Best sellers

New
Bauddha Achara Samachara pudapooja Ha Abhichara Kramayanhi Dharmamaya Padanama
''බෞද්ධ ආචාර සමාචාර, පුදපූජා හා අභිචාර ක්‍රමයන්හි ධර්මමය පදනම" යන මෙම කෘතිය තුළින් ප්‍රාග් බෞද්ධ අභිචාර විධි සහ ඒවායේ බුද්ධකාලීන පසුබිම මෙන් ම ථෙරවාද, මහායාන හා වජ්‍රයාන යන ප්‍රධාන බෞද්ධ සම්ප්‍රදායත්‍රය ම අන්තර් ග්‍රහණය වන අයුරින් මෙහි කරුණු ඉදිරිපත් කර තිබේ. එම සම්ප්‍රදායයන් තුළ බෞද්ධ අභිචාරයන්හි ප්‍රභවය, විකාශය සහ සමාජානුයෝජනය පිළිබඳ නව්‍යතම මතවාද තර්කානුකූලව ඉදිරිපත් කිරීම තුළින් මෙම ග්‍රන්ථයේ ශාස්ත්‍රීය ගුණය වර්ධනය කර තිබෙන අයුරු ප්‍රශස්තය.
මෙම ග්‍රන්ථය විශේෂයෙන් ම විශ්ව විද්‍යාලයන් බඳු උසස් අධ්‍යාපන ආයතනයන්හි ශාස්ත්‍රීය පර්යේෂණවල නියැළෙන ශාස්ත්‍රඥයන්ට මෙන් ම සාමාන්‍ය හුදී ජනයාට සම සේ ප්‍රයෝජනවත් විය හැකි හස්තසාර ග්‍රන්ථයක් වනු නොඅනුමානය
Rs 900.00
Out-of-Stock
navagrahayangen Helivana Palapala
Out-of-Stock
මෙය වනාහි දෛවඥවාවස්පති ශ්‍රී වාසුදේවගුප්තයන් විසින් ලියන ලද "ග්‍රහපලදර්පණ" නම් කෘතියේ සිංහල අනුවාදයයි මෙහි මුල ග්‍රන්ථය අස්මදාචාර්යය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමශ්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධූරණ අග්ගමහා පණ්ඩිත, ආචාර්යය බෙල්ලන ශ්‍රී ඤාණ විමලාභිධාන මාහිමිපාණන් වහන්සේට ඉදිරිපත් කරන ලදුව කෙසේ හෝ මෙය සිංහලට පරිවර්තනය කරනු ලෙස උන්වහන්සේගෙන් දිරිගැන්වීමක් ලැබිණි. මා තදබල ලෙස රෝගාතුරව සිටින මෙවන් අවස්ථාවකදී වුවත් ධෛර්යයෙන් යුතුව එම ඉල්ලීම ඉටු කළෙමි.මෙහි කතුවරයා විසින් නවග්‍රහයින්ගේ පලාපල පිළිබඳ භාවාත්ථ සහිතව මෙම කෘතිය රචනා කර තිබේ. සංස්කෘත ශ්ලෝක හා එහි භාවාත්ථය මෙහි අන්තර්ගතව ඇත. පදානු පදික පරිවර්තනයක් මෙහි නොමැත. මෙයට ප්‍රස්තාවනාවක් සපයා ඇති ශ්‍රී සීතාරාමන්ධා විසින් එය අනුමත කර තිබේ. මෙය කියවා පාඨකයා අවබෝධය ලබා ගත යුතුය.
මෙම කෘතිය මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කළේ අප හිතාදර ගොඩගේ සහ සමාගමේ අධිපති විශ්ව ප්‍රකාශන ශිරෝමණී (විද්‍යාලංකාර) දේශබන්ධු සිරි සුමන ගොඩගේ මහත්මාණන් විසිනි. එතුමාට මගේ ප්‍රසාදය හිමිවෙයි. පරිගණක හා මුද්‍රණ කටයුතු කළේ දෙහිවල නැදිමාලේ ශ්‍රී දේවී ප්‍රින්ටර්ස් අධිපති මහේන්ද්‍ර සේනානායක මහතා හා ඔහුගේ දයාබර පුත්‍ර හරිත ධරෙන්ද්‍ර සේනානායක මහත්මා ඇතුළු කාර්යය මණ්ඩලය විසිනි. පිට කවරය සකස් කර දුන්නේ ඩබ්ලිව්. එම්. කේ. විජය බණ්ඩාර මහත්මා විසිනි. මගේ ශාස්ත්‍රීය කටයුතු වලට සහයෝගය ලබා දෙන එසේම ශොධ්‍යපත්‍ර බැලීමෙන් හා ශංසය ස්ථාන නිරාකරණය කිරීමෙන් උපකාර කළ විශ්‍රාමලත් කථිකාචාර්ය, ශාස්ත්‍රපති, එච්. එල්. එස් අභයසිංහ මහතා ඇතුළු සියළු දෙනාටම මගේ අශිංසනය පිරිනැමේ.
හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි
Henri Marshal Sinhale
වෛද්‍ය හෙන්රි මාර්ෂල් ම සිය සංඥාපනයේ පවසන පරිදි ඔහු 1808 දී ලංකාවට පැමිණියේ ය; කන්ද උඩරට රාජධානිය අත්පත් කරගැනීම සඳහා 1814 දී සංවිධානය කළ හමුදාවේ පළමු වන සේනාංකයට අයත් වූයේ ය. 1816 සිට 1821 තෙක් උඩරට පළාත්වල ජ්‍යෙෂ්ඨ ම වෛද්‍ය නිලධරයා වූයේ ය.මේ නිසා ම වෛද්‍ය හෙන්රි මාර්ෂල් කන්ද උඩරට රාජ්‍යය ඉංග්‍රීසින් හට අත්පත් වීම හා 1818 උඩරට නිදහස් සටන ද යන, අප රටට අතිශයින් ම වැදගත් වූ චෙතිහාසික අවස්ථාවන්හි සාක්ෂ්‍ය කරුවෙකි; සිංහලයේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ හා කතාබස් කළ තැනැත්තෙකි; කැප්පෙටිපොළ මහ නිලමේ සිය මරණයට වීරෝදාර ලෙස මුහුණ දුන් අයුරු දෑසින් දුටු වාර්තාකරුවෙකි. අද අප ගේ ජාතික වස්තුවක් වන ඒ වීරයා ගේ හිස් කබල රැකුණේ ද ඒ අවස්ථාවේ දී මේ වෛද්‍යවරයා වය ආරක්ෂා කරගැනීමට කටයුතු කළ නිසාය.
දහනව වන සියවසේ ලංකාව පිළිබඳ ව යුරෝපීයයන් ලියූ අනෙක් කෘතිවලට වඩා මේ කෘතිය සුවිශේෂ වනුයේ වෛද්‍ය මාර්ෂල් මෙය රචනයේ දී දක්වා ඇති මධ්‍යස්ථ භාවය නිසා ය. එහි දී ඔහු හා සම වනුයේ වෛද්‍යවරයකු ම වූ ජෝන් ඩේවි පමණි. එයට අමතර ව, ලංකාව පිළිබඳ ව ඒ වන විට පළ ව තිබු ග්‍රන්ථයන් ගෙන් ද නොපළ වාර්තා සටහන්, දිනපොත්, ලියුම්, හමුදා වාර්තා සටහන් ආදි බොහෝ මූලාශ්‍රයයන්ගෙන් ද උපුටාගත් කරුණු වලින් මේ ග්‍රන්ථය පිරි පවතී.
Rs 950.00
Ahalepolage jeewitha kathawa
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ අවසාන රාජාණ්ඩු සමය දෙදරුම් කළ ප්‍රබලම චරිතය ඇහැලෙපොළ මහා අදිකාරම්ය. සෙංකඩගල රාජධානියේ බලය සහ ඉංග්‍රීසි ආක්‍රමණිකයන්ගේ කූටෝපායන් මැද දෝලනය වූ ඔහුගේ ජීවිතය, වීරත්වයේත් ශෝකාන්තයේත් අසමසම එකතුවකි.ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමඟ ඇති වූ ගැටුම හමුවේ, ඇහැලෙපොළ කුමාරිහාමි සහ දරුවන් මුහුණ දුන් අතිශය අමානුෂික ඛේදනීය ඉරණම සිංහල ඉතිහාසයේ නොමැකෙන කැළලකි. බලය උදෙසා රට පාවා දුන් ද්‍රෝහියෙකු ද? නැතහොත් කෲර පාලනයකට එරෙහි වූ විප්ලවවාදියෙකු ද?
1815 උඩරට ගිවිසුම හරහා රාජධානි පෙරළියට මඟ පෑදූ ඔහුගේ භූමිකාවත්, පසුව ඉංග්‍රීසින් අතින්ම සිරකරුවෙකු වී මොරිෂස් දූපතේදී අවසන් හුස්ම හෙළීමට සිදු වූ ඉරණමත් මෙම කෘතියෙන් විමර්ශනය කෙරේ. ඉතිහාසයේ සැඟවුණු සත්‍ය සොයා යන පාඨකයාට මෙය අගනා අත්දැකීමකි.
Rs 1,200.00
Patichcha Samuppadaya Manasa Pilibada Wishleshanayak
පටිච්ච සමුප්පාදය මනස පිළිබද විශ්ලේෂණයක් යන මෙම කෘතිය වසර පහළොවක පමණ කාලයක සිට භාවනාවෙහි යෙදී අත්දැකීම් ලබාගෙන සිටින නිමල් ප්‍රනාන්දු මහතා විසින් රචනාකර ඇති අතර එය සත්වයකුගේ භවාන්තර උත්පත්තිය සංසාරික පැවැත්ම ධර්මාවබෝධය හා නිර්වාණවබෝධය පිළිබදව විස්තර කරයි.නොයෙකුත් කරුණු සංයෝජනය වීමෙන් මුළු විශ්වධාතුවම ඇතුළුව එහි තුළ අන්තර්ගත සියලු වස්තූන්හි හටගැන්ම,පැවැත්ම අභාවයටපත්වීම හා නැවත හට ගැන්ම සිදුවන බවත් මේ චක්‍රයෙන් මිදී යා හැකි බවත් ඒ සදහා මාර්ගයයක් පවත්නා බවත් ධර්මයෙහි විග්‍රහ වේ.
මෙම ග්‍රන්ථයේ කර්තෘ නිමල් ප්‍රනාන්දු මහතා පටිච්ච සමුප්පාදය තුළින් සිත පිළිබද විශ්ලේෂණයක් මෙහි ඉදිරිපත් කර ඇත. පටිච්ච සමුප්පාදය පිළිබදව ගැඹුරු අවබෝධයක් නොමැති අයට වුවද ඒ පිළිබදව ක්‍රමානුකූල අවබෝධයක් ලබා ගැනීමට පිටුවහලක් වන ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,050.00
Out-of-Stock
Deva Withthi Sahitha Kolmura Kavi
Out-of-Stock
දිගු කලක සිට මෙරට භාවිත වන, දෙවියන් පිළිබඳ කවි එක් රැස් කොට තනි පොතක් වශයෙන් අද ඔබ අතට පමුණුවන මෙම කෘතිය. රුහුණු මාගම් පුර පෙදෙසේත්, සබරගමු පළාතේ හා නුවර ගම්පොළ ආදි පළාත් වලත් භාවිත වන  දේව කවි  රැසක එකතුවක් ලෙස හැදින්විය හැකිය.
Sinhala Thupa Wanshaya
දුටුගැමුණු මහ රජතුමා විසින් අනුරාධපුරයෙහි කරවන ලද රුවන් වැලි සෑය පිළිබඳ ඉතිහාසය පවසන ථුපවංශ' නම් වූ මේ ග්‍රන්ථය සකල විද්‍යාචක්‍රවර්ති පරාක්‍රම පණ්ඩිත නම් උගතෙකු විසින් රචනා කරන ලද්දකි.මේ පඬිවරයා හා බුත්සරණ කළ විද්‍යා චක්‍රවර්තීන් එක් කෙනෙක්ම යයි මීට කලකට පෙර අප අදහස වූ නමුත් ඒ අදහස වැරදි බව කියන්ට දැන් කරුණු තිබේ.බුත්සරණෙහි භාෂාව හා වෙනත් කරුණුත් පරික්ෂා කළ විට පෙනෙන්නේ එය පොළොන්නරු කාලයට අයත් ය යන බවය. ථූපවංශයෙහි සමහර තැන බුත්සරණින් ගෙන යෙදූ පාඨ තිබෙන නමුත් එය කුරුණෑගල කාලයට අයත් බව එහි තිබෙන ද්‍රවිඩ වචන බහුල වූ භාෂාවෙන් ඔප්පු වේ. මෙහි පෙනෙන ' මයිලඩි' ආදී සමහර ද්‍රවිඩ වචන අනික් සිංහල පොතක නැත්තේය.
මහා ස්තූපය පිළිබඳ ඉතිහාසය ඇතුළත් මේ පොතෙහි මුල බුද්ධ චරිතය සංක්ෂේපයෙන් දක්වන ලදී. මාර යුද්ධය මනොරමාකාරයෙන් මෙහි දක්වන ලදී. දශ පාරමිතාවන් යොධත්වයෙන් රූපණය කොට කළ වර්ණනාව අතිශය චමත්කාර ජනකය.මේ පොත බෞද්ධයන් විසින් බණ පොතක් ලෙස ආදරයෙන් කියවනු ලැබේ. සමහර විට අධ්‍යයන පරීක්ෂණයන් සඳහා ද මෙහි කොටස් නියම කරනු ලැබේ.සම්පූර්ණ ථුප වංශය දැන් සුලභ නොවේ. ඒ පිළිබඳ ව යෙදීමට අපට කාලයක් නොමැති හෙයින් ඒ කාර්යය විද්‍යොදය පිරිවෙනෙහි ආචාර්යවරයෙකු වූ පණ්ඩිත ගලගම සරණංකර ස්ථවිර නමට පැවරිමු. ඒ ස්ථවිර නම විසින් මෙය සකස් කර ඉතා අමාරු ගැටපදයට විවරණයක් ද සම්පාදනය කරන ලදී. මේ පොත කියවන සාමාන්‍ය බෞද්ධයන්ට ඒ ගැටපද විවරණය ප්‍රයෝජනවත් විය හැකිය.
වැලිවිටියේ සෝරත නායක ස්ථවිර
Rs 800.00
Jataka Tales Of The Buddha 4, 5, 6
Reincarnation or Rebirth was something taken for granted and a living reality in the continent of India 2600 years ago. Considering the present-day scenario, the West is inching its way into accepting reincarnation as something similar judging from various publications and experiments on hypnotic regression. In these stories found within these pages have been enumerated the past births of the Buddha, which were delivered as discourses as a cure for a certain psychological malady of a certain monk. These stories are parabolic in their exhortations and full of insights into leading a life fully in accordance with the morality inculcated in Buddhism. There are 548 Jataka Stories in all. Earlier 217 of these Tales were published with the translator and editorship of Ken and Visakha Kawasaki. The 331 odd stories found in this three-volume treatise is published as a sequel to the above with the translator and editorship of Mr. Viranjeewa Weerakkody.
Rs 4,950.00
Karambagale Ath Weda Potha
කරඹගල වනාහි පැරණි රොහණ රාජ්‍යයට අයත් සම්බුද්ධාගමනයේ ආදිම අවස්ථාව වන  ‌කාවන්තිස්ස සමයේ සිට මහත් ප්‍රසිද්ධියක් උසුලන බෞද්ධ පූජණීය ස්ථානයකි. ලංකා ශාසන ප්‍රවෘත්තිවල කරඤ්ජක ලෙන නමින් ව්‍යවහාර වූ මෙහි එකල මහරහතන් වහන්සේලා පවා වැඩසිටි බැව් පාළි භාෂාවෙන් ලියා තිබෙන ඇතැම් කථා වස්තු වලින් පෙනේ. මෙහි වූ ඇතැම් ගල් ගුහාවල ලංකාවේ ආදිම යුගයට අයත් අවුරුදු දෙදහසකට වඩා පැරණි බෞද්ධ සිතියම් තිබේ. එකල විසූ රහතන් වහන්සේලාගේ ප්‍රයෝජනය පිණිස පහළ වූ උනුදිය උල්පත් පවා මෙහි ඇති බැව් පුරාවෘත්තයන්හි සඳහන් වෙයි.සත්වයන්ගේ මනොරොග නිවාරණය සඳහා ක්‍රියා කළ භික්ෂූන් වහන්සේලා විසූ මෙම රමණීය ගල් විහාරයෙහි සත්‍වයන්ගේ කායික රෝග නිවාරණයටත් අවශ්‍ය ඖෂධ යොග ද ලියා තිබෙන බැව් මේ පොතෙන් පෙනේ. නොයෙක් වර්ග වලට අයත් රෝග සඳහා ලියන ලද ප්‍රත්‍යක්ෂතම ඖෂධ වට්ටෝරු 577 කට වැඩි ගණනක් මෙහි ඇතුළත්ව ඇත.
ඒ ඒ වට්ටෝරුවල භාෂා විලාසය අනුව සලකන විට අවුරුදු 1000 ක පමණ කාලයක සිට වරින්වර එකතු කළ වට්ටෝරු එක තැනක ලිවීමෙන් මෙය පොතක් වශයෙන් සකස් වී තිබෙන බැව් සිතිය හැක.මෙය වට්ටෝරු වෙද පොතකි. මෙහි ඇතුළත් ඇතැම් ඖෂධ යෝග වෙන කිසිම වෙද පොතක නොතිබෙන්නට පුළුවන. එකම පුස්කොළ පිටපතක් පමණක් තිබූ මේ පොත සකස් කිරීමේදී ලේඛකයන් අතින් සිදුවුනා යයි සිතිය හැකි සුළු සුළු අඩුපාඩු පමණක් සම්පූර්ණ කිරීම පමණකි මෙහි කර ඇත්තේ. පැරණි පුස්කොළ පිටපතත් මේ මුද්‍රිත පිටපතත් අතර ඊට වඩා යම්කිසි වෙනසක් සිදුවී නැත.
Rs 800.00
Chittahattha Maha Rahathan Wahane
මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ චිත්තහත්‍ථ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුන් වහන්සේ ද අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට අයත් නොවන මහ රහතන් වහන්සේ නමකි. එසේ ම ඒ තරම් ප්‍රකට නැති මහ රහතන් වහන්සේ නමකි. මේ උතුම් මහ රහත් චරිත කථාව සකසා ගැනීමේ දී ප්‍රධාන වශයෙන් භාවිත කළේ ධම්මපදට්ඨ කථාවත්, කුද්දාල ජාතකයත් ය.
ගෞතම බුදුසසුන තුළ මුන් වහන්සේ වඩා ත් ප්‍රකට වී ඇත්තේ සය වතාවක් සිවුරු හැරදමා ගොස් සත් වැනි වර නැවත පැවිදි වී අවසානයේ රාගාදී සියලු කෙලෙසුන් නසා දමා රහත් ඵලයට පත් වූ තෙරුන් වහන්සේ වශයෙනි. '
Rs 250.00
Cunningham's Erroneous Accounts Of Buddhist History
Drawing on colonial records and overlooked evidence, the author reveals how British authorities, confronted by strong resistance from Sri Lankan communities and the unifying influence of the Buddhist Sangha, came to regard Buddhism itself as a source of national cohesion. In response, colonial scholarship gradually shifted key elements of the Buddha's life and legacy away from Sri Lanka, weakening the island's historical and spiritual centrality to the tradition.
Rs 1,750.00
Jathaka Kathawen Mathuwana Ape Sanskruthiya
ජාතක පොත පොදුවේ අපේ සංස්කෘතිය කෙරෙහිත්, විශේෂයෙන් සාහිත්‍ය හා කලා ශිල්ප කෙරෙහිත් කර ඇති බලපෑම අනල්ප ය. එහෙයින් දිවයිනේ ප්‍රකට ගිහි පැවිදි වියතුන් කිහිප පළක් විසින් ජාතක පොතෙහි විවිධ අංශයන් අළලා කැරුණු දේශන වල පිටපත් රැගත් මෙම ලිපි සංග්‍රහය සිංහල සාහිත්‍යය වංශයට කැරෙන වැදැගත් එකතුවෙකි. මහාචාර්ය ඒ. වී. සුරවීර, මහාචාර්ය එම්. බී. ආරියපාල හා පණ්ඩිත බද්දේගම විමලවංස නා හිමි යන වියතුන් ගේ පර්යේෂණාත්මක හා සාර්ගර්භ ලිපි මෙහි ලා විශේෂයෙන් සඳහන් කරනු වටී.
Rs 175.00
Mudalata Gatha Nohaki Dhanaya
ප්‍රධාන පෙලේ මානව හිතවාදියෙක් ලෙස සැලකෙන රොබින් ශර්මා ලාබ නොලබන සමාජ සහ ආයතන රාශියක ආරම්භකයා වෙයි. ලෝකය පුරා දරිද්‍රතාවයෙන් පෙලෙන කුඩා දරුවන්ගේ සහ ළමුන්ගේ යහපත සඳහා ඔහුගේ අනුග්‍රහයෙන් පුන්‍ය ආයතන රාශියක් ක්‍රියාත්මක වන අතර ලාදුරු රෝගයෙන් පෙලෙන කුඩා දරුවන් නඟා සිටුවීම වෙනුවෙන් ඔහු සුවිශේෂී උනන්දුවක් දක්වයි. නායකත්ව පුහුණුව පිළිබඳ ලොව පුරා කීර්තියක් ලබන ශර්මා, පුද්ගල මානසික සංවර්ධනය ගැන ප්‍රවීනයෙකි. ආලෝකයට මං පෙන්වන්නෙක් වන මොහුගෙන් උපදෙස් ලබන්නන් අතර 'වාසනාවන්ත සමාගම් සියය ' මුල්කොට ගත් සුප්‍රසිද්ධ බිලියනපතියෝ, ප්‍රධාන පෙලේ ක්‍රීඩකයෝ, සංගීත ඔස්තාර්වරු සහ රාජකීයයෝ ද වෙති. ලෝකය පුරා ඉහලම ආදායම් ලබන සරල මනෝ විද්‍යාවටද බර, ජිවිත වලට යහ මහ පෙන්වන පොත් දාහතරක් ලියා ඇති මේ ප්‍රසිද්ධ දේශකයා, ජීවිතය සරි කර ගැනීමට අදාළව අභ්‍යාස පන්ති පවත්වමින් ලොව පුරා යයි. 'මුදලට ගත නොහැකි ධනය' නම් මෙම කෘතියද එලෙස ඔහුගේ අපිරිමිත උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,850.00
Saddarmapundarika Suthraya Kumarajeeva Himiyange China Parivarthanaya
මහායාන ධර්ම ග්‍රන්ථ අතුරින් ඉතා ම උසස් වූ ධර්ම ග්‍රන්ථයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් අතිශයින් සම්භාවනීය වූ සාහිත්‍ය කෘතියක් ලෙස  සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය සැලකෙන අතර. මහායානිකයන් කියා සිටින්නේ මෙම සූත්‍රය බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර අතුරින් ඉතා ම මූලික වූ සූත්‍රය වන බව යි. එමෙන් ම ඓතිහාසික වශයෙන්ද මෙය ඉතා පැරණි වන බව විචාරකයෝ කියා සිටිති. බුද්ධ දේශිත මුල් ම සූත්‍ර අතුරින් මෙය ප්‍රධාන තැන් ගන්නා බව මහායානිකයන්ගේ අදහස වන අතර 'සද්ධර්මපුණ්ඩරීක සූත්‍රය' කුමාරජීව හිමියනන්ගේ චීන පරිවර්තනය ඇසුරින් මහාචාර්ය ලියොන් හුර්විට්ස් මහතාගේ ඉංග්‍රීසි පරිවර්තනය ඇසුරින් මහාචාර්ය ගුණපාල ධර්මසිරි මහතා විසින් සිංහලයට පරිවර්තනය කර ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 2,000.00
Gandhi - Durin hida Oba Piyaneni
'ගාන්ධි - දුරින් හිද ඔබ පියාණෙනි' නම් මෙම කෘතිය ඉන්දියානු ජනතාවගේ පියා වන මහත්මා ගාන්ධි සහ ඔහුගේ වැඩිමහල් පුතු වන හරිලාල් ගාන්ධි අතර තිබූ අරගලකාරී සම්බන්ධතාවය ගැන විස්තර වන නව්‍යවාදී විශිෂ්ට ගණයේ නිර්මාණයක් ලෙස හැදින්විය හැකිය.
Rs 300.00
Out-of-Stock
Jyothishaye Nopenena Manaya
Out-of-Stock
ජ්‍යෝතිෂයේ නොපෙනෙන මානය නැමැති මෙම කෘතිය ආචාර්ය පියසේන රතුවිනාන මහතා විසින් රචනා කර ඇති අතර කෙනෙකුගේ ජන්මපත්‍රයේ උපන් වේලාවේ සිට මරණය දක්වා ගමන් කරන මේ භව ගමනේ දී ජ්‍යෝතිෂයට අනුව තමන්ට බල පිහිටන ග්‍රහයන්  කවරෙක්ද ? එසේ තම තමන්ගේ ජිවිත වලට එවැනි ග්‍රහයන් බලපැවැත් වෙන්නේ කෙසේද ? එසේම ජ්‍යෝතිෂයේ ගුප්ත ස්වභාවය, නොපෙනෙන මානය යන මෙවැනි දේ පිළිබදව ඉතා පුළුල් විශ්ලේෂනයකින් අනතුරුව එළිදක්වන ලද ඉතාමත් වටිනා   කෘතියක් ලෙස හැදින්විය හැකිය. 
E Ama Niwan Suwa Boho Dura Nowe
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත 'ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ ' යන මෙම කෘතිය මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරින් විරචිත අතර නිවැරදි ධර්මඤානයක් අවබෝධ කර ගැනීම සදහා ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,050.00
Madyama Lanka Pura wurtha
පෙර පැවති පිළිවෙළ පිළිබඳ පුවත් ' පුරා වෘත්තය ' යි සැලකෙයි. අන්තිම සිංහල රාජධානිය වූ සෙංකඩගලපුරය ඇතුළු ප්‍රදේශත්‍රයකින් සමන්විත මධ්‍යම ප්‍රදේශය පිළිබඳ එබඳු පුවත් ඇතුළත් මෙම ග්‍රන්ථය මධ්‍යම ලංකා පුරාවෘත්ත නම් වේ.
Rs 850.00
Ruwanweli Maha Seya
තුන් ලෝකයෙහි ම වැඩි ම සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටින ස්වර්ණමාලි නම් පූජනීය චෛත්‍යයෙහි කථා ප්‍රවෘත්තිය, රුවන්වැලි මහා සෑය නම් මෙම සදහම් ග්‍රන්ථය තුළින් කියවේ. මෙම ග්‍රන්ථය කියවා අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයෙන් යුතු ව චෛත්‍යය වන්දනාවේ යෙදීම තුළින් ජීවමාන බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කළා සේ ම පින්දහම් රැස් කර ගත හැකි ය.
Rs 320.00
Poya Dolaha
පෝය දොළහ නම් මෙම කුඩා පොත්පිංච බටුවත්තේ රාහුල හිමියන් විසින් රචනා කරන ලද අතර මෙම ග්‍රන්ථය තුළ පෝය දොළහ පිළිබදව ඉතා සංශිප්ත ලෙස විස්තර කර ඇති ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය. බෞද්ධයකු සුරතව නිසැකව  තිබිය යුතු කුඩා ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 180.00
Ribeiro Dutu Lankawa
'Ribeiro History Of Ceilao' නම් වූ මෙම ග්‍රන්ථය පෘතුගීසි භාෂාවෙන් මුලින්ම ලියැවුණේ දාසය වන ශතවර්ෂයේ දී  වන අතර එය ඉංග්‍රීසියට පරිවර්තනය කෙරුණේ විද්වත් පී.ඊ. පීරිස් දැරණියගල මහතා විසිනි. මෙම ග්‍රන්ථය ඉතා දුර්ලභ ග්‍රන්ථයක්ව පැවති සමයක රත්නපුර, නීතීඥ වෝල්ටර් සිල්වා මහතාගේ පෞද්ගලික පුස්තකාලයේ ඉතා ආරක්ෂිතව පැවති හෙයින් වර්ථමාන පාඨකයා හට රස විදීම සදහා එම අවස්ථාව උදා වන අතර මෙම ග්‍රන්ථය තුළ මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික හා දේශපාලනය පිළිබද කරුණු බොහෝමයක් ගම්‍ය වේ.
Rs 1,980.00
On sale!-Rs 25,655.00Pack
Suthra Pitakaya - 35 Complete Set of Books
ත්‍රිපිටකයේ දෙවන කොටස සුත්‍ර පිටකය යි. සූත්‍ර පිටකයට අයත් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පරම ගම්භීර ශ්‍රී සද්ධර්මය යි. සුත්‍ර දේශනා දාහත් දාහකට වඩා මෙහි අන්තර්ගතය. එය ප්‍රධාන කොටස් (නිකාය) පහකින් සමන්විතය. ඒවා නම්, දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය සහ ඛුද්දක නිකාය යනාදිය යි.සූත්‍ර පිටකය ග්‍රන්ථ 35කින් යුක්ත වේ. මෙම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතුය. යථාවබෝධය ලබනු පිණිස අවංකව වීර්‍යය කරන්නා වූ සියල්ලන්ටම අපගේ ශක්ති ප්‍රමාණයෙන් උපකාර කිරීම අපගේ අභිලාෂයයි. ලෝ වටා සිටින සියල්ලන්ටම ත්‍රිපිටකය පහසුවෙන් ලබා ගැනීමට සැලැස්වීම බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය වන අපගේ එක් පියවරකි.
Rs 59,110.00
Rs 84,765.00
Out-of-Stock
Senkadagala Yugaye Wew Jalasha Ha Wari Karmanthaya
Out-of-Stock
“ සෙංකඩගල යුගයේ වැව් ජලාශ හා වාරි කර්මාන්ත " උප ග්‍රන්ථ දෙකක් සහිත ශාස්ත්‍රීය ගවේෂණයකි. සෙංකඩගල යුගයේ ඉදි කළ වැව් ජලාශ හා වාරි කර්මාන්ත ගැන මූලාශ සිය ගණනක් දිගු කලක් ගෙන පරීක්ෂා කොට සකස් කළ නිබන්ධනයක් වන අතරමෙහි උප ග්‍රන්ථ ලෙස තවත් මේ යුගයට අයත් අංග හතක් එකතු කර ඇත.