Home

New
Mula Hoyanne Kohomada
වර්තමාන සමාජයේ බුදු දහම විස්තර කෙරෙන ධර්ම ග්‍රන්ථ සුලභ ය. එහෙත් අර්ථාන්විත පදනමකින් ධර්මය විග්‍රහ කෙරෙන ධර්ම ග්‍රන්ථ විරල ය. ඒ සඳහා පිළිතුරක් සොයන්නන් ට මුල සොයන්නේ කොහොම ද? යන ධර්ම ග්‍රන්ථයෙන් පැහැදිලි මඟක් පෙන්වා දෙයි.
සරල සිංහලයෙන් ලියැවී ඇති මෙම ධර්ම ග්‍රන්ථයෙන් ප්‍රාමාණික දැනුම් සම්භාරයක් ලැබෙන අතර අන්තර්ගතයෙහි පෙළ සහ අට්ඨ කථාවේ ඇතුළත් අදහස් පමණක් විග්‍රහ වේ. එය මජ්ඣිම නිකායේ මුල පණ්ණාසකයේ මුල පරියාය සූත්‍රයත් (මනි.1.1.1) එහි අට්ඨ කථාවත් (ම.නි.අ.1.1.1) කියවා බැලීමෙන් පාඨකයාට අවබෝධ කරගත හැකි ය.
Rs 150.00
New
Theravadhi Nayaya saha Petakopadesaya
කෘතිය තුළින්...
"දර්ශනයට අනුව පරික්‍ෂා ·කොට පේට කෝප දේසාගතන්‍යායයෙහි සුභාවිතය විමසීමයි. මේ හේතුවෙන්ම ලංකාව සහ දක්‍ෂිණ භාරතය පදනම් කරගත් දක්ෂිණ ථේරවාදී න්‍යායයන් කෙරෙහි පමණක්ම මෙහිදී අවධානය යොමු කළෙමු.
ඒ අනුව ථේරවාදී බෞද්ධ න්‍යායයෝ නම්වූ අපගේ පළමු පරිච්ඡේදයෙහිදී ථේරවාද යන්න මූලිකම අර්ථ විග්‍රහයකට භාජනය කළෙමු. එහිදී තථාගත දේශනාව තුළ ථේරවාද යන්නෙහි භාවිතය මෙන්ම ඒ විෂයෙහි අට්ඨකථාගත නිරුක්තීන් සහ වංසකථාගතථේරවාද යන්නද අපගේ අවධානයට යොමුවිය. තවද, ථේරවාද යන්න භාෂා, දේශාන්තර යන භේදයන් ඔස්සේ උත්තර සහ දක්ෂිණ ලෙසට ද්විවිධ වෙමින් වෙනම සම්ප්‍රදායද්වයක් වෙමින් ගොඩනැගුණු ආකාරයද අපගේ විමසුමට ලක්විය. පශ්චාත්තන මූලාශ්‍රයයන් උපයෝගී කරගනිමින් කෘත එකී සංක්‍ෂිප්තඅධ්‍යයනයෙන් අනතුරුව පාලි භාෂාව මාධ්‍ය වූ දක්‍ෂිණ ථේරවාදී සම්ප්‍රදාය තුළ භාවිත න්‍යාය (නය) ශබ්දයට අනුරූප වූ ප්‍රධාන න්‍යායයන් 07 ක් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු කළේ එකී න්‍යාය සප්තකය පෙළ දේශනාවන්හි බහුලවම සුභාවිතහෙයිනි. ඒ අනුව පටිච්චසමුප්පාද, පට්ඨාන, නෙත්ති, මහාපදේස, අපණ්ණක, අගහිතග්ගහණ, මෙණ්ඩක පහ යන න්‍යාය සප්තකය පමණක්ම (සද්දසාරත්ථජාලිනියද ආශ්‍රය කොට ගනිමින්) මෙහිදී විමසුමට බඳුන් කළෙමු.
Rs 350.00
NewOut-of-Stock
The Chinese Madhyama Agama And The Pali Majjhima Nikaya
Out-of-Stock
In A comparative study of the Chinese Madhyama agama and the Pali Majjhima Nikaya efforts are made to introduce one important section of Sarva Canon, the Madhyama Agama almost in its entirety. The Agama is dealt with very extensively, starting with the composition of the while work in its division into vargas, fasciculi, days of recital of Sutras. It also explains some difference in practices actually followed by the people of some Buddhist countries in modern times.