Auguste Comte Samaja Vidyawe Piya
සමාජ විද්‍යාව ස්වාධීන විෂයක් ලෙස ආරම්භ වී වර්ධනය වීම යුරෝපා සමාජය තුළ සිදු වූ සමාජ සමය විපර්යාසයන් රැසක සාමුහික ප්‍රතිඵලයකි. තත් කාලීන යුරෝපා සමාජය දේශපාලනයික හා ආර්ථික වශයෙන් මුහුණ දුන් සුවිශාල අභියෝග රැසක් මෙහිදී හඳුනාගත හැක. මෙම සංකීර්ණ සමාජ විපර්යකාරකයක් නිවැරදිව තේරුම් ගෙන ඒ තුළින් ශාස්ත්‍ර ලෝකයම අවදි කළ සමාජ චින්තකයන් කීප දෙනෙක්ද ඒ සමග හඳුනාගත හැක.
ඔගස්ට් කොමිට් එහිලා මූලාරම්භක විනේතෘවරයෙකි. මෙම කෘතිය ඔගස්ට් කොමට් පිළිබඳව රචිත ප්‍රථම සිංහල කෘතියයි. ඔහුගේ මතවාද හැඩ ගැස් වූ පෞද්ගලික ජිවන අනුභූතීන් හා අවස්ථාවන් මෙමගින් ආනුභවිකවම සාකච්ඡාවට ලක් කිරීම වැදගත්ය. මහාචාර්ය දයා අමරසේකර මෙරට ප්‍රකට සමාජ විද්‍යා ගත් කතුවරයෙකි. සමාජ විදහා නැණ නුවණ පොදු ජන සමාජය වෙත රැගෙන යාමට මහෝපකාරී වූ ඔහුගේ කෘති අතර මෙම කෘතිය වෙසෙසින්ම කැපී පෙනෙයි.

Rs 200.00