Nava Kavi Saraniya නව කවි සරණිය - ”නව කවි සරණිය” නමැති මෙම කෘතියෙහි නූතන කවීන් දහ දෙනෙකුගේ රචනා හතළිස්පහක් ඇතුළත්ය. මෙය ප‍්‍රාචීන විභාගයන් සදහා නිර්දේශිත කෘතියකි. Rs 450.00 Add to cart Buy
Godaval Pahak Alla Ganeema ගොඩවල් පහක් අල්ලා ගැනීම - පංචස්කන්ධය පිළිබඳව කරන ලද විග්‍රහයකි. මෙහි ගොඩවල් 5ක් යනුවෙන් අදහස් කරනු ලබන්නේ ස්කන්ධයෝ පසට ය. ගැඹුරු වූ ධර්ම න්‍යායක් වන එය ධර්මයේ සඳහන් සියුම් කරුණු තේරුම් කර දෙමින්, මාතෘකා 27ක් ඔස්සේ උපාදානස්කන්ධයෝ නිවනට බාධාවන හැටි මෙහිදී සාකච්ඡා කරනු ලබයි.. Rs 375.00 Add to cart Buy
Bauddha Dava Sankalpayen Pilibibu Wana Buddha Kalina Puravurththa බෞද්ධ දේව සංකල්පයෙන් පිළිබිඹු වන බුද්ධ කාලීන පුරාවත - ක්‍රිස්තු පූර්ව 1500 වන විට ඉතා ශක්තිමත් නාගරික සභ්‍යත්වයක් පැවති ඉන්දු නිම්න ශිෂ්ටාචාරය විනාශ කොට එම නටඹුන් මත තම කූඩාරම් අටවාගත් ආර්ය ආක්‍රමණිකයත් හා ස්වදේශිකයන් අතර පැවති සටන් වේද ග්‍රන්ථ ලියන කාලය වන විට පුරාවෘත්ත බවට පත් වී පැවති ආකාරය සුර අසුර යුද පිළිබඳ කථාවලින් දැක්වේ. පාලි ත්‍රිපිටක ග්‍රන්ථවල නිතර දැක්වෙන මෙවැනි පුරාවෘත්ත හුදු පුරාවෘත්ත පමණක් වන බව දැනගත් බුදුහිමියෝ ඒවා ගැඹුරු ධර්ම සංකල්පයන් පහසුවෙන් තේරුම් කිරීම සඳහා යොදාගත් ආකාරය පාළි ත්‍රිපිටක ග්‍රන්ථවල දැක්වේ. කතුවරයා උපමා සහ සත්‍යය වෙන්වෙන්ව හඳුනා ගැනීමට සමත්‌ව ඇතිබව මෙම ග්‍රන්ථයෙන් ස්ඵුට වේ. Rs 350.00 Add to cart Buy
Sanskrutha Sahitya Praweshaya සංස්කෘත සාහිත්‍ය ප්‍රවේශය - මානව වංශකථාවේ සාහිත්‍යමය වශයෙන් ඉතා පැරණිතම සාහිත්‍යය වන්නේ සංස්කෘත සාහිත්‍යයි. සංස්කෘත සාහිත්‍යය ඇති අග්‍රගණ්‍යම කොටස් පිළිබඳව මනා වැටහීමක් ලබාගැනීමට හැකිවන පරිදි ඒ පිළිබඳව උනන්දුවන සියලු දෙනාටම සරලව හා සාහිත්‍යය රසය විඳීමට හැකි ලෙස පණ්ඩිත කුමාරදාස මුණසිංහයන් විසින් සංස්කෘත සාහිත්‍ය ප්‍රවේශය රචනා කර ඇත. Rs 250.00 Add to cart Buy
Out-of-Stock Prakrutha Nama Waranagilla Out-of-Stock ප‍්‍රාකෘත නාම වරනැගිල්ල - පාලි භාෂා අධ්‍යයනයට අමතර අර්ධමාගධී, මහාරාෂ්ටී වැනි අනෙකුත් ප‍්‍රාකෘත භාෂා අධ්‍යයනයෙහි යෙදෙන විද්‍යාර්ථීන් වෙත ප‍්‍රධානය කරනු ලබන මහඟු ත්‍යාගයක් ලෙස මෙම කෘතිය හැදින්විය හැකිය. Rs 220.00 Details View details
Senaha Shathakam Beheth Thel Potha ස්නේහ ශතකම් (බෙහෙත් වෙද පොත) - බුද්ධරාජ, ප‍්‍රාණජීව, සිද්ධාර්ථ, නාරායන ආදී දේශීය වෙදකමේ දී යොදා ගන්නා තෙල් වර්ග සියයක් ද ඒවා යොදන අවස්ථාවන් හා සාදාගන්නා අන්දම ද මෙහි සදහන් වේ. දේශීය වෛද්‍යවරුන්ට පරිහරණයට අගනා පොතකි. Rs 200.00 Add to cart Buy
Udarata Behethgei Ath Weda Potha උඩරට බෙහෙත්ගෙයි අත්වෙද පොත - ජම්බීර කල්කය, ආතඝාර ගුලිය, ශ‍්‍රී බ‍්‍රහ්මාදී රසය, හෙනරාජ කෂාය වැනි ඖෂධ සැකසුම හා විවිධ රෝගයන්ට ඒවා යොදන ආකාරය සමග කළ යුතු ප‍්‍රතිකාර ඇතුළත් පැරණි ග‍්‍රන්ථයකි. Rs 120.00 Add to cart Buy
Out-of-Stock Wana Weda Potha Out-of-Stock වන වෙද පොත - ශරීරයේ විවිධ ස්ථානයන් හි සෑදෙන ගෙඩි, වණ, පිළිකා, මස්දලූ, ආදියට සුදුසු ප‍්‍රතිකාර ද ඔඩු තෙල් ද වලිප්පුවට හා රත ගායට සුදුසු ඖෂධයන් ද ඇතුළත් පැරණි ග‍්‍රන්ථ පිටපතකි. Rs 100.00 Details View details
Yogadaranaya යෝගාදාරණය - ගර්භණීන්ට, සූතිකාවන්ට සහ දරුවන්ට ප‍්‍රමේහ, දියවැඩියාව, පක්‍ෂඝාත, උපදංශ, පීනස ඇතුළු විවිධ රෝගවලට ප‍්‍රතිකාර ඇතුළත් වන පැරණි පොතකි. Rs 185.00 Add to cart Buy
Deshiya Hasthasara Aushada Yoga - 1 දේශීය හස්තසාර ඖෂධ යෝග 1 - සෑම ගෙදරක්ම වෙද ගෙදරක් කරමු යන තේමාව යටතේ 1988 මැයි මස ඇරඹූ ආයුර්වේද පත‍්‍රය ජනතාව අතට පත් කළ වට්ටෝරු අතුරෙන් 2000 වර්ෂයේ මැයි මස දක්වා පළ වූ සර්වාංග වෙදකමට අදාළ වට්ටෝරු මෙම පොතට ඇතුළත් කර ඇත. Rs 250.00 Add to cart Buy
Arhath Marga Or The Path Of Freedom A treatise on Buddhist philosophy explaining how to achieve liberation by most Ven. C.A. Seelakkhandha Thero. Rs 350.00 Add to cart Buy
Out-of-Stock Saukhaya Wadena Jeevana Kramaya Out-of-Stock අධික රුධිර පීඩනය, රුධිර සීනි ප්‍රවනාහයට රුධිර සංසරණ පද්ධතියේ බලපෑම, රුධිර තෙල් අධිකවීම, රෝගයන් පාලනය කිරීමට හදවතෙහි ආබාධයන්ට බලපාන සාධක - ආදී මිනිසාගේ සෞඛ්‍ය පරිපාලනය කිරීමට බෞද්ධ මනෝ විද්‍යාවෙන් ලැබෙන අනුග්‍රහයන් කෙසේද යන්න විග්‍රහ කරන ලද ග්‍රන්ථයකි.. Rs 330.00 Details View details
Jathika Thotilla ජාතික තොටිල්ල - පරාධීනව සිටි සිංහල ජාතියේ ඉදිරි පරපුරට නිදහස් පහන් එළිය දක්වනු පිණිස රචිත ජාතික වීර කාව්‍යයකි. Rs 150.00 Add to cart Buy
Obe Watinakama Wedikara Ganna ඔබේ වටිනාකම වැඩිකර ගන්න - විවිධ උත්සව සංවිධානය කිරීමේදී බොහෝවිට සිදුවිය හැකි අඩුපාඩු ගැන අවධානයකින් යුතුව රචනා කොට ඇති මෙම කෘතියෙන් මිනිස් අවශ්‍යතා හා සංවිධානගත වීම පිළිබදව පැහැදිලි අවබෝධයක් කියවන්නාට ලබාගත හැකි පරිදි කරුණු පෙළගස්වා ඇත. Rs 375.00 Add to cart Buy
Rudraksha Bhavithaya Saha Jyothishaya රුද්‍රාක්‍ෂ භාවිතය සහ ජ්‍යොතිෂය - නිවැරදිව හා ජ්‍යොතිෂ ශාස්ත‍්‍රානුකූලව රුද්‍රාක්‍ෂ භාවිතයට ගැනීම පිළබද අවබෝධයක් ලබාදීම සඳහා මෙම ග‍්‍රන්ථය පිටුවහලක් වනු ඇත. Rs 350.00 Add to cart Buy
Egypthu Abirahas -2 ඊජිප්තු අභිරහස් - 02 - මෙය කීර්තිමත් බ්‍රිතාන්‍ය ගවේෂක, ලේඛක පෝල් බ‍්‍රන්ටන් විසින් ඉකුත් ශතවර්ෂයේ තුන්වැනි දශකය ආරම්භයේ පමණ ඉපැරණි ඊජිප්තුවේත් පිරමීඩ තුළ හා මළවුන්ගේ නගරයේත් සංචාරය කොට සම්පාදනය කරන ලද විස්මිත කරුණු ඇතුළත් ''A search in Secrect Egypt'' කෘතියේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනයේ දෙවන හා අවසාන භාගයයි. Rs 400.00 Add to cart Buy
Piramida Bhuthayin Egypthu Sannaseen Ha Manthrakaruwan Samaga පිරමීඩ භූතයින් ඊජිප්තු සන්නාසීන් හා මන්ත‍්‍රකරුවන් සමග - මෙය කීර්තිමත් බ්‍රිතාන්‍ය ගවේෂක, ලේඛක පෝල් බ‍්‍රන්ටන් විසින් ඉකුත් ශතවර්ෂයේ තුන්වැනි දශකය ආරම්භයේ පමණ ඉපැරණි ඊජිප්තුවේත් පිරමීඩ තුළ හා මළවුන්ගේ නගරයේත් සංචාරය කොට සම්පාදනය කරන ලද විස්මිත කරුණු ඇතුළත් ''A search in Secrect Egypt'' කෘතියේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනයේ ප‍්‍රථම භාගයයි. Rs 350.00 Add to cart Buy
Amma "අම්මා" රුසියානු හා ලෝක සාහිත්‍යයේ උසස් තැනක් දරණ මාහැඟි කෘතියකි. අද වුව ද එය විප්ලවවාදී සාහිත්‍යයේ මුදුන් මල්කඩකි. ලෝක සාහිත්‍යයේ පළමුවැනි වරට අතිශයින් ම පැහැදිලි ලෙසත්, කම්කරු පන්තියේ ජීවන තතු පැහැදිලි කළ පළවැනි කෘතිය "අම්මා" ය. ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර් සමාජවාදී විප්ලවයේ නායකයාණන් වූ වී.අයි. ලෙනින් "අම්මා" දෘෂ්ටිමය හා දේශපාලනමය අතින් දැවැන්තමය වැදගත් කමක් උසුලන බැව් පැවසීය. Rs 1,000.00 Add to cart Buy
Lanka Urumaya ලංකා උරුමය - ලංකා උරුමය නම් ග්‍රන්ථය ලංකාද්වීපයේ අතීත කතාවන් ඉතාමත් රසැති බස යොදා ගනිමින් ඕනෑම අයෙකු සඳහා කියවා තේරුම් ගත හැකි වන පරිදි ලියැවුණු අගනා කෘතියකි. Rs 200.00 Add to cart Buy
Out-of-Stock Sen Bodu Katha Out-of-Stock සෙන් බොදු කතා - පරිණත ලේඛකයෙකු වූ පර්සි ජයමාන්න තම මාධ්‍ය වූ පුවත්පත් කලාවෙන්, කර්තෘත්වයෙන් එදා මෙදා තුර ගිණිය නොහෙන පිරිසකට අතහිත දුන්නේය. 'නස්රුදීන් සහ සුෆී' උපමා කතාවන්ගෙන් අපට අර්ථවත් රසයක් දායාද කළ මේ ලේඛකයා සෙන් දහම සම්බන්ධ සුනිශිත කතා පෙළකින් පාඨකයාට අනර්ඝ සංග්‍රහයක් කරයි. ධ්‍යාන නම් වූ අර්ථ විශද කරන සෙන් කතා ලෝකයේ බොහෝ දෙනෙකුට සැනසීම සැහැල්ලුව හා ඤාණ මාර්ගය විවෘත කර ඇත. විවෘත මනසකින් මේ කතා කියවා රස විඳින කලිහි පාඨකයාගේ ගුණ නැණ අවදි වෙයි. සිත කය වදන යන තුන්දොර සංවර වෙයි. ශික්ෂිත පුද්ගලයා තමන්ටත් ලෝකයාටත් මහඟු දායාදයකි. සරලව සිංහල බසට නඟා ඇති මේ සෙන් බොදු කතා දැඩි රුචියෙන් කියවා බලා එහි රසරුත් උකහා ගත හැකි ය. මේ මනරම් කතා කියවන පාඨකයාට ලැබෙන ප්‍රයෝජන අපමණ ය. Rs 750.00 Details View details
Mahamera "අර ගෑනි මහ හදිස්සියකට වාගේ දුවගෙන අවිත්, කවුරු එනවා කියල ද කිව්වේ හාමුදුරුවනේ?" "පාදිලිතුමෙක්" "මොනවා හාමුදුරුවනේ... පාදිලියො පන්සල්වලට එනවැයි?" "කාරි නෑ නොවැ. ඉස්සර මේ අපේ උන්නාන්සේලයි ඒ ඇත්තොයි අතර වාද භේද වාද විවාද බොහොමයි. දැන් ඒවා සමනය වෙලා ඇයි හොඳයිකම් පවා පවත්වනවා. මම ඒ ඇත්තොත් එක්ක තවමත් කතාබහ කර නැහැ. නමුත් එ් ඇත්තො දැනුම් තේරුම් තිබෙන යහපත් උදවිය බව අසා තියෙනවා." "ඕකනෙ කියන්නෙ... ඕනෑ වසවර්තියෙක් හාමුදුරුවන්ට හොඳයි. මං අහගෙනයි. පියදාසටත් එන්නෙයි කියලා කියනවා? ඌ එදා කියාපුවා හාමුදුරුවන්ට මතක නම් එන්නෙයි කියලා කියනව ද එහෙම?" "මට ඒවා අමතක යි සිංඤප්පු උන්නැහැ." ජයසේන ජයකොඩි මහතා විසින් රචිත ග්‍රන්ථයකි. Rs 550.00 Add to cart Buy