Best sellers

-10%
Ape Sanskruthiya
අපේ සංස්කෘතිය - මෙම ග්‍රන්ථයෙහි ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන කරුණු දක්වා ඇත.
Rs 2,925.00
Rs 3,250.00
-10%
Sinhala Akshara Rupa Wikasaya Ha Bharathiya Abhasaya
සිංහල අක්‍ෂර රූප විකාසය හා භාරතීය ආභාසය - මෙම කෘතිය ශාස්ත්‍රීය මට්ටමෙන් පුරාවිද්‍යාව අධ්‍යයනය කරන්නන්ටත් පුරාවිද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පාඨකයන්ටත් අත්‍යවශ්‍ය කෘතියක් වන අතර සාමාන්‍ය පාඨකයාද මෙහි ඇති ගවේෂණාත්මක රසයට වසඟ වනු නොඅනුමාන ය.
Rs 441.00
Rs 490.00
-10%
Sinhala Bhasha Wikasaya Saha Shilalekhana Wimarshana
සිංහල භාෂා විකාසය සහ ශිලාලේඛන විමර්ශන - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
Rs 697.50
Rs 775.00
-10%
Wasthu Widyava Hevath Gruha Nirmana Shilpaya
වාස්තු විද්‍යාව හෙවත් ගෘහ නිර්මාණ ශිල්පය - වාස්තු විද්‍යාව හා ගෘහ නිර්මාණ ශිල්පය යන විෂයෙහි එතෙක් මෙතෙක් සිංහලෙන් පළවී ඇති අද්විතීයම ග්‍රන්ථයක් ලෙස මෙය වාස්තු විද්‍යාඥයින්ගේ මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පීන්ගෙ ද ඉමහත් සම්භාවනාවට පාත්‍ර වී ඇත. උපයුක්ත විෂයෙහි අතිවිශාල දැනුම් සම්භාරයක් මේ කෘතිය පරිශීලනයෙන් ලබා ගත හැකිය.
Rs 1,080.00
Rs 1,200.00
-10%
Aithihasika Aritta Pabbatha Hevath Ritigala Kanda
ඓතිහාසික අරිට්ඨ පබ්බත හෙවත් රිටිගල කන්ද - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
Rs 378.00
Rs 420.00
-20%
Food At Proper Time
 Food At Proper Time -  In this maiden academic contribution of the author, Ven. Deliwala Buddharakkhitha explores primary Pali sources along with related secondary in-depth studies to uncover the Buddhist teachings on being moderate in food consumption both at secular monastic levels.
Rs 352.00
Rs 440.00
-10%
Tharaga Wibhaga Sadaha Buddhi Pareekshanaya Bhashava Ha Avabodhaya
තරග විභාග සදහා බුද්ධි පරීක්ෂණය භාෂාව හා අවබෝධය - ශ්‍රී ලංකා පරිපාලන සේවය, අධ්‍යාපන සේවය, ශ්‍රී ලංකා මහ බැංකු සේවය, විදුහල්පති සේවය යන සෑම විභාගයකට ම සාර්ථක ම මගපෙන්වන විශිෂ්ට ග්‍රන්ථයකි. ක්‍රමයෙන් සරල බවේ සිට සංකීර්ණ බව දක්වා නිර්දේශිත සියලු ප්‍රශ්න වර්ග ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු ද අන්තර්ගත ස්වයං අධ්‍යයන ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථයේ අභ්‍යාස නිම කිරීමෙන් ඔබේ ජය අනිවාර්‍යයෙන් ම තහවුරු කර ගත හැකි ය.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock
Budusamaya Ha Deviyo
Out-of-Stock
බුදුසමය හා දෙවියෝ - බුදුදහම සහ දෙවිවරුන් හෝ දෙවිවරුන් පිළිබඳ විවිධ සංකල්ප අතර සම්බන්ධය ගවේෂණය කරන පොතක් වේ. බුද්ධාගමේ, මැවුම්කාර දෙවියන් පිළිබඳ සංකල්පය සාමාන්‍යයෙන් නොපවතී, නමුත් විවිධ බෞද්ධ සම්ප්‍රදායන් හරහා අද්භූත ජීවීන්, ආකාශ ජීවීන් සහ ආරක්ෂක දෙවිවරුන් පිළිබඳ විවිධ විශ්වාසයන් ඇත. මෙම විශ්වාසයන් බෞද්ධ ඉගැන්වීම් සමඟ ඡේදනය වන ආකාරය, බෞද්ධ විශ්ව විද්‍යාවේ දෙවියන්ගේ භූමිකාව සහ බුද්ධාගමේ පුළුල් රාමුව තුළ මෙම විශ්වාසයන්ගේ සංස්කෘතික හා දාර්ශනික ඇඟවුම් මෙම පොත පරීක්ෂා කළ හැකිය.
Rs 151.20
Rs 168.00
-10%
Manovidya Shabdakoshaya
මනෝවිද්‍යා ශබ්දකෝෂය - යනු මනෝවිද්‍යාත්මක යෙදුම් පිළිබඳ පුළුල් ශබ්දකෝෂයකි. එය ක්ෂේත්‍රයේ භාවිතා වන සංකල්ප, න්‍යායන් සහ පාරිභාෂිතය ඇතුළු මනෝවිද්‍යාවට අදාළ පුළුල් පරාසයක යෙදුම් ආවරණය කරයි. ශබ්ද කෝෂය සිසුන්ට, වෘත්තිකයන්ට සහ මනෝවිද්‍යාව ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රධාන පද සඳහා පැහැදිලි සහ සංක්ෂිප්ත අර්ථ දැක්වීම් සපයන වටිනා සම්පතකි.
Rs 270.00
Rs 300.00
-10%
Wyavahara Demala Bhasha Praveshaya
ව්‍යවහාර දෙමළ භාෂා ප්‍රවේශය - එදිනෙදා සන්නිවේදනය සඳහා ප්‍රායෝගික භාෂා කුසලතා කෙරෙහි අවධානය යොමු කරමින් මූලික සංවාද දෙමළ ඉගෙනීමට සිංහල කථිකයන්ට උපකාර කිරීම සඳහා මෙම පොත නිර්මාණය කර ඇත. එය සුබ පැතුම්, ප්‍රකාශන, පොදු වාක්‍ය ඛණ්ඩ සහ මූලික ව්‍යාකරණ වැනි මාතෘකා ආවරණය කළ හැකිය. දෙමළ කතා කරන පරිසරයන් තුළ වඩාත් ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමට අපේක්ෂා කරන සිංහල කථිකයන් සඳහා මෙම සම්පත ප්‍රයෝජනවත් වනු ඇත.
Rs 765.00
Rs 850.00
-10%
Ingilisiyata Lehesi Ma Maga
ඉංගිලිසියට ලෙහෙසි ම මග - මෙම පොත ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම සහ ප්‍රගුණ කිරීම පිළිබඳ කෙනෙකුගේ පෞද්ගලික ආඛ්‍යානයක් හෝ මතක සටහන් වේ. එය භාෂා අත්පත් කර ගැනීම, සෑදීම සඳහා තීක්ෂණ බුද්ධිය, අභියෝග සහ උපාය මාර්ග බෙදාහදා ගනියි. එය සමාන ගමනක යෙදෙන අන්‍යයන්ට ප්‍රබෝධමත් හෝ තොරතුරු විය හැකිය.
Rs 540.00
Rs 600.00
-10%
Agame Sambhavaya Ha Vikashanaya Pilibanda Wimasumak
ආගමේ සම්භවය හා විකාශනය පිළිබඳ විමසුමක් - මෙම කෘතිය නියම විද්වතාණ කෙනෙකුගේ නිර්මාණයකි. ආගම් පිළිබඳව හරවත් උනන්දුවක් දක්වන උගතුනට ද සාමාන්‍ය පාඨකයාට ද මේ කෘතිය නව අත්දැකීමක් වනු නොඅනුමාන ය.
Rs 405.00
Rs 450.00
-10%
Bhasha Prabedha
භාෂා ප්‍රභේද - මෙම කෘතියෙහි අන්තර්ගත වන්නේ ජීව භාෂා, මෘත භාෂා, සම්භාව්‍ය භාෂා, පිජින් භාෂා, ක්‍රියෝල භාෂා සහ කෘතීම භාෂා පිළිබඳ විග්‍රහ කිහිපයකි. ඒ ඒ භාෂා ප්‍රභේදය හඳුනා ගැනීම, එම භාෂා ප්‍රභේදයට පාදක වන පරිසරය සාකච්ඡා කිරීම සහ ඒ පිළිබඳ වර්තමාන කතිකාව යන අංශත්‍රයට මෙහි දී අවධානය යොමු කරන ලදී. 
Rs 360.00
Rs 400.00
-10%
Singhala Nama Padayehi Ithihasaya
සිංහල නාම පදයෙහි ඉතිහාසය - මෙම කෘතිය පරිහරණය කිරීමෙන් නාම ප්‍රකෘති ප්‍රත්‍යය ගැන්වීමේ දී බලපාන ශබ්ද හා වාග්විද්‍යාත්මක කරුණු, අර්ථාන්විත හා ව්‍යාකරණ ලිංගභේදය වැනි විස්තර මෙන් ම ප්‍රමාණවත් තරමින් කාරක විභාග ලක්ෂණ ද පද විභාගය සඳහා අදාළ අර්ථ විචාරාත්මක කරුණු ද ලබා ගත හැකි වෙයි. 
Rs 540.00
Rs 600.00
-10%
Lama Apata Dhammapadaya
ළමා අපට ධම්මපදය - දියුණුව පතන ඕනෑම කෙනෙකුට ඒ සඳහා ලබාගත හැකි වටිනා මාර්ගෝපදෙශනයත්, ඊට විරුද්ධව මතු වන චෛතසික හා බාහිර අභියෝග ජයගෙන ඉදිරියට යෑමේ ජය මඟත් උගත හැකි වන්නේ ධම්මපදයෙනි. ඒ ජය මඟට පහන් ටැම් නඟන අයුරින් කතුවරයා ඉතා කෙටියෙන් ඉතා සරල ව තමාට ම පාරදෘශ්‍ය වන අයුරින් මෙහි ගාථා විවරණය කර ඇති බව සඳහන් කළ යුතු ය. පසුබසින කෙනෙකුට ඉදිරියට යෑමේ ධෛර්‍යයත් ඉඳුරන් පිනවීමෙහි ගිජු ව අසරණ වූ කෙනෙකුට නැඟී සිටීමේ වීර්‍යයෙන් ලද හැකි ජය පැන් පානයත් අඳුරේ සිටින කෙනෙකුට ආලෝකය කරා දිවෙන මාර්ගයත් තෘෂ්ණා මල පුඬුවේ අසු වී දුක් කඳුළු හෙළන කෙනෙකුට ඉන් මිදී ලොවුතුරු නිදහස් සුවය විඳින අයුරුත් කතුවරයා මෙහි ගී බසින් පෙළ ගස්වා ඇත්තේ ළමා පෙළට ආස්වාදනීය ආකාරයෙනි. 
Rs 1,323.00
Rs 1,470.00
-10%
Rasa Katha
රස කතා - 19 වැනි ශත වර්ශයේ සම්භාවනීය ගත්කරුවන්ගේ ළමා කතා මෙම සංග්‍රහයට අයත් වේ. රුසියානු මහා කවි අලෙක්සාන්දර් පුෂ්කින්, රුසියන් වාගි විශේෂඥයෙක්, නාවිකයෙක්, යුද්ධ හමුදාවේ දොස්තර කෙනෙක්, දේශාටකයෙක් වන ව්ලදීමිර් දාල්, දාර්ශනිකයෙක් සහ සංගීතඥයෙක් වන ව්ලදීමිර් ඔදොයෙව්ස්කි, සම්භාවනීය ශික්ෂණ විද්‍යා විශේෂඥ කොන්ස්තන්තීන් උෂීන්ස්කි සහ තවත් අයගේ කෘති මේ පොතට ඇතුළු වේ.
Rs 675.00
Rs 750.00
-10%
Divi Maga Sarukarana Maga
දිවි මග සරුකරන මග - බුදුපියාණන් වහන්සේ මෙලොව දියුණුව පරලොව දියුණුව සංසාර විමුක්තිය සලසා ගන්නා මග මනා කොට පහදා දුන්හ. ගිහි ජනතාවගේ මහාර්ථ සිද්ධිය සලසන "ගිහිවිනය" නමින් ද කියැවෙන "සිඟාල සූත්‍රය", "සිඟාලෝවාද සූත්‍රය" යනාදී ලෙසින් හැඳින්වෙන ජනසමාජයේ වෙසෙසින් ප්‍රචලිත සූත්‍ර ධර්මය පිළිබඳව "දිවි මග සරුකරන මග" නමින් ලියැවෙයි.
Rs 212.40
Rs 236.00
-10%
Bauddha Sanskruthika Kollaya
බෞද්ධ සංස්කෘතික කොල්ලය - ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය ගවේෂණයක යෙදෙන මෙම ලේඛකයෝ, දේහ ලක්ෂණයෙන් සහ ගති සිරිත්වලින් සිංහලයන් හා සමාන, සිංහලයට ඉතා සමීප භාෂාවන් භාවිත කළ, ඉන්දියාවේ දක්ෂිණාපථයේ බෞද්ධ ප්‍රජාවන් විසූ රටවල් ගැන තොරතුරු හෙළි කරමින්, මෙතෙක් ඉතිහාසඥයින් නොදුටු සහ බැලීමට අකමැති වූ විෂය පථයක් පිළිබඳ කථිකාවක් අරඹති. මණිමේඛලයි තුරව් සහ සිලප්පාදිකාරම් මහා කාව්‍යයන්ගේ බෞද්ධ උරුමය පැහැදිලි කිරීම, කෘතියෙන් කෙරෙන ප්‍රධාන කාර්‍යයකි. ගජබා රජුගේ මිතුරකු වූ, කේරළයේ සෙංගුවාට්ටුවන් රජුගේ වන්දනාවට ලක් වූ 'කන්නගී', අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව වන්දනාවට අයත් බෞද්ධ දේවතාවියක බව කෘතියෙන් පැහැදිලි කෙරේ. 
Rs 810.00
Rs 900.00
-10%
Samayanthara Agam Thulanaya
සමයාන්තර ආගම් තුලනය - අන්තර් ආගමික අධ්‍යාපනය වර්තමානයේ අත්‍යවශ්‍ය වන අතර ලාංකේය ඉතිහාසය තුළ එම අධ්‍යාපනය පැවතුනි. තුලනාත්මක ආගමික අධ්‍යයනය විවේක බුද්ධියක් නැති අයෙකුට කිසිසේත් කළ නොහැකිය. අන්තවාදී දැඩි මතධාරීන් ට මෙම කෘතිය තුළින් බුද්ධිමය පරිචයක් ඇති කර ගත හැකිය.
Rs 441.00
Rs 490.00
Sanyuththa Nikaya Atta Katha - 1
සංයුත්ත නිකායට්ඨකථා - 1 - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 730.00