Best sellers

Out-of-Stock
Arya Ashtangika Margaya Hewath Madyama Prathipadawa
Out-of-Stock
ආර්ය අෂ්ටාංගික මාර්ගය හෙවත් මධ්‍යම ප්‍රතිපදාව - මෙම කුඩා ධර්ම සංග්‍රහයෙන් නාහිමිපාණන් විසින් ඉතා සරලව හා සවිස්තරව චතුරාර්ය සත්‍ය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබදව ඉදිරිපත් කර ඇත.
Yatharthaya, Vimukthiya Saha Budu Dahama
යථාර්ථය විමුක්තිය සහ බුදු දහම - මූලික වශයෙන් වඩාත් පැරණි යැයි පිළිගැනෙන පාළි සූත‍්‍ර දේශනා මෙන්ම තදනුබද්ධ අට්ඨකථාවන් ද ප‍්‍රාමාණික විද්වතුන් විසින් ලියා පළකොට ඇති ද්විතීයික මූලාශ‍්‍රය ද ඇසුරුකොට විවිධ මාතෘකා යටතේ සම්පාදනය කරන ලද මූලික බෞද්ධ ඉගැන්වීම් පිළිබද ශාස්ත‍්‍රීය ලිපි කිහිපයක් මෙහි සංග‍්‍රහ කොට ඇත. 
Rs 377.60
On sale!-Rs 9,210.00Pack
Abhidharma Pitakaya - 13 Complete Set of Books
ත්‍රිපිටකයේ තුන්වන කොටස අහිධර්ම පිටකය වන අතර මෙය බුදුන් වහන්සේ විසින් දේශනා කළ ගැඹුරු දර්ශන හා මනෝවිද්‍යාත්මක විග්‍රහය යි.අසූ හාරදහසක් වන ශ්‍රී සද්ධර්මයෙන් ධර්මස්කන්ධ හතලිස් දෙදාහක්ම අයත් වන්නේ අභිධර්ම පිටකයටයි. මෙහි අන්තර්ගත වනුයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කල ශ්‍රී සද්ධර්මයෙහි ගැඹුරු දහම් කොටස් ය. එම දේශනා ප්‍රධාන කොටස් හතකට බෙදා වෙන්කර ඇත. ඒවා නම්, ධම්‌මසඞ්‌ගණී ප්‍රකරණය, විභඞ්‌ග ප්‍රකරණය, ධාතුකථා ප්‍රකරණය, පුග්‌ගලපඤ්‌ඤත්‌ති ප්‍රකරණය, කථාවත්‌ථු ප්‍රකරණය, යමක ප්‍රකරණය සහ පට්‌ඨාන ප්‍රකරණය යනාදිය යි.අභිධර්මය ග්‍රන්ථ 13කින් ද යුක්ත වේ. මෙම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතුය. යථාවබෝධය ලබනු පිණිස අවංකව වීර්‍යය කරන්නා වූ සියල්ලන්ටම අපගේ ශක්ති ප්‍රමාණයෙන් උපකාර කිරීම අපගේ අභිලාෂයයි. ලෝ වටා සිටින සියල්ලන්ටම ත්‍රිපිටකය පහසුවෙන් ලබා ගැනීමට සැලැස්වීම බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය වන අපගේ එක් පියවරකි.
Rs 21,880.00
Rs 31,090.00
Out-of-Stock
Mohanaya Ha Mohana Shilpa Krama Athpotha
Out-of-Stock
ශ්‍රී ලංකාවේ සිංහල පාඨක ජනතාවට මෝහනය හා මෝහන ශිල්ප ක්‍රමය පිළිබඳ සවිස්තරව හඳුන්වා දීමේ අරමුණින් මෙම පොත ලියා ඇත. මෝහන විද්‍යාව හා මෝහන ශිල්ප ක්‍රමය ආරම්භයේ සිට මේ දක්වා විකාශය වූ අන්දමත්, වර්තමානයේ මෝහන විද්‍යාව භාවිත වන අන්දමත් සවිස්තරව දැනගත හැකි ය. නූතන වෛද්‍ය විද්‍යාත්මක හා ස්නායු වෛද්‍ය පර්යේෂණ අනුව මෝහනය හා සම්බන්ධ කර ඇති පර්යේෂණ නිසා මෝහන විද්‍යාව වර්තමානයේ යළි සාකච්ඡාවට බඳුන් ඇත. පහත සඳහන් ගැටලු වලට හා අවශ්‍යතා වලට මෝහන ශිල්ප ක්‍රම භාවිත කර සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි ය. 
අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට 

ඉගෙන ගන්නා කරුණු හොඳින් මතක තබා ගැනීමට 
විභාග වලට සාර්ථකව පිළිතුරු ලිවීමට. 
විභාග භීතිකා වලින් මිදීමට. 
විභාග වලින් ඉහළ ප්‍රතිඵල ලැබීමට  

මානසික පීඩන අවම කරගැනීමට 

අනියත බිය, ලජ්ජාව හා සබකෝලය අඩු කරගැනීමට 
මිතුරු සබඳතා වැඩි දියුණු කරගැනීමට 
භීතිකා, කාංසා හා ක්ලමථ අඩු කරගැනීමට 

ඇබි බැහි වීම් වලින් අත්මිදීමට 

දුම් පානය මත්පැන් භාවිතය - මත්ද්‍රව්‍ය භාවිතය ආදී අහිතකර පුරුදු බිඳගැනීමට 
නිය හැපීම, ඇඟිලි ඉරීම, නින්දේ දී ඇඳ තෙමීම 
නපුරු සිහින දැකීම් නවතා සුව නින්දක් ලබා ගැනීමට රැකියා ක්‍ෂේත්‍රයේ දී ඉක්මන් උසස්වීම් ලබාගැනීමට 
ඉහළ අලෙවි කටයුතු කරගැනීමට 
නායකත්වය දෙමින් කණ්ඩායම් ජයග්‍රහණය කරා ගෙන යාමට මගපෙන්වයි. 

ස්වයං මෝහන ක්‍රම ශිල්ප ක්‍රම ද අන්තර්ගත ය. ඔබට නිරතුරු උපකාර කරගත හැකි විශිෂ්ට අත්පොතකි
Sugatha Tathagatabhivandana
'සුගත තථාගතාභිවන්දනා ' නම් මෙම බුද්ධ බෝධි වන්දනා හා අධිෂ්ඨාන වන්දනාමය ග්‍රන්ථය අප රැසයූ ග්‍රන්ථයන් අතර ඉතා විශේෂ ග්‍රන්ථයකි. මෙය හුදු වන්දනා ගාථා පොතක් ම නොවනු ඇත. ථෙරවාද ත්‍රිපිටක හා අට්ඨ කථා ග්‍රන්ථාගතයන් අනුව මනුලොව සත්ත්‍වයන්ට නුදුරු අනාගතයේ දී මුහුණ දීමට සිදුවන අනතුරක් ලෙස අන්තර් කල්ප විනාශය පෙන්වා දී ඇත. එය ඉතා අනුවේදනීය ශෝකාලාපයකි; ශෝකාන්තකි. ධර්මතා ස්වරූපය නම් බහුතර ජනතාව එහි දී දුගතිගාමී වන බව යි. එම අනතුරින් අත්මිදීම උදෙසා ප්‍රාර්ථනානුකූලව කුසල් දහම් වැඩීමේ වටිනාකම ධර්මයේ විශේෂයෙන් පෙන්වා දී ඇති කරුණකි. මෙම ග්‍රන්ථය වනාහි එම සදුපදේශානුකූලව එකී විපතින් අත්මිදෙනු පිණිස ප්‍රාර්ථනානුකූලව කුසල් දහම් රැස් කර ගැනීම පිණිස අත්තහිත පරහිතකාමී නුවණැතියන්ට ලබා දෙන මග පෙන්වීමකි. 
Rs 375.00
Sanyuktha Nikaya Attakatha 3
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 47 ක් දක්වා විහිදේ.
Rs 1,630.00
Padma Pali
පද්ම පාලි
Rs 350.00
Wedananupassanava
වේදනානුපස්සනාව - නොයෙකුත් ආකාරයේ වේදනා, ඒවායේ සුවිශේෂිත හේතූන්, වේදනා නැති කරන ආකාරය පිළිබඳ ගැඹුරට විහිදී ගිය බුද්ධ ඥානය පිළිබඳව වටහා ගැනීමට මූලාරම්භයක් මෙම කෘතිය තුළින් ඔබට ලඟාකර දෙනු ඇත.
Rs 250.00
Rajarathnakaraya
රාජරත්නාකරය - රාජරත්නාකරය දීපවංසය, මහාවංසය, පූජාවලිය, නිකාය සංග්‍රහය ආදී ඓතිහාසික මූලාශ්‍රයන් ද ඇතැම් ජනශ්‍රැති ද ඇසුරු කරමින් ශාසන ඉතිහාසය මෙන්ම ශ්‍රී ලංකාවේ ඉතිහාසය ද සංක්ෂිප්තව කියා පෑමට දැරූ උත්සාහයක ප්‍රතිඵලයකි. මේ ග්‍රන්ථයෙහි දක්නට ලැබෙන විශේෂතාවක් නම් සෙංකඩගල උපරාජධානියෙහි ආරම්භයෙහිදීම රජ වූ නම සඳහන් නොවන රජකුගේ පරම්පරා කථාව හා එරජුගේ ශාසනික කටයුතු පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කොට තිබීම ය. රාජරත්නාකරයෙහි මේ සංස්කරණය මඟින් අපේක්ෂා කරන ලද්දේ එහි ඇති ඓතිහාසික තොරතුරු වෙත විද්‍යාර්ථින්ගේ අවධානය යොමු කරවීමට හා ගැටපද විවරණ මඟින් මේ ග්‍රන්ථය අවබෝධ කර ගැනීමට මඟ පෑදීම ය.
Rs 354.00
Pruthugeesin Ha Lankava (1597 - 1658)
පෘතුගීසීන් හා ලංකාව (1597-1658) - සරල මටසිලුටු බසින් ලියා ඇති පෘතුගීසින් හා ලංකාව විශ්වවිද්‍යාල ශිෂ්‍යයනට මෙන් ම සිංහල ඉතිහාසය ගැන අවබෝධයක් ලබනු රිසි සිංහල පාඨක ලෝකයාට ද ඉවත නොදමා කියවිය හැකි රසාලිප්ත ග්‍රන්ථයකි.
Rs 450.00
Sinhala Akshara Rupa Wikasaya Ha Bharathiya Abhasaya
සිංහල අක්‍ෂර රූප විකාසය හා භාරතීය ආභාසය - මෙම කෘතිය ශාස්ත්‍රීය මට්ටමෙන් පුරාවිද්‍යාව අධ්‍යයනය කරන්නන්ටත් පුරාවිද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පාඨකයන්ටත් අත්‍යවශ්‍ය කෘතියක් වන අතර සාමාන්‍ය පාඨකයාද මෙහි ඇති ගවේෂණාත්මක රසයට වසඟ වනු නොඅනුමාන ය.
Rs 490.00
Gatapada Wivarana Sahitha Saddarma Rathnavaliya
ගැටපද විවරණ සහිත සද්ධර්ම රත්නාවලිය - වස්තු විෂය අතින් පමණක් නොව වර්ණනා විලාසය අතින් ද සිංහලයාගේ චිත්ත ප්‍රසාදය දිනාගත් විශිෂ්ටතම ග්‍රන්ථයක් ලෙස සද්ධර්මරත්නාවලිය හෙවත් සදහම් රුවන්වැල හඳුන්වාදිය හැකිය.
Rs 5,310.00
Rasa Katha
රස කතා - 19 වැනි ශත වර්ශයේ සම්භාවනීය ගත්කරුවන්ගේ ළමා කතා මෙම සංග්‍රහයට අයත් වේ. රුසියානු මහා කවි අලෙක්සාන්දර් පුෂ්කින්, රුසියන් වාගි විශේෂඥයෙක්, නාවිකයෙක්, යුද්ධ හමුදාවේ දොස්තර කෙනෙක්, දේශාටකයෙක් වන ව්ලදීමිර් දාල්, දාර්ශනිකයෙක් සහ සංගීතඥයෙක් වන ව්ලදීමිර් ඔදොයෙව්ස්කි, සම්භාවනීය ශික්ෂණ විද්‍යා විශේෂඥ කොන්ස්තන්තීන් උෂීන්ස්කි සහ තවත් අයගේ කෘති මේ පොතට ඇතුළු වේ.
Rs 750.00
Out-of-Stock
Sinasena Sudu Hamuduruvo Lamainta Kivu Kathandara
Out-of-Stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ ළමයින්ට කිවූ කතන්දර - නිරතුරුවම සිනහවෙමින්, සරල බසින් ගැඹුරු ධර්මය කියා දෙන නිසා 'සිනාසෙන සුදු හාමුදුරුවන්' නමින් අප විසින් හඳුවනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ කතා කීමේ රුසියෙකි. ගැඹුරු ධර්මය සරලව, එහෙත් නිරවුල්ව, කියාදීමේ දී උන්වහන්සේ නිරතුරුව කතාන්දර ගෙන හැර පාති. පැවිදිවීමට පෙර ගුරුවරයකුව සිටි උන්වහන්සේ ඉඩක් ලද සැමවිටම ළමයින් ඇසුරු කරති. ඔවුන්ට බණ දහම් කියාදෙති. ළමයින්ට තේරෙන බසින් රසවත්ව ධර්මය කියාදීම සඳහා වැඩිපුරම උන්වහන්සේ භාවිතා කරන්නේ කතාන්දර ය. මේ පොතේ ඇතුළත් වෙන්නේ උන්වහන්සේ ළමයින් වෙනුවෙන් පැවැත් වූ දේශන කිහිපයක දී ළමයින්ට කිවූ කතා කිහිපයකි. මේ කතාන්දර ළමයින්ට මෙන්ම තරුණ තරුණියන්ට ද, වැඩිහිටියන්ට ද ආදරය, කරුණාව, මෛත්‍රිය, පරිත්‍යාගය, ඉවසීම වැනි උතුම් ගුණාංග ඉතාම සරලව හා රසවත්ව කියාදෙන බව අපේ විශ්වාසයයි.