Best sellers

The Mission Accomplished
A historical analysis of the Mahaparinibbana Sutta of the Digha Nikaya of the Pali Canon. The Mission Accomplished is undoubtedly an eye opening contribution to Buddhist analytical Pali studies. In this analytical and critical work Ven. Dr. Pategama Gnanarama enlightens us in many areas of subjects hitherto unexplored by scholars. His views on the beginnings of the Bhikkhuni Order are interesting and refreshing. They might even be provocative to traditional readers, yet be challenging to the feminists to adopt a most positive attitude to the problem. Prof. Chandima Wijebandara, University of Sri Jayawardhanapura, Sri Lanka.
Rs 325.00
Sankshiptha Indiyanu Ithihasaya
සංක්ෂිප්ත ඉන්දියානු ඉතිහාසය - සංක්ෂිප්ත ඉන්දියානු ඉතිහාසය නමින් ප්‍රකාශිත මෙම ග්‍රන්ථය විශ්වවිද්‍යාල අභ්‍යන්තර සහ බාහිර විභාග සඳහා වූ ඉන්දියානු ඉතිහාසය පිළිබඳ විෂය නිර්දේශ අනුව සකසා ඇත. එසේ ම අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විෂය හදාරන සිසුන් සඳහාත් සෙසු උසස් විභාග සඳහාත් ඈත අතීතයේ සිට මධ්‍යතන අවධියේ අවසානය දක්වා ඉන්දියාවේ ඉතිහාසය විෂයයක් වශයෙන් හදාරන සිසුන්ට ද මෙය ප්‍රයෝජනයත් වේ.
Rs 950.00
Out-of-Stock
Fahiyan - Sunyun Denama Dutu Pinbim
Out-of-Stock
ෆාහියන් - සුංයුං දෙනම දුටු පින්බිම් - උතුම් ශ්‍රේෂ්ඨ නිර්භීත බුද්ධ පුත්‍රයන් වහන්සේලා දෙනමක් වූ ෆාහියන් හිමි සහ සුංයුං හිමි, උන්වහන්සේලාගේ ජීවිතය පරදුවට තබා මුළු මහත් ලෝක බොදු ජනතාව වෙත සිදු කළ සේවාවෙන් අල්ප ප්‍රමාණයක් මෙම කෘතියේ අන්තර්ගත වේ. අග්ග මහා පණ්ඩිත බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහ නාහිමියන්ගේ කෘතියක් පාදක කර ගනිමින් වෙනත් තොරතුරු ද ඇතුළත්ව රචනා කර ඇති මෙම කෘතිය පින්වත් බොදු ජනතාවගේ බුද්ධාලම්භන ප්‍රීතිය ඉහළ නැවීමට සමත් කෘතියක් ලෙස හැඳින්වීමට හැකි ය.
Lankawe Gami Janakatha - Thewana Veluma
ලංකාවේ ගැමි ජනකතා - තෙවන වෙළුම -  හෙන්රි පාර්ක් මහතා විසින් රචනා කළ 'Village Folk of Ceylon' කෘතිය වන්ද්‍රශ්‍රී රණසිංහ මහතා විසින් 'ලංකාවේ ගැමි ජනකතා' නමින් සිංහලය‌ට පරිවර්නය කර ඇත. මෙම කෘතිය සිංහල ජන කතා එක් රැස් කොට රචනා කරන ලද්දකි.
Rs 2,850.00
Bauddha Winaya Margaya Ha Pali Bhasha Parichaya
බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය - පසුගිය ප්‍රශ්න සහ පිළිතුරු පත්‍ර I,II - දහම් පාසල් බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය යන විෂය‌ට ප්‍රශ්නෝත්තර සංග්‍රහය දහම් අධ්‍යාපනය ලබන දරුවන්ට තම විභාග ඉලක්ක ජය ගන්නට මහත් අත්වැලකි. මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය පරිශීලනය කිරීමෙන් පිළිතුරු ගොනු කළ ආකාරය පිළිබඳ ව මනා අවබෝධයක් ලබා ගත හැකි ය.
Rs 350.00
Theravadi Buddha Dharmaye Mulika Iganveem
ථේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් - පසුගිය ප්‍රශ්න සහ පිළිතුරු පත්‍ර I-II
Rs 300.00
Bauddha Samaja Darshanaya - Pasugiya Prashna Saha Pilithuru
බෞද්ධ සමාජ දර්ශනය - බෞද්ධ සමාජ දර්ශනය පසුගිය ප්‍රශ්න සහ පිළිතුරු පත්‍ර I,II 
                           
Rs 300.00
Wisivani Siyavase Lakdiva Wihara Sithuvam Kalava
විසිවැනි සියවසේ ලක්දිව විහාර සිතුවම් කලාව - දර්ශනපති උඩුගම මෝහාන් නන්දන නානායක්කාරයන් ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු ලෙසත්, චිත්‍ර කලා නිර්මාණකරුවෙකු ලෙසත්, චිත්‍ර කලාව පිළිබඳ ප්‍රවීණ විචාරකයෙකු ලෙසත් දක්ෂිණ ලංකාවේ පමණක් නොව ඉන් බැහැරවත් අගනාකමක් දිනාගෙන ඇත. කලා ශිල්ප, චිත්‍ර, මූර්ති, කැටයම් පිළිබඳ ව ග්‍රන්ථ රැසක් නිර්මාණය කර ප්‍රකාශයට පත් කර ඇති මෝහාන් නන්දන සූරීන්ගේ නවතම කෘතිය වන මෙම "විසිවැනි සියවසේ ලක්දිව විහාර සිතුවම් කලාව" කෘතිය පෙන්වා දිය හැක.
Rs 750.00
Ethihasika Mahanuvara Natha Devalaya
ඓතිහාසික මහනුවර නාථ දේවාලය - ඓතිහාසික මහනුවර නාථ දේවාලය පිළිබඳ ව සිදු කළ පරියේෂණ කෘතියක් වශයෙන් මෙය හැඳින් වීමට හැකි ය. නාථ දේව සංකල්පය, මහනුවර නාථ දේවාලය, නාථ දේවාල පරිශ්‍රයේ ඉදිකිරීම් හා සබැඳි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ, නාථ දේවාලයේ පරිපාලන ව්‍යුහය, නාථ දේවාලය හා බැඳී පවතින චාරිත්‍ර, නාථ දේවාලයෙන් හමු වූ පුරාවස්තු යන පරිච්‌ජේදයන් යටතේ විස්තර කිරීම් සිදු කෙරේ.
Rs 500.00
Pali Bhasha Ithihasaya
පාලි භාෂා ඉතිහාසය - මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන හා විශ්වවිද්‍යාල උපාධි සඳහා පාලි භාෂාව හදාරන සිසුන්ගේ දැනුම අභිවර්ධනය සඳහා ය. කච්චායන සම්ප්‍රදාය පරිශිලනය කරමින් රචිත මෙම කෘතිය පාලි භාෂාව හදාරන ආධුනිකයන්හට ද අතිශයින් වැදගත් වේ. 
Rs 600.00
Lankawe Gami Janakatha - Dewana Veluma
ලංකාවේ ගැමි ජන කතා - දෙවන වෙළුම - හෙන්රි පාර්ක් මහතා විසින් රචනා කළ 'Village Folk of Ceylon' කෘතිය වන්ද්‍රශ්‍රී රණසිංහ මහතා විසින් 'ලංකාවේ ගැමි ජනකතා' නමින් සිංහලය‌ට පරිවර්නය කර ඇත. මෙම කෘතිය සිංහල ජන කතා එක් රැස් කොට රචනා කරන ලද්දකි.
Rs 2,065.00
Maha Mudra Bhawana
මහා මුද්‍රා භාවනා - "ටිබැට් භාවනා ක්‍රම අතර උසස් ම භාවනා ව ලෙස දැක්වෙන 'මහා මුද්‍රා භාවනාව' සාර්ථකව කිරීමෙන් ඇතිවන ප්‍රතිඵලය ලෙස දක්වා ඇත්තේ මේ ජීවිතයේ දී ම ධර්‍ම ප්‍රත්‍යක්ෂය ලැබීම ය. සුවාසූ (84) සිද්ධවරයන් පිිළිබඳ ටිබැට් කථා සංග්‍රහයේ දැක්වෙන්නේ ද මහා මුද්‍රාව ගුරුවරයෙකුගෙන් ශිෂ්‍යයාට සම්ප්‍රේෂණය වීමෙන් මේ ජීවිතයේ දී ම සිද්ධ හා මහා සිද්ධ බවට පත් වූ සමාජයේ විවිධ මට්ටම්වල සිටි යෝගීන් පිළිබඳව ය."
Rs 500.00
Aloka Margaya
ආලෝක මාර්ගය - "මෙය ජෝන් කොලින්ස් නැමැති ඉංග්‍රීසි කාන්තාවට අදෘශ්‍යමාන අතරමැදියෙකු භූතාත්ම ස්වරූපයෙන් පැමිණ සිහිනයෙන් සම්ප්‍රේෂණය කරන ලද්දකි. ඇය විසින් ඉන්පසුව මෙය ලිඛිත භාෂාව‌ට ගෙන ඇත. ඇය මෙම සිදුවීමට පෙර මෙම පොතට අයත් කරුණු කිසිවක් ගැන දැන සිටි නැති අතර, සිදු වූ සෑම දෙයක් ම ඇය නොදන්නා ආශ්චර්යයකි."
Rs 380.00
Out-of-Stock
Swabhawaye Swabhawayak
Out-of-Stock
ස්වභාවයේ ස්වභාවයක් - මෙය ලාඕට්ගේ "තාඕ තේ චින්" කෘතියේ සිංහල පරිවර්තනය යි.
Kalu Gonage Kathawa
කළු ගොනාගේ කතාව - ජාතක කතා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැ‌ඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'කණ්හ ජාතකය' යි.
Rs 250.00
Ruk Devivaru
රුක් දෙවිවරු - ජාතක කතා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැ‌ඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'රුක්ඛධම්ම ජාතකය' යි.
Rs 250.00
Jathaka Pothehi Adhimanushika Charitha
ජාතක පොතෙහි අධිමානුෂික චරිත - පූජ්‍ය කුකුරම්පොල ඤාණවිමල හිමිපාණන් විසින් රචිත "ජාතක පොතෙහි අධිමානුෂික චරිත" නම් වූ කෘතිය මෙතෙක් ජාතක පොත පිළිබඳ හෙළූ දෘෂ්ටිකෝණය වෙනත් මඟකට යොමු කරවීමට දැරූ උත්සහයක් ලෙස හඳුන්වා දිය හැකි ය. එහි දී උන්වහන්සේ විසින් ජාතක පොත පිළිබඳ ව මෙතෙක් නොදුටු අංශයකට තම විචක්ෂණාක්ෂිය යොමු කොට ති‌බේ. විශේෂයෙන් අධිමානුෂික චරිත මිනිස් දිවිය කෙරෙහි දක්වන බලපෑම අධීක්ෂණයට ලක් කොට තිබේ.
Rs 150.00
Bosath Sirithen Bana Katha 50 K
බෝසත් සිරිතෙන් බණ කථා 50 ක් - මෙම ග්‍රන්ථය අර්ථවත් බණ කථා 50 කින් සමන්විත වූ ග්‍රන්ථයකි. එක් එක් බණ කථාවෙන් ලබා ගත හැකි උපදේශන ද සඳහන් කොට තිබේ. 
Rs 130.00
Jeevathveme Arthaya Kumakda?
ජීවත්වීමේ අර්ථය කුමක්ද? - අජාන් බ්‍රහ්මවංසෝ මහ‌තෙරුන් වහන්සේ How to keep giving without reward මැයෙන් පැවැත් වූ දේශනයේ සිංහල පරිවර්තනය මෙම ග්‍රන්ථයේ සඳහන් වේ. 
Rs 150.00
Out-of-Stock
Kotikavaththe Saddhathissa Nahimi Dam Desum 3
Out-of-Stock
කොටිකාවත්තේ සද්ධාතිස්ස නාහිමි දම් දෙසුම් 3 - පූජ්‍ය කොටිකාවත්තේ සද්ධාතිස්ස නාහිමිපාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්‍ම දේශනා පදනම්ව සම්පාදනය වූ ග්‍රන්ථ පෙළෙහි තුන්වන ග්‍රන්ථය මෙය වේ.