි රචනා 2 - පාලි වචනවලට සිංහල ඉංග‍්‍රීසි තේරුම් ද සහිතව පාලි රචනා 1 ග‍්‍රන්ථයට වඩා වියරණ ක‍්‍රම මෙහි ඇතුළත් වේ.
Rs 200.00
Sanskrutha Dviteeyadharshi Wanarathna Wayakkhaya
සංස්කෘත ද්විතීයාදර්ශ වනරතන ව්‍යාඛ්‍යා - සංස්කෘත පදයක් පාසා සිංහල අර්ථ සපයමින් ශිෂ්‍යයන්ට වැඩි ප‍්‍රයෝජනයක් ලබා ගත හැකි සේ මෙය සකස්කර ඇත. සංස්කෘත භාෂාව ඉගෙනීම සඳහා නැතුවම බැරි පොතකි. ප‍්‍රථමාදර්ශයෙන් සංස්කෘත භාෂාව හැදෑරීම ආරම්භ කළ අයට එය තව දුරටත් ඔප මට්ටම් කර වර්ධනය කර ගැනීම සඳහා මෙම ද්විතීයාදර්ශය භාවිතයට යොදා ගත හැක.
Rs 325.00
Hela Sannaya Sahitha Balawatharaya
බාලාවතාරය - මේ පෙළ පොතෙහිද සූත්‍ර පාඨ කළු අකුරින් යොදා ඇති අතර පාඩම් කිරීමේ පහසුව පිණිස වැකි ගොනුකොට ඇත. සන්නයෙහි දැක්වෙන සිරස්තල පිටු අංක සහිතව පෙළෙහි ද නිසි තැන යොදා ඇත්තේ සන්නයෙහි අදාළ තැන සොයා ගැනීමේ පහසුව පිණිසයි.
Rs 1,340.00
Investigating The Dhamma
This book brings together eight essays of Bhikkhu Bodhi, five of which were earlier published in academic journals and volumes, and three not published before. ...
Rs 175.00
Bauddha Manovidyawa
බෞද්ධ මනෝවිද්‍යාව - බෞද්ධ මනෝ විද්‍යාව නම් මෙම ග්‍රන්ථය බුදු සමයට විශේෂ වූ මනෝ විද්‍යාත්මක සංකල්ප ඔස්සේ මනසේ ක්‍රියාකාරීත්වය, අභිප්‍රේරණය හා චිත්තවේග, බුදු දහම හා මනෝ චිකිත්සාව ආදී බොහෝ මාතෘකා පාදක කොට ගනිමින් ඒ සඳහා බෞද්ධ මූලාශ්‍ර මගින් තොරතුරු ගෙනහැර පාමින් ලියැවුණු කෘතියක් ලෙසින් පාඨක ඔබට හඳුන්වා දිය හැක.
Rs 400.00
Mul Budu Samaya Ha Vivarana Gatalu
මුල් බුදුසමය හා විවරණ ගැටළු - දැනට ථෙරවාද, මහායාන හා වජ‍්‍රයාන යනුවෙන් ප‍්‍රධාන සම්ප‍්‍රදාය තුනකට බෙදී පවත්නා එසේම අතීතයෙහි නිකාය දහඅටක් ලෙස බෙදුණු බෞද්ධ චින්තනය තුළ ථෙරවාද සම්ප‍්‍රදාය සම්බන්ධයෙන් දාර්ශනිකව හා ඓතිහාසිකව බැලීමේදී මතුවන ගැටළු රාශියක් මෙම ග‍්‍රන්ථයෙන් සාකච්ඡාවට භාජනය වේ. 
Rs 600.00
Out-of-Stock
Buddha Kaleena Greeka Darshanaya-2
Out-of-Stock
බුද්ධකාලීන ග‍්‍රීක දර්ශනය - 2 - ”බුද්ධ කාලීන ග‍්‍රීක දර්ශනය” මාතෘකාව යටතේ රචිත කාණ්ඩ දෙකකින් යුත් පොත් පෙලෙහි දෙවන හා අවසාන කාණ්ඩය වන මෙම ග‍්‍රන්ථයට ඇතුළත් වනුයේ ග‍්‍රීක මහා දාර්ශනිකයන් තිදෙනා වන සොක‍්‍රටීස්, ප්ලේටෝ සහ ඇරිස්ටෝටල්ගේ ජීවන තොරතුරු සහ ඔවුන්ගේ චින්තනයයි.
The Manual Of the Excellent Man
Ledi Sayadaw, the Burmese scholar-monk and meditator, explores profound aspects of Buddhism with his usual candor and thoroughness.
Rs 250.00
Meth Sisila Wapura Kopa Gini Nivalamu
මෙත් සිසිල වපුරා කෝප ගිනි නිවාලමු -  කෝපය නිසා ඇතිවන අහිතකර විපාක ගැනත්, සිහියෙන් සහ එළඹ සිටි නුවණින් යුතුව කටයුතු කිරීමෙන් කෝපය හ`දුනා ගන්නා අයුරුත්, ක්‍රෝධය යටපත් කළ හැකි ආයුධයක් වශයෙන් භාවිත කළ හැකි මෛත‍්‍රී භාවනාව ගැනත්, මෛත‍්‍රිය වැඞීමෙන් කෙනෙකුට ලද හැකි බොහෝ ප‍්‍රයෝජන ගැනත් සවිස්තරාත්මක ලියැවුණු කෘතියකි.
Rs 190.00
Out-of-Stock
Bhavana - Thai Maha Rahathan Wahanselage Saha Bharatha Yoginge Wishmitha Athdakiem
Out-of-Stock
භාවනා - බෞද්ධ භාවනා උපයෝගීත්වයෙන් ධූතාංග කමටහන් වඩා මාර්ග ඵල ලබා රහත් තත්වය උදාකර ගත් පූජ්‍ය ආචාර්ය අජාන් මුන්, අජාන් මහා බුවා, අජාන් චොබ්, කායිව් තෙරණිය ඇතුළු තායිලන්ත මහරහතන් වහන්සේලාගේ විස්මිත අත්දැකීම් ඇතුළත් ඇදහිය නොහැකි තරමේ කතා රැසකින් සම්පාදනය වූ අගනා කෘතියකි.