Best sellers

Lakdiva Buddha Prathimava
ලක්දිව බුද්ධ ප්‍රතිමාව - මෙම ග්‍රන්ථයේ මූලික පරමාර්ථය වන්නේ දිවයින පුරා විසිරී තිබෙන විවිධ කාලවකවානුවලට අයත් බුදු පිළිම පිළිබඳ එකතුවක් නිවැරදි දත්ත ඇතුලුව පාඨකයාට ලබා දීමයි.
Rs 400.00
Lakdiva Purana Adum Aiththam
ලක්දිව පුරාණ ඇදුම් ආයිත්තම් - විවිධ මූලාශ්‍ර ඇසුරින් ප්‍රතිනිර්මිත චිත්‍ර සටහන් ඇතුළත් මෙම කෘතිය ලක්දිව පුරාණ ඇඳුම් ආයිත්තම් පිළිබඳව අධ්‍යනයෙහි යෙදෙන විද්‍යාර්ථින්ට මෙන්ම ඒ සඳහා උනන්දුවක් ඇති සාමාන්‍යය පාඨකයන්ට ද ප්‍රයෝජනවත් වනු නිසැක ය.
Rs 360.00
Out-of-Stock
Podiththanta Jathaka Katha
Out-of-Stock
පොඩිත්තන්ට ජාතක කතා - කුඩා අවදියේ සිටම දරුවන්ට කියවීමේ රුචිකත්වයක් ඇති කිරීමටත් සහිතව දැනුම පෝෂණය කිරීමටත් උපකාරී වන ලෙස සරල සුගම භාෂා ශෛලියකින් මෙම පොත සම්පාදනය කර ඇත.
Nagul Munna Saha Tavath Katha
නගුල් මුන්නා සහ තවත් කතා - ඈත අතීතයක නොව අප කුඩා කාලයේ පවා අපේ ගෙවල් වල කතන්දර කීමේ සිරිත පැවතිණ. කතන්දර ඇහීම ළමයින්ගේ සාමාන්‍ය දැනීම දියුණුවීමේ හා සිරිත් විරිත් පුහුණුව ලැබීමේ එක් මගක්ව තිබිණ. අපේ ජනකතා නමින් මා මේ ඉදිරිපත් කරන්නේ අපේ ඒ කතන්දරය. 
Rs 500.00
Hima Diya Nadiya
හිම දිය නදිය - සමුද්‍ර වෙත්තසිංහ මහතා මෙම නවකතාවෙන් සිදු කරන්නේ ගෞතම බුද්ධ ඒ උපරි මිනිසාගේ ඒ සැඟවුණු / සඟවන ලද සැබෑ ජීවිතය අභිනවයෙන් සොයා උපදවා දැක්වීමයි.
Rs 750.00
Out-of-Stock
Karakena Rodaya
Out-of-Stock
කැරකෙන රෝදය - මෙහි අන්තර්ගතය තිස් එක් තලය පිළිබඳව විග්‍රහ කිරීමයි.
Kudusika Wivaranaya
කුදුසික විවරණය - කුදුසික විවරණය ලිවීමෙන් වැලිගම ඤාණරතන නායක ස්ථවිරයන් විසින් කරන ලද ශාසනෝපකාරී මහඟු සේවය එදා මිහිඳු මාහිමියන් පළකළ අදහස සුස්ථිර කිරීමකි. උගතුන් වූ පමණට හැම දෙනා ම ලේඛකයෝ නොවෙත්. ලේඛකයන් පමණට ම පාණ්ඩිත්‍යය ඌන වූ අය සිටිති. කුදුසික විවරණය කියවීමේ දී ග්‍රන්ථකරණයෙන් ලේඛනයෙන් පාණ්ඩිත්‍යයෙන් අංග සම්පූර්ණ විද්වතෙකු අප හමුවෙහි විද්‍යාමාන වේ. 
Rs 650.00
Out-of-Stock
Nikaya Sangrahaya Hevath Shasanavatharaya
Out-of-Stock
නිකාය සංග්‍රහය හෙවත් ශාසනාවතාරය - ගම්පොල යුගයෙහි බිහි වූ අමරණීය කෘතියක් හැටියට නිකාය සංග්‍රහය පිළිගෙන තිබේ. නිකායයන්ගේ සංක්ෂිප්ත එක්කිරීම නිකාය සංග්‍රහ යන්නෙන් හැඳින්වේ. ශාසනයට බැසීම යන අරුතින් එය "ශාසනාවතාරය" යනුවෙන් හැඳින්වේ. මෙය රචනා කළේ ගම්පොල අති ප්‍රසිද්ධ පඬිවරයකු වූ ද්විතීය ධර්මකීර්ති මාහිමියි.
බෙහෙවින් ශාසනික ඉතිහාසයත්, ලංකා ඉතිහාසයත්, සාහිත්‍ය ඉතිහාසයත් සමසමව පිරික්සන අයෙකුට නිකාය සංග්‍රහය අත්‍යවශ්‍ය අත්පොතකි. 
Pali Thripitaka Grantha Wanshaya
පාලි  ත්‍රිපිටක ග්‍රන්ථ වංශය  - සකල ලෝක සත්ත්වයින්ගේ සංසාර තරණය පිණිස බුදු රජුන් වදාළ ධර්ම - විනය සංගීතියෙහි මහ තෙරවරුන් විසින් ක්‍රිස්තු වර්ෂයෙනුත් ශත වර්ෂ කීපයකට පෙර පිටකත්‍රයෙහි ලා සංගෘහිත වූ නමුත්, ඒ එක් එක් පිටකයක ඇතුළත් වන පුස්තකයනුත්, එකී පුස්තකයන්හි පිළිවෙළින් අන්තර්ගත වූ සූත්‍රාන්ත ධර්ම දේශනාවනුත් පිළිබඳ විස්තරයක් සිංහල පාඨකයනට පහසුවෙන් වටහා ගත හැකි පරිදි මෙතෙක් සම්පාදනය නොවීමේ අඩුපාඩුව හුදෙක් පිරිමසාලීමේ අදහසින් මෙය පිළියෙල කරන ලදී.
 ත්‍රිපිටකය පිළිබඳ පර්‍යේෂණ පැවැත් වූ පෙර අපර දෙදිගෙහිම පඬිවරුන්ගේ ලිපි ලේඛනාදිය ආශ්‍රයෙන් පාලි භාෂාවේ සම්භවය හා ව්‍යාප්තිය ගැනත්, ධර්ම විනයාන්තර ගත පුස්තකයන්ගේ රචනා කාලයන් ගැනත් සිංහල පොත්වල සඳහන් නුවූ කරුණු රාශියක්ම මෙහි ඇතුළත් ය.
මෙකී සංස්කරණයෙහි විනය පිටකය සම්පූර්ණයෙනුත්, සූත්‍ර පිටකයෙන් දීඝ හා මජ‍්ඣිම නිකායනුත් මෙකල ආධුනිකයනට ප්‍රයෝජනවත් වන ලෙසකින් අන්තර්ගතකොට ඇත්තේ ය.
Rs 250.00
Out-of-Stock
Maha Sathipatthana Sutraya Samaga Damsak Pavathum Suthraya
Out-of-Stock
මහා සතිපට්ඨාන සූත්‍රය සමග දම්සක් පැවතුම් සූත්‍රය - දම්සක් පැවතුම් සූත්‍රය හා සතිපට්ඨාන සූත්‍ර දේශනා දෙකම නිසි පරිදි භාවිතා කරමින් මෙම කෘතිය රචනා කර ඇත.
Bhavana Karana Obata Prashna- Uththra Magin Athvalak
භාවනා කරන ඔබට ප්‍රශ්න- උත්තර මගින් අත්වැලක් - මේ පුංචි අත්පොත කියවීමෙන්, යමෙක් නිවැරදි බෞද්ධ භාවනා ක්‍රමය හඳුනාගෙන ඊට අනුව තම සිත මෙහෙයවන්නේ නම් බුදුරජාණන් වහන්සේ විසින් ආනාපාන පබ්බයේ දී සඳහන් කරන මූලික සන්සුන් සිත, සමාධි සිත, තමා තුළින්ම ප්‍රත්‍යක්ෂයෙන් දැක ගැනීමට හැකි වන්නේමය.
Rs 100.00
Jathivadaya Gana Budurajanan Wahanse Wadale Kumakda
ජාතිවාදය ගැන බුදු රජාණන් වහන්සේ වදාළේ කුමක්ද ? - ජාතිය නම් මිථ්‍යාව මුල් කරගෙන, එකම රටක වෙසෙන මනුෂ්‍ය වර්ගයා අතර, විවිධ අවස්ථාවල ගැටුම් ඇති වීම ශ්‍රී ලංකාව මුහුණ පාන බරපතල ප්‍රශ්නයකි. අප්‍රමාණ වූ ජීවිත හානි හා දේපල හානි ද සිදු වී කුඩා දූපතක වෙසෙන මනුෂ්‍ය වර්ගයා උනුන් ගැන සැක‍යෙන් හ බියෙන් ජීවත්වීමට සලස්වන මේ ජාතිවාදය නම් මුලාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ වාසෙට්ථ සූත්‍රය හා එහි සිංහල තේරුම මෙම කුඩා ග්‍රන්ථයේ ඇතුලත් වේ.
Rs 80.00
Sasara Nivana Sitha
සසර නිවන සිත - "බුදුසරණ" පුවත්පතේ පළ වූ ලිපි පෙළ ඇසුරින් මෙම ග්‍රන්ථය සකස්කොට ඇත.
Rs 275.00
Social Values In The Metta Sutta
This book is a great gift from Bhante Dewananda in conveying his ideas on the Metta Sutta. A pearl is hidden inside the shell of an oyster. While most deliverances of the Metta Sutta are given in the shape of an oyster, Bhante Dewananda has peeled the layers away in order for us to see the beauty of the pearl within. This is the greatest gift that one can receive.
Rs 350.00
The Benefits of Reading the Suttas
In this booklet we will discuss why we should take an interest in what the Buddha taught and the significance of these teachings as part of Buddhist practice. Hopefully some of you will get encouraged to start reading the sutta and get inspired by the very words of the Buddha himself. 
Rs 30.00