Children's Books

Lassanata Kama Kamu
ලස්සනට කෑම කමු - අපට ආහාර පාන නැතිව ජීවත් විය නොහැකිය. රසට ගුණට උයන කෑම ලස්සනට කන හැටි බුදු දහම අපට කියා දෙයි. මේ පොත කියවා බලා ඔබේ ජීවිතයත් ලස්සන කරගන්න.
Rs 120.00
Aluth Andare
අලුත් අන්දරේ
Rs 150.00
Mee Mithuro
මී මිතුරෝ - කතාව සරල භාෂාවකින් රචිතය. මේ ග්‍රන්ථය චානජ යටත්තාවලගේ මනරම් සිතුවම් හතරකින් අලංකාර වී ඇත. මෙය කුඩා දරු දැරියන්ට රසවත් ළමා කතාවක් වනු ඇතැයි කිව හැක.
Rs 100.00
Out-of-Stock
Punchi Ayata Avurudu Sirith
Out-of-Stock
පුංචි අයට අවුරුදු සිරිත් - පුංචිම අයට අපෙන් ගිළිහී යන සාරධර්ම සිරිත් විරිත්, කුඩා කල සිටම හුරුකරවීම, හඳුන්වාදීම වැඩිහිටි අපේ විශාල වගකීමක්. හෙට වැඩිහිටියන් බවට පත් වන කුඩා දරු පරපුර යහමග යැවීමට අපේ පැරණි සාරධර්ම කියාදීම විශාල පිටුවහලක්. විශේෂයෙන් සිංහල අලුත් අවුරුද්ද අපට විශේෂ වැදග්තකමකින් යුත් උත්සවයක්. ඒ උත්සවයේ අපටම ආවේණික වූ සිරිත් විරිත් රාශියක් තිබෙනවා. මේවා දැන්මම අපේ කුඩාවුනට කියා දීම, හුරුකරවීම, අපේ වගකීමක්. මේ කාරණය උදෙසාම පුංචි උන් සඳහාම "පුංචි අයට අවුරුදු සිරිත්" නැමති මේ කුඩා පොත ලියා පළ කළෙමු.
Lama Apata Dhammapadaya
ළමා අපට ධම්මපදය - දියුණුව පතන ඕනෑම කෙනෙකුට ඒ සඳහා ලබාගත හැකි වටිනා මාර්ගෝපදෙශනයත්, ඊට විරුද්ධව මතු වන චෛතසික හා බාහිර අභියෝග ජයගෙන ඉදිරියට යෑමේ ජය මඟත් උගත හැකි වන්නේ ධම්මපදයෙනි. ඒ ජය මඟට පහන් ටැම් නඟන අයුරින් කතුවරයා ඉතා කෙටියෙන් ඉතා සරල ව තමාට ම පාරදෘශ්‍ය වන අයුරින් මෙහි ගාථා විවරණය කර ඇති බව සඳහන් කළ යුතු ය. පසුබසින කෙනෙකුට ඉදිරියට යෑමේ ධෛර්‍යයත් ඉඳුරන් පිනවීමෙහි ගිජු ව අසරණ වූ කෙනෙකුට නැඟී සිටීමේ වීර්‍යයෙන් ලද හැකි ජය පැන් පානයත් අඳුරේ සිටින කෙනෙකුට ආලෝකය කරා දිවෙන මාර්ගයත් තෘෂ්ණා මල පුඬුවේ අසු වී දුක් කඳුළු හෙළන කෙනෙකුට ඉන් මිදී ලොවුතුරු නිදහස් සුවය විඳින අයුරුත් කතුවරයා මෙහි ගී බසින් පෙළ ගස්වා ඇත්තේ ළමා පෙළට ආස්වාදනීය ආකාරයෙනි. 
Rs 1,470.00
Lokopakaraya
ලෝකෝපකාරය - උපදේශාත්මක කාව්‍යයට සාහිත්‍යයෙහි විශේෂ තැනක් හිමි වී ඇත. සංස්කෘත සාහිත්‍යයෙහි පංච තන්ත්‍රය, හිතෝපදේශය, ව්‍යාසකාරය, නීතී ශතකය, ප්‍රත්‍ය ශතකය ආදී උපදේශාත්මක කාව්‍යයෝ බෙහෙවින් අගය කරනු ලබති. සිංහලයෙහි ද උපදේශාත්මක කාව්‍යාවලියක් ඇත. ලෝවැඩ සඟරාව, ලෝකෝපකාරය හා සුභාෂිතය ඉන් මුල් තැන් ගනී. මේ සිංහල උපදේශාත්මක කාව්‍ය අතුරින් දීර්ඝතම කාව්‍යය වනුයේ ලෝකෝපකාරය යි.
Rs 150.00
Lovada Sangarava
ලෝවැඩ සඟරාව - වීදාගම මෛත්‍රෙය ස්වාමීන් වහන්සේ විසින් රචිත ලෝවැඩ සඟරාව සිංහල සාහිත්‍යාවලියේ දක්නට ලැබෙන අග්‍රගණ්‍ය බෞද්ධ උපදේශ කාව්‍යයකි. හයවන පැරකුම්බා රජු දවස කි‍්‍ර. ව. 1412 - 1467 කාල වකවානුවේදී ලෝවැඩ සඟරාව රචනා කර තිබේ. බෞද්ධ සමාජයේදී පොදු ජනයා අතර යහපත් ගුණ ධර්ම වඩවාලීම අරබයා ලෝවැඩ සඟරාව උන් වහන්සෙ රචනා කර තිබේ. "පාලි ධර්මය නොදන්නා සාමාන්‍ය ගැමි ජනතාවට පින් සහ පව් වල විපාක මෙසේ යයි අවබෝධ කරලීම මූලික අරමුණු කරගෙන ලොවැඩ සඟරාව රචනා කළෙමි" යන්න "වෙසෙසින් පෙළදම් නොමදත් දනහටපවසම් කළ කම් පල දැන්හෙළුකොට" යනුවෙන් හා "නොදැනෙනුවන්හට පව්පින් නියම කොටබඳ ලෝවැඩ සඟරා පිණෙනි හැම විට" දක්වා තිබීමෙන් මනාව පැහැදිලි වේ. බුද්ධ වර්ෂ 2015 දී පමණ රචනා කරණ ලද ලෝවැඬ සඟරාව කියවීමෙන් මෙලොව පරලොව දෙලොවම සෙත සලසා ගත හැකි උපදෙස් අපට ලබා ගත හැක. මිනිසාගේ දෙලෝ අභිවෘද්ධියටම හේතු වන මහා අනර්ග ධර්ම අවවාද රාශියක් කැටිකොට ගොතන ලද කවි 140 ට උචිත ලෙස ලෝවැඩ සඟරාව නමින් මේ කෘතිය නම් කොට තිබේ. එම්.කේ. සුසන්ත සේනාධිලංකාරගේ අසම්පූර්ණ සංස්කරණවලින් යටපත්වූ වීදාගම මෛත්‍රිය හිමිගේ ලෝවැඩසඟරාව නමැති ග්‍රන්ථයේ ලෝවැඩසඟරාවේ පද්‍ය 271ක් දක්වා තිබේ. මෙය විශිෂ්ට පර්යේෂණයකි. වීදාගම මෛත්‍රිය හිමි තරුණ හිමිනමකව සිටියදී ලෝවැඩසඟරාව රචනා කළ බවත්, උන්වහන්සේ මහනෙත්පාමුළ අධිපතිවීමෙන් පසුව ඒබව සඳහන් කරමින් ලෝවැඩසඟරාව නැවත සංස්කරණය කරන ලද බව සෙන්ධිලංකාරගේ පර්යේෂණයේ සඳහන්වෙයි.
Rs 225.00
The Freddie Stories
Herein is set forth stories that accentuate low passion directed toward children in the kindergarten and lower primary classes. The stories have a transforming effect on the character of the children and lay the foundation for a compassionate temperament in chilren, which is likely to last till adulthood reading to the fashioning of a truly great human being. 
Rs 1,150.00
New
Hovanho Shishtacharaya Purana Chinaya
පුරාණි ශිෂ්ටාචාර
අප ජීවත්වන ලෝකයේ දියුණුවට පුරාණ ශිෂ්ටාචාර දායක විය.මේ ශිෂ්ටාචාර පිළිබඳ ඉගෙනීම අපට අපගේ ලෝකය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට හේතු වෙයි. ඔවුන්ගේ නිපදවීම් හා දියුණුව මඟින් අප ජීවත් වන මේ ලෝකය හැඩ ගැස්වීමට මේ ශිෂ්ටාචාර බලපෑ අයුරු පෙන්වා දෙයි.මෙම පොත ආසියාවේ බිහි වූ චීන ශිෂ්ටාචාරය ගැනයි.
Rs 220.00
New
Dutugamunu Rajjuruwo
අපේ අතීතය ගැන කියවමු
විජය රජුගෙන් පටන් ගෙන අපේ අවසාන රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ ගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි. මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ. මේ පොත, ලක්දිව එක්සේසත් කළ දුටුගැමුණු රජු ගැනයි.
Rs 400.00
New
Mirisaveti Seyata nama lebunu heti
මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
දුටුගැමුණු රජතුමා මුලින් ම හදාපු දාගැබ් වහන්සේට 'මිරිසවැටිය' කියන නම ලැබුණු හැටි මේ පොතෙන් විස්තර කෙරෙනවා
Rs 300.00
New
Nidahas Satana 1 Kotasa
අපේ අතීතය ගැන කියවමු
අතීතයේ ශ්‍රී ලංකාවේ තිබූ සරුසාර බෝග සහ මුතු මැණික් නිසා ශ්‍රී ලංකාව විදේශ රටවල අවධානයට යොමු විය. එම නිසා ක්‍රි.ව. 1505 සිට ක්‍රි.ව. 1948 දක්වා කාලයේ ලංකාව විදේශ රටවල් තුනක ආක්‍රමණවලට ලක් විය.බ්‍රිතාන්‍යයෝ 1815 වර්ෂයේ දී මුලු ලංකාවම ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කර ගත්හ. එතැන් සිට වසර 133 ක කාලයක් බ්‍රිතාන්‍යයෝ ලංකාවේ පාලන කටයුතු ගෙන ගියහ. බ්‍රිතාන්‍යයන් ලංකාවේ බලය තහවුරු කර ගත් ආකාරයත් බ්‍රිතාන්‍ය පාලනය නිසා දැඩි අසීරැතා වලට ලක්වූ රට වැසියන් බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව කළ නිදහස් සටන් ආරම්භවූ ආකාරයත් මේ පොතේ ඇත.
Rs 350.00
New
Nidahas Satana 2 Kotasa
අපේ අතීතය ගැන කියවමු
ශ්‍රී ලංකාවේ තිබූ සරුසාර බෝග සහ මුතු මැණික් නිසා ශ්‍රී ලංකාව විදේශ රටවල අවධානයට යොමු විය. එම නිසා ක්‍රි.ව. 1505 සිට ක්‍රි.ව. 1948 දක්වා කාලයේ ලංකාව විදේශ රටවල් තුනක ආක්‍රමණ වලට ලක් විය.බ්‍රිතාන්‍යයෝ 1815 වර්ෂයේ දී මුළු ලංකාවම ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කර ගත්හ. එතැන් සිට වසර 133 ක කාලයක් බ්‍රිතාන්‍යයෝ ලංකාවේ පාලන කටයුතු ගෙන ගියහ. බ්‍රිතාන්‍ය පාලනය නිසා අසීරුතාවලට ලක් වූ රට වැසියත් බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව සටන් කර නැවතනිදහස ලබාගත් ආකාරය මේ පොතේ ඇත.
Rs 400.00