Best sellers

-20%
The Journey Towards Awakening
The Journey Towards Awakening - In Buddhism awakening hidden inner thoughts of the mudane life & leading to the goal of  ' Nibbhana '.
Rs 200.00
Rs 250.00
-20%
Nibbana - Happiness Supreme
Nibbana - Happiness Supreme - A lucid exposition that Nibbana is neither extinction or existence, but a realisation of supreme Happiness..
Rs 103.84
Rs 129.80
-20%
Abhiyoga Jayagath Thisthun Wasaraka Pranshaye Jeevithaya
අභියෝග ජයගත් තිස්තුන් වසරක ප්‍රංශයේ ජීවිතය - අනේක බාධා ජයගනිමින් පූජ්‍ය පරවාහැර චන්දරතන හිමියන් යුරෝපය ජයගත් ආකාරය පිළිබඳ තබන සටහනකි.
Rs 377.60
Rs 472.00
-10%
Jothiya Maha Rahathan Wahanse
මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ ජෝතීය මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිතකථාවයි. මුන් වහන්සේ ද අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද, ගෞතම බුදුසසුන තුළ ප්‍රකට එසේ ම ප්‍රමුඛ මහ රහතන් වහන්සේ තමකි. බොහෝ දතා අසා ඇත්තේ මුන් වහන්සේ පැවදි වීමට පෙර භාවිත කළ 'ජෝතිය සිටුතුමා යන නමයි. දානයක් පුදා පින් අනුමෝදන් කරබා විට ස්වාමින් වහන්සේලා ජෝතිය. ජ්වල, මෙණ්ඩක, පූර්වාක, ලෝකවලිය. ධනජය ආදී මහ සිටුවරුන් මෙන් මහත් වූ සැප සම්පත් ලබා......... යනාදී වශයෙන් දේශනා කරණු අපට අසන්නට ලැබේ.
මෙසේ ජෝතිය සිටු යන නම අසා ඇතත් එතුමා ගේ චරිත කථාව දන්නේ ඉතා සුළු පිරිසති. එය ඉතා පැහැදිලි සත්‍යයකි. ජෝතිය මහ රහතන් වහන්සේ ගිහි සමයේ මගධයේ අගනුවර වූ රජගහ නුවර වාසය කළ අමිතයභෝගී මහා සිටුවරුන් පස්දෙනා අතුරින් එක් අයෙකි. අවසානයේ කෝට් කෝට් ගගාතක අතිමහත් වූ ධනයත් තමා සතුව පැවති ඒ අසිරිමත් මහා ප්‍රාසාදයත් යන මේ සැම අලුකම ලූ කෙළ පිඬත් මෙන් ඉවත දමා බුදු සසුනේ පැවදි බව ලැබ කල් නොයවා සියලු කෙළෙසුන් නසා උතුම් වූ මහ රහත් භාවයට පත් ව භව ගමන අවසන් කළහ. සැබෑවිත් ම මුන් වහන්සේ ගේ චරිත කථාව ඉතා විසිතුරු ය. දානයේ ආනිශංස. පිනේ බලවත්කම මේ ශුද්ධ වූ චරිත කථාව ඇසුරින් මැතවත් දත හැක. මෙහි සඳහන් කර ඇති තොරතුරු හැරයනු විට මුන් වහන්සේ හේ පැවිදි ජිවිතයට අදාළ තොරතුරු පෙළ අටුවාහි දක්නට නැත.
Rs 315.00
Rs 350.00
-10%
Jyothishaye Nopenena Manaya
ජ්‍යෝතිෂයේ නොපෙනෙන මානය නැමැති මෙම කෘතිය ආචාර්ය පියසේන රතුවිනාන මහතා විසින් රචනා කර ඇති අතර කෙනෙකුගේ ජන්මපත්‍රයේ උපන් වේලාවේ සිට මරණය දක්වා ගමන් කරන මේ භව ගමනේ දී ජ්‍යෝතිෂයට අනුව තමන්ට බල පිහිටන ග්‍රහයන්  කවරෙක්ද ? එසේ තම තමන්ගේ ජිවිත වලට එවැනි ග්‍රහයන් බලපැවැත් වෙන්නේ කෙසේද ? එසේම ජ්‍යෝතිෂයේ ගුප්ත ස්වභාවය, නොපෙනෙන මානය යන මෙවැනි දේ පිළිබදව ඉතා පුළුල් විශ්ලේෂනයකින් අනතුරුව එළිදක්වන ලද ඉතාමත් වටිනා   කෘතියක් ලෙස හැදින්විය හැකිය. 
Rs 382.50
Rs 425.00
-10%
E Ama Niwan Suwa Boho Dura Nowe
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත 'ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ ' යන මෙම කෘතිය මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරින් විරචිත අතර නිවැරදි ධර්මඤානයක් අවබෝධ කර ගැනීම සදහා ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 945.00
Rs 1,050.00
-10%
Madyama Lanka Pura wurtha
පෙර පැවති පිළිවෙළ පිළිබඳ පුවත් ' පුරා වෘත්තය ' යි සැලකෙයි. අන්තිම සිංහල රාජධානිය වූ සෙංකඩගලපුරය ඇතුළු ප්‍රදේශත්‍රයකින් සමන්විත මධ්‍යම ප්‍රදේශය පිළිබඳ එබඳු පුවත් ඇතුළත් මෙම ග්‍රන්ථය මධ්‍යම ලංකා පුරාවෘත්ත නම් වේ.
Rs 765.00
Rs 850.00
-10%
Ruwanweli Maha Seya
තුන් ලෝකයෙහි ම වැඩි ම සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටින ස්වර්ණමාලි නම් පූජනීය චෛත්‍යයෙහි කථා ප්‍රවෘත්තිය, රුවන්වැලි මහා සෑය නම් මෙම සදහම් ග්‍රන්ථය තුළින් කියවේ. මෙම ග්‍රන්ථය කියවා අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයෙන් යුතු ව චෛත්‍යය වන්දනාවේ යෙදීම තුළින් ජීවමාන බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කළා සේ ම පින්දහම් රැස් කර ගත හැකි ය.
Rs 288.00
Rs 320.00
-10%
Poya Dolaha
පෝය දොළහ නම් මෙම කුඩා පොත්පිංච බටුවත්තේ රාහුල හිමියන් විසින් රචනා කරන ලද අතර මෙම ග්‍රන්ථය තුළ පෝය දොළහ පිළිබදව ඉතා සංශිප්ත ලෙස විස්තර කර ඇති ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය. බෞද්ධයකු සුරතව නිසැකව  තිබිය යුතු කුඩා ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 162.00
Rs 180.00
-20%
Sri Lankeya Shasanika Mathagatum Ha Nirakarana Krama
ශ්‍රී ලාකේය ශාසනික මත ගැටුම් හා නිරාකරණ ක්‍රම (අනුරාධපුර සහ පොළොන්නරු යුගය ඇසුරෙන්) මෙම පර්යේෂණාත්මක කෘතිය පුරාණ ශ්‍රී ලංකාවේ අතිශයින් තීරණාත්මක යුග දෙකක් තුළ භික්ෂු සමාජයෙහි උද්ගත වූ සංකීර්ණතා ගැටලු, ගැටුම් හා ඒවා නිරාකරණය කිරීම විෂයෙහි එවකට පැවති දේශපාලන තන්ත්‍රය හා ඒකාබද්ධව ශාසන භාරධාරී තෙරවරුන් විසින් අනුගමනය කළ ධර්ම විනයානුකූල ක්‍රියාමාර්ග පිළිබඳ වැදගත් කරුණු රාශියක් අනාවරණය කරයි. ඒවා ශාස්ත්‍රීය පදනමකින් යුතුව ඉදිරිපත් කිරීම කරුණු කිහිපයක් නිසා වැදගත් වන අතර අතීත සංසිද්ධීන් ප්‍රාමාණික පරිදි ඉස්මතු කිරීම. වර්තමාන ගැටලු නිරාකරණය සඳහා උපස්තම්භක වීම, ඉදිරි පර්යේෂකයන් සඳහා මාර්ගෝපදේශ සැපයීම මෙන්ම ශාස්ත්‍රීය අධ්‍යයනයන්හි නියුක්ත ආචාර්ය ශිෂ්‍ය දෙපක්ෂයට ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් වීම යනාදී ප්‍රතිලාභ රාශියක් මෙම කෘතිය ඇසුරින් ලබා ගත හැකිය.
Rs 1,200.00
Rs 1,500.00
-10%Out-of-Stock
Ribeiro Dutu Lankawa
Out-of-Stock
'Ribeiro History Of Ceilao' නම් වූ මෙම ග්‍රන්ථය පෘතුගීසි භාෂාවෙන් මුලින්ම ලියැවුණේ දාසය වන ශතවර්ෂයේ දී  වන අතර එය ඉංග්‍රීසියට පරිවර්තනය කෙරුණේ විද්වත් පී.ඊ. පීරිස් දැරණියගල මහතා විසිනි. මෙම ග්‍රන්ථය ඉතා දුර්ලභ ග්‍රන්ථයක්ව පැවති සමයක රත්නපුර, නීතීඥ වෝල්ටර් සිල්වා මහතාගේ පෞද්ගලික පුස්තකාලයේ ඉතා ආරක්ෂිතව පැවති හෙයින් වර්ථමාන පාඨකයා හට රස විදීම සදහා එම අවස්ථාව උදා වන අතර මෙම ග්‍රන්ථය තුළ මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික හා දේශපාලනය පිළිබද කරුණු බොහෝමයක් ගම්‍ය වේ.
Rs 1,782.00
Rs 1,980.00
-10%Out-of-Stock
Senkadagala Yugaye Wew Jalasha Ha Wari Karmanthaya
Out-of-Stock
“ සෙංකඩගල යුගයේ වැව් ජලාශ හා වාරි කර්මාන්ත " උප ග්‍රන්ථ දෙකක් සහිත ශාස්ත්‍රීය ගවේෂණයකි. සෙංකඩගල යුගයේ ඉදි කළ වැව් ජලාශ හා වාරි කර්මාන්ත ගැන මූලාශ සිය ගණනක් දිගු කලක් ගෙන පරීක්ෂා කොට සකස් කළ නිබන්ධනයක් වන අතරමෙහි උප ග්‍රන්ථ ලෙස තවත් මේ යුගයට අයත් අංග හතක් එකතු කර ඇත.
Rs 351.00
Rs 390.00
-10%
Sinhalaye Arakshaka Balakotuwa Aithihasika Rohanaya
පැරණි රුහුණු රාජ්‍යය ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ දකුණ හා අග්නි දිග ප්‍රදේශය දේශීය සමාජ සංස්කෘතික ඉතිහාසයේ වැදගත් ක්‍රියාවලියකට සම්බන්ධව තිබුණි. විශේෂයෙන්ම දේශපාලන බලය වර්ධනය වීමේ ඉතිහාසය සම්බන්ධයෙන් ඒ ප්‍රදේශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවිධානාත්මක යුධ ව්‍යාපාරය සංවිධානය වීම ආරම්භ වන්නේ රුහුණු ප්‍රදේශයෙනි. ඒ දුටුගැමුණු රජුගේ නායකත්වයෙනි. එතැන් පටන් සංග්‍රාමික ව්‍යාපාර සම්බන්ධයෙන් රුහුණු ප්‍රදේශය වැදගත් වන ආකාරය පළමු වන විජයබාහු රජු චෝළ ජාතිකයන්ට එරෙහි සංග්‍රාමය සංවිධානය කරන ආකාරය මගින් පැහැදිලි විය. ඓතිහාසික මූලාශ්‍රය ඔස්සේ නොයෙක් අවස්ථා වලදී විස්තර කරන එවැනි සාහිත්‍යමය විස්තර කිරීමි සනාථ කරන ආනුභාවික සාක්‍ෂි පුරාවිද්‍යාත්මක භාවිතයෙන් තහවුරු කර තිබේ. එබැවින් රුහුණ ඓතිහාසික සංග්‍රාමික භූමි දර්ශනය අධ්‍යයනය කිරීම වැදගත් විශ්ලේෂණ ඒකකයක් බවට පත් කරයි.
Rs 1,125.00
Rs 1,250.00
-10%
Vishwa manasa ha devathwaya
'විශ්ව මනස හා දේවත්වය' යන මෙම කෘතිය නව පරපුරේ ලේඛකයකු වූ ගුණසිරි වීරසූරිය මහතා විසින් රචනා කර ඇති අතර මෙම කෘතිය මගින් විද්‍යාත්මක, ආචාරාත්මක හා මනෝ විද්‍යාත්මක  සංකල්ප කීපයක් කැටිකොට ගෙන විද්‍යාත්මක විද්‍යා ප්‍රබන්ධ මහත් සේ උපුටා දක්වමින් සංකල්පනාවන් මුවහත් කරන අතර ආචාරාත්මක සංකල්පයක් වන දේවත්වය එළිදරව් වන හෙයින් මෙම කෘතිය කිසියම් ආචාරාත්මක නම්‍යතාවක් ගන්නා අතරම හුදු මිනිසාගේ මනෝ විද්‍යාත්මක ආකල්ප ගෙනහැර දක්වන නිසා මනෝ විද්‍යාත්මක ස්වරූපයක්ද ගනී. එහෙයින් කිසියම් ප්‍රබුද්ධ නැම්මක් මේ කෘතිය පුරා පෙන්නුම් කරනු ලබයි.
Rs 270.00
Rs 300.00
-10%
Sri Lankawe Jana Jeevithaya Haa Bandunu Aagamika Puda Puja
ආගමික පුද පූජා දේශීය සංස්කෘතිය තුළ සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකරන බව පැහැදිලි කරුණකි. අනාදිමත් කාලයක සිට පවතින නොයෙකුත් ආකාරයේ අභිචාර හා පූජා පිළිබඳ ලෝක මට්ටමෙන් විවිධ බුද්ධිමතුන් කරන ලද අධ්‍යයතද සුළුපටු නොවේ. එහෙත් අපේ රටේ ඒ හා සාපේක්ෂව කර තිබෙන අධ්‍යයන සීමා සහිත යැයි සඳහන් කළ හොත් ඒ නිවැරදි වනු ඇත." ශ්‍රී ලංකාවේ ජන ජීවිතය හා බැඳුණු ආගමික පුද පූජා " නමින් පූජ්‍ය මහව සංඝරතන හිමියන් විසින් ලියා ඇති මෙම කෘතිය මගින් ආගමක හැගීම පහළ වී ඇති අයුරු හා ආගමික පුද පූජාවල අවශ්‍යතාව ගැන පමණක් නොව පූජකයන් හා ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳවත් පළමු පරිච්ඡේද දෙක යටතේ මාහැගි කරුණු ගණනාවක් ඉදිරිපත් කර තිබේ. අපේ අනුරාධපුර, පොළොන්නරු යුගයේ ආගමික ඇදහිලි මෙන්ම ප්‍රාග් බෞද්ධ ඇදහිලි ගැන මෙන්ම ලංකාවේ පුද පූජා ලබන දෙවි දේවතාවුන් සම්බන්ධයෙන් ශාස්ත්‍රීය අගයකින් කරුණු එක් රැස් කිරීමක් මෙහි දක්නට ලැබේ.
Rs 405.00
Rs 450.00
-10%
Roga Nivaranaya Saha Nirogi Suvaya Sadaha Dhanvantharee pudha pujaa saha sthrothra
'රෝග නිවාරණය සහ නිරෝගී සුවය සදහ ධන්වන්තරී පුද පුජා සහ ස්තෝත්‍ර' යන මෙම ග්‍රන්ථයේ අනාදිමත් කාලයක සිට පැවත එන ඉන්දීය ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය‍යේ ධන්වන්තරී නම් දෙවි කෙනෙකුගේ බල මහිමයෙන්  ලෙඩ දුක් සුව කරණ ක්‍රම ස්ත්‍රොත්‍රද අන්තර්ගත ඉතා වටිනා ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 180.00
Rs 200.00
-10%
Sarvaraksha Hevath Bhuthasthambhanaya Ha Uchchatanaya
ඩී .ඩබ්ලිව්. මාරපන  ඇම් .කේ. යූ. බණ්ඩාර යන මහත්වරු දෙපල විසින් සම්පාදිත පිටු 65කින් සමන්විත සර්වාරක්ෂා හෙවත් භූතස්තම්භනය හා උච්චාටනය පොතේ  යන්ත්‍ර මන්ත්‍ර  කටයුතු සිදු කිරීමට මත්තෙන්  නොවරදවාම දැනගෙන සිටිය යුතු ඔබේ සහ අන් අයගේ ආරක්ෂාව සැලසීම සඳහා භාවිතා කරන  ආරක්ෂා මන්ත්‍ර  53ක් මෙන්ම කඩ ගෙවතු ආරක්ෂාව ,ස්ත්‍රී ආරක්ෂාව ඇදුරු ආරක්ෂාව සහ නොයෙක් දෝෂයන්ගෙන් අරක්ෂාවීමට භාවිතා කරන බලගතු මන්ත්‍ර මෙන්ම ඒවා භාවිතා කරන පිළිවෙල පිළිබඳ වටිනා තොරතුරු රැසක් මෙම පොතේ ඇතුළත් වේ.
Rs 288.00
Rs 320.00
-10%
Iperani Sinhala Lankeya Devi Devathavo
කර්තෘගෙන් වචනයක්.....
ශ්‍රී විෂ්ණු, කතරගම, පත්තිනි, නාථ, විභීෂණ ආදී මහා දෙවිවරු පිළිබඳව කව්රුත් කතා කරති. ලියති. කියවති. නමුත් ලාංකීය දෙවිවරු කෙතෙක් ද?වැඩහිටි කන්දේ සිට බින් තැන්න, වෙල්ලස්ස, වැදිරට හරහා වැව් බැඳි රටට ගොස් දකුණු ලක හරහා නැවතත් වට වන්දනාවේ ගිය ගම් නියම්ගම් ගණන දන්නේ දෙපා පමණි. ඒ මහන්සිය නිසාවට " ඉපැරණි සිංහලේ ලාංකීය දෙවිදේවතාවෝ" ඔබ අතට ගෙන ඒමට හැකි විය. තමන් තනි තනිව සිටින දෙවිවරු ඇතත් ඒ පැත්තට පෑන නොමෙහෙයවුණි.දෙවියන් මිනිසාට වඳින බව සමහරු කියති. දෙවියන්ගෙන් වැඳුම් ගත හැකි එක "මනුස්ස පුලුටක්" ලක් පොළවේ සිටී දැයි ප්‍රශ්න නොකරමි. වසර දහස් ගණනක සිට දෙවියන් පිදූවන්ට සිදු වූ හානියක් ඇද්දැයි නොදනිමි. උගුරට හොරා බෙහෙත් නෑ නොහැක.මේ පොතට කරුණු සෙවීමේ දී උපකාරී වූ වැඩහිටි කන්දේ පූසාරි වශයෙන් දිවි ගෙවූ දිවංගත ශ්‍රී සංගරම් පිල්ලේ සාමිතුමා, දිවංගත බෝදාගම විජේනායක රාළහාමි ඇතුළු අය බොහෝ ය. නම් වශයෙන් ලිවීමට දිග වැඩිය. අපහසුය.මෙහි සඳහන් දේවනාම පිළිබඳ සැකයක්ද ඉපදෙනු ඇත. අපේ මුතුන්මිත්තන්ගේ විශ්වාසයට ගෞරව කරමු. මින් යමක් උගතහැකි නම් එය මා හට මහත් මානසික සුවයකි.කරුණු රැස් කිරීමේ දී පසුගිය පනස් වසර තුළ පොතපත ද, දන්නා දේ නොහඟවා කියා උපකාර කළ හැමද සාදරයෙන් සිහි කරමි.
Rs 247.50
Rs 275.00
-10%
Guptha bala dharma bala yanthra manthra
මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීම සදහා රචකයා විසින් පුස්තක මුද්‍රිත පොත පත සහ මේ පිළිබදව දැනුමක් ඇති ගුප්ත විද්‍යාධරයින්ගේ සමහර යන්ත්‍රද මන්ත්‍ර ඇතුළත් කොට ඇති අතර ගුප්ත විද්‍යාව පිළිබදව උනන්දුවක් දක්වන ඔබ සියලු දෙනාට ඉතා වටිනා කෘතියක් ලෙස හැදිවිය හැකිය.
Rs 450.00
Rs 500.00
-10%
Saman Dewala Puda Sirith
සුමන සමන් දෙවියන්ගේ අඩවිය ලෙස ගැණෙන සබරගමු පළාතේ, රත්නපුර සමන් දේවාලය 'මහා සුමන දේවභවන' නමින්ද ජන සම්මානයට පාත්‍ර වූවකි. වර්ෂාරම්භයෙහි මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ වන පුද පූජා චාරිත්‍ර වාරිත්‍ර තුන්සිය හැටපස් දිනක් නොකඩවා චක්‍රාකාරව ගමන් කරන ආකාරය සියැසින් දැකබලාගෙන, වෙහෙස මහන්සි වී පාරම්පරික දැනුමැත්තන්ගේ ඥාන සම්භාරය උකහාගෙන නූතන විද්‍යාත්මක පර්යේෂණ විධි ක්‍රම ආශ්‍රයෙන් ආචාර්ය ශ්‍රියාණි රාජපක්‍ෂ රචනා කළ සමන් දේවාල පුද සිරිත්' ලාංකේය. දේව විශ්වාස හා බැඳුණු චාරිත්‍ර විග්‍රහ කරන ප්‍රථම කෘතිය ද වන්නේය.
Rs 855.00
Rs 950.00
-10%
Budusamaye Panena Maraya
කතෘගෙන්...
මාර ශබ්දය සංකීර්ණ අදහස් ඇති පදයකි. බෞද්ධයන් අතර බෙහෙවින් ප්‍රචලිත වචනයකි. පස්මරුන් යන්න ද එසේය. බුදු සමයෙහිදී බොහෝ විට මාරයා ගැන පුද්ගලයාගේ විමුක්ති මාර්ගයට අවහිර කරණ හඳුන්වා දීමේ උපාය මාර්ගයක් වශයෙනි. මාරයා පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන කරුණු උපුටා දක්වමින් මේ පොත ලිවීමට මා අදහස් කෙළේ ද මාරයා මගින් ඉදිරිපත්වන පවිටු ගති ලක්ෂණ සමාජය ඉදිරියෙහි තබා එම කරුණු මාර්ගයෙන් පාප ධර්මයන් නැති කර යහපත් චරිතයක් ඇති කර ගැනීමට ඉවහල් වේය යන අදහසිනි. එසේ වුවද බුදු සමයේ පැනෙන මාරයා පිළිබඳ ලිවීම ඉතාම දුෂ්කර කාර්යක් විය. ලිවීම අතරමග නතර කර නිතර කල්පනාබරව සිටි අතර බෞද්ධ විශ්ව කෝෂයේ නියෝජ්‍ය කර්තෘ (විශ්‍රාමලත්) සනත් නානායක්කාර, මහාචාර්ය කපිල අභයවංස, යන වියතුන් ගෙන් ලැබුණ උපදෙස් මෙය සම්පාදනයට පහසු විය. එම වියතුනට ද මගේ කෘතඥතාව හිමි වෙයි.මෙම කෘතියෙහි බුදු සමයේ පැනෙන මාරයා - පස්මරුන් සහ ඒ හා බැඳුණු කරුණු ඇතුළත් වෙයි. එහෙයින් මෙය මාර සංකල්පය පිළිබඳව අධ්‍යයනයට ගවේෂණයට උපකාරී වේ යයි සිතමි. පෙළ සහ අටුවා අනුව විස්තර සඳහන් වෙයි.
Rs 180.00
Rs 200.00
-10%
Lankeya Bududahame Pudapooja
නිර්වාණ ගාමිත්වය කෙරෙහි ආදි බෞද්ධ සම්ප්‍රදාය දැක් වූ අවධානයත් එමෙන් ම පුද පුජා කෙරෙහි දැක් වූ අල්ප අවධානයත් සැලකිල්ලට ගෙන එය හුදු නිර්වාණගාමී ප්‍රතිපදාවක් පමණක් ම යැයි නම් කිරීම නිවැරදි නොවේ. පුද පූජා චාරිත්‍ර විධි වලින් තොර වූ දාර්ශනික යුගයක් බෞද්ධ සම්ප්‍රදාය තුළ පැවති බවට ඇතැම් දෙනා විශ්වාස කළත් එය බෞද්ධ ඉතිහාසය තුළ සත්‍ය වශයෙන් විද්‍යමාන වූ අවස්ථාවකට වඩා බුද්ධිවාදීත්වය පදනම් කරගත් නූතන මානසිකත්වය විසින් බෞද්ධ සම්ප්‍රදාය වෙත ආරෝපණය කරන ලද්දක් සේ සැලකීම යුක්ති යුක්තය. මෙම අදහස ස්ඵුට කිරීමට නිලන්ත දිසානායක මහතාගේ මෙකී ශාස්ත්‍රීය ව්‍යායාමය හේතුවන බව පැවසිය හැකිය. බුදුරජාණන් වහන්සේ ධරමාන සමයෙහි ම බෞද්ධ පුද පූජාවන්හි සමාරම්භය සිදු වූ බව සාධක සහිතව මේ තුළින් ඔහු හෙළි කරයි.
මහාචාර්ය ආනන්ද ගුණසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ගංගොඩවිල, නුගේගොඩ.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock
Aradana sahitha devashanthiya
Out-of-Stock
දේව කටයුතු වල නිරත වූවනට හා දෙවියනට පහන් තබන පුද පුජා පවත්වන බැතිමතුනට දැනට භාවිත කරන පැරැණි කන්න ලවු එකතු කොට සැපයූ කන්න ලවු පොතත් දෙවියන් සඳහා රචිත පැරණි සෙතාත්‍ර එකතු කොට සැපයූ සෙස්තෝත්‍ර රත්නයත් ප්‍රමාණවත් නොවන හෙයින් දේව ආරාධනා සහිතදේව ශාන්තිය නම් මෙම කෘතිය රචනා කර ඇති අතර මෙය ඉතා වටිනා කෘතියක් වශයන් හැදින්විය හැකිය.
Rs 324.00
Rs 360.00
-10%Out-of-Stock
Paththini Devi
Out-of-Stock
දකුණු දඹදිව සිංහල රටක්ව පැවැති කාලයේදී එහි වුසූ කනක මැණිකේ හෙවත් කනක බිසෝ (දෙමළෙන් කන්නකි) නමැති සිහල කුලඟන ගැනයි මේ කියැවෙන්නේ, කාන්තාවන්ගේ තැන රැකියේ පතිනියයි. පුරාතන භාරතයේ බ්‍රාහ්මණයෝ කාන්තාවනට දේවස්ථානවලට ඇතුළු වීමට ඉඩ නුදුන්හ. මේ ස්ථාවරය බිඳැ හෙළූයේ පත්තිනියයි. පත්තිනි තේවාව කළේ කාන්තාවයි.පත්තිනිය මතු බුදු බව පතා සිටින්නියකි. පත්තිනිය ධාන්‍ය ගෙවත් සශ්‍රීකත්වය පිළිබඳව හා වර්ෂාව පිළිබඳව අරක් ගත් දේවතාවියයි. උත්තර දේව ගණයට ළංවන දේවාංගනාවක් වශයෙන් පත්තිනි දේවිය සැලැකිය හැකියි. පතිනිය ගවයන් ආරක්ෂා කිරීමේ කටයුත්තට අනුබල දෙන්නීය. සිංහලයන් විසින් පුද පූජා පවත්වන ප්‍රධාන දේවතාවිය පත්තිනි අම්මාය.
පතිවත බලය ගැන කතා, පත්තිනි ප්‍රභේද සත් පත්තිනි. දොළොස් පත්තිනි. පත්තිනි රූප කාය, දේවාහරණ, විවිධ නම්, ඓතිහාසික හා පුරා වෘත්ත කරුණු, පවුලේ විස්තර, පත්තිනි උපත, පත්තිනි ඇදහිල්ල, ග්‍රන්ථ හා ජනකතා, ශාන්ති කර්මයන්හි පත්තිනි මාතාව, සිරිලක පත්තිනි දෙවොල්, විවිධ පූජා විධි, යොදිනි ස්තෝතු ආදිය මෙහි අඩංගුය.
Rs 162.00
Rs 180.00