Best sellers

-10%Out-of-Stock
Piramida Bhuthayin Egypthu Sannaseen Ha Manthrakaruwan Samaga
Out-of-Stock
 පිරමීඩ භූතයින් ඊජිප්තු සන්නාසීන් හා මන්ත‍්‍රකරුවන් සමග - මෙය කීර්තිමත් බ්‍රිතාන්‍ය ගවේෂක, ලේඛක පෝල් බ‍්‍රන්ටන් විසින් ඉකුත් ශතවර්ෂයේ තුන්වැනි දශකය ආරම්භයේ පමණ ඉපැරණි ඊජිප්තුවේත් පිරමීඩ තුළ හා මළවුන්ගේ නගරයේත් සංචාරය කොට සම්පාදනය කරන ලද විස්මිත කරුණු ඇතුළත් ''A search in Secrect Egypt'' කෘතියේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනයේ ප‍්‍රථම භාගයයි.
Rs 315.00
Rs 350.00
-10%
Mahamolakarayo
මහමොළකාරයෝ -පාසල් වියේ සුන්දරත්වය, දඟකාරකම්, දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දෙන අයුරු කියවෙන අසංක මෙන්ඩිස් මහතාගේ මහ මොළකාරයෝ නවකතාව කොළඹ ප්‍රධාන පෙලේ පාසලක සිසු පිරිසක් වටා ගෙතී ඇත.
Rs 450.00
Rs 500.00
-10%
Yati Hithaka Hati
යටි හිතක හැටි - මෙම නවකතාවට පාදක කොට ගෙන ඇත්තේ ග්‍රාමීය පරිසරයක සැදී වැඩුණු තරුණයකු හා ධනවත් පවුලක තරුණියක වටා ගෙතුන කතාන්දරයකි. මෙම ග්‍රන්ථය ස්වාමීන් වහන්සේ 1966 - 1969 අතර කාලයේ මැගසින් බන්ධනාගාරයෙහි වැසිටින කාලයේ ලියන ලද්දකි.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock
Amma
Out-of-Stock
"අම්මා" රුසියානු හා ලෝක සාහිත්‍යයේ උසස් තැනක් දරණ මාහැඟි කෘතියකි. අද වුව ද එය විප්ලවවාදී සාහිත්‍යයේ මුදුන් මල්කඩකි. ලෝක සාහිත්‍යයේ පළමුවැනි වරට අතිශයින්  ම පැහැදිලි ලෙසත්, කම්කරු පන්තියේ ජීවන තතු පැහැදිලි කළ පළවැනි කෘතිය "අම්මා" ය. ශ්‍රේෂ්ඨ  ඔක්තෝම්බර් සමාජවාදී විප්ලවයේ නායකයාණන් වූ වී.අයි. ලෙනින් "අම්මා" දෘෂ්ටිමය හා දේශපාලනමය අතින් දැවැන්තමය වැදගත් කමක් උසුලන බැව් පැවසීය.
Rs 900.00
Rs 1,000.00
-10%
Lanka Urumaya
ලංකා උරුමය - ලංකා උරුමය නම් ග්‍රන්ථය ලංකාද්වීපයේ අතීත කතාවන් ඉතාමත් රසැති බස යොදා ගනිමින් ඕනෑම අයෙකු සඳහා කියවා තේරුම් ගත හැකි වන පරිදි ලියැවුණු අගනා කෘතියකි.
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock
Sen Bodu Katha
Out-of-Stock
සෙන් බොදු කතා - පරිණත ලේඛකයෙකු වූ පර්සි ජයමාන්න තම මාධ්‍ය වූ පුවත්පත් කලාවෙන්, කර්තෘත්වයෙන් එදා මෙදා තුර ගිණිය නොහෙන පිරිසකට අතහිත දුන්නේය. 'නස්රුදීන් සහ සුෆී' උපමා කතාවන්ගෙන් අපට අර්ථවත් රසයක් දායාද කළ මේ ලේඛකයා සෙන් දහම සම්බන්ධ සුනිශිත කතා පෙළකින් පාඨකයාට අනර්ඝ සංග්‍රහයක් කරයි. ධ්‍යාන නම් වූ අර්ථ විශද කරන සෙන් කතා ලෝකයේ බොහෝ දෙනෙකුට සැනසීම සැහැල්ලුව හා ඤාණ මාර්ගය විවෘත කර ඇත. විවෘත මනසකින් මේ කතා කියවා රස විඳින කලිහි පාඨකයාගේ ගුණ නැණ අවදි වෙයි. සිත කය වදන යන තුන්දොර සංවර වෙයි. ශික්ෂිත පුද්ගලයා තමන්ටත් ලෝකයාටත් මහඟු දායාදයකි. සරලව සිංහල බසට නඟා ඇති මේ සෙන් බොදු කතා දැඩි රුචියෙන් කියවා බලා එහි රසරුත් උකහා ගත හැකි ය. මේ මනරම් කතා කියවන පාඨකයාට ලැබෙන ප්‍රයෝජන අපමණ ය. 
Rs 675.00
Rs 750.00
-10%
Yuganthaya
යුගාන්තය - සමාජය තුළ පවත්නා විවිධ වූ චරිත ස්වභාවයන් මනා කොට හුවා දක්වමින් ලියැවුණු යුගාන්තය නව කතාව මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ඉමහත් වෑයමකින් නිමැවුණු අති සාර්ථක කලා කෘතියකි. 
Rs 810.00
Rs 900.00
-10%
Madol Doova
මඩොල් දූව - අඩ සියවසකට අධික කාලයක් මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත් මඩොල් දූව නවකථාවේ මෙම මුද්‍රණය අලුත් සැකැස්මකින් හා නව සිත්තම් වලින් සැරසී තිබේ.
Rs 472.50
Rs 525.00
-10%
Geheniyak Saha Thavath Ketikatha
ගැහැනියක් සහ තවත් කෙටි කතා - රසවත් කෙටි කතා මාලාවකින් යුත් ග්‍රන්ථයකි. මාර්ටින් වික්‍රමසිංහයන්ද ඔහු ලියන ලද හොඳම කෙටි කතා ඇතුලත්ව ඇත්තේ මෙම ග්‍රන්ථයෙහි බව පිළිගෙන ඇත. 
Rs 202.50
Rs 225.00
-10%
Wahallu
වහල්ලු - ඉතා රසවත් හරවත් කෙටිකතා මාලාවකින් සැදුම්ලත් මෙම ග්‍රන්ථය විවිධ වූ මාතෘකා ඔස්සේ දෝලනය වෙමින් රචනා වූවකි. රසාස්වාදය සඳහාම පමණක් නොව මෙහි එන එක් එක් චරිතාංඟ අදටද ගැලපෙන අතර ඉන් ගත හැකි ආදර්ශයන්ද බොහෝ වෙත්.
Rs 450.00
Rs 500.00
-10%Out-of-Stock
Peradiga Isthrivadaya
Out-of-Stock
පෙරදිග ස්ත‍්‍රීවාදය - මෙතෙක් වෙනත් කිසිදු අවස්ථාවක විවරණය නොවී පැවති පෙරදිග ස්ත‍්‍රී භූමිකාව පිළිබද සාධනීය ලක්ෂණ මතු කිරීමට මෙම පර්යේෂණ ග‍්‍රන්ථය සමත්ව ඇත.
Rs 450.00
Rs 500.00
-10%
Thunmanhandiya
තුම්මංහංදිය
Rs 675.00
Rs 750.00
-10%
Sanskrutha Sahithya
සංස්කෘත සාහිත්‍යය - සම්පූර්ණ සංස්කෘත සාහිත්‍යය අළලා ජී. එස්. බී. සේනානායක මහතුන් විසින් මේ සාහිත්‍යය ඉතිහාස ග‍්‍රන්ථයෙන් සිංහලෙන් සංස්කෘතය හදාරණ ශිෂ්‍යයන්හට මෙන්ම ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ කියවීමෙහි රුචිකම් දක්වන සෙසු පාඨකයන් හටද නොමද ප‍්‍රයෝජන ලැබිය හැකිය.
Rs 1,858.50
Rs 2,065.00
-10%
Vimarshanathmaka Parkrutha Vyakaranaya
ප‍්‍රාකෘත ව්‍යාකරණය - ප‍්‍රාකෘත හදාරණ විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනයටත්, ආධුනිකයන් තුළ ප‍්‍රාකෘත භාෂා සාහිත්‍යය පිළිබද අවධිකමක් ඇති කරවීමත් අරමුණු කොටගෙන මෙම කෘතිය එළි දැක්වේ.
Rs 180.00
Rs 200.00
-20%
Dharmathavaye Svabhava Margaya
ධර්මතාවයේ ස්වභාව මාර්ගය - පූජ්‍ය බණ්ඩාරවෙල සද්ධාතිස්ස හිමියන් විසින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇති ‌මෙම කෘතිය සාහිත්‍ය ක්ෂේත්‍රයේ නිම්වළලු පුළුල් කිරීමට දායක විය හැකි කෘතියකි. 
Rs 896.80
Rs 1,121.00
-10%Out-of-Stock
Vibhaga Jayagatha Heki Pahasu Maga
Out-of-Stock
විභාග ජයගත හැකි පහසු මඟ - කුඩා වයසේ සිටම දරුවන් හට විභාග සඳහා සූදානම් වීමට හා මුහුණ දීමට සිදුව තිබේ. මෙය සමහර අවස්ථාවකදී දරුවන් මෙන්ම දෙමාපියන්ද දැඩි මානසික වෙහෙසකර තත්වයකට පත්වේ. එම වෙහෙසකර බවින් මිදීමට නිසි උපදේශන සේවාවක් අවශ්‍යම යුගයක දයා රෝහණ අතුකෝරලයන් මහඟු යුග මෙහෙවරක් ඉටු කළා වැනි හැඟීමක් ඇතිවන්නේ, විභාග ජයගත හැකි පහසු මඟ යන ග්‍රන්ථය මගින් ලොකු කුඩා සැමට විද්‍යාත්මක මඟ පෙන්වීමක් ලබා දෙන බැවිනි.  
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock
Pematho Jayathi Soko
Out-of-Stock
පෙමතො ජායතී සොකො - ”පෙමතො ජායතී සොකො” මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ එකම ගීත නාටකය වන අතර උසස් විභාග සදහා නිර්දිෂ්ට කර ඇති කෘතියකි.
Rs 180.00
Rs 200.00
-10%
Sanskrutha Natya Sahithya
සංස්කෘත නාට්‍ය සාහිත්‍යය - සංස්කෘත පෙළ සන්නය මෙන්ම ඊළගට ඒ ඒ ග‍්‍රන්ථ පිළිබද ප‍්‍රාමාණික විස්තරයක් ලියා ඇත. ඒ අනුව පෙළ සන්නය ග‍්‍රන්ථය විමසීම යන මේ කාරණා තුන යටතේ මෙම ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 135.00
Rs 150.00
-10%
Sanskrutha Kanda Kawya
සංස්කෘත ඛණ්ඩ කාව්‍යය - අ.පො.ස. උසස් පෙළ සංස්කෘත විෂය හදාරණ ශිෂ්‍යයන්ගේ තත් ක්ෂේත‍්‍ර පිළිබද දැනුම හා අවබෝධය ලබාගැනීමට පහසුවක් වන පරිදි මෙම අතිරේක පාඨ ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 112.50
Rs 125.00
-10%Out-of-Stock
Wighanavadhi Mahayana Abhidharmaya
Out-of-Stock
විඥානවාදී මහායාන අභිධර්මය - අසංගාචාර්යයන්ගේ අභිධර්ම සමුච්චය හා ථේරවාද අභිධර්මය පිළිබද තුලනාත්මක අධ්‍යයනයකි.
Rs 900.00
Rs 1,000.00
-10%
Pali Nirdishta Grantha Adyanaya
පාලි නිර්දිෂ්ට ග්‍රන්ථ අධ්‍යනය - අ.පො.ස (උසස් පෙළ) විභාගය සඳහා නියමිත පාලි නිර්දිෂ්ඨ කොටස්වලින් ථේරගාථා, ථේරීගාථා, මහාවංශ. සුත්තනිපාත, ධම්මපද, ජාතකට්ඨකථා යන කොටස් පෙළ අන්වය පදගතාර්ථ, විස්තරාර්ථ වර්ණනා සහිතව වදුමුන්නේ මහින්ද හිමියන් විසින් සංස්කරණය කර ඇත.
Rs 360.00
Rs 400.00