Best sellers

Out-of-Stock
Nyaya Bindu
Out-of-Stock
න්‍යාය බින්‍දු - ප‍්‍රාචීන පණ්ඩිත උපාධි පරීක්ෂණය සදහා නියමිත මෙම පොත නර්දේශය අනුව ම සැකසී තිබෙන්නක් බැවින් යෝගචාර විඥානවාදය  විෂය හැදෑරීම සදහා මෙතෙක් පැවති අඩුපාඩුවක් සපුරාලීමක් ලෙස දැක්විය හැක. මෙහි සංස්කෘත අකුරු වලින් ලියැවී නැති නමුත් සිසුන්ගේ පහසුව සදහා සංස්කෘත ශබ්දයන් සිංහල අකුරුවලින් ද එහි අර්ත පැහැදිලි සිංහල භාෂාවෙන් ද මෙහි දක්වා තිබේ. පොත අවසානයේ න්‍යාය බින්දු පිළිබඳව පිටු ගණනාවක විවරණයක් ද සදහන් වේ. 
Abidhanappadipika Pali Nigandu
අභිධානප්පදීපිකා පාලි නිගණ්ඩු - මෙම අභිධානප්පදීපිකාව ස්වර්ගයෙහි ද මනුෂ්‍ය ලෝකයෙහි ද නාග ලෝකයෙහි ද පවතින සියලු වස්තුන්ගේ නාමයන් ප්‍රකාශ කරයි. පාලි භාෂාව හා ත්‍රිපිටකය යන අංශ දෙකෙහි ම ව්‍යක්තභාවය ලැබීමට මෙම ග්‍රන්ථය උපකාරී වේ..
Rs 1,600.00
Moggallana Pali Viyakarana Sampradaya Payoga Siddhi Pali Way Karanaya
මොග්ගල්ලාන පාළි ව්‍යාකරණ සම්ප්‍රදාය පයෝග සිද්ධි පාළි ව්‍යාකරණ - ප්‍රාචීන මධ්‍යම, අවසාන සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා නියමිත ග්‍රන්ථයකි.
Rs 200.00
Out-of-Stock
Prakrutha Vyakarana
Out-of-Stock
ප‍්‍රාකෘත ව්‍යාකරණ (ප‍්‍රථම කාණ්ඩය) - ප‍්‍රාකෘත භාෂාව හදාරන අයගේ ප‍්‍රයෝජනය සඳහා ලායැවී ඇති මෙම පොත අක්‍ෂර ප‍්‍රකරණ, ස්වර ප‍්‍රකරණ, අසංයුක්ත ව්‍යංජන ප‍්‍රකරණ, සන්ධි ප‍්‍රකරණ යන ප‍්‍රකරණ සහ ප‍්‍රකෘත ව්‍යාකරණ අඩංගු වන ලෙස සැකසී තිබේ. එම ව්‍යාකරණ විධි සරල සිංහල භාෂාවෙන් මෙහි දක්වා තිබේ.  
Sanskrutha Shikshakaya Prathama Pusthakaya
සංස්කෘත ශික්‍ෂකය ප්‍රථම පුස්තකය - මෙම කෘතිය විශ්ව විද්‍යාලයීය ප්‍රවේශ විභාගය තෙක් වුවමනා සංස්කෘත ව්‍යාකරණ ඥාණය ලබාදෙයි.
Rs 450.00
Out-of-Stock
Sanskrutha Praweshaya
Out-of-Stock
සංස්කෘත ප‍්‍රවෙශය - සංස්කෘත ව්‍යාකරණ විධි සංස්කෘත භාෂාවෙන් මෙන් ම සිංහල භාෂාවෙන් ද පැහැදිලි කරන මෙම ග‍්‍රන්ථය සංස්කෘත - සිංහල කෘදන්ත පද ශබ්දකෝෂයකින් ද යුක්ත ය. 
Saddhammopayanaya
සද්ධම්මොපායනය - ශ්‍රී ලාංකික බෞද්ධ ඉතිහාසයේ අද්විතීය වැදගත්කමක් හිමි වන අභයගිරි සම්ප්‍රදායට අයත් සේ සැලකෙන "සද්ධම්මෝපායනය" ඓතිහාසික, දාර්ශනික හා අචාරාත්මක ආදී විවිධ අංශයන් පිළිබඳ ඉතා වැදගත් මුලාශ්‍රයකි. දීර්ඝ ප්‍රස්තවනවකින් ද සමන්විත ව පෙළ හා සිංහල සන්නයක් ද සහිතව පුජ්‍ය පල්ලේගම සමිත හිමියන් විසින් සංස්කරණය කර ඇති මෙම ආධුනිකයන්ට මෙන් ම විද්වතුන්ට ද එක සේ ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.
Rs 300.00
Jathakatthakatha - Kulavaka Wargaya
ජාතකට්ඨකතා (කුලාවක වර්ගය) - කුලාවක, වට්ටක, තිත්තිර, බක, ඛදිරඞිගාර යන ජාතක කථාවන්හි පෙළ, පදගතාර්ථ සහ භාවාර්ථයන්ගෙන් යුතු පොතකි.
Rs 300.00
Out-of-Stock
Sanyuktha Nikaye Kosala Sanyukthaya
Out-of-Stock
සංයුක්ත නිකායේ කෝසල සංයුක්තය - බුදු දහමෙහි ඉගැන්වෙන දාර්ශනික මනෝවිද්‍යාත්මක හා ආචාර විද්‍යාත්මක කරුණු ඇතුළත් ත‍්‍රිපිටක සාහිත්‍යයේ ඇති විශාලතම කෘතිය, එනම් සූත‍්‍ර 7762 සමන්විත සැකසුම සංයුක්ත නිකායයි. ප‍්‍රාචීන ප‍්‍රාරම්භ විභාගය සඳහා නියමිත සියලූම සූත‍්‍ර වලින් සහ පදගතාරථ භාවාර්ථ සහ ගැටපද විවරණයකින් ද යුතු ව සැකසුණු මෙම ග‍්‍රන්ථය සාරගර්භ හැ`දින්වීමකින් ද පෝෂිත ය. 
Out-of-Stock
Bauddha Deva Sankalpaya
Out-of-Stock
බෞද්ධ දේව සංකල්පය - සරල අන්දමින් කරුණු ගෙනහැර දක්වමින් ඉතා ගැඹුරු ප්‍රශ්න පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිදි මෙම ග්‍රන්ථය සකස් කොට තිබේ. අධ්‍යාත්මික පාරිශුද්ධිය පසෙකලා ආත්මවාද ඊශ්වරවාද ආදී ලාමක දෘෂ්ටි පෙරදැරි කොට ඇතැම් ගිහි බෞද්ධයන් අධික වශයෙන් නොයෙකුත් දෙවි දේවතාවුන් ඇදහීමට ඇබ්බැහිවෙගෙන එන සමයක ඉතාමත් කාලෝචිත අන්දමින් බුදුදහම අනුව දේව සමුහයාගේ නියම තත්ත්වය වටහාදීමට මෙම පොත මහෝපකාරී වේ.
Deviyan Yakshayan Saha Papi Maraya
දෙවියන්, යක්ෂයන් සහ පාපී මාරයා - නිවන් මගේ ගමන් කරන ශ‍්‍රාවකයන්ට හිරිහැර බාධා ඇති කරන පාපී මාරයා යනු කවුරුන්ද? මාරයාගේ ග‍්‍රහණයට හසුවන්නේ කෙසේද? මාරයාගෙන් නිදහස් වන්නේ කෙසේද? මාර සේනාව යනු කවුරුන්ද? ආදී කරුණු පමණක් නොව සීල, සමාධි, ප‍්‍රඥා දියුණු කොට මාර වසගයෙන් මිදී නිවන් අවබෝධය කරා යන ආකාරය ඉතා පැහැදිලි අයුරින් මෙම ග‍්‍රන්ථය තුළින් පෙන්වා දී ඇත. 
Rs 680.00
Out-of-Stock
Mahayana Mathavada Wimarshana
Out-of-Stock
මහායාන මතවාද විමර්ශනය -  සද්ධර්ම පුණ්ඩරීක සූත‍්‍රය, ආර්ය ලංකාවතාර සූත‍්‍රය ආදී මහායාන ග‍්‍රන්‍ථවල සඳහම් දහම් කරුණු හා ථෙරවාදී බුදු දහමේ සඳහන් කරුණු විස්තර කරමින් කෙරෙන තුලනාත්මක විස්තරයකි. 
Out-of-Stock
Mahayanaya
Out-of-Stock
 මහායානය - "මහායානය" ග්‍රන්ථය විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනය සඳහා උපකාර වන ශාස්ත්‍රීය නිබන්ධනයකි.
Obe Sithivili Niweradi Karaganna
ඔබේ සිතිවිලි නිවැරදි කරගන්න - දකුණු ආසියාවේ ප්‍රථම අසාමාන්‍ය චින්තන පුහුණුකරු වන K. R. Ravi විසින් රචිත Thinking About Thinking  ග්‍රන්ථයේ  සිංහල පරිවර්තනය ලෙසින් මෙය හඳුන්වා දිය හැක.
Rs 500.00
Theravadi Bauddha Darshanaya Dharmavada Pariksha
ථේරවාද බෞද්ධ දර්ශනය : ධර්මවාද පරීක්‍ෂා - භාෂාන්තර වශයෙන් වඩාත් පැරණි යැයි පිළිගැනෙන පාලි ත‍්‍රිපිටක බුද්ධ වචනයෙහි ඇතුළත් මූලික ප‍්‍රස්තුතයන් කිහිපයක්, ථෙරවාදී පඬිවරුන් පශ්චාත් කාලීන අටුවා ටීකාදියෙහි විවරණය කොටඇති අයුරුත්, එහිදී ඔවුනට ප‍්‍රතිපක්ෂ වූ බෞද්ධ චින්තකයන්ට ප‍්‍රතිචාර දක්වා ඇති අයුරුත් පරීක්‍ෂාවට ලක් කෙරෙන ඉතා වැදගත් ශාස්ත‍්‍රීය කෘතියකි.
Rs 475.00
Out-of-Stock
Budu Samaye Deshapalana Chinthanaya
Out-of-Stock
බුදු සමයේ දේශපාලන චින්තනය - මෙම මාතෘකාව පිළිබද උනන්දුවක් දක්වන පාඨකයන්ට, ශාස්ත‍්‍රීය මට්ටමෙන් කරන ලද පර්යේෂණයකින් අනාවරණය වූ තොරතුරු පැහැදිලි කිරීම මෙම ග‍්‍රන්ථයේ අරමුණ වේ.
Darshanayata Athwelak
දර්ශනයට අත්වැලක් - උසස් අධ්‍යයන කාර්යයන්හි නිරත විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනය සදහා සම්පාදනය වූ මෙය දර්ශන විෂයයට උපකාරක ග‍්‍රන්ථයකි.
Rs 413.00
Bauddha Parisarika Darshanaya Ha Sadacharaya
බෞද්ධ පාරිසරික දර්ශනය හා සදාචාරය - පරිසරයේ වූ වැදගත්කම බුදු දහමින් අනාවරණය වන ආකාරයත් එය සමාජය කෙරෙහි බලපාන අන්දමත් මැනෙවින් විස්තර කරමින් ලියැවුණු පොතකි. බෞද්ධ ත‍්‍රිපිටකයේ ද බටහිර පිලිගත් විද්වතුන්ගේ ද අදහස් කැටිකර ගනිමින් සියලූ පාඨක ජනතාවට ම ප‍්‍රයෝජනවත් වන ලෙස මෙම ග‍්‍රන්ථය ලියැවී තිබේ.
Rs 200.00
Dahama Dasuna Ha Sasuna
දහම දසුන හා සසුන - බෞද්ධ අධ්‍යයන ක්ෂේත‍්‍රයේ විවිධ අංශයන්ට අයත් විෂය මාතෘකා පිළිබදව ලියැවුණු ශාස්ත‍්‍රීය ලේඛන සොළසක් මෙම කෘතියට ඇතුළත්ව ඇත.
Rs 400.00
Minis Jeevithaya Pilibada Yatharthavadi Bauddha Chinthanaya
මිනිස් ජීවිත පිළිබද යථාර්ථවාදී බෞද්ධ චින්තනය - බුදුන් වහන්සේ ජීවිත පැවැත්මට අදාළව දේශනා කරන ලද සුවිශේෂී ධර්ම කාරණා ගොනුකර මිනිස් ජීවිතය පිළිබද යථාර්ථවාදී බෞද්ධ චින්තනය නමින් පල කෙරෙන මෙය අගනා සදහම් ග‍්‍රන්ථයකි.
Rs 400.00
Bauddha Darshanika Prasthutha
බෞද්ධ දාර්ශනික ප‍්‍රස්තුත - අද්වයවාදය, බ‍්‍රහ්මන් ආත්මන් සංකල්පය හා විපරිනාමය, ඉන්ද්‍රීය ක‍්‍රියාකාරීත්වය හා ප‍්‍රපංචකරණය, ලෝකය හා සත්වයා, පාරභෙගතික ප‍්‍රශ්න කෙරෙහි බෞද්ධ මතය, පුද්ගල සංකල්පය හා කර්මය, ප‍්‍රතීත්‍යසමුත්පාදය හා ශූන්‍යතාවාදය, සංසාරය හා ස්වප්නය යනුවෙන් තෝරාගත් මාතෘකා කිහිපයක් යටතේ කරුණු ගොනු කොට ඇති මෙම ග‍්‍රන්ථය බුදුසමයේ දාර්ශනික ප‍්‍රස්තුත පිළිබද අධ්‍යයනය කරන සියලූ දෙනාහට ප‍්‍රයෝජනවත්වනු ඇත.
Rs 300.00
Bouddha Samaja Darshana Wimansa
බෞද්ධ සමාජ දර්ශන වීමංසා - බුදුසමයේ විවිධ මාතෘකා ඔස්සේ ශාස්ත‍්‍රීය ලෙස කරුණු ඉදිරිපත් කර ඇති මෙම කෘතිය උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයන්හි නිරත වන ශාස්ත‍්‍ර ගවේෂකයනට හා විද්‍යාර්ථීනට බෙහෙවින් උපකාර වන්නේ ය.
Rs 300.00