Best sellers

Sansidunu Sitha
සන්සිදුණු සිත - මෙම පොතෙන් පෙන්වා දී ඇත්තේ එළඹ සිටි සිහියෙන් යුතුව සිත ශරීරය සමග එකඟ කිරීමෙන් සමාධිය හා ප‍්‍රඥාව වර්ධනය කර ජීවිතයට ප‍්‍රීතියක්, සැපයක් ලබා ගන්නා අන්දමයි.  සන්හිදියාවක් ලබාගන්නා ආකාරයයි.  
Rs 230.00
Iriyapatha Bhavana
ඉරියාපථ භාවනා - මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවට අයත් ඉරියාපථ භාවනාව නිවන් අවබෝධය දක්වාම පියවරෙන් පියවර දියුණු කරගන්නා ක‍්‍රමය ඉතා සරල බසින් විස්තරාත්මකව පහදා දී ඇත.
Rs 320.00
Aduren Eliya Kara (Kayanupassana Bhavana)
අදුරෙන් එළිය කරා කායානුපස්සනා භාවනා -  සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවට අයත් ආනාපානසති භාවනාව, ඉරියාපත භාවනාව, සම්පජඤ්ඤ භාවනාව, ධාතු මනසිකාර භාවනාව, නවසීවථික භාවනාව, අසුභ භාවනාව, අට්ටිකසංඥා භාවනාව පිළිබදව මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් බුද්ධ දේශනා ඇසුරින් ඉතා විස්තරාත්මකව සරල බසින් පහදා දී ඇත. 
Rs 590.00
Sundara U Niwan Maga 2
සුන්දර වූ නිවන්  මග - 2 - මේ සදහම් ග‍්‍රන්ථයේ ඉතා සරල බසින් සතර සතිපට්ඨානයට අයත් වේදනානුපස්සනාව විස්තර කර ඇත. එය සෑම භාවනා යෝගියෙකු විසින්ම ඉගෙන ගත යුතුය. මතකයේ රදවා ගත යුතුය. එවිට ඔබ සුන්දර වූ නිවන් මාර්ගයේ ගමන් කරන කෙනෙකු වේ. මෛත‍්‍රී භාවනාව තුළින් අධිමානසික හැකියාවන් උපදවා ගන්නා ආකාරය ද මෙහි විස්තර කර ඇත. 
Rs 220.00
Out-of-Stock
Sundara Diviyata Vidasun Bhawana
Out-of-Stock
සුන්දර දිවියට විදසුන් භාවනා - මේ සදහම් ග‍්‍රන්ථයේ ඉතා සරල, පැහැදිලි භාෂාවකින් විදර්ශනා භාවනාව ගැන සදහන් වෙයි. මෙහි ඇති භාවනා ක‍්‍රමය ජීවිතයට එකතුවන විට ඔබගේ ජීවිතය සුන්දරත්වයෙන් පිරී යයි. දිනෙන් දින ධර්මාවබෝධය වෙත ළගා වෙයි. ගෞතම බුදු සසුන තුළ මග - ඵල ලැබීමේ වාසනාව උදාවෙයි. 
Nihada Bawe Pragnawa
නිහඩ බවේ ප‍්‍රඥාව - ඉන්‍ද්‍රීය ධර්මයන් හා පරිබාහිර වස්තූන් පිළිබද ඇලීමේ ආදීනව ඒ පිළිබද මිනිස් සිත යොමු කරවන නීවරණ ධර්මයන්ගේ ක‍්‍රියාකාරීත්වය නීවරණයන්ගෙන් සිත මුදවා සතියෙහි පිහිටු වීම මේ මොහොතේ පවත්වන සතිමත් බවෙහි, භාවනාවෙහි තිරතිශය වැදගත්කම පිළිබද මෙම ග‍්‍රන්ථය මගින් විස්තර කර ඇත.
Rs 225.00
Out-of-Stock
Siri Sadaham Sayura Hevath Avabodayen Yuthuva Bhavana Karana Kramaya
Out-of-Stock
සිරි සදහම් සයුර හෙවත් අවබෝධයෙන් යුතුව භාවනා කරන ක‍්‍රමය - භාවනාව පුහුණු කරන්නන් විසින් අත්‍යාවශ්‍යයෙන්ම දැනගත යුතු කරුණු ඇතුළත් මේ සදහම් ග‍්‍රන්ථය ගෙදරම වැඩසිටින භාවනා ගුරුවරයෙකි. නිවන් මග පෙන්වන කල්‍යාණ මිත‍්‍රයෙකි. 
Out-of-Stock
Wadunu Sithaka Vismitha Pada
Out-of-Stock
වැඩුණු සිතක විස්මිත පාද -  සතර ඉර්ධිපාද, ධාතු මනසිකාර භාවනාව, සතිපට්ඨාන භාවනාව ගැන දතයුතු දේ සප්ත බොජ්ඣංග, අවිජ්ජා සූත‍්‍රය නමැති දහම් මාතෘකා පහක් පිළිබදව දොළොස්වල උදිතධීර හිමියන් විසින් පවත්වන ලද දේශනා ආශ‍්‍රයෙන් මේ සදහම් ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත. 
Parevi Sandeshaya
පරෙවි සංදේශය -  පදගතාර්ථ විස්තර විමර්ශන සහිත මෙම සන්දේශය ජයවර්ධන පුරවර සිට ගිරිහෙලපුර හෙවත් දෙවිනුවර උපුල්වන් දෙවිªන්ට යැවෙන්නකි. සාම්ප‍්‍රදායික සන්දේශ කාව්‍ය රීතීන් අනුගමනය කරමින් ම මෙය ද සැකසී ඇත. 
Rs 290.00
Lovada Sangarava Bava Sanna Sahitha
ලොවැඩ සඟරාව (භාව සන්න සහිතයි) -  පාසල්වල සහ දහම් පාසල්වල භාවිත කළ පැරණි කවි පොතක් වූ මෙහි ඇතුළත් වන්නේ සුචරිත වර්ධනයත් ඒ තුළින් මිනිසාගේ ආර්ථික සංවර්ධනයට ලැබෙන පිටුබලය ගැනත් ය. පාසල් දරුවන් අතට පත් කිරීමට වටිනා වීදාගම හිමියන්ගේ කෘතියකි. ලෝකයට වැඩ ඇති පරපුරක් බිහි කිරීමට ඉවහල් වන අදහස් සමුදායක් කාව්‍ය සංකල්ප තුළින් එළිදැක්වීමකිි. මෙහි ඇතුළත් අවවාදාත්මක පද්‍ය කටපාඩම් කර ගන්නාවුනට ජීවිතයේ දී ලද හැකි ඵල බොහෝ ය. 
Rs 200.00
Out-of-Stock
Amawathura-Gatapada Akaradiya
Out-of-Stock
අමාවතුර ගැටපද අකාරාදිය -  අමාවතුරේ දුරවබෝධ පද අකාරාදී පිළිවෙළින් පෙළ ගස්වා එම පදවලට අරුත් සපයමින් සිරි සුමන හිමිපාණන් විසින් පිළියෙල කරන ලද මේ අකාරාදියල අමාවතුර හදාරන ශික්ෂක ශිෂ්‍ය දෙපක්ෂයට පමණක් නොව අමාවතුර රස විදින සාමාන්‍ය පාඨකයන්ට ද අත්‍යවශ්‍ය ග‍්‍රන්ථයක් බැවින් සෑම දෙනාම මෙම පොත කියවිය යුතුය.  
Out-of-Stock
Sanskrutha Sahithya Wimarshana
Out-of-Stock
සංස්කෘත සාහිත්‍ය විමර්ශනය -  විවිධ සංස්කෘත පොත්වලින් උදාහරණ ගනිමින් භාෂා ව්‍යවහාර සමග සංස්කෘත සාහිත්‍ය පිළිබඳ කෙරෙන විමර්ශනයකි. සංස්කෘත විෂය හදාරන විද්‍යාථින්ට මෙය බොහෝ සෙයින් ප‍්‍රයෝජනවත් වේ. 
Sanskrutha Kavya Sahithya
සංස්කෘත කාව්‍ය සාහිත්‍යය - කාව්‍ය සංස්කෘතිය, කාලිදාසට පෙර ලේඛකයෝ, විර කාව්‍ය, ඓතිහාසික කාව්‍ය, පේ‍්‍රම බන්ධන, ජන කථා, උපදේශන කථා, ගීත හා සුභාෂිත කාව්‍යය, කාව්‍ය සිද්ධාන්ත, මහා කවි කාලිදාස ආදී මාතෘකා යටතේ සංස්කෘත කාව්‍ය සාහිත්‍ය පිළිබඳ ලියැවුණු පොතකි. 
Rs 240.00
Out-of-Stock
Pali Bhashave Aithihasika Sanwardhanaya Ha Kachchaya Vyakarana Wivuthi
Out-of-Stock
පාලි භාෂාවේ ඓතිහාසික සංවර්ධනය හා කච්චායන ව්‍යාකරණ විවෘති - මෙම ග‍්‍රන්ථය සාම්ප‍්‍රදායික ව්‍යාකරණ හා ඓතිහාසික ව්‍යාකරණය යන ක්ෂේත‍්‍ර දෙකටම අදාළ වන ප‍්‍රස්තුත රාශියකින් සැදුම් ලද කෘතියක් වන අතර ප‍්‍රාචීන විභාග මෙන්ම උසස් අධ්‍යාපන ආයතනයන්හි විභාගවලට සූදානම් වන සිසුන්ට මහගු අත්වැලක් වනු ඇත.
Pali Bhasha-Sahithyaya Hebau Wideshikayo
පාලි භාෂා සාහිත්‍ය හෙබවූ විදේශිකයෝ -  දීර්ඝ කාලයක් තුල පුළුල් පරාසයක විහිදී ඇති පාලි භාෂා සාහිත්‍ය කෘති නිර්මාණය කළ විදේශීය පඩුවන් පිළිබද ශාස්ත‍්‍රීය ගවේෂණයකි. 
Rs 175.00
Out-of-Stock
Pali Adhyayana Vimarshana
Out-of-Stock
පාලි අධ්‍යයන විමර්ශන - මහාචාර්යය ඔලිවර් අබේනායක මහතා විසින් 1960 වසරේ පටන් පුරා දශක හයකට ආසන්න කාලය තුල විවිධ මාතෘකා යටතේ ලිපි රාශියක් ඉදිරිපත් කොට ලැබ ඇත. එයින් පාලි අධ්‍යයන සදහා ඇති ලිපි සියල්ල ම සංගෘහිත කර ඇති මෙම කෘතිය පාලි විෂයය හදාරණ විද්‍යාර්ථීන්හට මහත් සේ ප‍්‍රයෝජනවත් වනු ඇත. 
Buduguna Alankaraya
බුදුගුණ අලංකාරය  - අනන්ත වු බුදු ගුණ වර්ණනා කරමින් කාව්‍යයෙන් බන්ධනය වූ මේ කෘතිය බෞද්ධ සාහිත්‍යයේ අමරණීය ග‍්‍රන්ථයකි.
Rs 375.00
Lokopakaraya - Ranasgalle Himi
ලෝකෝපකාරය - මහනුවර යුගයේදී රචිත උපදේශ සාහිත්‍යයට අයත් සාමාන්‍ය පාඨකයාට සමීප වූ කාව්‍යයක් වන මෙය පාලි ධම්මපදයේ හා සංස්කෘත හිතෝපදේශයේ සඳහන් උපදේශ හෙළ ගීයට නැඟීමෙන් සම්පාදිතය.
Rs 300.00
Out-of-Stock
Guththila Kawya - Waththave Himi
Out-of-Stock
ගුත්තිල කාව්‍ය -  ජනප‍්‍රිය පැරණි පද්‍ය ග‍්‍රන්ථයක් වූ මෙයට කාව්‍ය අර්ථ පමණක් නොව විස්තර ව්‍යාඛ්‍යාන ඇතුළත් කරමින් සිසුන්ට පොත පිළිබඳ ව දැනීම හැරෙන්නට සාමාන්‍ය දැනීම දියුණු කර ගැනීමේ අවස්ථාව ද ප‍්‍රවිෂ්ට කර තිබේ. සාරගර්භ සංඥාපනය අතිශය වැදගත් ය. රසවත් කෙටි විරිත් වලින් යුතු මෙය කාව්‍ය කරණයට ගුරුවරයෙකි. දීර්ඝ විස්තර වලින් අපූරු කාව්‍ය රසාස්වාදයක් පාඨකයාට ලබා දෙන්නේ කවිකතාව තුළිනි. 
Bauddha Sahithya
බෞද්ධ සාහිත්‍යය - මාටින් වික‍්‍රමසිංහ මහතාගේ අදහස් විවේචනය කරමින් ඇරඹෙන මෙය බෞද්ධ සාහිත්‍යය පිළිබඳ ව වැදගත් අදහස් රැසක් ගෙන එන පොතකි. 
Rs 350.00
Out-of-Stock
Muvadevdavatha - Wanarathna Wyakhya
Out-of-Stock
මුවදෙව් දා වත - චමත්කාරජනක කාව්‍ය සංකල්පනාවලින් පරිපූර්ණ ගී විරිතින් ලියැවුණු මෙම කාව්‍යයෙන් ගෙන එන්නේ මඛාදේව ජාතකයයි. පදගතාර්ථ, භාව, ටිප්පනි සහ චන්‍දස් යටතේ එක් එක් කවිය පිළිබඳව දීර්ඝ ලෙස විස්තර සපයා ඇත. ජනප‍්‍රිය බෞද්ධ කථාවකි. සාර්ථක සංස්කරණයකි. 
Out-of-Stock
Subodhalankaraya-Sri Gunananda Abhinava Wyakyava
Out-of-Stock
සුබොධාලංකාරය -  ගද්‍ය පද්‍ය කාව්‍ය අලංකරණය සම්බන්ධ විවිධ නීති, රීති, විශිෂ්ට ජන කාව්‍ය, ශෙලෂාලංකාර ප‍්‍රභේද, කාව්‍ය දෝෂ, උත්කෘෂ්ට ලක්ෂණ ගුණ ප‍්‍රභේද, භාව, ලක්ෂණ, සාත්වික භාව, නවනළු රසය, ශාංගාර රතිලක්ෂණ සහිතව ලියැවුණු පොතකි. 
Out-of-Stock
Sahithya Kalawa
Out-of-Stock
සාහිත්‍ය කලාව - "කලාවක් වශයෙන් සිංහල සාහිත්‍ය හදාරන්නන් හා එහි රස විඳින්නන් සාමාන්‍ය පාඨකයින් අතර පමණක් නොව සිංහල පණ්ඩිතයන් අතර පවා නැතැයි පවසන මාර්ටින් වික්‍රමසිංහ මහතා සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍යය, මෙම කෘතිය මඟින් සියුම් විමසුමකට බඳුන් කරයි. ලේඛන කලාවෙහි සමතුන් වනු කැමැතියන්ට ද සාහිත්‍ය රස විඳින්නවුන්ට හා සාහිත්‍ය විවේචනය කරන්නවුන්ට ද මේ ග්‍රන්ථය අත් පොතක් ලෙසින් ප්‍රයෝජනවත් වනු ඇත." ජයදේව-ලංකාදීප