Books

-10%New
Minis Diwiye Arutha Soya
මේ කෘතියෙන් නාසි මාරක කඳවුරුවල දී මුහුණ දුන් භයානක සිද්ධි ඇතුළු ට, ඉෂ්ටාර්ථ චිකිත්සාව පිළිබඳ න්‍යායය අනාවරණය කර ගැනීමට පාදක වූ තම ජිවිත අත්දැකීම් කතන්දරයක ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. කතුවරයා ඕස්විවිටස්හි සහ වෙනත් වද කඳවුරු තුළ ගත කිරීමෙන් අනාවරණය කර ගත් ඉෂ්ටාර්ථ චිකිත්සාව, මානසික ව හෝ ආධ්‍යාත්මික ව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින පුද්ගලයන්ගේ පෞරුෂ ගැටලු නිරාකරණය සඳහා දායක වන නවීන හා සුඛවාදී එළැඹුමක් වේ. 
" පසුගිය වසර පනහ තුළ ලෝකයේ මනෝ විද්‍යා චින්තනයට කරන ලද ප්‍රධාන ම දායකත්වය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය " 
කාර්ල් ආර්. රොජර්ස් (ප්‍රකට මනෝ විද්‍යාඥ )
Rs 882.00
Rs 980.00
-10%New
Yatisitha
ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත් කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග්‍රන්ථ අතර අග්‍රතමය ලෙස මේ පොත සැලකේ. ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගතහැකි ලෙස පවතින අතිශයින් විස්මය ජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග්‍රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි. කිසි දිනක ඉටුකර ගත නොහැකි යයි පෙනෙන සුවිශාල හා දුෂ්කර කාර්යයන්, හුදෙක් තම යටි සිතේ විස්මිත බලය පාලනය කිරීම ඉගෙනීම මගින් ඉටුකර ගන්නට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාතපාඨකයන්ට මේ ග්‍රන්ථය මග පෙන්වා ඇත. පුද්ගලයෙකුට දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරීමට සරල, ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපූරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බවද කිව යුතුය. 
Rs 1,170.00
Rs 1,300.00
-10%New
Yatisitha 2
මානසික සහ ආධ්‍යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක නවමු පර්යේෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණීය සොයා ගැනීම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ. ඔබගේ ජීවිතයේ හැම අංශයකම වර්ධනය සඳහා, යටිසිතේ බලය උපයෝගී කර ගැනීමේ උපක්‍රම මෙහි විස්තර කෙරෙයි. 
මෙහි සඳහන් ඉතා වැදගත් කරුණු අතර කීපයක් නම් 
කනස්සල්ල, බය සහ සෘණ සිතුවිලි ජය ගැනීම 
මූල්‍ය සාර්ථකත්වයට සහ නිදහසට ගත යුතු පියවර 
*ස්වයං පිළිගැනීම සහ සෞභාග්‍යය අත්පත් කර ගැනීම 
සම්බන්ධතා වගා කිරීම සහ සතුට විඳ ගැනීම 
* සුවය සහ සැපත සඳහා අනන්ත හැකියාව වැඩට ගැනීම 
Rs 1,350.00
Rs 1,500.00
-10%New
Daraka Manovidyawa
මෙය ළමා මනස පිළිබඳ මනෝවිද්‍යාංශයට අයත් ග්‍රන්ථයකි. දරුවා මානසික වශයෙන් හා සාමාජීය වශයෙන් වර්ධනය වන ආකාරය මෙහි විස්තර වෙයි. මූලික වශයෙන් කතුවරයා උත්සහ කර ඇත්තේ දරුවාගේ පරිණතභාවය හා වර්ධනය පිළිබඳ විවිධ අවස්ථා දරුවාගේ වර්ධනය කෙරෙහි අවට පරිසරය බලපාන අයුරු මෙන්ම, දරුවා ඉපිද සිටින -ඔහු ඇති දැඩි වන සමාජයේ සාමාජිකයනුත් දරුවොත් අතර ඇති සාමාජික හා මානසික සම්බන්ධතා පිළිබඳ කරුණු ගෙනහැර දැක්වීමටය. 
Rs 180.00
Rs 200.00
-10%New
Budu Samaye Nirupanaya Wana Pudgala Manasa
බුදු සමයේ මූලික ඉගැන්වීම් විමසා බලන විට, එම ඉගැන්වීම් වල හරය මුළුමනින් ම මනෝ විද්‍යාත්මක බව පෙනී යයි. බුදු සමය තුළ " පුද්ගල මනස " යන සංකල්පය ට හිමිවන්නේ, ඉතා වැදගත් ස්ථානයකි. ඒ පිළිබඳව ඉතිහාසයේ මෙතෙක් ඉදිරිපත් වී ඇති විශිෂ්ටතම අර්ථකතනය ලොව ට හඳුන්වා දී ඇත්තේ බුදු සමය මගිනි. පුද්ගල මනස ගැන, බුදුසමයේ තරම් ගැඹුරනේ, බටහිර මනෝ විද්‍යාවේ හෝ කිසියම් ආගමක හෝ දර්ශනයක හෝ වෙනත් කිසිම තැනක හෝ විග්‍රහ කර නැත. නිර්වාණය යනු තෘෂ්ණාව ප්‍රධාන කොට ඇති සියලු කෙලෙස් වලින් පුද්ගල මනස නිදහස් කර ගැනීම යි. බුදුසමයේ ප්‍රධාන අරමුණ වන්නේ, නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා පුද්ගලයා ව මෙහෙය වීමෙන්, ඔහුව සියලු දුකින් මුදවාලීම යි. මෙම කාර්යභාරය සඳහා බුදු සමය තුළ, පුද්ගල මනස උපයෝගී වන්නේ කෙසේදැයි පෙන්වාදීම මෙම කෘතියෙහි මූලික අරමුණ යි.
Rs 810.00
Rs 900.00
-10%New
Wayadhi
මේ පොත කියවා බැලීමි. ග්‍රන්ථකර්තෘ මහතා අනුන් කී පමණින් හෝ පොත්වල ඇතුලත් දෑ කියවීම් පමණින් නොනැවතී භාවනා මගින් අත්දුටු දෑ පැවසීමට මහත් ප්‍රයාශයක් ගන්නා බව පෙනේ. ගැඹුරු අදහස් වලින් පිරුණු මේ පොත සෙමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කළොත් විශ්වය හා එහි ප්‍රතිවිරුද්ධ පැත්තත්, ගැන සැලකිය යුතු අවබෝධයක් ලැබිය හැකි වෙතැයි සිතමි. 
බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය ස්ථර. 
Rs 171.00
Rs 190.00
-10%New
Sarthaka Jeewithaye Rahasa
Last items in stock
අන් අය සතුටින් ජීවත්වන නමුත් තමන් ගත කරන ජීවිතයේ සතුටක් නැතැයි. සිතන අයට ද, කෙතරම් උත්සාහ කළත් සතුටින් ජීවත්වීමට නොහැකියයි සිතන අයට ද, ජීවිතයේ වැදගත් කඩයිම් වෙත අවබා්ධයෙන් මුහුණදීමට දැනුමක් අවශ්‍යයි සිතන අයට ද මෙය බෙහෙවින්ම ඵලදායක අත් පොතකි.
Rs 540.00
Rs 600.00
-10%New
ManoWidyava
“ සැලකිය යුතු ශාරීරික  හේතුවක් නොමැතිව ඇතැම් කෙනෙක් අසනීප වෙන්නේ මන්ද? " මෙය මනෝ විද්‍යාඥයා ඉදිරියේ එදා මෙන්ම අදද නැගෙන ප්‍රශ්නයකි. එයට පිළිතුරු සෙවීමේදි ප්‍රංශයේ සහ ජර්මනියේ වෛද්‍යවරුන් අතර විවිධ මති මතාන්තර ඇති විය. මනෝ විද්‍යාවේ නවීන මනෝ ප්‍රතිකාර අංශයන් ක්‍රම - ක්‍රමයෙන් දියුණුවට ගිය අයුරු මෙම ග්‍රන්ථයේ පිළිවෙලින් විස්තර වෙයි. එනයින් මෙය ප්‍රධාන වශයෙන්ම මනෝ විද්‍යා ඉතිහාසයට සම්බන්ධ කරුණු අඩංගු පොතකි. මෙහි දෙවෙනි සහ තුන්වෙනි පරිච්ඡේද වෙන්වී ඇත්තේ වර්ගීකරණ-විද්‍යාවේ ආරම්භය සහ එහි උපයෝගිතාවය පිළිබඳ විස්තරයකටය. ඉතා සුලූ කාලයක් ඇතුළත විශාල පාඨක පිරිසකගේ ගෞරවයට ලක් වූ මෙම කෘතිය සිංහල මනෝ විද්‍යා සාහිත්‍යයට එක්වූ ඉතාම සරල ග්‍රන්ථයයි. ශාරීරිකාබාධ සම්බන්ධයෙන් නවීන මනෝවිද්‍යාවේ ආරම්භයේදී පළවූ සිද්ධාන්තයන් සහ නිගමනයන් මෙහි විස්තරවී ඇත්තේ කිසිත් අවුලකින් තොරව ආධුනික පාඨකයනට වුවද ලෙහෙසියෙන් වටහාගත හැකිවන අයුරිනි. 
Rs 225.00
Rs 250.00
-10%New
Chiththavega Ha Manovidyava
මෙම ග්‍රන්ථයෙහි අඩංගු වී ඇත්තේ චිත්තවේග (Emotions) පිළිබඳ මනෝවිද්‍යාත්මක විග්‍රහයකි. පරිච්ඡේද 8 කින් සමන්විත මෙය මනෝවිද්‍යාව හදාන්න වුනට පමණක් නොව සාමාන්‍ය පාඨකයනට ද ඉතා ප්‍රයෝජනවත් තොරතුරු රැසක් රැගෙන එයි. චිත්තවේග පිළිබඳව විවිධ මනෝ විද්‍යාඥයන්ගේ සිද්ධාන්තයන් ද චිත්තවේග සම්බන්ධයෙන් මොළය ක්‍රියා කරන ආකාරය ද විවිධ ශාරීරික ආබාධ වලට චිත්තවේග බලපාන අයුරු ද චිත්තවේගවල ප්‍රයෝජනවත් හා නිශ්ප්‍රයෝජනවත් අංශයන් ද, චිත්තවේගීය අවප්‍රමාණතා පිළිබඳව ද මෙහි විස්තර වී තිබේ. පාසැල් සිසු - සිසුවියන්ට වුවද තේරුම් ගතහැකිවන ආකාරයට ඉතා සරල බසින් ලියැවී ඇති චිත්තවේග සහ මනෝ විදනන්ට මෙම කතුවරයා විසින් ලියන ලද මනෝ විද්‍යා ග්‍රන්ට කිහිපයෙන් එකකි. මෙය, එහි තුන්වෙනි සංශෝධිත මුද්‍රණයයි. 
Rs 180.00
Rs 200.00
-10%New
Nayakayek Onakara Thibe
කර්තෘ ගෙන්...
වසර පහළොවකට අධික කාලයක් ලෝකයේ ප්‍රමුඛතම සමාගම්වල නායකත්ව උපදේශකයෙකු ලෙස මා ලැබූ අත්දැකීම් සමුදායක ප්‍රතිඵලයකි මේ. මා අත්හදා බැලූ විවිධ නායකත්ව ශිල්ප ක්‍රම වේද වලින් ලැබූ අත්දැකීම් නොමසුරුව මෙම කෘතියට ඇතුළත් කළෙමි. මේ අතිදැවැන්ත අත්දැකීම් සමුදාය ඔබේ පෞද්ගලික ජීවිතයට මෙන්ම වෘත්තීය ජීවිතයටද අතිශයින් වැදගත් වනු ඇත. මෙහි එන විවිධ චරිත මගින් මනඃකල්පිතකතන්දරයක් ඔබට ඉදිරිපත් කළද නායකත්වය පිළිබඳව වන මූලික ප්‍රතිපත්ති සහ නිර්නායකවලින් සමන්විතව මෙම කෘතිය නිර්මාණය කර ඇත. එබැවින් මෙහි එන පරිකල්පනීය අත්දැකීමට වඩා ඔබ සමීප විය යුත්තේ මෙමගින් එළි පෙහෙළි කරනු ලබන විධික්‍රම කෙරෙහිය. එමගින් ඔබේ ව්‍යාපාරයත්, පෞද්ගලික ජිවිතයත් අතිශයින් සාර්ථක කර ගත හැකි වනු ඇත. 
Rs 720.00
Rs 800.00
-10%New
Adaraneeya Demapiyani
දරුවන් සිටින නූතන දෙමාපියන්, වෙනස් වන සමාජයක ජීවත්වන නූතන දෙමා පියන්, වෙනස් වෙමින් විපරිත වන සමාජයක ජීවත්වන දෙමාපියන්, තමාගේ භූමිකාව නිවැරදිව හඳුනා ගෙන තිබෙන්නේ ද? දරුවන් බිහි කළ ද, දරුවන්ට ඉගැන්වීමට මහන්සි ගත්ත ද, බොහෝ දරුවන් අසාර්ථක වීම හේතුවෙන් දෙමාපියෝ කණස්සල්ලට පත් වෙති. ඇතැම් දරුවන් අධ්‍යාපනයෙන් සාර්ථකත්වයක් ලැබුව ද, ජීවිතය අසාර්ථක කරගන්නා අන්දම ද නිරීක්ෂණය කළ හැකිය. ඊට හේතු කවරේ ද? 
තමන්ගේ දරුවන් වෙනුවෙන් මාපියන් තම භූමිකා අර්ථ සම්පන්න අන්දමින් ගොඩනගා ගැනීමට අවශ්‍ය අවබෝධය හා විනය, ඥානාලෝකයක් සේ තමන් සන්තක කරගන්නේ කෙසේ ද? මේ ප්‍රශ්න සඳහා උත්තර විවිධ මානයන්ගෙන් දෙමාපියන්ට ලබා දීමට, ගුරු භවතුන්, පාසල් ප්‍රධානීන් මෙන් ම, කතුවරයා දරා තිබෙන උත්සාහයන් ඔස්සේ මේ පොත දෙමාපියන් උදෙසා සම්පාදනය කර තිබේ. 
Rs 765.00
Rs 850.00
The Buddha's Ancient Path
A prominent monk of Sri Lanka, well-known in both East and West, explains the central teachings of Buddhism, focusing on the Four Noble Truths and the Noble Eightfold Path. In a lively and inspired style, he explores the path in detail, citing many stories from Canon and commentaries. ‘The book is written in a firm and clear style … These interpretations, authoritative and unimpeachable, may be taken as a trustworthy guide.’ —(I. B. Horner)
Rs 350.00
The Road To Liberation
The BPS is an approved charity dedicated to making known the Teaching of the Buddha, which has a vital message for all people. 
Founded in 1958, the BPS has published a wide variety of books and booklets covering a great range of topics. Its publications include accurate annotated translations of the Buddha's discourses, standard reference works, as well as original contemporary expositions of Buddhist thought and practice. These works present Buddhism as truly is-a dynamic force which has influenced receptive minds for the past 2500 years and is still as relevant today as it was when it first arose. 
For more information about the BPS and our publications, please visit our website, or write an e-mail, or a letter to the:
Rs 80.00