Best sellers

-10%Out-of-Stock
Mind Only
Out-of-Stock
"Mind Only" is a captivating journey into the depths of consciousness and reality, drawing upon the profound insights of Buddhist philosophy. In this book, readers are invited to explore the concept of "Mind Only" (Cittamatra), a central tenet of Mahayana Buddhism. Through clear and accessible language, the author illuminates the idea that all phenomena arise from the mind, challenging conventional notions of external reality. Delving into ancient wisdom and modern neuroscience, "Mind Only" offers a thought-provoking exploration of consciousness, perception, and the nature of existence. Whether you're a spiritual seeker, philosopher, or simply curious about the mysteries of the mind, this book provides valuable insights that inspire deeper contemplation and self-discovery.
Rs 3,600.00
Rs 4,000.00
-10%
Hansa Sandeshaya
හංස සන්දේශය - සම්භාව්‍ය සිංහල සන්දේශ කාව්‍ය කිහිපය අතරට ඇතුළත් වු  හංස සන්දේශය දේශීය සිංහල කාව්‍ය සම්ප්‍රදාය ද බෞද්ධ සමය සංකල්පය ද සුපෝෂණය කළ රමණීය කෘතියකි. එදා ලක්දිව ගම්, දනව්, නගර, සමාජය, සංස්කෘතිය හා ජන ජීවනය ද පිළිබඳ අව්‍යාජ කාව්‍ය චිත්‍රයක් බඳු වූ මෙම සොඳුරු කාව්‍ය චිත්‍රයක් බඳු වූ මෙම සොඳුරු කාව්‍යය සේවනය කරන සාහිත්‍ය සේවීන්ගේ රසඥතාව ද ජීවිත හා සමාජ පරිඥානය ද සුනිශිත වනු ඇත. මෙම කාව්‍යයෙහි බස හා රස විද්‍යාර්ථීන් වෙත සමීප කරන අන්වය, පදගථාර්ථ, ව්‍යාකරණ හා අර්ථාවබෝධය සහිත ව සම්පාදිත මෙම කෘතිය අධ්‍යයන හා අධ්‍යාපන උභය කාර්යය සඳහා ශාස්ත්‍රීය අනුග්‍රහයක් සපයයි.
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock
Bududahama Gana Wathaman Gatalu
Out-of-Stock
බුදුදහම ගැන වත්මන් ගැටලු - වර්තමානය වන විට බුදුදහම හා ශාසනික කටයුතු වාණිජකරණය වෙමින් පවතී. විකෘතිකරණය වෙමින් පවතී. විචිත්‍රකරණය වෙමින් පවතී. නව්‍යකරණය වෙමින් පවතී. දේශපාලනිකකරණය වෙමින් පවතී. සම්බුද්ධ දේශනාවට ඉඳුරාම පටහැනි මෙම ක්‍රියාදාමයන්හි නියැලුනෝ බෞද්ධයෝමය. බාහිර උපද්‍රාවන්ට ඇත්තේ අන්‍යාගමිකකරණය හා අනෙකුත් පරසතුරු කුමන්ත්‍රණ ආදියයි. මෙම කෘතියෙන් බොහෝ දුරට සාකච්ඡා කෙරෙන්නේ විකෘතිකරණය වෙමින් පවත්නා බුදුදහම හා ශාසනික කටයුතු ප්‍රකෘතිකරණය උදෙසා ත්‍රිපිටකාගත හා අටුවා මූලාශ්‍ර මගින් කිසියම් අවබෝධයක් ලබාදීමයි.
Rs 270.00
Rs 300.00
-10%
Singhala Akshara Malava
සිංහල අක්ෂර මාලාව - මෙම අධ්‍යනයෙහි සුවිශේෂතාව වන්නේ 'සිංහල අක්ෂර මාලාව' ගැන මෙතෙක් පළ වී ඇති සියලු මතවාද එනම්, සිදත්සඟරා හෝඩියේ සිට වදන්කවි පොතේ හෝඩිය හරහා වර්තමාන අවධියෙහි මැන්දිස් ගුණසේකර, කුමාරතුංග මුනිදාස, ජාතික අධ්‍යාපාන ආයතනය, ජේ. බී. දිසානයක හා අජිත් තිලකසේන ආදීන් ඉදිරිපත් කරන සියලු අදහස් විධිමත් ව විමසා බැලීම ය. එසේ ම භාෂා නවීකරණය සඳහා අලුතෙන් එකතු කළ යුතු අක්ෂර ගැනත් සාකච්ඡා කොට තිබේ. මෙනයින් බලන විට මෙම විෂය පිළිබඳ අත තෙක් පළ වී ඇති සර්ව සම්පූර්ණ කෘතිය මෙය බව මගේ හැඟීමයි.
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock
Navakatha Wivaranaya
Out-of-Stock
නවකතා විවරණය - ලෝක සාහිත්‍යයෙහි දියුණු වූ නව්‍ය අංගයක් බවට පත් නවකතාව පිළිබඳ පුළුල් අවබෝධයක් ඇතිව සරත්චන්ද්‍ර වික්‍රමසූරිය මහතුන් විසින් සපයන ලද මෙම ග්‍රන්ථය ඉතා කාලෝචිත වූ සාහිත්‍ය සංග්‍රහයකි. ඉංග්‍රීසි ආදී භාෂාවන්ගෙන් දක්නා සුප්‍රසිද්ධ නවකතාවන්ගේ තතු විචාරපූර්වකව පාඨකයා වෙත ඉදිරිපත් කරන අයුරු මනහරය. විචාරාක්ෂියෙන් සිංහල නවකතාව සමීක්ෂණය කොට මෙම ග්‍රන්ථය සපයා තිබීම සඳහන් කළයුතු විශේෂ ලක්ෂණයකි. දිනෙන් දින සංඛ්‍යාවෙන් වැඩී යන සාහිත්‍ය විචාරකයන්ගේ ප්‍රමෝදය පිණිස මෙම කෘතිය හේතුවනු නොඅනුමානය.
Rs 585.00
Rs 650.00
-10%
Kaika Manasika Suvaya Sadaha Yanthra Manthra Bavithaya
කායික මානසික සුවය සඳහා යන්ත්‍ර මන්ත්‍ර භාවිතය - උඩරට නර්තනය පිළිබඳ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රථම හා එක ම ජ්‍යෙෂ්ඨ මහාචාර්‍යවරයා වන මුදියන්සේ දිසානායකයන් විසින් රචිත කායික මානසික සුවය සඳහා යන්ත්‍ර මන්ත්‍ර භාවිතය නම් වූ මෙම කෘතිය භාරතයේ හින්දු ආගම හා බැඳී යෝගී භාවනා, යන්ත්‍ර මන්ත්‍ර සහ ශ්‍රී ලංකාවේ ඉතා දුලබ යන්ත්‍ර මන්ත්‍ර හා එහි භාවිතය පිළිබඳ විස්තර විවරණය කෙරෙන්නෙකි.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock
Pali Sahithya Adhayayana - 1
Out-of-Stock
පාලි සාහිත්‍ය අධ්‍යයන - 1 - මෙම කෘතිය තුළ පාලි සාහිත්‍යයෙහි විවිධ අංශ පිළිබඳව ප්‍රමාණවත් විවරණයක් සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර ඇත. මෙතෙක් මෙම විෂය පිළිබඳව විවිධ විද්වතුන් විසින් එකතු කොටැති ඥාන සම්භාරය සරල ලෙසත් විධිමත් ලෙසත් මෙහි දී ඉදිරිපත් කරනු ලැබ ඇත.
Rs 225.00
Rs 250.00
-10%
Mehen Enna
මෙහෙන් එන්න - විවිධ භාවනා ක්‍රම, භාවනා පුහුණු ආයතන, විවිධ ගුරුවරු, එකට එකක් වෙනස් භාවනා උපදෙස්, මේ ආදියෙන් පිරුණු සංකීර්ණ නගරයකි, වත්මන් බුදු සසුන. ඒ නගරය තුළ රස්තියාදු නොවී, වෙහෙස පීඩා නොගෙන අදාළ ස්ථානයට : අමා මහ නිවනට අපහසුවකින් තොරව ගමන් කිරීමට ඔබට ආරාධනා කරන කෘතියකි.
Rs 540.00
Rs 600.00
-10%
Sidath Sangara
සිදත් සඟරා - 13 වන සියවසේ දඹදෙණි සමයේදී රචිත සිදත් සඟරාව සාම්ප්‍රදායික සිංහල ව්‍යාකරණයන්ගේ මූලික විධි පැහැදිලි කරගැනීම සඳහා මූලික කොට ගන්නා ග්‍රන්ථය ලෙස සැළකේ. එය දේව ප්‍රතිරාජයන්ගේ ආරාධනාව මත පතිරාජ පිරිවන් හිමි විසින් රචනා කොට ඇති බව පිළිගැනෙයි.
Rs 225.00
Rs 250.00
-10%
Sarasvatha Pradeepa
සාරස්වත ප්‍රදීප - මෙයින් දශක කිහිපයකට පෙර සාරස්වත ප්‍රදීපය පිරිවෙන් සිසුන් අතර ඉතා ජනප්‍රිය ග්‍රන්ථයක් ව පැවතිණ. සංස්කෘත භාෂාවෙන් රචිත සාරස්වතව්‍යාකරණයේ දුරවබෝධ තැන් අවබෝධ කරගැනීමට පූජ්‍යපාද කහවේ රතනසාර නාහිමියන් විසින් කරන ලද සාරස්වතව්‍යාඛ්‍යාව මහෝපකාරී වූවකි.සංස්කෘත ව්‍යාකරණය සංක්ෂිප්ත ව ග්‍රහණය කරගැනීම සඳහා පූජ්‍යපාද දමුණුමැයේ ඤාණරතන නාහිමියන් විසින් කරන ලද සාරස්වත ප්‍රදීපය මහත් ආලෝකයක් සපයන ලදී.
Rs 675.00
Rs 750.00
-10%
Punchi Apith Budun Wadinnai
පුංචි අපිත් බුදුන් වදින්නයි 
Rs 225.00
Rs 250.00
-10%
Kes Gas Uda Piduru Gasak
කෙස් ගස් උඩ පිදුරු ගසක් - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'කුහක ජාතකය යි'.
Rs 225.00
Rs 250.00
-10%
Andi Hath Denage Kada Haliya
ආඞි හත් දෙනාගේ කැඳ හැළිය - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 360.00
Rs 400.00
-10%
Budun Sarana Giya Devathavo
බුදුන් සරණ ගිය දේවතාවෝ - විමාන වත්ථුව පීඨ, චිත්‍රලතා, පර්ච්ඡත්තක, මඤ්ජෙට්ඨක, මහාර්ථ, පායාසි හා සුනික්ඛ්ත්ත යන වග්ග හතකින් ‍යුක්ත වේ. මෙහි මුළු කතා අසූපහෙන් පනහක් ම ස්ත්‍රී විමාන වත්ථු ය. අතුරු කතා ද ඇතුළුව සියලු විමාන වත්ථු කතා එකසිය විසි තුනකි. ලක්දිව අනුලා බිසව ප්‍රමුඛ පන්සියයක් කාන්තාවන් උතුම් සෝතාපන්න තත්ත්වයට පත් වූයේ, මිහිඳු මහ රහතන් වහන්සේගෙන් මෙම කතා ඇසීමෙනි. පවින් මුදවා පිනෙහි පිහිටන බුද්ධ භාෂිත බඳු මෙබඳු කතා කියවා හැඩගැසෙන ජීවිත දෙලොව ම සුගතිගාමී වනු ඇත.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock
Rasa Bana Katha
Out-of-Stock
රස බණ කථා -  පාලි අටුවා ග්‍රන්ථ අතර "ධම්මපදට්ඨ කථාව" ට ඉතා වැදගත් තැනක් හිමිවෙයි. ධම්මපදයට සැකසුණු එම කෘතිය ඉතා හරවත් ධර්ම සංග්‍රහයක් සේම කථා සංග්‍රහයක් බවට ද පත් විය. ධම්මපදය බෞද්ධයාගේ අත්පොතයි. එම ධම්මපදයට ලියැවී ඇති ධම්මපදට්ඨ කථාව ද ඒ තමට ම ජනප්‍රිය වූවකි. ගථා 423ක් ඇතුළත් වග්ග විසි හයකින් සමන්විත ධම්මපදය ඒ ඒ ගාථාවලට පසුබිම් වූ කථා වස්තු 299ක් එහි ඇතුළත් ය.
Rs 270.00
Rs 300.00
-10%
Kavsilumina
කව්සිළුමිණ - කුස ජාතකය පදනම් කරගනිමින් දෙවන පණ්‌ඩිත පරාක්‍රමබාහු රජු විසින් රචිත පද්‍ය කාව්‍යය කව්සිළුමිණ ලෙස සැළකේ.
Rs 1,777.50
Rs 1,975.00
-10%
Mandaram Pura Puvatha
මන්දාරම් පුර පුවත - සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධුරන්ධර අතිපූජ්‍ය ලබුගම ශ්‍රී ලංකානන්ද මහ නාහිමිපාණන් වහන්සේගේ සංස්කරණයකි. සීතාවක, මහනුවර යුගවල මෙරට සාමාජික හා ශාසනික ඉතිහාසය පිළිබඳ කරුණු සොයන මූලාශ්‍ර ග්‍රන්ථයක් වශයෙන් මේ පොත බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වනු නොඅනුමාන ය.
Rs 585.00
Rs 650.00
-10%
Sangabo Siritha
සඟබෝ සිරිත
Rs 81.00
Rs 90.00