Uda Wu Yawwanaya
වර්තමාන යොවුන් පරපුරට මුහුණ දීමට සිදුව ඇත්තේ ඉතිහාසයේ අන් කවර කලක හෝ මානවයන්ට මුහුණ දීමට සිදු නො වූ තරම් වූ ගතික සමාජයකට ය. නව විද්‍යා තාක්ෂණ දියුණුවත්, ගෝලීයකරණය වූ ආර්ථික ක්‍රියාවලියත්, සන්නිවේදන හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුව ඇති විප්ලවාත්මක ප්‍රසාරණයත් හමුවේ සමාජයට ගලා වන තොරතුරු කන්දරාව තුළ, කළ යුතු හා නොයුතු දේ කුමක්දැ යි තෝරා බේරා ගත නොහැකි ව යෞවනයෝ අන්දමන් ද ව සිටිති. මේ සංස්කෘතික කම්පනයට ඔරොත්තු දීමට කළ යුතු හා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවදි බවක් ඇති කරලීම හා ගත හැකි ක්‍රියාමාර්ග වලින් යෞවනයන් දැනුවත් කරලීම යුග අවශ්‍යතාවක් ව ඇත.
Rs 500.00