Sugatha Tathagatabhivandana
'සුගත තථාගතාභිවන්දනා ' නම් මෙම බුද්ධ බෝධි වන්දනා හා අධිෂ්ඨාන වන්දනාමය ග්රන්ථය අප රැසයූ ග්රන්ථයන් අතර ඉතා විශේෂ ග්රන්ථයකි. මෙය හුදු වන්දනා ගාථා පොතක් ම නොවනු ඇත. ථෙරවාද ත්රිපිටක හා අට්ඨ කථා ග්රන්ථාගතයන් අනුව මනුලොව සත්ත්වයන්ට නුදුරු අනාගතයේ දී මුහුණ දීමට සිදුවන අනතුරක් ලෙස අන්තර් කල්ප විනාශය පෙන්වා දී ඇත. එය ඉතා අනුවේදනීය ශෝකාලාපයකි; ශෝකාන්තකි. ධර්මතා ස්වරූපය නම් බහුතර ජනතාව එහි දී දුගතිගාමී වන බව යි. එම අනතුරින් අත්මිදීම උදෙසා ප්රාර්ථනානුකූලව කුසල් දහම් වැඩීමේ වටිනාකම ධර්මයේ විශේෂයෙන් පෙන්වා දී ඇති කරුණකි. මෙම ග්රන්ථය වනාහි එම සදුපදේශානුකූලව එකී විපතින් අත්මිදෙනු පිණිස ප්රාර්ථනානුකූලව කුසල් දහම් රැස් කර ගැනීම පිණිස අත්තහිත පරහිතකාමී නුවණැතියන්ට ලබා දෙන මග පෙන්වීමකි.
Rs 375.00