Biographies

Lovehei Uthumma Katha
'ලොවෙහි උතුම්ම කත' යන මෙම කෘතිය දෙනගම සිරිවර්ධන මහතා විසින් රචනා කර ඇති අතර බෞද්ධ කාන්තා වංශයේ විශිෂ්ටතම ආදර්ශමත් චරිතය වන යසෝදරවන්ගේ කථා පුවත  මෙම කෘතියෙන්  ඉදිරිපත් වෙයි.
වල්මත් වූ වර්තමාන ලාංකික වනිතාවන්ට මේ උත්තම යශෝධරා චරිතය අඳුරින් එළියට එන්නට හෙළන ආලෝක දහරාවක් වනු නොඅනුමානය.
Rs 150.00
Out-of-Stock
Maa Diviya Oba Athata
Out-of-Stock
ථෙරවාදී බෞද්ධ භික්ෂුණියක ලෙස ප්‍රථම වරට පැවිදි වූ අපරදිග කාන්තාව ඓය ඛේමා විය. එබැවින් කාන්තාවන් සඳහා වූ ආරාම ජීවිතය නැවත පණ ගැන්වීමට තැන දරන සෑම බෞද්ධ නිකායකම කාන්තාවන් තුළ උද්යෝගයක් ඇති කිරීමට ඇය ආදර්ශයක් දී ඇත. ඇයගේ සරල හා ප්‍රායෝගික පොත පත නිසා ඇය ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් ලැබූ ගුරුවරියක් වන්නී ය. ඇය ඛෙමා තෙරණිය වීමට ප්‍රථම ගත කළ ඇයගේ ජීවිතයේ කුතුහලය දනවන තොරතුරු මෙම කෘතිය මගින් පාඨක ඔබ හමුවේ ගෙන හැර දක්වයි.
Upanda Sita
'උපන්දාසිට' මෙම කෘතිය මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් රචනා කර ඇති අතර ගැමි පරිසරය මාර්ටින් වික්‍රමසිංහයන් කෙරෙහි පැවැත් වූ බලයත් ඒ පරිසරයෙහි බැසගත් මුදුන් මුල ඇති ඔහුගේ චරිතය හැම ආපදාවන්ට ඔරොත්තු දෙන දැඩි ශක්තියක් ලැබූ සැටිත් ඔහු මේ පොතින් ව්‍යක්ත ලෙස නිරූපණය කරන්නේ තමා කළ පින් පව් නොසඟවා කියන මමත්වයෙන් තොර දරුවකු ලෙසිනි.
Rs 975.00
Yugakaraka Yathivaru
අපේ මහ තෙරවරු ධර්ම - විනය උගෙන, ජාතියට එය උගැන් වූහ. බණ පොත් ලියා, බණ දහම් දෙසා ජාතිය විනීත කළහ. ශිෂ්ඨ කළහ. හොඳ හැදිච්ච ජාතියක් බවට පත් කළහ. පොත් ලියා ජාතිය තුළින් දක්‍ෂ ලේඛකයන් බිහි කළහ. කවි පොත් ලියා කවියන් මතු කළහ. ගොවිකමේ අනුසස් කියා ගොවිතැන් කරවූහ. වැව් අමුණු බැන්ද වූහ. වෙහෙර විහාර තැනවූහ. රජ පවුලේ කුමාරවරුන් පන්සලේ නවත්වා ගෙන උගන්වා, රජකම් කරන හැටි කියා දුන්හ. රජුන් තැනූහ. රජුන්ට අවවාද අනුශාසනා කළහ. වැරදි රජුන් පස්සේ නොගියහ. නිලයට කෑදර නුවූහ. ලාභයට, කීර්තියට වාල් නුවූහ.'එවැනි යතිවරු දැයේ පිනට පහළ වූහ. අන්ධකාරය මග හරවන සඳ මඬල පරිද්දෙන් උන්වහන්සේලා බැබළෙන්නාහ. ඉකුත් සියවසේ වැඩවිසු ඒ මහ යතිවරුන් පිළිබඳව මෙම පොත් පෙළෙන් විස්තර කෙරේ.
කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥාශේඛර නාහිමි, කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමි, පැලෑනේ ශ්‍රී වජිරඥාන නාහිමි, කොටිකාවත්තේ සද්ධාතිස්ස නාහිමි, කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමි (දිඹුලාගල හාමුදුරුවෝ ), කඹුරුපිටියේ වනරතන නාහිමි සහ වල්පොළ රාහුල නාහිමි පිළිබඳ අවබෝධාත්මක දැනුමක් ලැබිය හැකි කරුණු කාරණා මෙහි ඇතුළත් වේ
Rs 200.00
Sasunabara PahanKala Maha Yathiparapura
සිරිමෙවන් සේනක මහතා විසින් විරචිත මෙම ග්‍රන්ථය අපේ සමීප යටගියාවේ විසූ එහෙත් අද බොහෝ දෙනෙකුට අමතක මහයතිවරුන්ගේ වතගොත සැකෙවින් පාඨකයාට පමුණුවන කාලෝචිත ග්‍රන්ථයකි.
Rs 350.00
Mohottivaththe Sri Gunananda Apadanaya
ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තනයකට හේතු වෙමින් බෞද්ධ නව ජීවන ව්‍යාපාරය තුළින් පැන නැගුණු නිදහස් සටන් ව්‍යාපාරයේ පසුබිම හැඩ ගැස්වීමට පූර්වගාමී වූ තත්කාලීන අතුල්‍ය බෞද්ධ නායකයා නම් වූ මොහොට්ටිවත්තේ ගුණානන්ද ස්වාමීද්‍රයන් වහන්සේගේ විරෝදාර චරිතාපදානය ප්‍රතිනිර්මාණය කෙරෙමින් සම්පාදිත" මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද අපදානය " යුග අවශ්‍යතාවක් සපුරා ලන්නකි. උන්වහන්සේ පිළිබඳව ප්‍රාචීන ප්‍රතිචීන ලේඛකයන් පවසා ඇති විවිධ මතිමතාන්තර තුලනාත්මක ව විමසා බලා සැපැයුණු මෙම චරිතකථාව මෙතෙක් අප්‍රකට ව පැවති තොරතුරු රාශියක් ඉදිරිපත් කරයි. මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද අපදානය කලාකීර්ති පණ්ඩිත විමලේ අභයසුන්දර විද්වතුන්ගේ නිර්මාණයකි
Rs 1,000.00
Sudu Wala Yata Eda Wadi Maga 3
කෘතිය ඇසුරින්...
''සියවස් ගණනකට පෙර මහා ඉන්දියානු බිමේ නා නා රළු දුර්ග මාවත් දිගේ අනන්ත අපහසුතා මැද සුදු වළා යට උන් වහන්සේ එදා වැඩි මඟ........ අදත් ඒ සුදු වළා පාවේ... ගංගාවෝ ගලා බසිත්..............ස්වස්තිලා සැන්දෑවේ කඳු මුදුන් වල සිට ගවයන් දක්කාගෙන එති....... පොකුණු වල කුමුදු මල් පිපේ......වස්සාන සෘතු එළැඹේ........ වේරංජා නියං සමයන් පැමිණේ......මං මාවත් ද කාළයේ විපර්යාසයන් හමුවේ වුව තාමත් තිබේ..... දුක සැප නිරාමිසව විඳගත් අපේ බුදුන් අපට කොතරම් සමීපද..........''
Rs 480.00
Out-of-Stock
Budu Sasune Minipahana Ananda Hamuduruwo
Out-of-Stock
'බුදු සසුනේ මිණි පහන ආනන්ද හාමුදුරුවෝ' යන මෙම කෘතිය  බුද්ධ සාසනයේ සැබෑ මිනිපහණ බදු වූ අනද හිමියන් පිළිබද රචනා වී ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Gauthama Budun Wahanse
සම්බුද්ධ චරිතය පිළිබද ඉතා දීර්ඝ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක විමර්ශනයකින් අනතුරුව ඉදිරිපත් කරනු ලබන කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,800.00
Srimath D B Jayathilaka Mathithuma
ශ්‍රීමත් ඩී බී ජයතිලක මැතිතුමා - අධ්‍යාපනඥයකු, නීතිවේදියකු, දේශපාලඥයකු, රාජ්‍ය තාන්ත්‍රිකයකු, සාහිත්‍යවේදියකු, අමද්‍යප ව්‍යාපාරයේ නායකයකු මෙන් ම ශේශ්ඨ මානව හිතවාදියකු ද වූ ශ්‍රීමත් බාරොන් ජයතිලක මැතිතුමන් විසින් බෞද්ධාගමට, අධ්‍යාපනයට, දේශපාලනයට, සාහිත්‍යයට, සමාජයට හා ජාතියට සිදු කරන ලද මෙහෙවර සදානුස්මරණීය ය. එම විස්තර ඇතුළත් ග්‍රන්ථයක් ලෙස මෙය හැඳින්විය හැකිය.
Rs 100.00
Hari Puduma Sathkam Kala Buddhadasa Rajjuruvo
හරි පුදුම සැත්කම් කළ බුද්ධදාස රජ්ජුරුවෝ - අපේ බුදුරජාණන් වහන්සේ කාලයෙහි සිටි ජීවක වෛද්‍යචාර්‍යතුමන් සිහිගන්වන පින්වත් බුද්ධදාස රජතුමා ගුණයෙන් නුවණින් පිරි බෝධිසත්ව රජ කෙනෙකි. වෙදකමෙහි ඉතා දක්ෂ වූ රජතුමා කරන ලද සැත්කම් ඉතාමත් ආශ්චර්‍යවත් ය. දශ රාජධර්මයෙන් රජ කළ රජතුමා රට ස්වයංපෝෂිත කරමින් රට දියුණුවෙන් දියුණුවට පත් කළේය. එවන් ආදර්ශමත් රජ කෙනෙකු පිළිබඳව ලොකු කුඩා සැම කෙනෙකුටම වාගේ රස විඳින්නට හැකි වන සේ සරල බසින්ම ලියන්නට මට සිත්විය. කුඩා දරුවන්ට වර්ණ චිත්‍ර දැකීමෙන් ඇතිවන්නේ සතුටකි. ආස්වාදයකි. එමගින් රජතුමාගේ විස්මිත ආශ්චර්‍යමත් සැත්කම් ගැන පැහැදිලි අවබෝධයක් ඔවුනට ලබා දීම ද මෙහි අරමුණකි.
Rs 250.00
Maharahath sariyuth mugalan dagasau vatha
කතෘගෙන්...
ගෞතම බුද්ධ ශාසනාම්බරයෙහි කනකමය තරු ලෙසින් අග්‍ර ශ්‍රාවක සැරියුත් - මුගලන් මහරහත්හු බබළන සේක. අගසව්වන් වහන්සේ පෘථග්ජන ලෝක වාසීන්ට පිං කෙතකි. ඇසූ දුටුවනට රසඳුනකි.දෑගසව්වන් වහන්සේගේ චරිතාපදානයන් ඇසුවාහු අසත්පුරුෂයෝ සත්පුරුෂයෝ වෙති. දුර්දාන්තයෝ සුපේශල ශික්ෂාකාමීහු වෙත් ම ය. වෛරීහු ක්ෂාන්තිවාදීහු වන්නෝ ය. දුසිල්හු පාරිශුද්ධ ශීලවන්තයෝ වෙති.එහෙයින් මේ දෑගසව් වත කියවන්නාහු අසන්නාහු තම තමන් හැකි පමණින් ගුණ නුවණින් හා සීලයෙන් දියුණු වෙත්වා! එවැනි ගුණ බිඳක් පාඨක සිත්හි වැපිරීම අපගේ පැතුමයි.
Rs 125.00
Budun Dakeema
බුදුන් දැකීම - මහාචාර්‍ය රේරුකානේ චන්දවිමල නායක වස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද"සූවිසි මහ ගුණය" සහ ගණේගම සරණංකර ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද "බුදු හාමුදුරුවෝ" මෙන්ම ත්‍රිපිටකය යන ග්‍රන්ථය යනාදිය උපකාරයෙන් කරුණු එකතු කර ගනිමින් මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත.
Rs 350.00
Lobsen Rempa Dibbachakkhu
 ''The Third Eye'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය ටිබෙට් ලාමාවරයෙකුගේ ස්වයං ලිඛිත චරිතාපදානයකි. 
Rs 767.00
Gauthama Budun Wahanse Yatharthava Dakimu
වෛද්‍ය H.W ස්චුමන් මහතාගේ 'The Historical Buddha' නම් කෘතියේ සිංහල පරිවර්තනය වන 'ගෞතම බුදුන් වහන්සෙ යථාර්තව දකිමු' නම් මෙම කෘතිය තුළ බුදුන් වහන්සේ උපතේ සිට පිරිනිවන් මංචකය දක්වා සිදූ වූ ඒ මහා පෙලහර ඉතා සරල ලෙස තේරුම්ගැනීමට පහසු ආකාරයට රචනා කර ඇති කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,300.00
Sundara Gami Diviye Sita Gatalu Sahitha Rajaya Paripalanayata
'සුන්දර ගැමි දිවියේ සිට ගැටළු සහිත රාජ්‍ය පාලනය' යන මෙම කෘතිය ධර්ම හේවාමද්දුම මහතා විසින් රචනා කර ඇති අතර මෙම කෘතිය තුළ ඔහුගේ ජිවීතයේ ස්වයං ජීවන චරිතාපදානය පාඨකයා හමුවේ ඉදිරිපත් කරන අතර කුඩා කළ ගැමි පරිසරයේ සුන්දරත්වයත් කාලයාගේ ඇවෑමෙන් සුන්දරයැයි බොහෝ දෙනා පවසන නමුත් පිටතින් පමණක් සුන්දරත්වය රැදී ඇති නගරබද ජිවිතයෙ අව්වේකී භාවයත් පිළිබද එතුමාගේ සුන්දර ළමා කාලය ඇසුරින් රචිත ඉතා රසවත් ස්වයං ජීවිත චරිතාපදානයක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,300.00
Vidura Panditha
'විදුර පණ්ඩිත' නම් මෙම කුඩා ග්‍රන්ථය අදට ගැලපෙන සේ සරලව රචනා කොට ඇති අතර මෙය ප්‍රතිනිර්මාණයක් ලෙසද හැදින්විය හැකි ඉතා අග්‍රගණයේ නිර්මාණකි.මෙම ග්‍රන්ථය තුළ ඇති විධුර ජාතකය තුළින් බෝධි සත්වයන් ගේ ප්‍රඥා පාරමිතාව විදහා දැක්වෙයි.
Rs 150.00
Viharamahadeviya
"අහිත කාන්තා රත්නය විහාරමහා දේවිය" නම් මෙම ග්‍රන්ථය තුළින්, "ශ්‍රී ලංකා ඉතිහාසයේ වීරමාතාව ” යන විරුදාවලිය ලත් විහාර මහා දේවිය පිළිබඳව මෙතෙක් පළ නොවූ වැදගත් කරුණු රැසක් එක් රැස් කොට ඇත. එය සියලු පාසල් දරුවන් විසින් කියවා තේරුම් ගත යුතු වීර චරිතයක් ලෙස සඳහන් කළ හැකිය. එබැවින් මෙය පාසල්, දහම් පාසල්, පුස්තකාල සඳහාද ඉතා වටිනා ග්‍රන්ථයකි.
Rs 200.00
Ma piyaman kala rajayaya paripalanaya
'මා පියමං කළ රාජ්‍ය පරිපාලනය' යන මෙම කෘතිය 'සුන්දර ගැමි දිවියේ සිට ගැටළු සහිත රාජ්‍ය පාලනය'යන කෘතියේ දෙවන කොටස වන අතර   මෙම කෘතිය තුළ  ජීවිතයේ උසස් පංතියේ දී ගත කරන ලද ගැටළු සහිත දිවි ගමනේ දී දෛර්යෙන් යුතුව ඒවාට මුහුණ දෙමින් උපේක්ෂාවෙන් හා දහම් සංවේගයෙන් යුතුව දිවි ගෙවූ අකාරය පිළිබදව ස්වයං ජීවන චරිතාපදානය පාඨකයා හමුවේ ඉදිරිපත් කරන අතර කුඩා කළ ගැමි පරිසරයේ සුන්දරත්වයත් කාලයාගේ ඇවෑමෙන් සුන්දරයැයි බොහෝ දෙනා පවසන නමුත් පිටතින් පමණක් සුන්දරත්වය රැදී ඇති නගරබද ජිවිතයෙ අව්වේකී භාවයත් පිළිබද සුන්දර ළමා කාලය ඇසුරින් රචිත ඉතා රසවත් ස්වයං ජීවිත චරිතාපදානයක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,800.00
Amaraneeya Nayakayo 25
ලෝක දේශපාලන හා ආර්ථික ඉතිහාසයේ ඉතාමත් තීරණාත්මක කාල පරිච්ඡේදයක් වන 19 වන හා 20 වන සියවස් තුළ එම විප්ලවකාරී අරගලයන්ට දේශපාලන නායකත්වය දුන් පුද්ගලයන් රැසකගේ ජීවන තොරතුරු හා එම වකවානුවට අයත් සමාජ, ආර්ථික තොරතුරු මෙම ග්‍රන්ථයට සරල බසින් ඇතුළත් වන හෙයින් මෙය පාසල් සිසුන් සහ ආධුනිකයින් සඳහා බෙහෙවින් වැඩදායක වනු ඇත.
Rs 230.00
Dasha Pradeepaya
දශා ප්‍රදීපය යනු ජ්‍යෙතිශශාස්ත්‍රය පිළිබදව හැදෑරීමට ඇති ඉතා වටිනා ග්‍රන්ථයකි.
Rs 1,000.00