Hari Puduma Sathkam Kala Buddhadasa Rajjuruvo
හරි පුදුම සැත්කම් කළ බුද්ධදාස රජ්ජුරුවෝ - අපේ බුදුරජාණන් වහන්සේ කාලයෙහි සිටි ජීවක වෛද්‍යචාර්‍යතුමන් සිහිගන්වන පින්වත් බුද්ධදාස රජතුමා ගුණයෙන් නුවණින් පිරි බෝධිසත්ව රජ කෙනෙකි. වෙදකමෙහි ඉතා දක්ෂ වූ රජතුමා කරන ලද සැත්කම් ඉතාමත් ආශ්චර්‍යවත් ය. දශ රාජධර්මයෙන් රජ කළ රජතුමා රට ස්වයංපෝෂිත කරමින් රට දියුණුවෙන් දියුණුවට පත් කළේය. එවන් ආදර්ශමත් රජ කෙනෙකු පිළිබඳව ලොකු කුඩා සැම කෙනෙකුටම වාගේ රස විඳින්නට හැකි වන සේ සරල බසින්ම ලියන්නට මට සිත්විය. කුඩා දරුවන්ට වර්ණ චිත්‍ර දැකීමෙන් ඇතිවන්නේ සතුටකි. ආස්වාදයකි. එමගින් රජතුමාගේ විස්මිත ආශ්චර්‍යමත් සැත්කම් ගැන පැහැදිලි අවබෝධයක් ඔවුනට ලබා දීම ද මෙහි අරමුණකි.
Rs 250.00