Best sellers

Sinhala Sahithyaye Negeema
සිංහල සාහිත්‍යයේ නැගීම - සිංහල සාහිත්‍යයේ එන ජනකවි, සිව්පද කාව්‍ය, ගද්‍ය හා පද්‍ය ආදී බොහෝ සංස්කෘතිකමය මාතෘකා ඔස්සේ ලියැවුණු විචාරවත් ග්‍රන්ථයක් ලෙසින් හඳුන්වා දිය හැක. මෙහි එන පටුන කියවන කා හට වුවද මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විචාර බුද්ධියට ගෝචර වූ මාතෘකා එයට කදිම නිදසුන් වේ.  
Rs 1,100.00
Rasavadaya ha Bauddha Kavya
රසවාදය හා බෞද්ධ කාව්‍යය - සංස්කෘත ආලංකාරිකයන් පරිශ්‍රමයෙන් විකාශනය කළ මතයක් වන රසවාදය හිසින් ගැනීම නිසා අනුකාරක විචිත්‍ර රීතියක් බිහි වූ අයුරුත් එය අපගේ නිදහස් සාහිත්‍ය සම්ප්‍රදායට බාධාවක් වූ සැටියත් මාර්ටින් වික්‍රමසිංහ මේ කෘතියෙන් අනාවරණය කරයි.
Rs 175.00
Mayura Sandashaya
පදගතාර්ථ සහිත මයුර සංදේශය - සංදේශ සාහිත්‍ය ග‍්‍රන්ථ අතුරින් මයුර සංදේශයට ද හිමිවන්නේ නොදෙවෙනි තැනකි. දැනට මෙය අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ විවිධ විභාගයන් සඳහා නියම කර ඇති බැවින් පැරණි සංස්කරණයට වඩා ඉතාමත් පැහැදිලි වර්තමාන සිංහල භාෂාව යොදාගෙන සංස්කරණය කර තිබේ. මේ නිසා  ඕනෑ ම අයෙකුට පහසුවෙන් කියවා අවබෝධ කර ගත හැක. සෑම පද්‍යයක් සඳහා ම සැකසුම, අර්ථය, විස්තර හා පද විවරණයක් සපයා තිබේ. වැදගත් තොරතුරු රැසක් ඇතුළත් කරමින් ලියැවුණු වටිනා ප‍්‍රස්ථාවනාවකින් ද යුක්තය. උසස් විභාග සඳහා පමණක් නොව පාසල් අධ්‍යාපන සඳහා වුවද භාවිත කිරීමට සුදුසු වන ලෙස සංස්කරණය කර තිබේ. 
Rs 590.00
Hansa Sandeshaya
හංස සංදේශය - සිංහල සංදේශ කාව්‍ය අතර පැරණි ම සංදේශ කීපය අතරට මෙම සංදේශය ද අයත් වන බව සඳහන් කරන කතුවරයා මෙය ද සෑම කාව්‍යාංගයකින් ම සමන්විත වන අතර එහි අර්ථය ද පැහැදිලිව සඳහන් වේ. එසේ ම සෑම පදයක් සඳහා ම යොදා ඇති කාව්‍ය විස්තරයන්ගෙන් සාහිත්‍ය පිළිබඳ ව දැනුම් රැසක් ගෙන එන බව දක්නට ලැබේ. මේ හැරෙන්නට ඒ ඒ පද්‍ය වල දක්නට ලැබෙන විවිධි ග‍්‍රන්ථි පද සඳහා විවරණය කිරීමක් ද දක්නට ඇත. කවර උසස් විභාගයකට වුවද සූදානම් වන අයට භාවිත කළ හැකි ලෙස සැකසී තිබේ.  
Rs 720.00
Thisara Sandeshaya
තිසර සංදේශය -  ඉපැරණි ම සංදේශ කාව්‍යය වශයෙන් සැලකෙන මෙම ග‍්‍රන්‍ථයෙන් අවුරුදු පන්සියයකට පෙර ලංකාවේ ඉතිහාසය සමාජ තතු ආගමික පසුබිම ආදී කරුණු ගණනාවක් විවරණය වේ. ඉටු අනිටු ගණ සහ අධ්‍යාපනය සඳහා ඉතා වැදගත් කරුණු රාශියක් පිටු 28 කින් යුත් සංඥාපනයට ඇතුළත් කර තිබේ. සංදේශ කාව්‍යය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලබා ගැනීමට මෙම පොත අනිවාර්යයෙන් ම කියවිය යුතු අතර කාන්‍ රසාස්වාදයේ තීව‍්‍ර වින්‍දනය සඳහා එය උපකාරී වනු ඇත. 
Rs 280.00
Out-of-Stock
Sidathsangarave Pasukaleena Bhasha Salasum karanaya
Out-of-Stock
සිඳත් සඟරාවේ පසුකලීන භාෂා සැලසුම්කරණය - සිදත් සගරා විෂය කොටගෙන බිහි වූ හා සිදත් සගරාව ආශ‍්‍රය කරමින් බිහි වූ ව්‍යාකරණ ග‍්‍රන්ථ වලින් සිදුව ඇති භාෂා සැලසුම්කරණයන් හෙළිදරව් කිරීම මෙම කෘතියෙහි මූලික අරමුණ වේ. 
Sarala Sanskruthashikshakaya 3
සරල සංස්කෘත ශික්ෂකය 3 - මේ සරල සංස්කෘත ශික්ෂක නම් පොත් පෙලේ තුන්වැන්නයි. මෙහි පළමුවන, දෙවැනි පොත් හදාලහට මේ තුන්වැන්න මැනවින් ඉගැන්මෙන් සකුබසෙහි මහත් නිපුණ බවක් ලැබෙනු ඇත.
Rs 3,800.00
Out-of-Stock
Sinhala Bhashave Prabhavaya Ha Pravardhanaya
Out-of-Stock
සිංහල භාෂාවේ ප‍්‍රභවය හා ප‍්‍රවර්ධනය - සිංහල භාෂා ඉතිහාසය හදාරණ ප‍්‍රාචීන හා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් වෙනුවෙන් සම්පාදනය කරන ලද ප‍්‍රශස්ථ කෘතියකි.
Out-of-Stock
Wairagyashathakaya
Out-of-Stock
වෛරාග්‍යශතකය - ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සදහා ඉදිරිපත්වන වීද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා සංස්කෘත පෙළ, අන්වය හා පදගතාර්ථ සහිතව සංස්කරණය කරන ලද්දකි.
Sarala Sanskruthashikshakaya 1
සරල සංස්කෘත ශික්ෂකය 1 - මේ සරල සංස්කෘත ශික්ෂකය නම් පොත් වැලෙහි පළමු වැන්නය. මෙය වනාහි මුල පටන්ම නාගර අකුරුත් සමගම සංස්කෘත භාෂාව පුහුණු කරන ආධුනිකයන් සදහා පිළියෙල කරන ලද්දකි. තවද සංස්කෘත භාෂාව උගන්නවුනට මුලදීම කියවන හෝඩිපොත වශයෙන් සකසන ලද්දකි. 
Rs 380.00
Bhashana Sanskrutham
භාෂණ සංස්කෘතම් -  එක් එක් ස්ථානවලදී සංස්කෘත භාෂාවෙන් කතා කරන අන්දම නිරූපණය කරන පොතකි. එක් එක් වාක්‍ය සංස්කෘත නාගර අක්ෂරයෙන් ද එය උච්චාරණය කරන ආකාරය හා සිංහල අර්ථය ද දක්වා ඇති මෙය සංස්කෘත ආරම්භයට සුදුසු ය. 
Rs 460.00
Out-of-Stock
Palibhasha Vyakaranaya
Out-of-Stock
පාලි භාෂා ව්‍යාකරණය - පාළි භාෂාව හදාරණ විද්‍යාර්ථීන්හට පාලි බසින් කිසියම් සමබර රචනයක් කිරීමටත්, පාලි භාෂාව පිළිබද භාෂා ඥාණය වර්ධනය කරගැනීමටත් එසේම පෙළ දහම නිවැරදිව තේරුම් ගැනීමටත් අත්‍යාවශ්‍ය වන පාලි වියරණය හැදෑරීම සදහා සම්පාදනය කළ වටිනා ග‍්‍රන්ථයකි.
Pali Padya Pata Sangrahaya
පාලි පද්‍ය පාඨ සංග්‍රහය - බුදු දහම ගවේෂණය කරන්නෙකුට මුළු ත්‍රිපිටකය ම කියවීම අපහසුය. මන්ද එය ප්‍රමාණාත්මකව වැඩි නිසාය. ත්‍රිපිටක පාලිය, අටුවා හා ප්‍රකරණ ග්‍රන්ථ ද පාලි ව්‍යාකරණ ග්‍රන්ථ ද ආශ්‍රය කොටගෙන ඒවායේ එන සුවිශේෂී දහම් කරුණු සම්පිණ්ඩනය කොට රචනා කරන ලද වටිනා ග්‍රන්ථයකි ' පාලි පද්‍ය පාඨ සංග්‍රහය'.
Rs 350.00
Out-of-Stock
Pali Bhashava Ha Rachanaya
Out-of-Stock
පාළි භාෂාව හා රචනය - පාලි භාෂාව ඉගැන්වීම සඳහා මෙම පොත අතිිශයින් අංග සම්පූර්ණව ගුරු සිසු දෙපක්‍ෂයට ම ප‍්‍රයෝජනවත් සේ සැකසී තීබේ. ව්‍යාකරණ, පරිවර්තන, පරිචය, භාෂා රීති, විශේෂ වාක්‍ය ප‍්‍රයෝග, අභ්‍යාස, රචනෝපදේශ, වාක්‍ය රීති, පාලි ව්‍යවහාර, ආදශ_ ගද්‍ය, පද්‍ය රචනා, ශබ්ද මාලා සහිත මෙම පොතට පිටු 37 ක පාලි භාෂාව පිළිබඳ කරුණු රාශියක් අඩංගු වටිනා ප‍්‍රස්තාවනාවක් ද එකතු වී ඇත. 
Sinhala Granthaarranaya Hewath Sinhala Katha Sayura
සිංහල ග‍්‍රන්‍ථාර්ණවය හෙවත් සිහළ ගත් සයුර - සිංහල හෝඩිය, නම්පොත හෙවත් විහාර අස්න, මඟුල් ලකුණ හා අසීති අනුව්‍යාඤ්ජන, වදන් කවි පොත, ගණදෙවි හෑල්ල, බුද්ධ ගද්‍ය හා සකස්කඩ, නාමාෂ්ට ශතකය සහ නවරත්නය, ව්‍යාකාරකය යන පැරණි පොත් ද ඒවායෙහි සිංහල අර්ථකථනයන් හා විස්තර විවරණ ද ඇතුළත් කරමින් ලියැවී ඇති පොතකි. පැරණි අධයාපන පොත් රැුසක් බැවින් වත්මන් ළමුන් අතට පත් කිරීම ද සුදුසු ය. 
Rs 490.00
Sndhi Wimarshana
සන්ධි විමර්ශන -  භාෂාවක් අවශ්‍ය පරිදි හසුරුවා ගැනීම සඳහා විද්වතුන් නොයෙකුත් භාෂා ප‍්‍රයෝග උපයෝගී කරගන්නා ආකාරය දක්නට ලැබේ. එම භාෂා ප‍්‍රයෝග එක්තරා සම්මත ක‍්‍රමයක් අනුව යොදා ගැනීම පවතින ක‍්‍රමවේදය වේ. මෙම කෘතියෙන් සිංහල භාෂාවේ සන්ධි විධි අනුව වචන සකසා ගන්නා අන්දම විග‍්‍රහ කර ඇත. එම සන්ධි විධි උදාහරණ සහිතව මෙහි දක්වා තිබේ. සිසුන්ට මෙන් ම ගුරු භවතුන්ට ද භාවිතය සඳහා සුදුසු අත්‍යවශ්‍ය ග‍්‍රන්ථයකි. 
Rs 325.00
Asirimath Dambadiva
අසිරිමත් දඹදිව - දඹදිව වන්දනාවේ යෙදෙන සැදැහැවතුන්ට අත්‍යවශ්‍ය තොරතුරු ඇතුළත් කොට ඉතා සරල බසින් ලියාවුණකි.
Rs 424.80
Bodu Sirith
බොදු සිරිත් - බෞද්ධයාගේ සිරිත් සහ දැහැමි සිරිත් බොදු සිර්ත් වන අතර, කුඩාකල සිටම යහපත් වූ පෞර්ෂයක් ගොඩනංවා ගැනීම උදෙසා ක්‍රමානුකුලව සිරිත් හැර පද්ධතියක් සමාජයට අවශ්‍ය වෙයි. එයින් පරිනත පුද්ගලයෙකු වීමේ වගකීම අප සතු කාර්යයක් බැවින්, බුදු දහමේ කියවෙන එම සිරිත් ප්‍රයෝගික ජීවිතයට එක් කරගන්නා ආකාරය මෙම ග්‍රන්ථයෙන් උගන්වනු ලබයි..
Rs 118.00
Matha Kalina Sri Lankeya Budusamaya
මෑත කාලීන ශ‍්‍රී ලාංකේය බුදුසමය - බුදු සමයේ මෑතකාලීන විපර්යාසයන් ඇතිවීම කෙරෙහි බලපෑ, බලපාන දේශපාලන හා ආර්ථික රටාව, ඒ තුළින් බුදු සමයේ ඇති වූ, ඇතිවන වෙනස්කම්, බුදු සමයට එල්ල වු, එල්ල වන මූලධර්මවාදී බලපෑම්, එම වෙනස්කම් හමුවේ නූතන භික්ෂුවගේ කාර්‍යභාරය, නූතන සමාජ හා මානසික ගැටලූ නිරාකරණය කර ගැනීමෙහිලා බුදුසමයෙහි උපයෝගීතාව වැනි අංශ කෙරෙහි අවධානය යොමු කරමින් රචනා වූ ශාස්ත‍්‍රීය ලිපි එකොළොසක් මෙහි අන්තර්ගත වේ.
Rs 650.00