Home

-10%Out-of-Stock
Oddi suniyam
Out-of-Stock
'ඔඩ්ඩි සූනියම්' නම් මෙම ග්‍රන්ථය තුළින් සූනියම් ඇදහිල්ල හා සබැදි ජනශ්‍රැති රාශියක් ද, එම  ජනශ්‍රැතිවල ඓතිහාසික පදනම ද මෙම නව කතාවෙන් විමසා බැලෙන අතර එම පුරාණෝක්ති ඒකාබද්ධකර කතාව ගොඩනැගීම පිණිස කල්පිත චරිත හා අවස්ථා නිර්මාණය කර ඈත. පාඨක ඔබ හට ඉතා මෙම ග්‍රන්ථය තුළින් ඉතා ඉහල රසස්වාදයක් දැනුමක් ලැබෙනු නොඅනුමානය.
Rs 1,755.00
Rs 1,950.00
-10%
Krurathvayen Mideema
ක්‍රෑරත්වය මිනිස් ආධ්‍යාත්මය මුල්බැසගත් ලක්ෂණයකි. මිනිස් සන්තානයෙන් ක්‍රෑරත්වය බැහැර කරගන්නා අන්දමත් ක්‍රෑරත්වයෙන් විනිර්මුක්ත සිත ළඟා කරගන්නා ආධ්‍යාත්මික සුවය පිළිබඳවත් ක්‍රිෂ්ණමූර්ති සිය BEYOND VIOLENC කෘතියෙන් මනාව විග්‍රහ කර ඇත. එම කෘතිය සිංහලට පරිවර්තනය කිරීම ඉතාමත් ප්‍රයෝජනවත්ය. ක්‍රිෂ්ණමූර්ති දාර්ශනිකයාගේ විශිෂ්ට කෘතියක් සිංහලට පරිවර්ථනය කර පාඨකයන් වෙතලබාදීම ගැන ජයරාජ් කපිල කුලසිංහ මහතාට අපගේ ප්‍රණාමය හිමිවිය යුතුය
Rs 810.00
Rs 900.00
-10%
Sithul pawwe bana katha
බුදු දහමේ ගැඹුරු ධර්ම රසය සාමාන්‍ය ජනතාවට රසවත් කථා මාර්ගයෙන් හඳුන්වා දීමේ සම්භාව්‍ය සිංහල සාහිත්‍ය පරම්පරාවට අනුගත වීමෙන් ලේල්වල සමිත හිමියන් විසින් මෙම '' සිතුල්පව්වේ බණ කථා " කෘතිය සම්පාදනය කරනු ලැබ ඇත.පැරණි සාහිත්‍ය මූලාශ්‍ර වල සඳහන් සිතුල්පව්ව හා සම්බන්ධ කථාන්තර උකහා ගනිමින් ඒවායේ අර්ථ හා අරමුණු ආරක්ෂා වන සේ කථා රසය උද්දීපනය වන පරිදි මෙය ලියා තිබීම සිංහල සාහිත්‍යයේ අභිවර්ධනය වෙනුවෙන් කරන ලද මහඟු මෙහෙවරක් සේ අගයමි.මෙහි ඇතුළත් කථා පාලි අටුවා වලින් සහ සිංහල සම්භාව්‍ය ග්‍රන්ථ වලින් උපුටා ගත්ත ද ඒවා සාහිත්‍ය රසය හා මුසුකොට නැවත ඉදිරිපත් කිරීමක් මෙමගින් සිදු කර ඇත. කථා රසය සමගම ධර්ම රසය ගලා යාමට සැලැස්වීම කතුවරයාගේ අභිප්‍රාය වී ඇති බව පෙනේ.උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවාවේ නව මානයක් මෙම කෘතිය මගින් එළි දක්වා ඇත. එම උත්සාහය සාර්ථක වී ඇති අතර හුදී ජන ප්‍රසාදයට මෙන්ම විද්වද් සම්භාවනාවට ද පාත්‍ර වන නිර්මාණයක් ලෙස මෙම කෘතිය අගය කළ හැකිය.
ආචාර්ය කුඹල්බොඩ ධම්මාලෝක හිමි
Rs 270.00
Rs 300.00
-10%
Sri Lankawe Jana Jeevithaya Haa Bandunu Aagamika Puda Puja
ආගමික පුද පූජා දේශීය සංස්කෘතිය තුළ සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකරන බව පැහැදිලි කරුණකි. අනාදිමත් කාලයක සිට පවතින නොයෙකුත් ආකාරයේ අභිචාර හා පූජා පිළිබඳ ලෝක මට්ටමෙන් විවිධ බුද්ධිමතුන් කරන ලද අධ්‍යයතද සුළුපටු නොවේ. එහෙත් අපේ රටේ ඒ හා සාපේක්ෂව කර තිබෙන අධ්‍යයන සීමා සහිත යැයි සඳහන් කළ හොත් ඒ නිවැරදි වනු ඇත." ශ්‍රී ලංකාවේ ජන ජීවිතය හා බැඳුණු ආගමික පුද පූජා " නමින් පූජ්‍ය මහව සංඝරතන හිමියන් විසින් ලියා ඇති මෙම කෘතිය මගින් ආගමක හැගීම පහළ වී ඇති අයුරු හා ආගමික පුද පූජාවල අවශ්‍යතාව ගැන පමණක් නොව පූජකයන් හා ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳවත් පළමු පරිච්ඡේද දෙක යටතේ මාහැගි කරුණු ගණනාවක් ඉදිරිපත් කර තිබේ. අපේ අනුරාධපුර, පොළොන්නරු යුගයේ ආගමික ඇදහිලි මෙන්ම ප්‍රාග් බෞද්ධ ඇදහිලි ගැන මෙන්ම ලංකාවේ පුද පූජා ලබන දෙවි දේවතාවුන් සම්බන්ධයෙන් ශාස්ත්‍රීය අගයකින් කරුණු එක් රැස් කිරීමක් මෙහි දක්නට ලැබේ.
Rs 405.00
Rs 450.00
-10%
Sri Lankawe Dewa Pooja Rata
ශ්‍රී ලංකාවේ දේව පුජා රටා නම් මෙම කෘතිය ඩී.කේ.ධර්මදාස බණ්ඩාර මහතා විසින් රචනා කර ඇති අතර ශ්‍රී ලංකාවේ බහුවිධි සංස්කෘතීන් විදහා පාන දේව පූජාවන් රාශියක් අන්තර්ගත කෘතියක් ලෙස මෙම කෘතිය හැදින්විය හැකිය.
Rs 270.00
Rs 300.00
-10%
Holman,Awathara Thula Athi Dharmanukula Padanama
ප්‍රේතයන්, භූතයන්, යක්ෂයන් ආදී ඕපපාතික ජීවින්ගෙන් මිනිසුන්ට බලපෑම් සිදුවන බව රහසක් නොවේ. අමනුෂ්‍යයන්ගෙන් මිනිසුන්ට බලපෑම් සිදුවන අයුරු ද, අමනුෂ්‍ය උවදුරු වලින් නිදහස් වන අයුරු ද, බුද්ධ දේශනාවන් හී කරුණු සහිතව සඳහන්ව ඇත.වර්තමාන මිනිසුන් අධර්ම රාගයෙන්, විෂම ලෝභයෙන්, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වීම නිසා මිනිසුන් අතරට සැඩ යක්ෂයන් පැමිණෙන බව ද, යක්ෂයන්ගේ ග්‍රහණයට හසුවීම නිසා දහස් ගණන් මිනිසුන් මරණයට පත්වන බව ද, මහා සාළ සූත්‍රයේ සඳහන් වී තිබේ.
Rs 162.00
Rs 180.00
-10%Out-of-Stock
Natha Dewa Wandanaya Prabawaya Saha Wikashanaya
Out-of-Stock
ආචාර්ය අජිත් කල්වත්ත රචනා කරන ලද නාථ දේව වන්දනය පුභවය සහ විකාශනය (sස ශාස්ත්‍රීය පර්යේෂනා කෘතිය ශ්‍රී ලංකාවේ සමාජ ඵෙතිහාසික ක්ෂේත්‍ර වෙන් ච ආගමික ඉසිසය නැදෑරීමට අතිශයින් ප්‍රයෝජනවත් කෘතියකි. අනුරාධපුර රාජධානි අවධියේ වළගම්බා රජුගේ නලන සමයේ ආරම්භ වූ මහායාන මතවාද මෙරට ආගමික අංශයට එකතු වීම ක්‍රමයෙන් පුළුල් වූ අවස්ථා දක්නට ඇත. ප්‍රධාන වශයෙන් රාජ්‍ය අනුග්‍රහය යටතේ වර්ධනය වූ ථෙරවාදී දහම යටත් කිරීමට මහාගන මහිමතාන්තර අපොහොසත් වූ නමුත් එකී දහමේ සේ ම හින්දු ආගමේ ඇදහිලි විශ්වාස ථෙරවාදී මතවාද අතරට එකතුවීම නොවැළැක්විය හැකි විය. ඒ අනුව මහායාන මහවාද තුළ ප්‍රසිද්ධ අවලෝකිතේශ්වර බෝධි සත්වයෝ නාථ දෙවියන් ලෙස ථෙරවාදී විහාරස්ථාන වල වැඳුම් පිදුම් ලැබුහ. මෙම දෙවිවරුන්ට වන්දනාමාන කිරීමෙන් පාරලෞකික පමණක් නොව ලෞකික අපේක්ෂා පවා ඉටුකර ගත හැකි බවට ගොඩනැගුණ විශ්වාසය හිසිදු භේදයකින් තොරව සියලු ම බෞද්ධ ජනතාව තුළ කිඳා බැස ඇති බව කතුවරයා විසින් පැහැදිලි කොට ඇත. ඒ අනුව ථෙරවාදී බුදු දහමේ ඉගැන්වෙන ඇදහිලි විශ්වාස පමණක් නොව මනයාන මතවාද වලින් පුරුදු පුහුණු කර ඇති ඇදහිලි විශ්වාස ද හින්දු ආගමෙන් ලැබී ඇති ආභාසය ද නැහැදිලි කෙරෙන මෙම කෘතියෙන් ශ්‍රී ලාංකේය ආගමික ඉහිස කතා පුවත මනාව අවබෝධ කොට ගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.
Rs 1,170.00
Rs 1,300.00
-10%
Anjanam Puranaya
රසිකා ඔලබොඩුව ගේ අංජනම් පුරාණය නමැති මෙම කෘතිය  අනාදිමත් කාලයක සිට සිංහල ජනයා අතර ප්‍රචලිත අභිචාර විධික්‍රමයක් පිළිබද කෙරෙන සන්නිවේදනාත්මක අධ්‍යයනයක ප්‍රතිඵලයක් වශයෙ හැදින්විය හැකි අතර මෙම කෘතිය තුළින් ක්ෂේත්‍රය පිළිබද ව අධ්‍යනය කරන විද්‍යාර්ථයින්ගේ මෙන්ම සාමාන්‍ය පාඨකයින්ගේ ද ශාස්ත්‍රීය කුතුහලය වර්ධනය කරණු නොඅනු මානය.
Rs 157.50
Rs 175.00
-10%
Samanera Bana Daham Potha
මහණකම යනු ලොවේ ඇති හැම කමකට ම ව) උතුම් බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ උතුම් මහණකම ලැබෙන්නේ පෙර මහ පිනකින් ම ය.කුඩා කල සිට ම යහපත් ගුරු ඇසුරින් හොඳට සිල් සපුරමින් සංවර ව කීකරු ව ඒ පැවිදි දිවිය රැක ගත්තොත් පුර පස වැඩෙන සඳ මඬල මෙන් ඒ පැවිද්දා ලොව එළිය කරන බව බුදුරජාණන් වහන්සේ වදාළ හ. පැවිද්ද ඉතා නිදහස් නොවහල් දිවියකි. පරාර්ථ චර්යාවෙන් පිරුණු දිවියකි.සැදැහැවතුන් ගේ සිවු පසයෙන් යැපුණ ද අභිමානයත් අනතිමානයත් තෘප්තියත් සපිරුණු ජීවන චර්යාවකි. සිල්වත් උගත් ගුණවත් පැවිද්දා දඹරන් කඩක් හා සමානව අගය කළ හැකි, එහෙත් මිල කළ නොහැකි සුපුෂ්පිත පුෂ්පයකි.සිත් පුබුදු කරවන අයුරින් නවතායෙන් යුතුව සැකැසුණු මේ සාමණේර බණ දහම් පොත අපේ පුංචි හාමුදුරුවරුන්ගේ උතුම් ගමන් මඟට මා හැගි එළියක් දල්වන රුවන්මුවා පහන් ටැඹක් ම වන බව ඉතා ළෙන්ගතු ව සඳහන් කරනු කැමැත්තෙමි.
තිරිකුණාමලේ ආනන්ද මහ තෙර
Rs 225.00
Rs 250.00
-10%
Maha Sathipattana Suthra Sajjayanaya
ආචාර්ය පූජ්‍ය හේනේපොල ගුණරතන නාහිමි
මහා සතිපට්ඨාන සූත්‍ර සජ්ඣායනය
ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ මහා සතිපට්ඨාන සූත්‍ර සජ්ඣායනය මට මුලින්ම අහන්න ලැබුණේ අහඹු ලෙස යූ ටියුබය ඔස්සේය. ඒ සජ්ඣායනය තුළ තිබූ විශේෂත්වය මට එකවරම දැනුණි. ඒ සජ්ඣායනය භාවනාවට යොදාගත හැකි බව වැටහුණු නිසා මම සෝභිත හිමියන්ට දුරකතනයෙන් සම්බන්ධ කරගෙන සම්පුර්ණ සූත්‍ර සජ්ඣායනය ගෙන්වා ගත්තෙමි.උන්වහන්සේගේ සජ්ඣායනාවේ විශේෂත්වයන් කිහිපයක් මම දකිමි. එකක් නම් උන්වහන්සේගේ සජ්ඣායනා ස්වරය යි. එය ගායනාවක් නොවේ. එසේම සූත්‍රය හුදු කියවාගෙන යාමකුත් නොවෙයි. ඒ දෙකටම අයත් නොවන සූත්‍ර දේශනයකට අනුකූල ස්වරයක් රටාවක් ඒ තුළ ඇත. එය නියම අර්ථයෙන්ම සඣායනාවකි. එසේම උන්වහන්සේගේ පාලි උච්ඡාරණය ඉතාම නිවැරදි ය. එසේම පැහැදිලි ය. අද වන විට අන්තර්ජාලයේ හා විවිධ මාධ්‍ය තුළ පාලි ගාථා හා පිරිත් සජ්ඣායනා බොහොමයක් විකාශනය වෙතත්, බොහෝ විට ඒවායේ උච්ඡාරණයන් නිවැරදි නැත. සෝභිත හිමියන්ගේ පාලි භාෂා උච්ඡාරණය අනෙකුත් දේශකයන්ටත් ආදර්ශයකි.
තවද උන්වහන්සේගේ සජ්ඣායනාව තුළ එක් කොටසක් සජ්ඣායන කර අවසන් වූ විට කෙටි නිහඬ බවක් ඇත. එය ඉතාම වටිනා අංගයකි. දේශනා කළ කොටසේ අර්ථ නැවත මෙනෙහි කිරීමට එය හොඳ අවස්ථාවකි. උන්වහන්සේගේ දේශනා ශෛලිය තුළ සජ්ඣායනා කරන දෙයෙහි අර්ථය තේරුම් ගෙනම දේශනා කරන බව වැටහේ. අර්ථ දැනම දේශනා කරන නිසා අවශ්‍ය තැන්වල දී හඬ උස් පහත් කිරීමටත් අවශ්‍ය තැන් වල දී කෙටි නිහඬ බවක් ඇතුළත් කිරීමටත් උන්වහන්සේට හැකියාව ලැබී ඇත. මම දිනපතාම පාහේ මේ සජ්ඣායනාවට සවන් දෙමි. මහා සතිපට්ඨාන සූත්‍රයේ එන වටිනා දහම් කරුණු නැවත නැවත සිහිපත් කරගැනීමට එහි අරුත් විමසීමට උන්වහන්සේගේ සජ්ඣායනාව මහත් උපකාරී වේ.අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ විමුත්තායතන සූත්‍රයේ දහම පුහුණු කරන කෙනෙක් කෙළෙස් ප්‍රහීණ කොට විමුක්තියට පත්විය හැකි අවස්ථා පහක් දැක්වේ. දහම් ශ්‍රවණය කරන අවස්ථාව දහම් දෙසන අවස්ථාව, ඇසූ දහම විස්තර වශයෙන් සජ්ඣායනා කරන අවස්ථාව, ඇසූ දහම මනසින් මෙනෙහි කරන අවස්ථාව හා මැනවින් සිතසමාධිගත වූ අවස්ථාව යනු එම විමුත්තායතනයන් ය. එබැවින් සූත්‍ර ධර්ම නිවැරදිව සජ්ඣායනා කිරීම හා එම සජ්ඣායනා වලට සවන් දීම අපේ සිතේ කෙළෙස් දුරුකරන විමුක්තියට මග පාදන අවස්ථාවන් ය. පුජ්‍ය ඕමල්පේ සෝභිත නා හිමිපාණන්ගේ මහා සතිපට්ඨාන දේශනාව බොහෝ දෙනෙකුගේ සද්ධාව වැඩි දියුණු කිරීමටත්, දහම් අවබෝධය වැඩි දියුණු කිරීමටත් හේතු වේවා.!
Rs 891.00
Rs 990.00
-20%
Great Female Disciples Of The Buddha
Females were no less capable than their male counterparts in spiritual attainments. In the spiritual firmament of 2600 years ago India, the world's first order of nuns was instituted. These nuns reached the acme of spiritual perfection and also gained higher powers and faculties. The first Buddhist nun was none other than the Buddha's foster mother, Maha Pajapati Gotami. Regarding her status and achievement, the Buddha boldly declared, "She is wise, of acute intelligence and understanding, compassionate and of great intuition."
Rs 480.00
Rs 600.00
-10%
Jathaka Shathakaya
 ඒ ඒ මාධ්‍යයන්හි නිරත වූ විවිධ දක්ෂතා ඇති නිර්මාණ කරුවෝ බුද්ධ පරිනිර්වාණයේ සිට අද දක්වා නොව හෙට දිනත් ජාතක කථා කියවා රසවිඳ එම රසය තම පන්හිඳෙන්, තෙලිතුඩෙන්, ගායනයෙන්, වාදනයෙන්, සාහිත්‍ය ලෝකය වර්ණවත් කරමින් මහ පෙරහරක සැමදා ගමන් කරති. පොතුපිටියේ අමරසේකර පහළ විතාන කවියා ද, මේ ජාතක ශතකය නම් කාව්‍ය නිර්මාණය සමග එම පෙරහැරට එක් වී සිටියි. මේ ඔහුගේ 24 වැනි දිගහැරුමයි.
Rs 2,025.00
Rs 2,250.00
-10%
Bududahamehi Penena Amanussayo
ගුප්ත ලෝකය පිළිබඳ කුතුහලයක් එදා මෙන් ම අදත් මිනිසාට තිබේ. විෂය සීමාවන්ගෙන් තොර අනන්ත වූ මෙම ගුප්ත ලෝකය පිළිබඳ ව කිසියම් හෝ දැනුමක්, අවබෝධයක් ලබා ගැනීමට උත්සුක වන්නේ එ බැවිනි.
විවිව්ධ ගුප්ත විද්‍යා පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස යම් තොරතුරු හෙළිවීමක් සිදු වන නමුත් මේ පිළිබඳ පරිපූර්ණ විස්තරයක් කිසිවකුටත් ඉදිරිපත් කළ නොහැකි ය. එසේ වුවත් මේ පිළිබඳ ව කිසියම් ප්‍රමාණයක හෝ අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වන තොරතුරු, බුදු දහමෙහි (ත්‍රිපිටකයෙහි) ඇතුළත් දහම් කරුණු වල දක්නට ලැබේ. මෙම කෘතියෙන් සිදු කෙරෙන්නේ, මේ පිළිබඳ ව ත්‍රිපිටක සූත්‍ර දේශනාවල අන්තර්ගත කරුණු එක්තැන් කිරීමකි
Rs 270.00
Rs 300.00
-10%
Yaksha Pretha Amanushya Dosha
යක්ෂයන්, ප්‍රේතයන් වැනි අමනුෂ්‍යයන් විසින් මිනිසුන්ගේ ශරීර වලට ඇතුළු වී කරන ක්‍රියාකාරකම් අතිමහත් ය. මෙහි කතා නායිකාව මෙම අමනුෂ්‍යයින් මිනිස් ශරීර වලින් පන්නා දැමීමට සමත්කම් දක්වයි. එළෙස අමනුෂ්‍ය ක්‍රියාකාරකම් පළවාහරින ලද සිද්ධි ගණනාවක් මෙම පොතේ අන්තර්ගත වන අතර විටෙක එය ලොමු දැහැගන්වන සුළු අතර විටෙක භයංකර වේ.
මෙමගින් මිනිස් සමාජයට විශාල යහපතක් වන බව පොදු මතයයි.
Rs 225.00
Rs 250.00
-10%
Masaesa Nodutu Deviyo Saha Buthayo 3
'මසැස නොදුටු දෙවියෝ සහ භූතයෝ 3' යන මෙම ග්‍රන්ථය ශාස්ත්‍රපති, පණ්ඩිත දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන් විසින් රචනා කර ඇති අතර දෙවියන් සහ භූතයන් පිළිබදව බුද්ධ වචනයෙන් කියැවෙන ආකාරයට ඉතා වටිනා දහම් කරුණු අන්තර්ගත කර රචනා කරණ ලද කෘතියකි.
Rs 180.00
Rs 200.00
-10%
Masasa Nodutu Daviyo Saha Buthayo 1
'මසැස නොදුටු දෙවියෝ සහ භූතයෝ 1' යන මෙම ග්‍රන්ථය ශාස්ත්‍රපති, පණ්ඩිත දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන් විසින් රචනා කර ඇති අතර දෙවියන් සහ භූතයන් පිළිබදව බුද්ධ වචනයෙ සදහන් වූ ආකාරයට ඉතා වටිනා දහම් කරුණු අන්තර්ගත කර රචනා කරණ ලද කෘතියකි.
Rs 247.50
Rs 275.00
-10%
Devatha Namaskaraya
ඳේවතා නමස්කාරය' නම් මෙම ග්‍රන්ථය තුළින් දෙව් බඹුන් පිළිබඳව සමාජයේ ඇති මිථ්‍යා මත බිඳහෙලා බුද්ධ දේශනා ඇසුරෙන් නොපෙනෙන ලෝකය පිළිබඳව ද බුදු සසුන හා බැඳුණු දෙව් බඹුන් පිළිබඳව ද නිවැරදි කරුණු රැසක් ඉතා අලංකාරවත් ලෙස සමාජගත කොට ඇත.
Rs 180.00
Rs 200.00
-10%
Budu Dahamai Mara Sankalpayai
"බුදු දහමේ සඳහන් මාරයා, අපාය, දිව්‍ය ලෝකය වැනි පියවි ඇසින් ප්‍රත්‍යක්ෂ කළ නොහැකි සංකල්ප පිළිබඳ බොහෝ දෙනා තුළ ඇත්තේ සැක මුසු ස්වභාවයකි. කුතුහලයකි. මහරැඹෑවැවේ පාලිත හිමියන්ගේ නවතම කෘතිය වන මෙහි 'මාරයා යනු කවරෙක් ද? මාරයා දෙවියෙක් ද? භික්ෂූන් නොමග යැවීමට උත්සාහගත් මාරයා, මුගලන් තෙරණුවන්ට කරදර කිරීමට පැමිණි මාරයා, මාරයාගේ ඇස් අන්ධ කළ ගෝධික තෙරණුවෝ, උප්පලවණ්ණා භික්‍ෂුණියගේ යොවුන් බව - වර්ණනා කළ මාරයා, බුදුරජුන්ට රජ වන්නට උපදෙස් දුන් මාරයා, බුදුරදුන් වසඟ කරන්නට උත්සාහ ගත් මාර දූවරු සහ මාරයාගේ සැඬ පහර ' වැනි මාතෘකා රැසක් පිළිබඳව සාකච්ඡා කර තිබේ
Rs 225.00
Rs 250.00
-10%
Bihisunu Narakaye Aduru Pathikada
බුදු දහමේ එන පව් - පින් පිළිබඳවත් පාපකාරී ක්‍රියා සිදුකිරීම තුළින් ලැබෙන අඳුරු ප්‍රතිඵල පිළිබඳවත් මෙම ග්‍රන්ථයෙන් ගැඹුරින් විස්තර කරමින් ගරු පූජ්‍ය අල්ගමවත්තේ සුමනවංශ හිමි බුදු දහම පිළිබඳව මනා දැනුමකින් යුතුව මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබේ. නරකය හෙවත් අපාගතසත්ත්වයන් පිළිබඳ ඉතා වැදගත් මෙන්ම හරවත් විවරණයක් මේ තුළින් සිදුකර ඇති අතර අප ජීවත් වන ලෝකය තුළ පවතින්නා වූ අට මහා නරකය මූලික කරගත් "දේවදූත සූත්‍රය " ඇතුළු දේශනාවන්ගේ හරය බෞද්ධ මුහුණුවරකින් මෙම ග්‍රන්ථය තුළින් ඉදිරිපත් කර තිබේ.
Rs 765.00
Rs 850.00
-10%
Naga Gothrikayo
සැම කල්හි ම ලංකාවේ මෙන් ම ඉන්දියාවේ වාසය කළ වියතුන් ගේ අවධානය යොමු වූයේ ආර්යයන්ගේ හා ද්‍රවිඩ මනුෂ්‍යයන්ගේ ජීවන ප්‍රවෘත්තීන් කෙරෙහි ය. ඈත අතීතයේ ඉන්දියාවේත් ලංකාවේත් ජීවත් ව සිටි බහුතරයක් වූ දේශීය ජන කොටස් කෙරෙහි ඔව්හු කිසිදු සැලකිල්ලක් නොදැක්වූහ. එසේ හෙයින් සුද්දහාමි මහතා එම ඌණතාව මඳකින් හෝ මග හැරවීම සඳහා " නාග ගෝත්‍රිකයෝ " නැමති මෙම ග්‍රන්ථයෙන් උත්සාහ දරා ඇත.
Rs 180.00
Rs 200.00
-10%
Helabima Puda Labana Dewiwaru Saha Dewa Pooja Viddi
'හෙළබිම පුද ලබන දෙවිවරු සහ දේව පූජා විධි - 01' නම් මෙම කෘතිය  ලාංකේය දේව ඇදහිලි හා විශ්වාස පිළිබදවත් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට ප්‍රසිද්ධ දෙවිවරු පිළිබදවත් කරුණු ගොන්නක් කැටි වූ කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 198.00
Rs 220.00
-10%
Ana Guna Saha Bana
අපේ කාලයේ බෝසත් වර්ගයක් පිළිබඳ සජිව් ආදර්ශය ආචාර්ය පුජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමි තුළින් දකිමි. අනිර්වචනීය වූ කැපවීම් සමූහයක ප්‍රතිඵල ලෙස උන්වහන්සේ ගොඩනගා ගත් ව්‍යක්ත විශාරද බහුශාතපෞරුෂවත් ථේරාපදානය නූතනයට මෙන්ම අනාගත සඟ පරපුරට ද අභිමානවත් පූර්වාදර්ශයක් සපයයි.උන්වහන්සේගේ ජාතික හා සාමාජික මෙහෙවර විමසු කල පැහැදිලිව පෙනී යන්නේ පූර්ව ළමා වියේ සිට මිනිස් දිවියේ විවිධ ස්ථරයන්ට සහ බොහෝ දෙනාගේ නෙතනොගැටෙන සමාජ කොටස් දෙසට ද තම කාරුණික අවධානය අභීත අයුරින් සක්‍රීය කොට ඇති බව ය.ගුණ නැණ එඩි බල සපිරි නූතන තාක්ෂණික ලෝකය ද ජයගත හැකි, දෑ සමයට හිතැති අනාගත පරපුරක් ගොඩනැඟීම පිණිස ඕමල්පේ නාහිමියන් දිවා රෑ සිදු කරන කැපවීමට ජාතිය ම ණය ගැති ය."විසාරදෝව උපසංකමිති" යන බුදු වදනට ද අනුගතව දේශීය ට හෝ විදේශීයට හෝ උන්වහන්සේ වැඩම කළ හැම තැනකදී ම සභා මැද, සඟ මැද විශාරද බවත් සෝභමාන ය. උස් තැන් දැක හැකිලෙන සහ මිටි තැන් දැක පිම්බෙන අපේ බොහෝ නායක කාරකාදීන් වෙතින් දක්නා ලැබෙන දුබලතාව. ප්‍රබලතාවක් ලෙසින් සැලකෙන සමාජයක ඕමල්පේ නා හිමියන් ගේ වැනි වරිතයකට හිසි ගෞරව හා තනතුරු ලැබීම අපේක්ෂා කළ නොහැක්කක් ය යන්න ද මෙතෙක් සිදුව ඇති දෙයින් පැහැදිලි ව පෙනී සහ සත්‍යයයි.කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වාත්, හෙරණ දරුවාගේ සිට මහතෙර නමක දක්වාත් වූ සැම අයෙකු වෙත මහාහිමියන්ගේ උජු සුජු වර්වාංගයන් සුපැහැදිලි ඔවාදයක් ම සපයයි.විශ්ව කීර්තිධර ඕමල්පේ සෝගිත තාඔුපාණෝ සාසනාභිමානීය හ. දේශභිතෛෂිය හ. කීර්ති ප්‍රශංසා නොවිමසා තම යුතුකම හා වගකීම් වෙනුවෙන් අවැසි හැම මොහොතකම පෙනී සිටින්නහු ය. සංඝ සමාජයේත්, පොදු ජන සමාජයෙත් යහපැවැත්ම වෙනුවෙන්ම කැප වූ ඒ පරමාදර්ශී ජිවන වෘත්තාන්තය පිළිබඳ අනුල්ලඝහිය සාධකය වශයෙන් "අසා ගුණ සහ සා" කෘතිය සාධු ජන සම්භාවනාවට මැතවත් ම පාත්‍ර වනු ඇත.
මැලේසියාවේ ප්‍රධාන සංඝනායක පුජ්‍යතර බූටාවත්තේ සරණංකර නාහිමි
Rs 1,080.00
Rs 1,200.00
-10%
Vishwa manasa ha devathwaya
'විශ්ව මනස හා දේවත්වය' යන මෙම කෘතිය නව පරපුරේ ලේඛකයකු වූ ගුණසිරි වීරසූරිය මහතා විසින් රචනා කර ඇති අතර මෙම කෘතිය මගින් විද්‍යාත්මක, ආචාරාත්මක හා මනෝ විද්‍යාත්මක  සංකල්ප කීපයක් කැටිකොට ගෙන විද්‍යාත්මක විද්‍යා ප්‍රබන්ධ මහත් සේ උපුටා දක්වමින් සංකල්පනාවන් මුවහත් කරන අතර ආචාරාත්මක සංකල්පයක් වන දේවත්වය එළිදරව් වන හෙයින් මෙම කෘතිය කිසියම් ආචාරාත්මක නම්‍යතාවක් ගන්නා අතරම හුදු මිනිසාගේ මනෝ විද්‍යාත්මක ආකල්ප ගෙනහැර දක්වන නිසා මනෝ විද්‍යාත්මක ස්වරූපයක්ද ගනී. එහෙයින් කිසියම් ප්‍රබුද්ධ නැම්මක් මේ කෘතිය පුරා පෙන්නුම් කරනු ලබයි.
Rs 270.00
Rs 300.00
-10%
Si Helaye Yak Parapura
ශ්‍රී ලාංකේය ඉතිහාසය ආරම්භ වන්නේ " යක්ෂ ¨ ගෝත්‍රිකයන් පිළිබඳ පුරාවෘත්ත ඇසුරෙනි. " යක්ෂ ” යන්න ' අමනුෂ්‍ය ' යන්නට පර්යාය කොටත් ඒ මානව ගෝත්‍රය පහත් කොටත් සැලකීම නිසාදෝ ලිඛිත ඉතිහාසයෙන් යක් පරපුර මකා දැමිණි.එසේ වුවත් ඒ යක් පරපුර නො මළ බව ද, අපේ ආදි වාසීන් පවා එහි ක්‍රමික විකාශනයක් බව ද, බලංගොඩ මානවයාගේ පරපුරට සමීප ලක්ෂණ මෙ රට විසූ අසුර, රාක්ෂස, යක්ෂ යන ගෝත්‍ර වලට බෙදී ගිය මානව වර්ගයා තුළින් විද්‍යමාන වන බව ද මෙම කෘතිය තුළින් ඇලඩින් හෙට්ටිආරච්චි මහත්මා මනාව පෙන්වා දෙයි.
Rs 318.60
Rs 354.00