Best sellers

-10%
Lankave Brithanya Andukaravaru
ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු - එච්. ඒ. ජේ. හුළුගල්ල ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියා විසින් සම්පාදිත 'ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු' නම් ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනයයි මේ. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යුගය පිළිබඳ හැදෑරීමට කවර තරාතිරමක සිසුනට වුව මේ කෘතිය අතිශයින් වැදගත් වූවකි. කතුවරයා ඉතා වටිනා හා නිසැක මූලාශ්‍ර ඇසුරෙන් සිය කෘතිය සම්පාදනය කර ඇත්තේ ය. ඉන් ඇතැම් මූලාශ්‍ර සිසුනට ග්‍රහණයට අසීරු මූලාශ්‍ර වේ. ඇතැම් මූලාශ්‍ර විද්වතුන් පවා නොදන්නා කරුණුය. කතුවරයා මෙහි ලා ඉදිරිපත් කරන කරුණු ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයේ ආධිපත්‍යයට නතුව තිබූ යුගයේ පටන් ස්වාධීනත්වය අත් කර ගත් යුගය දක්වා සමාජ සංවර්ධනය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ගෙන හැර පායි. එමෙන්ම මේ කරුණු සියල්ල කතුවරයා ඉදිරිපත් කරන්නේ සරල සහ කියවීමට ප්‍රිය උපදවන ශෛලියකිනි.
Rs 684.00
Rs 760.00
-10%
19 Wana Siyavase Dee Heladiva
19 වන සියවසේ දී හෙළදිව - 19 වන සියවසේ අප දිවයිනට පැමිණි එංගලන්ත සහ ඇමෙරිකානු සංචාරකයන් පස් දෙනෙකු, මෙහිදී ඇසූ, දුටු සහ විඳි දෑ පිළිබඳ ඔවුන්ගේ වාර්තාවන් වලින් තෝරාගත් අපූරු කොටස් මෙම ග්‍රන්ථයේ අඩංගු වෙයි.
Rs 504.00
Rs 560.00
-10%
Ceylon Adamge Paradisaya
සිලෝන් ආදම්ගේ පාරාදීසය - ඉංග්‍රීසි ජාතික කැරොලයින් කෝනර් කොලඹ වරායෙන් මෙරටට ගොඩ බසින්නේ යටත් විජිත සමයේදීය. ඒ සමකාලීනව ඇගේ සැමියා මෙරට යටත් විජිත කාර්‍යාලයේ නිලධාරියෙක් ලෙස සේවය කරමින් සිටියි. මෙරට සත් වසරක් ජීවත් වෙමින් ලැබූ අත්දැකීම් සහිතව ඇය ලියූ කෘතිය Ceylon; Paradise of Adam වෙයි. මේ එහි සිංහල පරිවර්තනයයි. සමකාලීන සිංහල ජන ජීවිතය, ඇදහිලි, විශ්වාස, චර්‍යා රටා, මෙරට විසූ අනෙකුත් ජන කොටස් පිළිබඳ තොරතුරු හා තේ වගාව සඳහා මෙරටට පැමිණි බ්‍රිතාන්‍යයන් ලැබූ අත්දැකීම් ආදිය ගැන කැරොලයින් කෝනර් මෙම කෘතියෙන් මනාව විස්තර කරයි.
Rs 1,125.00
Rs 1,250.00
-10%
Lakdiva Pauranika Nagara
ලක්දිව පෞරාණික නගර  - ලංකාව ගැන පොත් කිහිපයක්ම ලියූ හෙන්රි විලියම් කේව්ගේ Ruined Cities of Ceylon පොත මුලින්ම පළවූයේ 1897 දී ලන්ඩනයේ දී ය. මාතලේට දුම්රියෙන් ගොස් එහි සිට කරත්තවල නැගී අපේ වනගත පුරාණ නගර ගවේෂණයට ගිය රසවත් චාරිකාවක් ලෙස කේව් පොත රචනා කර තිබේ. මහාවංශයෙන් කරුණු උපුටා දක්වමින් පැරණි තොරතුරු සනාථ කිරීමට ද ඔහු උත්සාහ දරා ඇත. කේව් 1896 දී ගිය ඒ චාරිකාවේ දී ගත් අගනා සේයාරූ රාශියක් ද පොතේ ඇතුළත් ය. අපේ පැරණි නටබුන් ගැන මෙන්ම, ඒවා ආරක්ෂා කර ගැනීම ගැනත් විශේෂ ඇල්මක් මේ ඉංග්‍ර්‍රීසි ජාතිකයා තුළ පැවති බව ලංකාවේ පෞරාණික නගර කෘතිය කියවන ඔබට වැටහෙනු ඇත. පාඨකයන්ට මෙම ගවේෂණ කෘතිය කුතුහලය දනවන අපූරු අතීත චාරිකාවක් වනු නිසැක ය.
Rs 900.00
Rs 1,000.00
-10%
Nuthana Ithihasaya Desa Hari Baleemak
නූතන ඉතිහාසය දෙස හැරී බැලීමක් - මෙම කෘතිය මගින් ප්‍රකාශවන්නේ ආත්මාර්ථකාමී දේශපාලනයක යෙදුණු ස්වදේශීය ප්‍රභූවරුන්ගේ කතා පෙළකි.
Rs 405.00
Rs 450.00
-10%
Ranashura Weerayo
රණශුර වීරයෝ 
Rs 315.00
Rs 350.00
-10%
Jathiye Wimukthi Aragalaya
ජාතියේ විමුක්ති අරගලය - සිංහලයාගෙ විමුක්ති අරගලයේ ඉතිහාසය ඇසුරෙන් කෙරෙන අංශු මාත්‍ර විවරණයකි.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock
The Rise And Decline Of Theravada Buddhism In Tamil Country (Kerala)
Out-of-Stock
The Rise and Decline of Theravada Buddhism in Tamil Country (Kerala) - delves into the intriguing history of Theravada Buddhism in the Tamil region of Kerala. Through meticulous research and insightful analysis, this book explores the emergence, growth, and eventual decline of Theravada Buddhism in this area. From its origins to its interaction with local cultures and eventual decline, readers are offered a comprehensive understanding of the profound impact of Theravada Buddhism on the Tamil landscape. Whether you're a scholar, history enthusiast, or interested in the cultural heritage of Kerala, this book provides valuable insights into the dynamic evolution of Buddhism in the region.
Rs 1,530.00
Rs 1,700.00
-10%Out-of-Stock
Bharatheeya Darshana
Out-of-Stock
භාරතීය දර්ශන - මෙම සම්භාව්‍යය කෘතිය දර්ශනය පිළිබඳව සැළකිලිමත් වන ගුරු ශිෂ්‍ය දෙපක්ෂයට පමණක් නොව විද්වත් ලෝකයට ම ප්‍රදානය කරන ලද අමූල්‍ය වූ ග්‍රන්ථ රත්නයක් වන අතර මෙතෙක් සිංහලෙන් මෙබඳු කෘතියක් බිහි වී නොමැති බව ද සඳහන් කළ හැකිය.
Rs 2,250.00
Rs 2,500.00