Best sellers

-10%
Lakdiva Purana Adum Aiththam
ලක්දිව පුරාණ ඇදුම් ආයිත්තම් - විවිධ මූලාශ්‍ර ඇසුරින් ප්‍රතිනිර්මිත චිත්‍ර සටහන් ඇතුළත් මෙම කෘතිය ලක්දිව පුරාණ ඇඳුම් ආයිත්තම් පිළිබඳව අධ්‍යනයෙහි යෙදෙන විද්‍යාර්ථින්ට මෙන්ම ඒ සඳහා උනන්දුවක් ඇති සාමාන්‍යය පාඨකයන්ට ද ප්‍රයෝජනවත් වනු නිසැක ය.
Rs 324.00
Rs 360.00
-10%
Podiththanta Jathaka Katha
පොඩිත්තන්ට ජාතක කතා - කුඩා අවදියේ සිටම දරුවන්ට කියවීමේ රුචිකත්වයක් ඇති කිරීමටත් සහිතව දැනුම පෝෂණය කිරීමටත් උපකාරී වන ලෙස සරල සුගම භාෂා ශෛලියකින් මෙම පොත සම්පාදනය කර ඇත.
Rs 144.00
Rs 160.00
-10%
Nagul Munna Saha Tavath Katha
නගුල් මුන්නා සහ තවත් කතා - ඈත අතීතයක නොව අප කුඩා කාලයේ පවා අපේ ගෙවල් වල කතන්දර කීමේ සිරිත පැවතිණ. කතන්දර ඇහීම ළමයින්ගේ සාමාන්‍ය දැනීම දියුණුවීමේ හා සිරිත් විරිත් පුහුණුව ලැබීමේ එක් මගක්ව තිබිණ. අපේ ජනකතා නමින් මා මේ ඉදිරිපත් කරන්නේ අපේ ඒ කතන්දරය. 
Rs 450.00
Rs 500.00
-10%
Hima Diya Nadiya
හිම දිය නදිය - සමුද්‍ර වෙත්තසිංහ මහතා මෙම නවකතාවෙන් සිදු කරන්නේ ගෞතම බුද්ධ ඒ උපරි මිනිසාගේ ඒ සැඟවුණු / සඟවන ලද සැබෑ ජීවිතය අභිනවයෙන් සොයා උපදවා දැක්වීමයි.
Rs 675.00
Rs 750.00
-10%
Karakena Rodaya
කැරකෙන රෝදය - මෙහි අන්තර්ගතය තිස් එක් තලය පිළිබඳව විග්‍රහ කිරීමයි.
Rs 1,350.00
Rs 1,500.00
-10%
Bahirawa Jana Katha
බහිරව ජන කතා - බහිරවයන් පිළිබඳව ජනකතා, ජනශ්‍රැති ගවේශණයේ දී බහුලව හමු නොවේ. එහෙත් එවන් විරල ජනප්‍රවාද සොයා කළ චාරිකාවක අග්‍රපඵලයක් ලෙස මෙම කෘතිය හඳුන්වාදිය හැකි ය. 
Rs 621.00
Rs 690.00
-10%
Kudusika Wivaranaya
කුදුසික විවරණය - කුදුසික විවරණය ලිවීමෙන් වැලිගම ඤාණරතන නායක ස්ථවිරයන් විසින් කරන ලද ශාසනෝපකාරී මහඟු සේවය එදා මිහිඳු මාහිමියන් පළකළ අදහස සුස්ථිර කිරීමකි. උගතුන් වූ පමණට හැම දෙනා ම ලේඛකයෝ නොවෙත්. ලේඛකයන් පමණට ම පාණ්ඩිත්‍යය ඌන වූ අය සිටිති. කුදුසික විවරණය කියවීමේ දී ග්‍රන්ථකරණයෙන් ලේඛනයෙන් පාණ්ඩිත්‍යයෙන් අංග සම්පූර්ණ විද්වතෙකු අප හමුවෙහි විද්‍යාමාන වේ. 
Rs 585.00
Rs 650.00
-10%Out-of-Stock
Nikaya Sangrahaya Hevath Shasanavatharaya
Out-of-Stock
නිකාය සංග්‍රහය හෙවත් ශාසනාවතාරය - ගම්පොල යුගයෙහි බිහි වූ අමරණීය කෘතියක් හැටියට නිකාය සංග්‍රහය පිළිගෙන තිබේ. නිකායයන්ගේ සංක්ෂිප්ත එක්කිරීම නිකාය සංග්‍රහ යන්නෙන් හැඳින්වේ. ශාසනයට බැසීම යන අරුතින් එය "ශාසනාවතාරය" යනුවෙන් හැඳින්වේ. මෙය රචනා කළේ ගම්පොල අති ප්‍රසිද්ධ පඬිවරයකු වූ ද්විතීය ධර්මකීර්ති මාහිමියි.
බෙහෙවින් ශාසනික ඉතිහාසයත්, ලංකා ඉතිහාසයත්, සාහිත්‍ය ඉතිහාසයත් සමසමව පිරික්සන අයෙකුට නිකාය සංග්‍රහය අත්‍යවශ්‍ය අත්පොතකි. 
Rs 112.50
Rs 125.00
-10%
Pali Thripitaka Grantha Wanshaya
පාලි  ත්‍රිපිටක ග්‍රන්ථ වංශය  - සකල ලෝක සත්ත්වයින්ගේ සංසාර තරණය පිණිස බුදු රජුන් වදාළ ධර්ම - විනය සංගීතියෙහි මහ තෙරවරුන් විසින් ක්‍රිස්තු වර්ෂයෙනුත් ශත වර්ෂ කීපයකට පෙර පිටකත්‍රයෙහි ලා සංගෘහිත වූ නමුත්, ඒ එක් එක් පිටකයක ඇතුළත් වන පුස්තකයනුත්, එකී පුස්තකයන්හි පිළිවෙළින් අන්තර්ගත වූ සූත්‍රාන්ත ධර්ම දේශනාවනුත් පිළිබඳ විස්තරයක් සිංහල පාඨකයනට පහසුවෙන් වටහා ගත හැකි පරිදි මෙතෙක් සම්පාදනය නොවීමේ අඩුපාඩුව හුදෙක් පිරිමසාලීමේ අදහසින් මෙය පිළියෙල කරන ලදී.
 ත්‍රිපිටකය පිළිබඳ පර්‍යේෂණ පැවැත් වූ පෙර අපර දෙදිගෙහිම පඬිවරුන්ගේ ලිපි ලේඛනාදිය ආශ්‍රයෙන් පාලි භාෂාවේ සම්භවය හා ව්‍යාප්තිය ගැනත්, ධර්ම විනයාන්තර ගත පුස්තකයන්ගේ රචනා කාලයන් ගැනත් සිංහල පොත්වල සඳහන් නුවූ කරුණු රාශියක්ම මෙහි ඇතුළත් ය.
මෙකී සංස්කරණයෙහි විනය පිටකය සම්පූර්ණයෙනුත්, සූත්‍ර පිටකයෙන් දීඝ හා මජ‍්ඣිම නිකායනුත් මෙකල ආධුනිකයනට ප්‍රයෝජනවත් වන ලෙසකින් අන්තර්ගතකොට ඇත්තේ ය.
Rs 225.00
Rs 250.00
-10%
Bhikshu Samajaya
භික්ෂු සමාජය - ලෝක ඉතිහාසයේ වාර්තාගත දීර්ඝතම අවිච්චින්න මානව සංවිධානයක් වශයෙන් බෞද්ධ භික්ෂු සමාජය විද්වතුන්ගේ නොමඳ අවධානයට පාත්‍ර වූවකි. එබඳු සංවිධානයක පැවැත්මට මූලාධාර වූ විනය ශික්ෂාවවලින් වර්තමාන සමාජ සංවිධානවලට ගත හැකි ආදර්ශ රාශියකි. එහෙත් විනය ශික්ෂා පිළිබඳ සරල සිංහල භාෂාවෙන් විචාරාත්මකව ලියන ලද ග්‍රන්ථ ඉතා විරලය.
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්‍ය පූජ්‍ය දේවාලේගම මේධානන්ද හිමියන් විසින් රචිත එමෙන්ම නව සංස්කරණයකින් යුක්තව පළ කොට ඇති "භික්ෂු සමාජය" නමැති කෘතිය ඉහත කී අඩුව බොහෝ දුරට සම්පූර්ණ කිරීමට ගත් ප්‍රශස්ථ උත්සාහයක් ලෙස සඳහන් කළ යුතුය. ශාස්ත්‍රීය මෙන්ම ප්‍රායෝගික යන දෙපක්ෂයෙන්ම විනය ශික්ෂා පිළිබඳ ප්‍රාමාණික අවබෝධයකින් යුතු උන්වහන්සේගේ මෙම කෘතිය විද්වත් පාඨක ජනතාවගේ මෙන්ම සාමාන්‍ය බෞද්ධ ජනතාවගේ ද අවධානයට යොමු විය යුතු කෘතියක් බව සඳහන් කරනු කැමැත්තෙමි.
Rs 225.00
Rs 250.00
-10%
Budun Dakeema
බුදුන් දැකීම - මහාචාර්‍ය රේරුකානේ චන්දවිමල නායක වස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද"සූවිසි මහ ගුණය" සහ ගණේගම සරණංකර ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද "බුදු හාමුදුරුවෝ" මෙන්ම ත්‍රිපිටකය යන ග්‍රන්ථය යනාදිය උපකාරයෙන් කරුණු එකතු කර ගනිමින් මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත.
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock
Maha Sathipatthana Sutraya Samaga Damsak Pavathum Suthraya
Out-of-Stock
මහා සතිපට්ඨාන සූත්‍රය සමග දම්සක් පැවතුම් සූත්‍රය - දම්සක් පැවතුම් සූත්‍රය හා සතිපට්ඨාන සූත්‍ර දේශනා දෙකම නිසි පරිදි භාවිතා කරමින් මෙම කෘතිය රචනා කර ඇත.
Rs 450.00
Rs 500.00
-10%
Bhavana Karana Obata Prashna- Uththra Magin Athvalak
භාවනා කරන ඔබට ප්‍රශ්න- උත්තර මගින් අත්වැලක් - මේ පුංචි අත්පොත කියවීමෙන්, යමෙක් නිවැරදි බෞද්ධ භාවනා ක්‍රමය හඳුනාගෙන ඊට අනුව තම සිත මෙහෙයවන්නේ නම් බුදුරජාණන් වහන්සේ විසින් ආනාපාන පබ්බයේ දී සඳහන් කරන මූලික සන්සුන් සිත, සමාධි සිත, තමා තුළින්ම ප්‍රත්‍යක්ෂයෙන් දැක ගැනීමට හැකි වන්නේමය.
Rs 90.00
Rs 100.00
-10%
Jathivadaya Gana Budurajanan Wahanse Wadale Kumakda
ජාතිවාදය ගැන බුදු රජාණන් වහන්සේ වදාළේ කුමක්ද ? - ජාතිය නම් මිථ්‍යාව මුල් කරගෙන, එකම රටක වෙසෙන මනුෂ්‍ය වර්ගයා අතර, විවිධ අවස්ථාවල ගැටුම් ඇති වීම ශ්‍රී ලංකාව මුහුණ පාන බරපතල ප්‍රශ්නයකි. අප්‍රමාණ වූ ජීවිත හානි හා දේපල හානි ද සිදු වී කුඩා දූපතක වෙසෙන මනුෂ්‍ය වර්ගයා උනුන් ගැන සැක‍යෙන් හ බියෙන් ජීවත්වීමට සලස්වන මේ ජාතිවාදය නම් මුලාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ වාසෙට්ථ සූත්‍රය හා එහි සිංහල තේරුම මෙම කුඩා ග්‍රන්ථයේ ඇතුලත් වේ.
Rs 72.00
Rs 80.00
-10%
Social Values In The Metta Sutta
This book is a great gift from Bhante Dewananda in conveying his ideas on the Metta Sutta. A pearl is hidden inside the shell of an oyster. While most deliverances of the Metta Sutta are given in the shape of an oyster, Bhante Dewananda has peeled the layers away in order for us to see the beauty of the pearl within. This is the greatest gift that one can receive.
Rs 315.00
Rs 350.00
-10%
Satipatthana & Samadhi
One of the most common unquestioned assumptions among Buddhist meditators is that Satipatthana is synonymous with Vipassana. This assumption, it seems, often is a result of reading the Satipatthana Suttas in isolation without carefully considering the context in which satipatthana is used throughout the Sutta. When the broader view of the entire Sutta Pitaka is taken into account, it becomes clear that such an assumption, at best, is only partially correct. In this short study he will investigate the various contexts in which satipatthana appears and particularly consider is relationship with samadhi.
Rs 27.00
Rs 30.00
-10%
The Benefits of Reading the Suttas
In this booklet we will discuss why we should take an interest in what the Buddha taught and the significance of these teachings as part of Buddhist practice. Hopefully some of you will get encouraged to start reading the sutta and get inspired by the very words of the Buddha himself. 
Rs 27.00
Rs 30.00
-10%
Thrisvabhavanirdeshaya
මහා දාර්ශනික වසුබන්ධු තෙරුන් විසින් රචිත ත්‍රිස්වභාවනිර්දේශය පෙළ, සිංහල පරිවර්තනය හා අර්ථ විවරණය - වාසුබන්දු තෙරුන් වහන්සේ බෞද්ධ ලෝකයාට සුවිශාල චින්තනමය වෙනසක් ඇතිකර ගැනීමට මඟ පෑදූ සහ ලෝක දර්ශන කේෂේත්‍රය තුළ බොහෝ සෙයින් ගෞරවයට හා සැලකිල්ලට පාත්‍ර වන ප්‍රබල ගණයේ දාර්ශනික පරිණතභාවයකින් යුක්ත වූ තෙරුන් වහන්සේ නමකි. උන්වහන්සේගේ කෘතියක් වන ත්‍රිස්වභාවනිර්දේශය තුළ අඩංගු වන්නේ විඥප්තිමාත්‍රතා දර්ශනයේ පදනම සැකසී ඇති ආකාරය පැහැදිලි කරන දාර්ශනික සාකච්චාවකි.
Rs 405.00
Rs 450.00
-10%
Anuradhapura Yugaye Bithu sithuwam
අනුරාධපුර යුගයේ බිතුසිතුවම් - දර්ශනපති උඩුගම මෝහාන් නන්දන නානායක්කාරයන් ප්‍රවීණ චිත්‍ර කලා ශිල්පියෙකු ලෙසත්, චිත්‍ර කලා නිර්මාණකරුයෙකු ලෙසත්, චිත්‍ර කලාව පිළිබඳ ප්‍රවීණ විචාරකයෙකු ලෙසත් දක්ෂිණ ලංකාවේ පමණක් නොව ඉන් බැහැරවත් අගනා නමක් දිනාගෙන ඇත. කලා ශිල්ප, චිත්‍ර, මූර්ති පිළිබඳ ව ග්‍රන්ථ කිහිපයක් නිර්මාණය කර ප්‍රකාශයට පත් කර ඇති මෝහාන් නන්දන සූරීන්ගේ නවතම කෘතිය මෙය වේ.
Rs 225.00
Rs 250.00