Pariganaka Ugayata Sinhala
පරිගණක යුගයට සිංහල - සිංහල භාෂාවට අදාළ සුවිශේෂී ලක්ෂණ සමූහයක් තිබෙන නමුදු දත්ත ඇතුළු කිරීම, ගබඩා කිරීම, මුද්‍රණය කිරීම, ලිපි නැවත් අසකස් කිරීම ආදිය සඳහා යෝග්‍ය තක්ෂණික විසඳුම් සොයා ගැනීමත්, කිසියම් මට්ටමකින් භාවිතා වීමත් ඒ වන විට සිදුවෙමින් පැවතිණ. ඒවාට සම්බන්ධව තිබූ දැනීම් භාවිතා කිරීමත් ඉන්දීය භාෂා සමූහය සදහා පොදු සංකේත ක්‍රමයක් සකස් කර ගැනීම ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ දැනීම් උකහා ගැනීම තුළින් අදාළ කාර්යය නිම කර ගැනීමට ඉමහත් උපකාරයක් සැලසිණ. මෙම තාක්ෂණික ක්‍රියාවලියට සම්බන්ධව තිබූ ගැටළු සහ භාවිතා කරන ලද විසඳුම් පිළිබඳව කතෘගේ දෘෂ්ටි කෝණයෙන් කරුණු ඉදිරිපත් කිරීම මෙම පොත තුළින් සිදුවෙයි. ඊට අමතරව ඉංග්‍රීසි වැනි භාෂාවලට අදාළ අකුරු හඳුනා ගැනීම, ශබ්ද නිෂ්පාදනය සහ අන්තර්ගතය හඳුනාගැනීම ආදී කාර්යයයන් සඳහා වසර විසි ගණනකට පෙර, පෙරදිග පර්යේෂකයින් විසින් ගන්නා ලද උත්සාහයන් පිළිබඳ කෙටි විස්තරයක් ද මෙම පොත තුළ සඳහන් වෙයි.
Rs 1,500.00