Books

Rasa Bana Katha
රස බණ කථා -  පාලි අටුවා ග්‍රන්ථ අතර "ධම්මපදට්ඨ කථාව" ට ඉතා වැදගත් තැනක් හිමිවෙයි. ධම්මපදයට සැකසුණු එම කෘතිය ඉතා හරවත් ධර්ම සංග්‍රහයක් සේම කථා සංග්‍රහයක් බවට ද පත් විය. ධම්මපදය බෞද්ධයාගේ අත්පොතයි. එම ධම්මපදයට ලියැවී ඇති ධම්මපදට්ඨ කථාව ද ඒ තමට ම ජනප්‍රිය වූවකි. ගථා 423ක් ඇතුළත් වග්ග විසි හයකින් සමන්විත ධම්මපදය ඒ ඒ ගාථාවලට පසුබිම් වූ කථා වස්තු 299ක් එහි ඇතුළත් ය.
Rs 300.00
Budu Sirithin Thavath Katha
බුදු සිරිතින් තවත් කතා - යොවුන් දරුවන්ගේ ආකල්ප වර්ධනයට, කල්පනය විකසිත කිරීමට මෙන්ම ඔවුන්ගේ වින්දන කුසලතාව උදෙස මේ කෘතිය බෙහෙවින් ප්‍රයෝජනවත් ය.
Rs 220.00
Thirisan Kulaye Upanath Bosath
තිරිසන් කුලයේ උපනත් බෝසත් - මෙම ග්‍රන්ථයට තෝරාගෙන ඇත්තෙ "පන්සිය පනස් ජාතක කථා" පොතේ එන කථා කීපයකි. ඒවා ඒ ආකාරයෙන් නොගත්තෙමි. සරලව ප්‍රතිනිර්මාණය කිරීමට ගත් වෑයමකි.
Rs 200.00
Bosathvaru
බෝසත්වරු
Rs 190.00
Budun Sarana Giya Prethayo
බුදුන් සරණ ගිය ප්‍රේතයෝ - ඛුද්දක නිකායේ එන ප්‍රේතවත්ථු කථා නූතන බසින්, සරලව රසවත්ව එළිදැක්වීම කාලයක පටන් පැවති පාඨක අපේක්ෂාවක් මල්ඵල ගැන්වීමකි. මහා මොග්ගල්ලාන, ශාරිපුත්ත, මහා කාශ්‍යප හා සංකිච්ච ආදී මහ රහතන් වහන්සේලාට මෙන්ම නාරද ,මහ තෙරුණ් ප්‍රමුඛ බුදු පිරිසට මුණ ගැසුණ ප්‍රේතාත්ම රැසක් අභිනව ග්‍රන්ථයෙන් විස්තර වෙයි.
Rs 200.00
Budun Sarana Giya Devathavo
බුදුන් සරණ ගිය දේවතාවෝ - විමාන වත්ථුව පීඨ, චිත්‍රලතා, පර්ච්ඡත්තක, මඤ්ජෙට්ඨක, මහාර්ථ, පායාසි හා සුනික්ඛ්ත්ත යන වග්ග හතකින් ‍යුක්ත වේ. මෙහි මුළු කතා අසූපහෙන් පනහක් ම ස්ත්‍රී විමාන වත්ථු ය. අතුරු කතා ද ඇතුළුව සියලු විමාන වත්ථු කතා එකසිය විසි තුනකි. ලක්දිව අනුලා බිසව ප්‍රමුඛ පන්සියයක් කාන්තාවන් උතුම් සෝතාපන්න තත්ත්වයට පත් වූයේ, මිහිඳු මහ රහතන් වහන්සේගෙන් මෙම කතා ඇසීමෙනි. පවින් මුදවා පිනෙහි පිහිටන බුද්ධ භාෂිත බඳු මෙබඳු කතා කියවා හැඩගැසෙන ජීවිත දෙලොව ම සුගතිගාමී වනු ඇත.
Rs 250.00
Out-of-Stock
Liyanado Davichi Ge Upama Katha
Out-of-Stock
ලියනාඩෝ ඩාවින්චි ගේ උපමා කතා - උපමා කතා ලියූ නිර්මාණ ශිල්පීන් අතර ඒසොප්ටත්, ප්‍රංශ ලාෆොන්ට්න්ටත්, ජර්මනියේ ග්‍රීම් සොහොයුරන්ටත් ලැබුණු තැනට සරිලන තැනක් ඩාවින්චීට ද ලැබී ඇති බව මේ පරිවර්තන කියවන කල් හි ඔබට වැටහෙනු ඇත. තනූජා ධර්මපාල පුවත්පත් කලාවේදිනිය මේ උපමා කතා සංග්‍රහය පරිවර්තනය කරනුයේ රුසියන් බසින් සිංහලට ය. මේ හේතුවෙන් අපට ඩාවින්චි නමැති මහා නිමැවුම්කරු ගේ තවත් නිර්මාණ ක්ෂේත්‍රයක මහිමය මැනැවින් හඳුනා ගත හැකිය.
Out-of-Stock
Sansara Charika
Out-of-Stock
සංසාර චාරිකා - ස්වකීය ජීවන අත්දැකීම් සංසරයට එකතු කරන හැම කෙනෙකු විසින් ම කියවිය යුතු කෘතියක් ලෙස අගය කළ හැකිය.
Jeevithaya Wenas Karana Katha - 4
ජීවිතය වෙනස් කරන කතා - 4 - ජීවිතය කියන්නේ මොහොතින් මොහොත නිර්මාණය වන විශ්වීය නිර්මාණයක්. ඉතින් නිර්මාණයත් නිර්මාණකරුවාත් ඔබම තමයි. අගනා සිතිවිල්ලෙන් සෞම්‍ය දැනීමෙන් පරිපූර්ණ හැඟීමෙන් සහ පූර්ණ විශ්වාසයෙන් එය පුරවා ගන්න මේ කතා අහුර ඔබට හදවතින්ම උදව් කරයි.
Rs 750.00
Jeevithaya Wenas Karana Katha - 3
ජීවිතය වෙනස් කරන කතා - 3 - මේ ජීවන චාරිකාවේ දී, සමහරවිට වැටෙයි. වැටුණාම රිදෙයි. රිදුනාම ඇඬෙයි. ඒත් ආයෙත් අමාරුවෙන් නැගිටලා ඉදිරියටම පියවර තබන්න සිද්ධ වෙයි. වැටි වැටි නැගිටිමින් ජීවිතයට තේරුමක් දෙන්න ජීවත් වෙන සැමට මේ අපූරු කතා ජීවිතය ශක්තිමත් කරන තහනම් නොවන උත්තේජකයක් වනු ඇත.ජීවිතයට පිරිසිදු ඔක්සිජන් ස්වල්පයක් මුසුකරන මෙම අපූරු කතා සහ අදහස් එකතුව විටෙක සිනාවෙන් ද, විටෙක ආදරය්න් ද, විටෙක බුද්ධියෙන් ද, තවත් විටෙක අසීමිත බලාපොරොත්තුවෙන් ද ඔබෙ ජීවිතය පුරවනු ඇත.
Rs 750.00
Out-of-Stock
Jeevithaya Wenas Karana Katha - 2
Out-of-Stock
ජීවිතය වෙනස් කරන කතා - 2 - සිහින ආදරය සහ වේදනා ඔබේ ජීවිතය අංශක 180කින් වෙනස් කරයි. එම ජීවන වෙනස සාර්ථක කරගන්න අවශ්‍ය ජවය ශක්තිය සහ ධෛර්‍ය්‍ය අසීමිතව එන්නත් කරන මෙම අපූරු කතා එකතුව ආදරයෙන් දැනුමෙන් බුද්ධියෙන් සුසුමින් කදුළින් සහ හසරැල්ලෙන් පිරුණු රසවත් පානයකි.
Out-of-Stock
Jeevithaya Wenas Karana Katha
Out-of-Stock
ජීවිතය වෙනස් කරන කතා - ඔබගේ ජීවිතයට පිරිසිදු ඔක්සිජන් ස්වල්පයක් මුසුකරන මෙම අපූරු කතා සහ අදහස් එකතුව විටෙක සිනාවෙන් ද, විටෙක ආදරය්න් ද, විටෙක බුද්ධියෙන් ද, තවත් විටෙක අසීමිත බලාපොරොත්තුවෙන් ද ඔබෙ ජීවිතය පුරවනු ඇත.
Lekikava Ha Wenath Katha
ලේඛිකාව හා වෙනත් කථා - ඉතා සරල ශෛලියකින් ඉදිරිපත් කර ඇති මෙම කෙටිකථා එක ලෙස පටන් ගන්නේ ලේඛිකාව නම් කථාවෙනි. එක පවුලක කාගෙත් ආදරයෙන් සහ උපකාරයෙන් ඉගෙනීම ලබා පරිපාලන සේවයට ඇතුලත් වූ දියණිය ලේඛිකාවක් ලෙස දක්ෂකම් පෙන්වා ඒ අනුව ඇති වූ කීර්තිය සහ ප්‍රසිද්ධියෙන් හිස උදුම්මාගෙන පවුලේ අය වෙත දැක් වූ කීර්තිය සහ ප්‍රසිද්ධියෙන් හිස උදුම්මාගෙන පවුලේ අය වෙත දැක් වූ අහිතකර පැවැත්ම මේ කථාවෙන් මැනවින් විග්‍රහ වෙයි.
Rs 200.00
Ape Withthi
අපේ විත්ති
Rs 200.00
Out-of-Stock
Devivaru Gana Katha
Out-of-Stock
දෙවිවරු ගැන කතා - ජනතාවගේ වන්දනයට පාත්‍ර වන දෙවිදේවතාවන් පිළිබඳව කාලාන්තරයක් තිස්සේ ගොඩනැගී පවතින ජනප්‍රවාද, විශ්වාසයන් රාශියක් පවතිතත් ඒවා ඇත්තේ බොහෝ විට තැනින් තැනය. ඒවා එකම ග්‍රන්ථයක් තුළින් දැන ගැනීමට ඇති හැකියාව ඉතා විරලය.
Nuvana Wadana Bana Katha
නුවණ වඩන බණ කතා - බාල, තරුණ, වැඩිහිටි කා හටත් ගැළපෙන දහම් ඇස පාදන උපදේශනාත්මක කතා රැසක් ඇතුළත් ධර්ම ග්‍රන්ථයකි.
Rs 180.00
Therani Katha
තෙරණි කතා - බුදු සිරිතට අමතරව බෞද්ධ සාහිත්‍යයේ එන බොහෝ කතා හා සිදුවීම් යළි යළිත් කියවීමටත් ඇසීමටත් සිංහල බෞද්ධයෝ මහත් අතිරුචියක් දක්වති. බෞද්ධ අනන්‍යතාවකින් යුතු වුවද මේ තෙරණි කතා කවර පාඨකයකුගේ වුවද අවධානයට යොමු වන බව නිසැක ය. සදාචාර විඥානය පුළුල් කරවන්නා වූද ජීවිතය පිළිබඳ ගැඹුරු අරුත් දනවන්නා වූද මේ කතා බෞද්ධ නොවන පාඨකයාගේ වුවද ප්‍රසාදය වැඩීමට හේතු වනු ඇත.
Rs 760.00
Saru Sara Jiwithayakata Bosath Upama katha - 3
සරු සාර ජීවිතයකට බෝසත් උපමා කථා 3  - මේ ග්‍රන්ථය සඳහා පන්සිය පනස් ජාතක පොත ඇසුරින් කථා තෝරාගෙන ඇත. අද කාලයට ගැළපෙන ලෙස සරල අයුරින් ලියා ඇත.
Rs 200.00
Bodhisathva Rajavaru
බෝධිසත්ව රජවරු - "පන්සිය පනස් ජාතක පොත් වහන්සේ" යන නමින් සිංහල බෞද්ධ ජනතාව අතර ඉමහත් ගෞරවාදරයට පාත්‍රව ඇති ජාතක කතා පොත පිළිබඳව එක්තරා ගවේෂණාත්මක අධ්‍යනයක් මෙම ග්‍රන්ථය මගින් සපුරා ඇත්තේය .
Rs 200.00
Daham Rasavahini
දහම් රසවාහිනි - මෙම ග්‍රන්ථයට සීහල වත්ථු සහ සහස්ස වත්ථු යන දුර්ලභ ග්‍රන්ථ දෙකෙන් කථා කිහිපයක් තෝරාගෙන ඇත.
Rs 175.00