Best sellers

Kadambari-Uththarabhagaya 01
කාදම්බරී උත්තරභාගය - 1 - ප්‍රාචීන පණ්ඩිත අවසාන පරීක්ෂණය සදහා නිර්දිෂ්ට මෙය සංස්කෘත භාෂාව හා සාහිත්‍ය හදාරණ කවරෙකු විසින් වුවද ඒකාන්තයෙන් ම පරිශීලනය කළ යුතු කෘතියකි. 
Rs 950.00
Sanskrutha Namakyatha Vivaranaya
සංස්කෘත නාමාඛ්‍යාත විවරණය -  සංස්කෘත භාෂාවේ නාම සහ ආඛ්‍යාත පද සෑදෙන ආකාරය වෘද්ධි වන ආකාරය සහ වරනැගෙන ආකාරය ඉතා පැහැදිලිව විවරණය කර තිබේ. සිංහල පෙළ සමග දේවනාගරි පෙළ ඉදිරිපත් කර ඇති අතර ශිෂ්‍යයන්ට ඉතාමත් ප‍්‍රයෝජනවත් ලෙස සැකසී ඇත. ගුරුවරුන්ට ද, ගුරුඅත් පොතක් වශයෙන් බොහෝ සෙයින් වටිනාකමක් ඇති සංස්කෘත භාෂා ගුරුපොතකි. මාර්ගෝපදේශයකි. 
Rs 420.00
Dhammapadattha Katha Wanarathna Vyakaya
ධම්මපදට්ඨ කථා වනරත්න ව්‍යාඛ්‍යා (අග්ගසාවක වත්තු) - පිරිවෙන්හි අධ්‍යාපනය සඳහා ලියැවුණ මෙම ග‍්‍රන්‍ථයට අග්ගශ‍්‍රාවක වත්‍ථූ නියමිත පාලි භාෂාවෙන් ද ඉන්පසු එක් එක් පාළි වචනයට සිංහල අර්ථය සපයමින් ද අනතුරුව සම්පූර්ණ අගසව් කථාව සිංහල භාෂාවෙන් ද ඉදිරිපත් කර තිබේ. ටිප්පණි සහ ආඛ්‍යාන විභාගය ද දීර්ඝ වූ ප‍්‍රස්තාවනාව ද ඉගෙන ගන්නා අයට අතිශයින් වැදගත් ය.
Rs 150.00
Balavathara Dipani
බාලාවතාර දීපනී - බාලාවතාරය පාලි ව්‍යාකරණ ග්‍රන්ථයකි. පිරිවෙන් සිසුන් මෙම ග්‍රන්ථය වචෝද්ග්‍රහණය කල යුතු අතර එහි අඩංගු ව්‍යාකරණ ලක්ෂණ ඉගන ගත යුතුය. මෙම පොතෙහි විශේෂත්වය වන්නේ වෙන වෙනම උදාහරණ වශයෙන් ව්‍යාකරණ ලක්ෂණ පැහැදිලි කිරීමයි. පාලි ව්‍යාකරණ ඉගනීම සඳහා වඩාත් උපයෝගීතාවයෙන් යුතු ග්‍රන්ථයකි.
Rs 700.00
Panchathanthra - Mithrasamprapthi
පඤ්ච තන්ත්‍ර - මිත්‍ර සම්ප්‍රාප්ති - ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සදහා ඉදිරිපත් වන විද්‍යාර්තීන්ගේ අධ්‍යයනය සදහා නාගර අක්‍ෂර, විචාර, පදගතාර්ථ, අර්ථ විවරණය හා ව්‍යාකරණ විවරණය සහිතව සංස්කරණය කරන ලද්දකි. 
Rs 975.00
Thera Rachana
 ථෙර රචනා - මහ ඇදුරු වල්පොළ රාහුල මහතෙරුන් විසින් රචිත ශාස්ත‍්‍රීය ලිපි සරණියකි. බටහිර ලෝකයේ බුදු දහම ව්‍යාප්ත වීම හා ඒ හා සම්බන්ධ ඓතිහාසක කරුණු පිළිබඳවත්, සෙන් බුදුදහමේ ප‍්‍රායෝගික භාවනා කමටහන් පිළිබඳවත් ථෙරවාදී හා මහායාන දර්ශනයන් හි  මුලික සංකල්ප කිහිපයක් පිළිබඳවත් තුලනාත්මක විග‍්‍රහයක් මෙමගින් සිදු කොට ඇත.  
Rs 70.00
Hitha Hadaganna One Hithnmai
හිත හදාගන්න ඕනෑ හිතෙන්මයි - සිත විසින් අපව පාලනය කිරීම වෙනුවට අප විසින් සිත පාලනය කිරීම පිළිබදව අත්වැලක් සපයන මෙම කෘතියෙන් මිනිස් සන්හතියේ සෞඛ්‍ය වර්ධනය මෙන්ම අසීමිත වේගයෙන් දිවයන සිත නිසා ඇතිවන අසීමිති අහිතකර තත්වයන් අවබෝධ කරගැනීම ගැනද නව මාදිලියේ පාඩම් රැසක් කියා දෙනු ලැබේ.
Rs 200.00
Bauddha Ha Kantiyanu Sadachara Darshanaya
සදාචාර දර්ශනය - ආදි බුදු දහමේ සහ කාන්ටියානු දර්ශනයේ අන්තර්ගත සදාචාර චින්තනය පිළිබද සංසන්දනාත්මක ව විමසුමක යෙදෙන කෘතියකි.
Rs 350.00
Out-of-Stock
Bauddha Adhayayana
Out-of-Stock
බෞද්ධ අධ්‍යයන - මෙම කෘතිය බෞද්ධ අධ්‍යයනයට අදාළ ඇතැම් විෂය මාතෘකා යටතේ ලියන ලද ලිපි සංග‍්‍රහයකි. බෞද්ධ අධ්‍යයනය විෂයයක් වශයෙන් උසස් අධ්‍යාපනය හදාරණ ශිෂ්‍යයන්ගේ ප‍්‍රයෝජනය සදහා ශාස්ත‍්‍රීයත්වයට වැඩි තැනක් දෙමින් මෙම ලිපි සැකසී ඇතත් බෞද්ධ විෂය පිළිබද පුළුල් අවබෝධයක් බලාපොරොත්තු වන සාමාන්‍ය පාඨකයන්ට ද මෙම ලිපිවලින් මහඟු ප‍්‍රයෝජනයක් අත්වනු ඇත.
Madhyakaleena Budusamaye Mulika Karunu
මධ්‍යකාලීන බුදුසමයේ මූලික කරුණු - මධ්‍යකාලීන යුගයට අයත් වැදගත් ධර්ම සංකල්ප පිළිබද විග‍්‍රහ කර ඇති මෙම කෘතිය බෞද්ධ අධ්‍යයන අංශවල ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ටත් ඒ පිළිබදව උනන්දුව දක්වන සාමාන්‍ය පාඨකයන්ටත් එකසේ ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 225.00
Out-of-Stock
Agama Ha Samajaya
Out-of-Stock
ආගම හා සමාජය - බුද්ධ චරිතය, බුද්ධ ධර්මය හා බෞද්ධ ඉතිහාසය පිළිබද කරණු සංග‍්‍රහ කළ මේ පොතෙහි ආගම සමාජය කෙරෙහි බලපාන අයුරු පැහැදිලි වේ.
Bauddha Adyayana Lipi
බෞද්ධ අධ්‍යයන ලිපි - වඩාත් පැරණියැයි විද්වත් ලෝකයෙහි පිළිගැනීමට ලක්ව ඇති පාලි සූත‍්‍ර දේශනාවන් ද පසුකාලීනව එම දේශනාවන් උදෙසා සම්පාදිත පාලි අට්ඨකථාවන් ද අදාළ හා අවශ්‍ය පරිදි පරිශීලනය කරමින් විචාරාත්මකව හා තුලනාත්මකව විවිධ මාතෘකා යටතේ සම්පාදනය කරන ලද බුදු දහම පිළිබද ලිපි රැසකින් සමන්විත මෙම කෘතිය ධර්ම ශාස්ත‍්‍රීය අධ්‍යයන අධ්‍යාපන කාර්යයන්හි නිරත නවීනයන්ගේ මෙන්ම ප‍්‍රවීනයන්ගේ ද අපේක්ෂාවන් සාධනය කරන්නකි. 
Rs 300.00
Dhanya Magapala Ha Nivana
ධ්‍යාන මගඵල හා නිවන - ධ්‍යාන වැඞීමේ අවශ්‍යතාවය හා ධ්‍යාන වඩන හැටි අත්දැකීම් තුළින් පෙන්වා දෙන සුවිශේෂී සදහම් ග‍්‍රන්ථයකි. 
Rs 350.00
Out-of-Stock
Dhamma Reflections
Out-of-Stock
This volume brings together fifty-three essays of Bhikkhu Bodhi that were earlier published by the BPS in newsletters and other publications. 
Sathara Kamatahan Bhavana Widi
සතර කමටහන් භාවනා විධි - ප‍්‍රායෝගිකව භාවනාව වැඞීමට අවශ්‍ය ක‍්‍රමවේදයන් ඉතා සරලව ඉදිරිපත් කරන මෙම කෘතිය ගිහි පැවිදි  ඕනෑම අයෙකුට පහසුවෙන් පරිශීලනය කළ හැකි ඉතා අගනා භාවනා අත් පොතකි. 
Rs 300.00
Bauddyanta Adala Rupavachara Dhayana
බෞද්ධයන්ට අදාල රූපාවචර ධ්‍යාන - ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අයත් සම්මා සම්ධිය විස්තර වන්නේ ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය සහ චතුර්ථ ධ්‍යානය යන ධ්‍යාන සතරත් සමගය. මෙයින් සාකච්ඡා කරනු ලබන්නේ රූපාවචර ධ්‍යානයන් ලබා ගැනීම සඳහා ඊට අබුරුප මානසික ස්වභාවයන් කෙසේ පවත්වාගත යුතු ද යන්න පිළිබඳවයි...
Rs 415.00
Maha Sathipattana Suthraya - Anapanasati Bhavana 1
මහා සතිපට්ඨාන සූත‍්‍රය - කායානුපස්සනාව (01 කොටස) - මහා සතිපට්ඨාන සූත‍්‍ර දේශනාවේ කායානුපස්සනාවට අදාළ කොටසෙහි ආනාපානසති භාවනාව පිළිබදව පුළුල් විග‍්‍රහයක් මෙම කෘතියෙහි අන්තර්ගතව ඇත.
Rs 350.00
Out-of-Stock
Adhyathmika Lokayata Marga Sithiyama
Out-of-Stock
ආධ්‍යාත්මික ලෝකයට මාර්ග සිතියමක් - The Meditator's Atlas නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙයින් බෞද්ධ සාහිත්‍යයෙහි සම්භාවනීය ග‍්‍රන්ථයක් වන ”විසුද්ධි මග්ග” පොතෙහි සදහන් ”පාරිසුද්ධියට මග” වෙත ඔබ කැදවාගෙන යන මාර්ග විස්තරයක් පෙන්නුම් කරයි. 
Samatha Bhavana Widhi
නිවන් මාර්ගය උදෙසා මෙන්ම ලෞකික දියුණුව සහ කායික මානසික සුව සහනය සඳහාද භාවනාව අතිශය වැදගත් වෙයි. සමථ භාවනාව පිළිබඳවත් සම සතළිස් කර්මස්ථාන සහ එ්වා තෝරාගැනීම පිළිබඳවත් සියලූ විස්තර මේ කෘතියෙන් රූප සටහන් සහිතව විස්තර කෙරේ.
Rs 500.00
Aanapana Sathi Bhavana Widhi
ආනාපාන සති භාවනා විධි - දානයේදීත් සීලයේදීත් ලැබෙන ආනිසංස වලට වඩා මහත්ඵල මහානිසංස භාවනා කිරීමෙන් ලැබෙයි. පංච නීවරණ දුරුවෙයි. සිත එක අරමුණක පිහිටයි. ඒ ඒකාග‍්‍රතාවයි. එවිට සිතෙහි ධ්‍යාන, පංච අභිඥා, අෂ්ට සමාපත්ති පිළිවෙළින් මාර්ග ඵල නිවන් අවබෝධ වේ. ඒ නිසා දාන සීලාදී පිංකම්වලට වඩා භාවනාමය වූ පිංකම්හි යෙදීම අත්‍යවශ්‍ය දෙයකි. 
Rs 350.00
Bauddha Bhawana
බෞද්ධ භාවනා - බෞද්ධ ජීවිතයකට අත්‍යවශ්‍ය භාවනා ක‍්‍රම, අත්දැකීම් හා කර්මස්ථානාචාර්ය උපදෙස් ද සහිතව සම්පාදනය කළ සුවිශේෂී සදහම් ග‍්‍රන්ථයකි. 
Rs 1,000.00