Best sellers

Abhidharmartha Pradeepika - 01
අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ හතෙහිම පරමාර්ථයන් සරල සිංහල බසින් ලියා ඇති පොතකි. පාලි පෙළ-සිංහල අනුවාදය, විස්තර වර්ණනා යන අංග තුනෙන්ම සම්පුර්ණ මෙම ග්‍රන්ථය අභිධර්මය ඉගෙන ගන්නා අයට සහ උගන්වන අයටද එකසේ ප්‍රයෝජනවත් ය. 
Rs 3,775.00
Out-of-Stock
Bhawana Aprakata Lipi
Out-of-Stock
ගත පෙනෙන කැඩපත ඉදිරියේ හැඩ වෙනවාට වඩා සිත දකින භාවනාවට සමවැදීමෙන් අපට සතුට ගෙන දෙයි. නිවනට අවැසි භාවනා විධි ප‍්‍රායෝගිකව හුරුකළ අපේ කාලයේ වැඩහිදි උතුම් යතිවරුන් තිදෙනෙකුගේ සදහම් සිතිවිලි භාවනා අප‍්‍රකට ලිපි කෘතියට ඇතුළත් කර තිබේ. 
Dhammasanganippakarana
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි  එන ධම්මසංගණිප්පකරණ  කාණ්ඩය වේ . 
Rs 2,490.00
Out-of-Stock
Palibhashawatharanaya 1 Potha
Out-of-Stock
පාළිභාෂාවතරණය (පළමුවැනි පොත) - මෙය වනාහි ආධුනිකයන්ට සිංහලෙන් පාලි ඉගැන්වීම සදහා සම්පාදිත පොතකි. මෙහි ගෙන තිබෙන පිළිවෙල නම් වාක්‍යරචනා මාර්ගයෙන් භාෂාව ඉගැන්වීමේ අභිනව ක්‍රමයකි. පාඩම් ක්‍රමයෙන් ගැඹුරුවනසේ ද අභ්‍යාසයෙන් ඉගෙනිය යුතුසේද සම්පාදිතය.
Out-of-Stock
Bhikshuva Saha Darshanikaya
Out-of-Stock
භික්ෂුව සහ දාර්ශනිකයා - එක් කලෙකදී විද්‍යාවට සම්බන්ධ උගතුන් හා බුද්ධිමතුන් අතර බෞද්ධ දර්ශනය පිළිබඳ යම් යම් කතාබහ ඇතිවුණ යුගයක බටහිර ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු තම සියළු සැප සම්පත් අතහැර තිබ්බතයට ගොස් නිවැරදි ගුරු හරුකම් ඔස්සේ බුදු දහම කුමක්දැයි සොයන්නට තීරණය කරන ලදී. පසු කාලීනව එහි ප්‍රතිඵලයක් ලෙස මෙම බෞද්ධ භික්‍ෂුවක වූ තම පුතු සොයා විශිෂ්ට දාර්ශනිකයෙකු වූ පියාණන් පැමිණ සිදු කරනු ලබන සාකච්ඡාවක් මෙලෙසින් ග්‍රන්ථයක් බවට පත් වී ඇත. මෙම ග්‍රන්ථය 21 වන සියවසේදි මිලින්ද ප්‍රශ්නය වසයෙන් හැදින්වීමට උචිත බව පරිවර්තක තුමාණන්ගේ අදහසයි.
Nisala Vila
නිසල විල - ''Still Forest Pool'' නම් කෘතියෙහි සිංහල අනුවාදය වන මෙය අචාන් චා හිමියන්ගේ දේශනාවල එකතුවකින් සම්පාදනය කරන ලද්දකි.
Rs 275.00
Bodhipakshika Dharma Wistharaya
සතර අපාය ආදී දුක්ඛයන්ගෙන් මිදී නිවන් දැකීම සඳහා බුදුන් වහන්සේ විසින් දේශනා කර ඇති මාර්ගය නම් සත්තිස් බෝධිපාක්ෂික ධර්‍මයන් වැඩීමයි. අතීතයේ යමෙක් නිවන් දුටුවාහු නම් ඒ හැම නිවන් දුටුවේ ද සත්තිස් බෝධි පාක්ෂික ධර්‍ම මාර්ගයෙන්ම වේ. එමෙන්ම අනාතගතයෙහි යමෙක් නිවන් දක්නේ නම් ඒද සිදු වන්නේ මේ සත්තිස්  බෝධිපාක්ෂික ධර්‍ම මාර්ගයෙන් ම වේ. එහෙයින් නිවන් දක්නට වෙර දරන සැදැහැතියෝ මේ ධර්‍ම පිළිබඳව නුවණින් විමසිය යුතුය. ඒ සඳහා ලියැවී ඇති පහසුවෙන් තේරුම් ගත හැකි ග්‍රන්ථය නම් මේ බෝධිපාක්ෂික ධර්‍ම විස්තරය වේ. 
Rs 510.00
Out-of-Stock
Isiwarun Dutu Mage Bawa Gamana - 02
Out-of-Stock
අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය මහනාහිමියන් සමග ග‍්‍රන්ථ කතෘ විසින් පැවැත් වූ රූපවාහිනී සාකච්ඡුා සහ උන්වහන්සේ විසින් ප‍්‍රකාශයට පත් කළ ලිපි ලේඛන ආශ‍්‍රයෙන් සකසන ලද්දකි.
Out-of-Stock
Suthra Pitaka Saraya
Out-of-Stock
සූත‍්‍ර පිටක සාරය - සූත්‍ර පිටකයෙහි නිකාය පඤ්චකයට අයත් සූත්‍රයන්හි වඩාත් වැදගත්ම දහම් කොටස් මොනවාදැයි ගෙනහැර දක්වමින් ධර්මගවේෂීන්ට පහසු මගපෙන්වීමක් මෙමගින් සිදුකොට ඇත. සූත්‍රයකට වඩාත් ම වැදගත් දහම් කරුණු ගෙනහැර දක්වන බැවින් පරිශීලනය පහසුය. අවබෝධය සුගමය. සූත්‍ර පිටක සාරය යන නමින් දක්වන පරිදි ම ධර්මයේ සාරය මෙහිදී ඔබට මුණ ගැසෙනු ඇත. 
Kosol Raja Dutu Sihinaya
කොසොල් රජ දුටු සිහින - කොසොල් රාජ්‍යයේ අගරජු පසේනදී කොසොල් රජතුමා  දකින ලද සිහින 16 සම්බන්දයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා ඩී ඇති අනාවැකි විස්ටර කරමින් ආචාර්ය විලේගොඩ අරියදේව හිමියන් විසින් සම්පාදිත පොතෙන් උපුටා ගන්න ලද අධාර්මික දේශපාලනයෙන් සියල්ල උඩු යටිකුරු වන අන්දම මෙම පොතෙන් කෙටියෙන් පැහැදිලි කෙරේ.
Rs 75.00
Dhammapada -The Way of Truth
This book contains a fresh translation of the classic and popular Buddhist text called Dhammapada. Dr. Feldmeier’s readable translation balances accessibility and accuracy.
Rs 175.00
The Buddhist Way Of Life (For Grade 9 Students)
Written as a part of a series of a text book by Mrs. Winitha Jinasena, the book presents in outline the fundamental facets of Buddhist doctrine and precept to children who are to inherit the social responsibilities of adults. It appeals both to the ordinary students and the budding philosophers.
Rs 975.00
Deegha Nikaya 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන දීඝ නිකාය 1  කාණ්ඩය වේ . 
Rs 2,550.00
Out-of-Stock
Budun Wadala Dharmaya
Out-of-Stock
 බුදුන් වදාළ ධර්මය - ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනයකි.මේ වනාහී පැරණිම ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්ම සෑම දෙනාටම තේරුම් ගතහැකි පරිද්දෙන් පැහැදිලිව රචිත දීප්තිමත් විවරණයකි.
Me Mohotha Dakeema
මේ මොහොත දැකීම - භාවනානුයෝගීන් සඳහා නිර්මාණාත්මක මග පෙන්වීමකි.
Rs 400.00
Out-of-Stock
Sihiya Pihituveemen Obbata
Out-of-Stock
පරිචරිනකගෙන්‌...
මේ මවිසින්‌ සිංහලට සැකසූ පස්වන බණ පොතයි.ඉංග්‍රීසියෙන්‌ ලියවුණ මුල්‌ පොත (Beyond Mindfulness in Meditation) අති පූජ්‍ය හේනේපොළ ගුණරතන නායක හිමිපාණන්‌ වහන්සේ අතින්‌ සම්පාදනය වූ ග්‍රන්ථ මාලාවක තෙවැන්නයි. එහි අනෙකුත්‌ කාණ්ඩ සිංහලෙන්‌ කියවීමට සැලසිය හැකිවීම මා ලද භාග්‍යයකි. පොතෙන්‌ පිළිබිඹු කෙරෙන ධර්ම ඥානය මා අමුතුවෙන්‌ පැහැදිලි කළයුතු නොවේ. මට සිතෙන්නේ, ශ්‍රී ලාංකිකයන්‌ අතර ධර්මය පිළිබඳ නව ආකල්පයක්‌ ඇති කරවිය යුතු බවය. අද බොහෝ දෙනෙකු සිතනුයේ, එය දේශනයට සහ ශ්‍රවණයටත්‌, ඉගැන්වීමට සහ ඉගෙනීමටත්‌ පමණක්‌ තිබෙන දෙයක්‌ ලෙස ය. ධර්මය තිබෙන්නේ, අවබෝධ කර ගැනීමටත්‌, ඒ තුළින්‌ සුවපත්‌ වීමටත්‌ බව අමතක ව ගොස්‌ තිබෙන බවකි, පෙනෙන්නේ. ඒ බව සිහිපත්‌ කරවීමට මේ පොත මහඟු මග පෙන්වීමක්‌ වනු ඇත.
කුඩගම්මන සීලරතන හිමි.

 
Chiranthana Gadya Sangrahaya
චිරන්තන ගද්‍ය සංග්‍රහය - පාඨ ග්‍රන්ථයක් ලෙස පිරිවෙන් ශිෂ්‍ය අධ්‍යාපනය සදහා සකස් කර ඇති මෙම ග්‍රන්ථය ගිහි පැවිදි දෙපක්ෂයේම ආගමික ළැදියාවත් සාහිත්‍යමය රසවින්දනයත් ඉහළ නැංවීම සදහා මහෝපකාරී වනු ඇත.
Rs 110.00
Out-of-Stock
Sathimath Bawehi Balaya
Out-of-Stock
''The Power of Mindfulness'' නම් කෘතියෙහි සිංහල අනුවාදය වන මෙයින්, සති සංකල්පය බෞද්ධ භාවනාවේ නිරතවන්නන්ට තවදුරටත් තේරුම්කර දෙමින්, ක්‍රමිකව දියුණුකරගත් නිවැරදි කුසල් සහගත  අවධානය ප්‍රබල බලශක්තියක් ලෙස මානසික අභ්‍යාසයෙහි යොදාගත හැකි ආකාරය විමසා බලයි. 
Out-of-Stock
Isiwarun Dutu Mage Bawa Gamana - 01
Out-of-Stock
අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය මහනාහිමියන් සමග ග‍්‍රන්ථ කතෘ විසින් පැවැත් වූ රූපවාහිනී සාකච්ඡුා සහ උන්වහන්සේ විසින් ප‍්‍රකාශයට පත් කළ ලිපි ලේඛන ආශ‍්‍රයෙන් සකසන ලද්දකි.
Sinhala Anguththara Nikaya - 2
සිංහල අඞගුත්තර නිකාය 2  - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.    
Rs 1,239.00
Mul Budu Dahame Sita Vajrayanaya Dakva Sarala Hadinvemak
මුල් බුදු දහමේ සිට වජ්‍රයානය දක්වා සරල හැඳින්වීමක් - මුල් බුදු දහම යනු කුමක්ද , නිකාය භේදයේ පසුබිම කෙසේද  , අභිධර්මයේ ආරම්භය හා වර්ධනය , නිකාය භේදයේ ප්‍රවර්ධනය , පුද්ගලවාදය , සර්වාස්තිවාද ගුරුකුලය , මහායාන බුදුදහම , මාධ්‍යමික දර්ශනය , යෝගාචාර ගුරුකුලය , වජ්‍රායාන බුදු දහම දක්වා වූ කාලය පිළිබඳ විස්තරාත්මක විග්‍රහයක්  මෙම ග්‍රන්ථයෙහි සදහන් වේ.
Rs 271.40
Buddha Kalina Bhikshuni Samajaya Maha Shravikavo
බුද්ධ කාලීන භික්ෂුණී සමාජය මහා ශ්‍රාවිකාවෝ - බුද්ධ කාලීන භික්ෂුණී ශාසනය ප්‍රභාමත් කළ ප්‍රධාන භික්ෂුනීන් වහන්සේලා හැත්තෑපස් නමකගේ ජීවන තොරතුරු ඇතුලත් රසවත් කෘතියකි..
Rs 295.00
Sasanawatharanaya
වර්තමානයේ පැවිදි භූමියට ඇතුළත් වන්නවුන් ඉතා අල්පය. එලෙස අල්ප වූ පිරිසගෙන් ද මෙම පැවිදි දිවිය දිවි ඇතිතෙක් ගත කරන්නෝ ද සීමිතය.  එයට ප්‍රධාන හේතුව වන්නේ පැවිදි ජීවිතයේ ඇති වටිනාකම අවබෝධ කර නො ගැනීමයි. ඒ සඳහා සුදුසු ගුරූපදේශයන් නො ලැබීමයි. ශාසනාවතරණය නම් වූ මෙම ග්‍රන්ථය මගින් පැවිදි වන්නට බලාපොරොත්තු වන්නන්ට ද පැවිදිව ජීවිතය ගත කරන කුඩා සාමණේර භික්ෂුවගේ සිට වැඩිහිටි භික්ෂූන් දක්වාම පැවිදි දිවියේ ඇති වටිනාකම මනාව පැහැදිලි කර දෙයි. පැවිදි දිවිය පිළිබඳ අවබෝධය වැඩි වන්නට වැඩි වන්නට මෙම එහි ඇල්ම ඇති කොට ගෙන වැඩ කටයුතු කෙරෙයි. එහෙයින් මේ ග්‍රන්ථය හැකි සෑම අවස්ථාවකම ගිහි දායක පක්ෂය විසින් සෑම භික්ෂූන් වහන්සේ නමක් වෙතම පූජා කිරීමට උත්සාහ කිරීම ඉතා පින් වැඩෙන පින් කමකි.
Rs 700.00