Best sellers

Yuganthaya
යුගාන්තය - සමාජය තුළ පවත්නා විවිධ වූ චරිත ස්වභාවයන් මනා කොට හුවා දක්වමින් ලියැවුණු යුගාන්තය නව කතාව මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ඉමහත් වෑයමකින් නිමැවුණු අති සාර්ථක කලා කෘතියකි. 
Rs 900.00
Madol Doova
මඩොල් දූව - අඩ සියවසකට අධික කාලයක් මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත් මඩොල් දූව නවකථාවේ මෙම මුද්‍රණය අලුත් සැකැස්මකින් හා නව සිත්තම් වලින් සැරසී තිබේ.
Rs 525.00
Ape Gama
අපේ ගම - මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත අපේ ගම නම් කෘතිය දකුණු පළාතේ එක් සුන්දර වූ ගමක සිටි දරුවකු වටා ඇති රුචි අරුචිකම් හා ගැමි පරිසරය පාදක කොට ගෙන ලියැවුණකි. එයින් එම දරුවා ගැන විස්තර කිරීමට යොමු වූවා නොව ඔහු තුළින් ගම දැකීමට උත්සාහ කර ඇති බවකි හැඟනුයේ. 
Rs 450.00
Geheniyak Saha Thavath Ketikatha
ගැහැනියක් සහ තවත් කෙටි කතා - රසවත් කෙටි කතා මාලාවකින් යුත් ග්‍රන්ථයකි. මාර්ටින් වික්‍රමසිංහයන්ද ඔහු ලියන ලද හොඳම කෙටි කතා ඇතුලත්ව ඇත්තේ මෙම ග්‍රන්ථයෙහි බව පිළිගෙන ඇත. 
Rs 225.00
Out-of-Stock
Peradiga Isthrivadaya
Out-of-Stock
පෙරදිග ස්ත‍්‍රීවාදය - මෙතෙක් වෙනත් කිසිදු අවස්ථාවක විවරණය නොවී පැවති පෙරදිග ස්ත‍්‍රී භූමිකාව පිළිබද සාධනීය ලක්ෂණ මතු කිරීමට මෙම පර්යේෂණ ග‍්‍රන්ථය සමත්ව ඇත.
Sanskrutha Sahithya Ithihasaya
සංස්කෘත සාහිත්‍යය ඉතිහාසය - වෛදික සංස්කෘතයේ සෘග්වේද යුගයේ පටන් ලෞකික සංස්කෘතය හා බෞද්ධ සංස්කෘතයේ පසුකාලීනව වැඞීගිය විෂය ක්‍ෂෙත‍්‍ර අළලා මෙකී ග‍්‍රන්ථය රචනා කර ඇත.
Rs 200.00
Out-of-Stock
Sanskrutha Sahithya
Out-of-Stock
සංස්කෘත සාහිත්‍යය - සම්පූර්ණ සංස්කෘත සාහිත්‍යය අළලා ජී. එස්. බී. සේනානායක මහතුන් විසින් මේ සාහිත්‍යය ඉතිහාස ග‍්‍රන්ථයෙන් සිංහලෙන් සංස්කෘතය හදාරණ ශිෂ්‍යයන්හට මෙන්ම ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ කියවීමෙහි රුචිකම් දක්වන සෙසු පාඨකයන් හටද නොමද ප‍්‍රයෝජන ලැබිය හැකිය.
Vimarshanathmaka Parkrutha Vyakaranaya
ප‍්‍රාකෘත ව්‍යාකරණය - ප‍්‍රාකෘත හදාරණ විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනයටත්, ආධුනිකයන් තුළ ප‍්‍රාකෘත භාෂා සාහිත්‍යය පිළිබද අවධිකමක් ඇති කරවීමත් අරමුණු කොටගෙන මෙම කෘතිය එළි දැක්වේ.
Rs 200.00
Dharmathavaye Svabhava Margaya
ධර්මතාවයේ ස්වභාව මාර්ගය - පූජ්‍ය බණ්ඩාරවෙල සද්ධාතිස්ස හිමියන් විසින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇති ‌මෙම කෘතිය සාහිත්‍ය ක්ෂේත්‍රයේ නිම්වළලු පුළුල් කිරීමට දායක විය හැකි කෘතියකි. 
Rs 950.00
Out-of-Stock
Vibhaga Jayagatha Heki Pahasu Maga
Out-of-Stock
විභාග ජයගත හැකි පහසු මඟ - කුඩා වයසේ සිටම දරුවන් හට විභාග සඳහා සූදානම් වීමට හා මුහුණ දීමට සිදුව තිබේ. මෙය සමහර අවස්ථාවකදී දරුවන් මෙන්ම දෙමාපියන්ද දැඩි මානසික වෙහෙසකර තත්වයකට පත්වේ. එම වෙහෙසකර බවින් මිදීමට නිසි උපදේශන සේවාවක් අවශ්‍යම යුගයක දයා රෝහණ අතුකෝරලයන් මහඟු යුග මෙහෙවරක් ඉටු කළා වැනි හැඟීමක් ඇතිවන්නේ, විභාග ජයගත හැකි පහසු මඟ යන ග්‍රන්ථය මගින් ලොකු කුඩා සැමට විද්‍යාත්මක මඟ පෙන්වීමක් ලබා දෙන බැවිනි.  
Out-of-Stock
Pematho Jayathi Soko
Out-of-Stock
පෙමතො ජායතී සොකො - ”පෙමතො ජායතී සොකො” මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ එකම ගීත නාටකය වන අතර උසස් විභාග සදහා නිර්දිෂ්ට කර ඇති කෘතියකි.
Out-of-Stock
Wighanavadhi Mahayana Abhidharmaya
Out-of-Stock
විඥානවාදී මහායාන අභිධර්මය - අසංගාචාර්යයන්ගේ අභිධර්ම සමුච්චය හා ථේරවාද අභිධර්මය පිළිබද තුලනාත්මක අධ්‍යයනයකි.
Out-of-Stock
Abhignanashakunthala Natakaya
Out-of-Stock
අභිඥාන ශාකුන්තල නාටකය - මහා කවි කාලිදාසයන්ගේ විශිෂ්ඨතම කෘතියවන අභිඥානශාකුන්තල නාටකය සංස්කෘත සාහිත්‍යයේ මුදුන් මල් කඩ ලෙස සැලකෙන අතර ඒ හා සමකල හැකි නාට්‍යය රසයෙන් යුත් විශ්ව නාට්‍ය කෘති ඇත්තේ ඉතා අල්පයකි. වෝල්ටර් මාරසිංහයන්ගේ අභිඥානශාකුන්තල කෘතිය නාට්‍යමය ගුණයත් කාව්‍යමය ගුණයත් ඉස්මතු වන ලෙස කරන ලද පරිවර්තනයකි. 
Pali Patha Sangrahaya- Pali Nava Wishaya Nirdeshaya Sadaha Nirdishta
පාලි පාඨ සංග‍්‍රහය - නිර්දිෂ්ඨ ග‍්‍රන්ථය හැදින්වීම, පදගතාර්ථ දැක්වීම, ව්‍යාකරණ විභාගය දැක්වීම හා ධර්මාර්ථ විවරණය විභාගයට උචිත පරිදි සකසා ඇති මේ කෘතිය අ.පො.ස. උසස් පෙළ 2017 නව නිර්දේශය අනුව (පාලි විෂය) සදහා සම්පාදනය කර ඇත.
Rs 600.00
Theragathapali
ථෙරගාථා පාලි - ත‍්‍රිපිටක ග‍්‍රන්ථාවලියෙහි ඛුද්දක නිකායට අයත් ථෙරගාථාපාලිය යනු ගෞතම බුදුන් වහන්සේගේ ශාසනයට ඇතුළත් ව සිිටි, තෙරුන් වහන්සේලා කිහිප නමක් විසින් තමන් පසක් කළ ආධ්‍යාත්මික පාරිශුද්ධිය අනාවරණය කරනු පිණිස පද්‍යයමය බසට නගන ලද භාව ගීතාවලියකි. මෙයින් ථෙරගාථා පාලියෙහි සත්තක, අට්ඨක, නවක සහ දසක යන නිපාත ඇතුළත් කර තිබේ. 
Rs 875.00
Sambhawya Adyapanayehi La Wanapothkaranaye Upayogithawaya
සම්භාව්‍ය අධ්‍යාපනයෙහි ලා වනපොත්කරණයේ උපයෝගීතාවය - පිරිවෙන් අධ්‍යාපනය පිළිබදව උනන්දුවක් දක්වන පර්යේෂකයන්ට මෙන්ම පිරිවෙන් පවත්වාගෙන යන පරිවේනාධිපති හිමිවරුන්ට හා පිරිවෙන් ගුරු භවතුන්ටත් මෙම කෘතිය මහත් සේ ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 413.00
Kachchayana Dhathumanjusa Vivaranaya
කච්චායන ධාතු මඤ්ජුසා විවරණය - මෙම කෘතිය පෙළ හා සන්නය යන දෙකින් ද උපග‍්‍රන්ථයකින් ද යුක්තය. උපග‍්‍රන්ථය ධාතු හා ධාත්‍වර්ථ, ධාතූන් සදහා නිදර්ශන වචන දැක්වීම හා නිදර්ශන වචනයන්හි සිංහල අර්ථ දැක්වීම යන කොටස් තුනකින් යුක්ත වේ.
Rs 425.00
Sanskrutha Namakyatha Pada Varanegilla
සංස්කෘත නාමාඛ්‍යාත පද වරනැගිල්ල - සංස්කෘත භාෂාව හදාරණ විද්‍යාර්ථියා විසින් පළමුවෙන්ම නාමපද සහ ආඛ්‍යාත පද පිිළිබදව උගතයුතු ය. එම අවශ්‍යතාව අනුව සැකසුණු ග‍්‍රන්ථයකි සංස්කෘත නාමාඛ්‍යාත පද වරනැගිල්ල. 
Rs 850.00
Rupasiddhi Pramodini (Prathama Bhagaya)
රූපසිද්ධි ප‍්‍රමොදිනී - ‘‘කචචායන’’ පාලි ව්‍යාකරණ ග‍්‍රන්ථයේ පරිවාර ග‍්‍රන්ථයක් වන මහා රූප සිද්ධි ගුරුතන්හි තබා සකස් කළ මෙය ද පාලි භාෂා ව්‍යාකරණ ග‍්‍රන්ථයකි. පාලි භාෂාව හදාරන අයට අතිශයින් ම උපකාරීවන ග‍්‍රන්ථයක් ලෙස මෙය හැදින්විය හැක.
Rs 530.00
Sanskrutha Vyakarana Taranghinee (Aakyatha Krudantha Tharadga)
සංස්කෘත ව්‍යාකරණ තරඞගිණී (ආඛ්‍යාත - කෘදන්ත) - පිරිවෙන් විභාගයන් සදහා ඉදිරිපත්වන විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා සැකසුණු සංස්කෘත ව්‍යාකරණ ග්‍රන්ථයකි.
Rs 485.00
Sanskrutha Prathama Pusthakaya
සංස්කෘත ප‍්‍රථම පුස්තකය - සංඥා, ධාතු, ක‍්‍රියා, නාම පද, විභක්තීන්හි වරනැඟීම, ලිංග භේදය, විභක්ති ප‍්‍රත්‍ය, අව්‍ය පද, ඒක වචන, ද්වී වචන, බහු වචන, කෘදන්ත, හලන්ත ශබ්ද, පරෙසෙම පද, ආත්මතෙ පද, සර්වනාම (ව්‍යඤ්ජන සන්ධි*, සන්ධි ආදී ව්‍යාකරණ විධි සම්බන්ධ විස්තර අඩංගු පොතකි.
Rs 280.00