Biographies

Yugakaraka Yathivaru
අපේ මහ තෙරවරු ධර්ම - විනය උගෙන, ජාතියට එය උගැන් වූහ. බණ පොත් ලියා, බණ දහම් දෙසා ජාතිය විනීත කළහ. ශිෂ්ඨ කළහ. හොඳ හැදිච්ච ජාතියක් බවට පත් කළහ. පොත් ලියා ජාතිය තුළින් දක්‍ෂ ලේඛකයන් බිහි කළහ. කවි පොත් ලියා කවියන් මතු කළහ. ගොවිකමේ අනුසස් කියා ගොවිතැන් කරවූහ. වැව් අමුණු බැන්ද වූහ. වෙහෙර විහාර තැනවූහ. රජ පවුලේ කුමාරවරුන් පන්සලේ නවත්වා ගෙන උගන්වා, රජකම් කරන හැටි කියා දුන්හ. රජුන් තැනූහ. රජුන්ට අවවාද අනුශාසනා කළහ. වැරදි රජුන් පස්සේ නොගියහ. නිලයට කෑදර නුවූහ. ලාභයට, කීර්තියට වාල් නුවූහ.'එවැනි යතිවරු දැයේ පිනට පහළ වූහ. අන්ධකාරය මග හරවන සඳ මඬල පරිද්දෙන් උන්වහන්සේලා බැබළෙන්නාහ. ඉකුත් සියවසේ වැඩවිසු ඒ මහ යතිවරුන් පිළිබඳව මෙම පොත් පෙළෙන් විස්තර කෙරේ.
කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥාශේඛර නාහිමි, කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමි, පැලෑනේ ශ්‍රී වජිරඥාන නාහිමි, කොටිකාවත්තේ සද්ධාතිස්ස නාහිමි, කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමි (දිඹුලාගල හාමුදුරුවෝ ), කඹුරුපිටියේ වනරතන නාහිමි සහ වල්පොළ රාහුල නාහිමි පිළිබඳ අවබෝධාත්මක දැනුමක් ලැබිය හැකි කරුණු කාරණා මෙහි ඇතුළත් වේ
Rs 200.00
Sasunabara PahanKala Maha Yathiparapura
සිරිමෙවන් සේනක මහතා විසින් විරචිත මෙම ග්‍රන්ථය අපේ සමීප යටගියාවේ විසූ එහෙත් අද බොහෝ දෙනෙකුට අමතක මහයතිවරුන්ගේ වතගොත සැකෙවින් පාඨකයාට පමුණුවන කාලෝචිත ග්‍රන්ථයකි.
Rs 350.00
Mohottivaththe Sri Gunananda Apadanaya
ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තනයකට හේතු වෙමින් බෞද්ධ නව ජීවන ව්‍යාපාරය තුළින් පැන නැගුණු නිදහස් සටන් ව්‍යාපාරයේ පසුබිම හැඩ ගැස්වීමට පූර්වගාමී වූ තත්කාලීන අතුල්‍ය බෞද්ධ නායකයා නම් වූ මොහොට්ටිවත්තේ ගුණානන්ද ස්වාමීද්‍රයන් වහන්සේගේ විරෝදාර චරිතාපදානය ප්‍රතිනිර්මාණය කෙරෙමින් සම්පාදිත" මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද අපදානය " යුග අවශ්‍යතාවක් සපුරා ලන්නකි. උන්වහන්සේ පිළිබඳව ප්‍රාචීන ප්‍රතිචීන ලේඛකයන් පවසා ඇති විවිධ මතිමතාන්තර තුලනාත්මක ව විමසා බලා සැපැයුණු මෙම චරිතකථාව මෙතෙක් අප්‍රකට ව පැවති තොරතුරු රාශියක් ඉදිරිපත් කරයි. මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද අපදානය කලාකීර්ති පණ්ඩිත විමලේ අභයසුන්දර විද්වතුන්ගේ නිර්මාණයකි
Rs 1,000.00
Sudu Wala Yata Eda Wadi Maga 3
කෘතිය ඇසුරින්...
''සියවස් ගණනකට පෙර මහා ඉන්දියානු බිමේ නා නා රළු දුර්ග මාවත් දිගේ අනන්ත අපහසුතා මැද සුදු වළා යට උන් වහන්සේ එදා වැඩි මඟ........ අදත් ඒ සුදු වළා පාවේ... ගංගාවෝ ගලා බසිත්..............ස්වස්තිලා සැන්දෑවේ කඳු මුදුන් වල සිට ගවයන් දක්කාගෙන එති....... පොකුණු වල කුමුදු මල් පිපේ......වස්සාන සෘතු එළැඹේ........ වේරංජා නියං සමයන් පැමිණේ......මං මාවත් ද කාළයේ විපර්යාසයන් හමුවේ වුව තාමත් තිබේ..... දුක සැප නිරාමිසව විඳගත් අපේ බුදුන් අපට කොතරම් සමීපද..........''
Rs 480.00
Budu Sasune Minipahana Ananda Hamuduruwo
'බුදු සසුනේ මිණි පහන ආනන්ද හාමුදුරුවෝ' යන මෙම කෘතිය  බුද්ධ සාසනයේ සැබෑ මිනිපහණ බදු වූ අනද හිමියන් පිළිබද රචනා වී ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,600.00
Gauthama Budun Wahanse
සම්බුද්ධ චරිතය පිළිබද ඉතා දීර්ඝ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක විමර්ශනයකින් අනතුරුව ඉදිරිපත් කරනු ලබන කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,800.00
Srimath D B Jayathilaka Mathithuma
ශ්‍රීමත් ඩී බී ජයතිලක මැතිතුමා - අධ්‍යාපනඥයකු, නීතිවේදියකු, දේශපාලඥයකු, රාජ්‍ය තාන්ත්‍රිකයකු, සාහිත්‍යවේදියකු, අමද්‍යප ව්‍යාපාරයේ නායකයකු මෙන් ම ශේශ්ඨ මානව හිතවාදියකු ද වූ ශ්‍රීමත් බාරොන් ජයතිලක මැතිතුමන් විසින් බෞද්ධාගමට, අධ්‍යාපනයට, දේශපාලනයට, සාහිත්‍යයට, සමාජයට හා ජාතියට සිදු කරන ලද මෙහෙවර සදානුස්මරණීය ය. එම විස්තර ඇතුළත් ග්‍රන්ථයක් ලෙස මෙය හැඳින්විය හැකිය.
Rs 100.00
Hari Puduma Sathkam Kala Buddhadasa Rajjuruvo
හරි පුදුම සැත්කම් කළ බුද්ධදාස රජ්ජුරුවෝ - අපේ බුදුරජාණන් වහන්සේ කාලයෙහි සිටි ජීවක වෛද්‍යචාර්‍යතුමන් සිහිගන්වන පින්වත් බුද්ධදාස රජතුමා ගුණයෙන් නුවණින් පිරි බෝධිසත්ව රජ කෙනෙකි. වෙදකමෙහි ඉතා දක්ෂ වූ රජතුමා කරන ලද සැත්කම් ඉතාමත් ආශ්චර්‍යවත් ය. දශ රාජධර්මයෙන් රජ කළ රජතුමා රට ස්වයංපෝෂිත කරමින් රට දියුණුවෙන් දියුණුවට පත් කළේය. එවන් ආදර්ශමත් රජ කෙනෙකු පිළිබඳව ලොකු කුඩා සැම කෙනෙකුටම වාගේ රස විඳින්නට හැකි වන සේ සරල බසින්ම ලියන්නට මට සිත්විය. කුඩා දරුවන්ට වර්ණ චිත්‍ර දැකීමෙන් ඇතිවන්නේ සතුටකි. ආස්වාදයකි. එමගින් රජතුමාගේ විස්මිත ආශ්චර්‍යමත් සැත්කම් ගැන පැහැදිලි අවබෝධයක් ඔවුනට ලබා දීම ද මෙහි අරමුණකි.
Rs 250.00
Maharahath sariyuth mugalan dagasau vatha
කතෘගෙන්...
ගෞතම බුද්ධ ශාසනාම්බරයෙහි කනකමය තරු ලෙසින් අග්‍ර ශ්‍රාවක සැරියුත් - මුගලන් මහරහත්හු බබළන සේක. අගසව්වන් වහන්සේ පෘථග්ජන ලෝක වාසීන්ට පිං කෙතකි. ඇසූ දුටුවනට රසඳුනකි.දෑගසව්වන් වහන්සේගේ චරිතාපදානයන් ඇසුවාහු අසත්පුරුෂයෝ සත්පුරුෂයෝ වෙති. දුර්දාන්තයෝ සුපේශල ශික්ෂාකාමීහු වෙත් ම ය. වෛරීහු ක්ෂාන්තිවාදීහු වන්නෝ ය. දුසිල්හු පාරිශුද්ධ ශීලවන්තයෝ වෙති.එහෙයින් මේ දෑගසව් වත කියවන්නාහු අසන්නාහු තම තමන් හැකි පමණින් ගුණ නුවණින් හා සීලයෙන් දියුණු වෙත්වා! එවැනි ගුණ බිඳක් පාඨක සිත්හි වැපිරීම අපගේ පැතුමයි.
Rs 125.00
Budun Dakeema
බුදුන් දැකීම - මහාචාර්‍ය රේරුකානේ චන්දවිමල නායක වස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද"සූවිසි මහ ගුණය" සහ ගණේගම සරණංකර ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද "බුදු හාමුදුරුවෝ" මෙන්ම ත්‍රිපිටකය යන ග්‍රන්ථය යනාදිය උපකාරයෙන් කරුණු එකතු කර ගනිමින් මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත.
Rs 350.00
Lobsen Rempa Dibbachakkhu
 ''The Third Eye'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය ටිබෙට් ලාමාවරයෙකුගේ ස්වයං ලිඛිත චරිතාපදානයකි. 
Rs 767.00
Sundara Gami Diviye Sita Gatalu Sahitha Rajaya Paripalanayata
'සුන්දර ගැමි දිවියේ සිට ගැටළු සහිත රාජ්‍ය පාලනය' යන මෙම කෘතිය ධර්ම හේවාමද්දුම මහතා විසින් රචනා කර ඇති අතර මෙම කෘතිය තුළ ඔහුගේ ජිවීතයේ ස්වයං ජීවන චරිතාපදානය පාඨකයා හමුවේ ඉදිරිපත් කරන අතර කුඩා කළ ගැමි පරිසරයේ සුන්දරත්වයත් කාලයාගේ ඇවෑමෙන් සුන්දරයැයි බොහෝ දෙනා පවසන නමුත් පිටතින් පමණක් සුන්දරත්වය රැදී ඇති නගරබද ජිවිතයෙ අව්වේකී භාවයත් පිළිබද එතුමාගේ සුන්දර ළමා කාලය ඇසුරින් රචිත ඉතා රසවත් ස්වයං ජීවිත චරිතාපදානයක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,300.00
Vidura Panditha
'විදුර පණ්ඩිත' නම් මෙම කුඩා ග්‍රන්ථය අදට ගැලපෙන සේ සරලව රචනා කොට ඇති අතර මෙය ප්‍රතිනිර්මාණයක් ලෙසද හැදින්විය හැකි ඉතා අග්‍රගණයේ නිර්මාණකි.මෙම ග්‍රන්ථය තුළ ඇති විධුර ජාතකය තුළින් බෝධි සත්වයන් ගේ ප්‍රඥා පාරමිතාව විදහා දැක්වෙයි.
Rs 150.00
Viharamahadeviya
"අහිත කාන්තා රත්නය විහාරමහා දේවිය" නම් මෙම ග්‍රන්ථය තුළින්, "ශ්‍රී ලංකා ඉතිහාසයේ වීරමාතාව ” යන විරුදාවලිය ලත් විහාර මහා දේවිය පිළිබඳව මෙතෙක් පළ නොවූ වැදගත් කරුණු රැසක් එක් රැස් කොට ඇත. එය සියලු පාසල් දරුවන් විසින් කියවා තේරුම් ගත යුතු වීර චරිතයක් ලෙස සඳහන් කළ හැකිය. එබැවින් මෙය පාසල්, දහම් පාසල්, පුස්තකාල සඳහාද ඉතා වටිනා ග්‍රන්ථයකි.
Rs 200.00
Ma piyaman kala rajayaya paripalanaya
'මා පියමං කළ රාජ්‍ය පරිපාලනය' යන මෙම කෘතිය 'සුන්දර ගැමි දිවියේ සිට ගැටළු සහිත රාජ්‍ය පාලනය'යන කෘතියේ දෙවන කොටස වන අතර   මෙම කෘතිය තුළ  ජීවිතයේ උසස් පංතියේ දී ගත කරන ලද ගැටළු සහිත දිවි ගමනේ දී දෛර්යෙන් යුතුව ඒවාට මුහුණ දෙමින් උපේක්ෂාවෙන් හා දහම් සංවේගයෙන් යුතුව දිවි ගෙවූ අකාරය පිළිබදව ස්වයං ජීවන චරිතාපදානය පාඨකයා හමුවේ ඉදිරිපත් කරන අතර කුඩා කළ ගැමි පරිසරයේ සුන්දරත්වයත් කාලයාගේ ඇවෑමෙන් සුන්දරයැයි බොහෝ දෙනා පවසන නමුත් පිටතින් පමණක් සුන්දරත්වය රැදී ඇති නගරබද ජිවිතයෙ අව්වේකී භාවයත් පිළිබද සුන්දර ළමා කාලය ඇසුරින් රචිත ඉතා රසවත් ස්වයං ජීවිත චරිතාපදානයක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,800.00
Amaraneeya Nayakayo 25
ලෝක දේශපාලන හා ආර්ථික ඉතිහාසයේ ඉතාමත් තීරණාත්මක කාල පරිච්ඡේදයක් වන 19 වන හා 20 වන සියවස් තුළ එම විප්ලවකාරී අරගලයන්ට දේශපාලන නායකත්වය දුන් පුද්ගලයන් රැසකගේ ජීවන තොරතුරු හා එම වකවානුවට අයත් සමාජ, ආර්ථික තොරතුරු මෙම ග්‍රන්ථයට සරල බසින් ඇතුළත් වන හෙයින් මෙය පාසල් සිසුන් සහ ආධුනිකයින් සඳහා බෙහෙවින් වැඩදායක වනු ඇත.
Rs 230.00
Dasha Pradeepaya
දශා ප්‍රදීපය යනු ජ්‍යෙතිශශාස්ත්‍රය පිළිබදව හැදෑරීමට ඇති ඉතා වටිනා ග්‍රන්ථයකි.
Rs 1,000.00
Out-of-Stock
Predictive Astrology
Out-of-Stock
Astrology can be considered a useful branch of knowledge only if its concepts and principles could be applied to assess the personality and life of a person, and to look into the years ahead to tell him as to what is in store for him.
The Signs, Houses and Planets are the three basic factors which need to be understood clearly for developing successful predictive ability. In PREDCTIVE ASTROLOGY--AN INSIGHT, rules and facts pertaining to each of these factors have been given and the effect of one factor on the other has been analysed in a very comprehensible and instructive manner.
Out-of-Stock
Karathota Watha Ha Morathota Watha
Out-of-Stock
කරතොට වත අප්‍රකට තොරතුරු ඇතුළත් ඉතිහාස ග්‍රන්ථයක් වන අතර එකල දකුණු පළාතේ සැගවුණු ඉතිහාසය, රජමහ විහාර, මහා තෙරවරු, පඩිවරු ආදී අප්‍රමාණ තොරතුරු මෙහි කෙටියෙන් විස්තර කර ඇති අතර එසේම මොරතොට ධම්මක්ඛන්ධ හිමියන්ගේ ගුණ වැනුම් වශයෙන් කළ කවි 116 ක් ද ඇතුළත් ග්‍රන්ථයකි.
Nonivena Pahan Sila Bandara Ahaliyagoda Nirmanawalokanaya
විමලජෝති යතීන්ද්‍ර ප්‍රණීත නොනිවෙන පහන් සිළ කෘතිය මා දකින්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සහෘද සංවාද ආස්වාදයෙහි අභිෂ්ට ඵලාගමයක් වශයෙනි. මානව මෛත්‍රියේ ආනුභාවය, ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ මාධූර්ය, ස්භාව ධර්මයේ ආශ්චර්ය, යුද්ධයේ කෲරත්වය, දේශවාත්සල්‍යයේ මහිමය ආදිය අරභයා බණ්ඩාර ඇහැළියගොඩ කිවිඳුන් තුළ පහළව ගිය විවිධ විචිත්‍ර භාවමය අනුභූතීන් ආශ්‍රිත නිර්මාණාත්මක ඵල සම්පතක් වැනි මෙම කවි හා ගීත රචනා මංජරිය ඔහුගේ කාව්‍යමය ආධ්‍යාත්මයේ ප්‍රත්‍යක්ෂ පිළිබිඹුවක් වැන්න. බණ්ඩාරයන්ගේ එම කාව්‍යමය ආධ්‍යාත්මය හා විමලජෝති යතිවරයාණන්ගේ සුකුමාර මතික ආධ්‍යාත්මය අතර පවත්නා හෘදය සංවාදය නින්නාද වන 'නොනිවෙන පහන් සිළ' කෘතිය වූ කලී පූර්ව වාසනා ගුණ සම්පන්නයෙකුගේ නිර්මාණ අරබයා පූර්ව වාසනා ගුණ සම්පන්න සහෘදයෙකු ගැයූ රමණීය ආස්වාද උදානයක් ලෙස හැඳින්වීම කවර වරද ද?
කරුණාරත්න අමරසිංහ,
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී,
ප්‍රවීණ ලේඛක,
Rs 1,000.00
Out-of-Stock
Nelson Mandela
Out-of-Stock
නෙල්සන් මැන්ඩෙලා 20 වන හා 21 වන සියවසේ ලෝක දේශපාලන ඉතිහාසයට එක්වන්නේ වර්ණභේදවාදයට හා අධිරාජ්‍ය වාදයට එරෙහි අප්‍රිකානු ජාතික විමුක්තිය සඳහා වූ අරගලය තුළ විවිධ ස්වරූපයෙන් සිය බුද්ධිමය, දේශපාලන හා සංවිධානමය ශක්‍යතාව යොදා ගනිමින් අධිපතිවාදී ලෝක දේශපාලනයට අභියෝග කරමින්, ගෝලීය යුගයෙහි දකුණු අප්‍රිකාව තුළ නිදහස් ජාතික රාජ්‍යයක් ගොඩනගා එය ජාතික සංහිඳියාවේ හා සංවර්ධනයේ මාවතට යොමු කළ අද්විතීය මානවවාදියෙකු ලෙසය. වාර්ගික, ජාතික හා සංස්කෘතික බහුවිධත්වයකින් යුත් දකුණු අප්‍රිකාවට පමණක් නොව ලෝකයේ බොහෝ රටවලට ආදර්ශයට ගත හැකි නව දේශපාලන සංස්කෘතියක සමාරම්භය සඳහා මාර්ගය විවෘත කළ සුවිශේෂී දේශපාලනඥයෙකු වූ නෙල්සන් මැන්ඩෙලාගේ එම දුෂ්කර වූද, නිර්භීත වූද, සාර්ථක වූද ප්‍රයත්නයට හේතු පාදක වූ පසුබිම, දර්ශනය, දැක්ම හා උපාය මාර්ග පිළිබඳ විවරණයක් තුෂානි බුළුමුල්ල නෙල්සන් මැන්ඩෙලා චරිතාපදානය කෘතිය මගින් ඉදිරිපත් කර තිබේ.