Best sellers

Sahithya Janashruthiya Ha Sanskruthiya
සාහිත්‍යය - ජනශ්‍රැතිය හා සංස්කෘතිය - සාහිත්‍යය වූ කලී ජන සන්තානය තෘප්තිමත් කරමින් ජීවිතානුභූතීන් ගෙන එන සෞන්දර්‍යාත්මක විෂයයකි. පාරම්පරික ව පැවත එන ජනකතා, ජනකවි, ඇදහිලි, විශ්වාස, කෙළි සෙල්ලම් ආදී සියල්ල ජනශ්‍රැතියයි. රටක ජනතාවගේ කලා කෘති ආගමික චාරිත්‍ර වාරිත්‍ර ගෘහ නිර්මාණ විධි නැටුම් ගැයුම් ආදී වශයෙන් පවත්නා ශිෂ්ට මානව සමාජයේ විවිධාංග සංස්කෘතියට අයත් වේ. මෙම කෘතිය ඒ පුළුල් විෂයයන් යම් පමණකට ඔබ කරා ගෙන එයි. පාසල් අධ්‍යයනයට පමණක් නොව උසස් අධ්‍යාපනයට යොමු වූ අයට ද රටතොට වගතුග විමසන බුද්ධිමතුන්ට ද මේ පොත මහඟු කෘතියකි.
Rs 400.00
Out-of-Stock
Holman Saha Avathara Katha
Out-of-Stock
හොල්මන් සහ අවතාර කතා  - මුළු මහත් විශ්වයම අත්භූත සිදුවීම්වලින් පිරී පවතී. පෘථිවි තලයේ වාසය කරන අපට ඒවා දෘෂ්ටි මායා යැයි නිගමනය කළ හැකි ද ? මේ ගැන විමසුමක යෙදෙන විට හොල්මන් සහ අවතාර ගැන ද අසන්නට ලැබේ. මෙම කෘතිය ඒ ගැන සොයා බැලීමේ පර්‍යේෂණයකි. ඒ මතු ද නොව, මෙහි අන්තර්ගත කතා තුළින් ඔබට හොල්මන් සහ අවතාර දැකිය හැකි, ඒවා ගහන අත්භූත ලෝකයක සැරි සැරීමට ද පුළුවන. ත්‍රාසය, භීතිය, කුතුහලය, අවිනිශ්චිත්තාවය යන අනුභූතීන්ගෙ සම්මිශ්‍රණයක් වූ "හොල්මන් සහ අවතාර කතා" පාඨනය කිරීම ඔබට නවතම අත්දැකීමක් වනු නොඅනුමානය.
Out-of-Stock
Yapanaye Demala Janakatha
Out-of-Stock
යාපනයේ දෙමළ ජනකතා - ජනකතා අස්පර්ශනීය ජන උරුමයකි. ඕනෑම ජන සංස්කෘතියකට ඔවුනගේ සමාජ හෘදස්පන්දනය මැන ගැනීමට කදිම ජනශ්‍රැති මිම්මකි. යාපනයේ දෙමළ වැසියා ඉතා දිගුකලක් මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආ ජනකතා සම්ප්‍රදාය ලාංකේය ජනශ්‍රැති හිමිකමකි. බහුතර සිංහල ජනයාට යාපනයේ දෙමළ ජනකතා දුරාවබෝධ වූයේ, සිංහලට පරිවර්තනය නොවීමෙනි. පූජනී ගුණසේකර ජන පර්‍යේෂිකාව මැදිහත් වන්නේ පරපුරෙන් - පරපුරට දුරස් කළ යාපන දෙමළ - ජනකතා සිංහල සමාජයට සමීපකරවීමට ය. පූජනීත්, ඇගේ මැදිහත්වීමත් අදට වඩා හෙට බුහුමන් ලබන්නේ ; "යාපනයේ දෙමළ ජනකතා" සිංහල බසට නැඟී මුද්‍රණය වුණු පළමු දෙමළ ජනකතා එකතුව ලෙසිනි.
Sri Lankave Puskola Poth Lekhana Kalava
ශ්‍රී ලංකාවේ පුස්කොළ පොත් ලේඛන කලාව - පාරම්පරික දැනුම් සම්භාරය වන අපේ පැරණි පුස්කොළ පොත් පිළිබඳව පුරාවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් පර්‍යේෂණයක් සිදු කළ මුල්ම අවස්ථාව මෙය බව පෙන්විය හැක.
Rs 1,350.00
Sinhala Akuru Liyana Hati
සිංහල අකුරු ලියන හැටි - මෙම ග්‍රන්ථය දරුවන්ට උගන්වන ගුරු භවතුන්ට වගේ ම, දෙමාපියනුත් පරිහරණය කළොත් යම් දැනුමක් ලබනවා වගේ ම, දරුවන්ගේ අත් අකුරු ලස්සන කරන්නත් සමත් වන බව පැහැදිලි කළ හැකිය.
Rs 280.00
Pradesheeya Wyavahara Sahitha Wakkoshaya
ප්‍රාදේශීය ව්‍යවහාර සහිත වාක්කෝෂය - උසස් පෙළ පන්ති සඳහා නිර්දේශිත රූඪි ව්‍යවහාර, ප්‍රස්තාව පිරුළු, ප්‍රාදේශික ව්‍යවහාර, යුගල පද හා විවිධාර්ථවත් පද ඇතුළත් ව මේ කෘතිය සම්පාදනය කොට ඇත. උසස් පෙළ විෂය නිර්දේශයේ එන 'වාක්කෝෂය' සම්බන්ධ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට අවශ්‍ය දැනුම මේ ග්‍රන්ථයෙන් සැපයේ.
Rs 270.00
Bauddha Darshanaya Thulin Sadachara Adyapana Pravardanaya
බෞද්ධ දර්ශනය තුළින් සදාචාර අධ්‍යාපන ප්‍රවර්ධනය - බෞද්ධ දර්ශනය තුළින් සදාචාර අධ්‍යාපනයේ ප්‍රවර්ධනය නම් මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීමේ මූලික අභිප්‍රාය වූයේ, බෞද්ධ දර්ශනයේ වැදගත් මූලධර්මවලට අනුකූලව, වර්තමානයේ පිරිහෙමින් පවතින සදාචාර අධ්‍යාපනය දියුණු කිරීමේ හැකියාව ප්‍රායෝගිකව සලකා බැලීමයි.
Rs 472.00
Baudda Shishtacharaya Lipi Saraniya
බෞද්ධ ශිෂ්ටාචාරය ලිපි සරණිය - අ. පො. ස. උසස් පෙළ විභාගය ඉලක්ක කොට සැකසුණ මෙම ග්‍රන්ථය පානදුර, වලාන ශ්‍ර්‍රී විජය සෞගත විද්‍යාලය මහ පිරිවෙනෙහි ආචාර්‍ය ශාස්ත්‍රපති පූජ්‍ය හපුගොඩ පියංකරතිස්ස හිමිපාණන් අහන්සේ විසින් රචිතය. උසස් පෙළ හා දහම් පාසල්වල අධ්‍යාපනය හදාරන විද්‍යාර්ථින් උදෙසා දැනුම් කෙතේ දැනුම අස්වද්දන්නට මෙම ග්‍රන්ථය පහසු මගක් වේ. 
Rs 400.00
Buddha Dharmaya
බුද්ධ ධර්මය - දහම් දැනුම සොයන දහම් පිපාසයෙන් පෙළෙන ගවේෂකයන්ට ඉමහත් හස්තසාර ග්‍රන්ථයක් ලෙස මෙම ග්‍රන්ථය හැඳින්විය හැක.
Rs 700.00
Out-of-Stock
Bauddha Adyapana Darshanaya
Out-of-Stock
බෞද්ධ අධ්‍යාපන දර්ශනය - බෞද්ධ ප්‍රතිපත්ති සහ ඉගැන්වීම් අධ්‍යාපනික පිළිවෙත් සහ දර්ශන දැනුම් දිය හැකි ආකාරය සාකච්ඡා කරයි. එය දයානුකම්පාව, සිහිය සහ නොබැඳීම වැනි සංකල්ප ගවේෂණය කළ හැකි අතර මේවා ඉගැන්වීමට සහ ඉගෙනීමට ඒකාබද්ධ කළ හැකි ආකාරය, බෞද්ධ අධ්‍යාපනය විකාශනය වී ඇති ඓතිහාසික හා සංස්කෘතික සන්දර්භයන් සහ එය අනෙකුත් අධ්‍යාපන දර්ශන සමඟ සංසන්දනය කරන ආකාරය සහ ප්‍රතිවිරෝධී වන්නේ කෙසේද යන්න ද මෙම කෘතියෙන් විමසා බැලිය හැකිය.
Widuhalpathi Athpotha
විදුහල්පති අත්පොත - යනු පාසල් විදුහල්පතිවරුන්ට ඔවුන්ගේ කාර්යභාරයේ විවිධ වගකීම් ඵලදායි ලෙස කළමනාකරණය කිරීමට සහාය වීම සඳහා නිර්මාණය කර ඇති ප්‍රායෝගික මාර්ගෝපදේශයකි. මෙම විස්තීර්ණ සම්පත නායකත්වය, පරිපාලනය, විෂයමාලා සංවර්ධනය, ගුරුවරුන් ඇගයීම සහ ශිෂ්‍ය විනය ඇතුළු පුළුල් පරාසයක මාතෘකා ආවරණය කරයි. ඉඟි, උපාය මාර්ග සහ හොඳම භාවිතයන්ගෙන් පිරී ඇති මෙම අත්පොත ඔවුන්ගේ නායකත්ව කුසලතා වැඩි දියුණු කිරීමට සහ ධනාත්මක සහ ඵලදායී පාසල් පරිසරයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන විදුහල්පතිවරුන්ට අත්‍යවශ්‍ය මෙවලමකි.
Rs 300.00
Guththila Kavya
ගුත්තිල කාව්‍යය - තොටගමුවේ රාහුල හිමියන්ගේ ශිෂ්‍ය හිමි නමක් වූ වෑත්තෑවේ හිමියන් විසින් රචනා කරන ලද ගුත්තිල මහා කාව්‍යය සඳහා ජාතක පොතේ 237 වැනි ජාතක කථාව වූ ගුත්තිල ජාතකය පාදක වී තිබේ. ගුත්තිල කාව්‍ය තුළ පද්‍ය 511ක් ඇතුලත් වී ඇති අතර වෑත්තෑවේ හිමියන් විසින් වායු ගණය මුල් කොට ගෙන රචනා කර ඇත. ජාතික කථා පුවත් පදනම් කොට ගෙන කෝට්ටේ සමයේ දී ලියැවී ඇති කාව්‍ය කෘති දෙකෙන් දෙ වැන්න ගුත්තිල කාව්‍යයයි. රචනා කර ඇති විරිත සමුද්‍ර ඝෝශ යයි. එනම් සමුදුරෙ රිද්මයටයි. කෝට්ටේ යුගයට අයත් මෙම කාව්‍ය සංග්‍රහය තුළින් බෝසතුන් 'ගුත්තිල' නම් විණා වාදකයාව ඉපිද 'මුසිල' නම් තම ගෝලයා සමඟ වාද කළ අයුරු නිරුපණය කෙරේ. කතුවරයා මෙම කෘතියට විශේෂ නාමයක් ලබා දී නොමැති අතර, එම නිසා ජාතක පොතෙහි එන ගුත්තිල නාමය ම මේ සඳහා භාවිත වේ. වෑත්තෑවේ හිමියන්, තොටගමුවේ ශී‍්‍ර රාහුල හිමිපාණන්ගේ ගෝලයෙකි. කාව්‍යාකරණයෙහි තම ගෝලයා තුල තිබු හැකියාව දුටු රාහුල හිමි ඒ කෙරෙහි තමා තුල පවතී අප්‍රසාදය පල කිරීමට තම අතවැසියෙකු විසින් වෑත්තෑවේ හිමියන්ට දිනපතා පලා කොළ 3 පංගුවක් බෙදන ලෙස උපදෙස් දුන්නේය. මෙසේ 'පල නො කියා පලා බෙදන' බව වටහා ගත් වෑත්තෑවේ හිමි පෙරලා ගමට වැඩි අතර, තම අකෘතඥයකු නොවන බව ගුරුතුමාට හැගවීම සදහා ගුත්තිල කාව්‍ය රචනා කරන ලදී. ලෙන් බැහැර ව ගිය වෑත්තෑවේ හිමියන් තමන් ගුරු ද්‍රෝහියකු නොවන බව පෙන්වීම පිණිස ගුත්තිල කාව්‍යය රචනා කළ බවත් පැවසේ. හය වැනි පරාක‍්‍රමබාහු රජ සමයේ (කෝට්ටෙ යුගයේ) මෙය ලියැවුණු බවට සැලකෙන ගුත්තිල කාව්‍යය, සිංහල සාහිත්‍ය ඉතිහාසයේ සුවිශේෂී නිර්මාණයක් ලෙසින් ද සිංහල පද්‍ය සාහිත්‍ය පෝෂණය කළ උසස් රසවත් ග‍්‍රන්ථයක් ලෙසින් ද ඉමහත් ප‍්‍රසාදයට ලක් වී ඇත. තවද සංසාර නෞකා වූ සර්වඥයන් වසහන්සේ වේළුවනාරාමයෙහි වැඩවසන සමයෙහි දේවදත්ත නම් ස්ථරවීරයන් වහන්සේ අරභයා මෙය දක්වන ලදි.
Rs 350.00
Buddha Dharmaya (Pracheena Prarambha Wibhagaya)
බුද්ධ ධර්මය (ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය) - යනු බෞද්ධ දර්ශනය සහ ඉගැන්වීම් පිළිබඳ හඳුන්වාදීමේ විභාගයක් සඳහා සිසුන්ට උපකාර කිරීම සඳහා නිර්මාණය කර ඇති අධ්‍යයන මාර්ගෝපදේශයකි. බුද්ධ ජීවිතය, චතුරාර්ය සත්‍යය, අෂ්ටාංගික මාර්ගය සහ බෞද්ධ විශ්වාසයන්ට අනුව යථාර්ථයේ ස්වභාවය වැනි අත්‍යවශ්‍ය මාතෘකා මෙම ග්‍රන්ථය ආවරණය කරයි. පැහැදිලි පැහැදිලි කිරීම් සහ ප්‍රායෝගික ප්‍රශ්න සමඟින්, මෙම මාර්ගෝපදේශය බුදුදහම පිළිබඳ ඔවුන්ගේ අවබෝධය ගැඹුරු කිරීමට සහ විෂය පිළිබඳ විභාග සඳහා සූදානම් වීමට අපේක්ෂා කරන සිසුන්ට මිල කළ නොහැකි සම්පතකි.
Rs 200.00
Shasana Ithihasaya Saha Bauddha Sanskruthiya
ශාසන ඉතිහාසය සහ බෞද්ධ සංස්කෘතිය - යනු බුද්ධාගමේ ඉතිහාසය සහ සංස්කෘතික බලපෑම පිළිබඳ විද්වත් ගවේෂණයකි. බුද්ධාගමේ මූලාරම්භයේ සිට ආසියාව පුරා සහ ඉන් ඔබ්බට ව්‍යාප්ත වීම දක්වා එහි වර්ධනය, කලාව, සාහිත්‍යය, දර්ශනය සහ සමාජය කෙරෙහි එහි බලපෑම විමර්ශනය කිරීම මෙම පොතෙහි දැක්වේ. ඓතිහාසික ග්‍රන්ථ, කෞතුක වස්තු සහ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් තුළින් මෙම පොත බෞද්ධ චින්තනයේ සහ භාවිතයේ විකාශනය පිළිබඳ ආලෝකයක් ලබා දෙයි. මෙම විස්තීර්ණ අධ්‍යයනය මගින් විවිධ සමාජවල ඉතිහාසය සහ සංස්කෘතිය හැඩගැස්වීමේදී බුදුදහමේ කාර්යභාරය පිළිබඳ පොහොසත් සහ සූක්ෂ්ම අවබෝධයක් ලබා දේ.
Rs 200.00
Purathana Gadhya Sangrahaya
පුරාතන ගද්‍ය සංග්‍රහය - විස්තර, විචාර, වර්ණනා හා පදරුත් සහිතයි.
Rs 675.00
Out-of-Stock
Gunasena Maha Sinhala Shabdakoshaya
Out-of-Stock
ගුණසේන මහා සිංහල ශබ්දකෝෂය - හෙළ බස,ලොව අනෙක් ජීව භාෂා හා සසඳන කල්හි ලඝු කොට සැලකිය හැක්කක් නොවේ.අද ද හෙළ බසෙහි උපදින ශබ්ද,වදන් බොහෝය.ඒ සියල්ල එක් තැන් කොට අරුත් සැපයීම සුළු පටු කාර්යයක් නොවේ.අභිමානවත් වූ හෙල බසෙහි අපමන වූ වදන් රැසක් එක්කර 2005 වසරේදී ගුණසේන මහා ශබ්දකෝෂය එළි දකින්නේ ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංග සූරීන්ගේ සම්පාදකත්වයෙනි.එහෙත් එම ශබ්දකෝෂයේ විශාලත්වය දෛනික පරිශීලනයේදී තරමක් අපහසු කාර්යයක් බව පාඨකයන්ගේ අදහස විය.ඊට විසඳුමක් ලෙස මෙම ශබ්දකෝෂය හඳුන්වාදිය හැක.
Out-of-Stock
Japan Bhashava Ha Wyakaranaya
Out-of-Stock
ජපන් භාෂාව හා ව්‍යාකරණය - යනු ජපන් භාෂාව ඉගෙනීම සඳහා පුළුල් මාර්ගෝපදේශයකි. එය ආරම්භකයින් සහ අතරමැදි ඉගෙන ගන්නන් සඳහා සුදුසු වන පරිදි ජපන් ව්‍යාකරණ, වචන මාලාව සහ ලේඛන පද්ධතිවල විවිධ පැති ආවරණය කරයි. ග්‍රන්ථයේ ව්‍යාකරණ රීති පිළිබඳ පැහැදිලි කිරීම්, භාවිතය පිළිබඳ උදාහරණ, වාග්මාලා ලැයිස්තු සහ භාෂා කුසලතා ප්‍රගුණ කිරීමට අභ්‍යාස ඇතුළත් විය හැකිය. සමස්තයක් වශයෙන්, එය ජපන් භාෂාව ප්‍රගුණ කිරීමට කැමති ඕනෑම කෙනෙකුට වටිනා සම්පතක් ලෙස සේවය කරයි.