Arahath Sangamith Puda අරහත් සඟමිත් පුද - සංඝමිත්තා තෙරණියන් වහන්සේගෙන් ලාංකික කාන්තාවගේ උන්නතිය අරභයා වූ මෙහෙවර අතිශයින් වැදගත් වන්නේ ය. ඒ සංඝමිත්තාවෝ පිළිබඳ බොහෝ විස්තර මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ. Rs 500.00 Add to cart Buy
Bhikkupathimokkan භික්ඛුපාතිමොක්ඛං - භික්ඛු භික්ඛුනී පාතිමොක්ඛ ශික්ෂාපද අඩංගු වන්නේ විනය පිටකයේ සුත්තවිභංග නමින් හැඳින්වෙන පාරාජික පාලි හා පාචිත්තිය පාලි ග්‍රන්ථ දෙකෙහිය. උපෝසථ දිනයෙහි භික්ෂු භික්ෂුණීන්ගේ ප්‍රයෝජනය සඳහා ඉතා ඈත යුගයකදී ම එම සිකපද පමණක් සංග්‍රහ කිරීමෙන් භික්ඛු පාතිමොක්ඛයත්, භික්ඛුනී පාතිමොක්ඛයත් බිහිවිය. දැනට මුද්‍රණයෙන් බිහි වී ඇති පිටපත් ප්‍රමාණවත් සංඛ්‍යාවක් තුලනාත්මකව පරීක්ෂාවට භාජනය කොට පාටාන්තර දෝෂයන් හැකිතාක් අඩුකොට මෙම භික්ඛුපාතිමොක්ඛය පිළියෙල කරන ලදී. මෙය සැකසීමේ දී මූලික අරමුණ වූයේ ද උපෝසථ දින සීමාමාලකයේදී ද අත්පොතක් වශයෙන් භාවිත කිරීම සඳහා උපයෝගී කර ගැනීමට වඩාත් නිවැරදි පාඨග්‍රන්ථයක් පිළියෙල කිරීම ය. Rs 280.00 Add to cart Buy
Bhikkupathimokkan භික්කුපාතිමොක්ඛං - 'සෞන්දර්‍ය පිළිබඳ බෞද්ධ ආකල්පය', 'පාලි අට්ඨකතාවන්හි පිළිබිඹු වන ව්‍යාකරණ සම්ප්‍රදාය' වැනි ශාස්ත්‍ර්‍රීය ග්‍රන්ථ හා සංස්කරණ ග්‍රන්ථ රාශියක් මුද්‍රණය කරවා ඇති උන්වහන්සේ පාඨකයන් වෙත ඉදිරිපත් කරන "භික්ඛුපාතිමොක්ඛං" නමැති මෙම කුඩා පාඨ ග්‍රන්ථය භික්ෂු භික්ෂුණී උභය ප්‍රතිමෝක්ශයෙහි ඇතුළත් ශික්ෂාපද සංග්‍රහයකි. විනය ශික්ෂාපද හදාරන අයට අත්පොතක් වශයෙන් මෙය භාවිත කළ හැකිය. බුද්ධශාසනයේ චිරස්ථිතිය සඳහා විනය ශික්ෂාපද ආරක්ෂා කිරීම බෙහෙවින් ඉවහල් වන බව සාම්ප්‍රදායික පිළිගැනීමයි. පිරිවෙන් අධ්‍යාපනය ලබන සිසුන්ට පාලි විනය ශික්ෂාපද වාචෝද්ගත කොට හැදෑරීමේ දී මෙම ග්‍රන්ථය බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව කිව හැකිය. Rs 150.00 Add to cart Buy
Out-of-Stock Sanghadhikarana Jothika Out-of-Stock සංඝාධිකරණ ජෝතිකා - වසර 2500ත් වැඩි දීර්ඝ කාලීන අඛණ්ඩ ඉතිහාසයක් ඇති සම්බුද්ධ ශාසනයේ ජීවය සුපේශල ශික්ෂාකාමී සංඝ රත්නයයි. එය සංඝ සාමාග්‍රිය පවත්නා තාක් සුරක්ෂිතය. එබැවින් භික්ෂූන් වහන්සේලා ධර්ම විනය සංඛ්‍යාත ජීවමාන ශාස්තෘත්වයේ මාර්ගෝපදේශකත්වයට අනුකූලව සමගිව සංඝයාගේ විධායක බලයටත් අධිකරණ බලයටත් අවනත විය යුතුය. ඒ සඳහා සම්පාදිත මේ සංඝාධිකරණ ජෝතිකාව කාලීන අවශ්‍යතාවයක් සපුරාලීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයකි. Rs 600.00 Details View details
Winaya Shiromani විනය ශිරෝමණී - විනය බුද්ධ ශාසනයේ පැවැත්මයි. විනය නැති වූ විට ශාසනය ද අතුරුදහන් වන බව තථාගතයන් වහන්සේ දේශනා කර ඇත. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ දින සිට පනවාපු නීති හෙවත් විනය නීති අවුරුදු 450ක් ම රක්ෂා වුණා. එතෙක් සියලු පනවන ලද සිකපද ටික ටික කැඩීමට සමහර පැවිදි උතුමෝ පටන් ගත්තා. එම අවස්ථාවේ විනය පිළිබඳ දක්ෂ උපාලි මහ රහතන් වහන්සේ සියළු භික්ෂූන් රැස් කරවා පළමු සංගායනාව පැවැත් වූ සේක. එයින් භික්ෂූන් පන්සියයක් තෝරා ගත්හ. එම නිසා එය "පඤ්ච සතික" නම් විය. එහිදී පනවන ලද විනය කර්ම මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වී ඇත. Rs 1,000.00 Add to cart Buy
Asirimath Polonnnaruva අසිරිමත් පොළොන්නරුව - පොලොන්නරුව යනු දිවයිනේ දෙවන අගනුවරයි. මෙම ස්ථානය ක්‍රිස්තු වර්ෂ මුල් සියවස්වල පටන් විටින් විට අනුරාධපුරයේ සිට රජකළ ඇතැම් රජවරුන්ට තාවකාලික වාසස්ථානයක්ද විය. එහෙයින් එය කඳවුරුපුර නමින්ද නම් විය. පොලොන්නරුව මුලින්ම නිත්‍ය වාසස්ථානය බවට පත් කරගන්නා ලද්දේ රාජ රාජ නම් සොළී පාලකයා යටතේ ය. සොළී පාලනයෙන් රට මුදවා ගත් පළමු විජයබාහු රජු 1055 වසරේ දී රාජ්‍යත්වයට පත් විය. ඔහුගේ පාලන සමය දිවයිනේ ඉසුරුමත් අවධියක් ලෙස සළකනු ලැබේ. එතැන් පටන් එතරම් බලවත් නොවූ රජුන් තිදෙනෙකුන් පසුව පළමු පරාක්‍රමබාහු රාජ්‍යත්වයට පත් වෙයි. අභ්‍යන්තර අරගල වලට සාර්ථකව මුහුණ දුන් ඔහු 1153 වසරෙ දී දිවයිනේ පාලකයා බවට පත් විය. පොලොන්නරුව විහාරාරාම හා නගරාංගයන්ගෙන් සම්පූර්ණ කළ ඔහු පරාක්‍රම සමුද්‍රය නම් සුප්‍රකට ජලාශය ද පොලොන්නරුවේ ඉදිකළේය. මින් පසු පොලොන්නරුවේ රජ පද පත් ප්‍රබල රජෙකු ලෙස ඉස්මතු වන්නේ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල පමණකි. පොලොන්නරුව අද දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය අතින් දෙවැනි වනුයේ අනුරාධපුරයට පමණි. එහි යන ඔබට අත්වැලක් සැපයීම මෙම ග්‍රන්ථයේ අරමුණයි. Rs 490.00 Add to cart Buy
Asirimath Sithulpauva අසිරිමත් සිතුල්පව්ව - සිතුල්පව්ව විහාරය අයත් වූයේ පුරාණ රුහුණේ කතරගම ක්ෂත්‍රීය රජ පරම්පරාවේ පාලනය යටතේ පැවති වපසරිය තුලය. මෙය දිවයිනේ පැරණිතම විහාරයක් වූවා පමණක් නොව විශාලතම සංඝාරාම අතලොස්සෙන් එකක් ද වූයේ ය. දෙතිස්ඵල රැහ බෝධීන් අතරින් එකක් රෝපණය කිරීමට තෝරා ගත් ස්ථාන අතරින් එකක් රෝපණය කිරීමට තෝරා ගත් ස්ථාන අතරින් එකක් වූයේය ද සිතුල්පව්වයි. මහාවංශයට අනුව සිතුල්පව්ව විහාරය කරවන ලද්දේ රුහුණේ පාලකයාව සිටි කාවන්තිස්සයි. ක්‍රිස්තු පූර්ව පළමු සියවසේ දී රජ පැමිණි වලගම්බා සමයේ දී මෙහි භික්ෂූන් වහන්සේලා 12 000 ක් වැඩ විසූ බව පැරණි මූලාශ්‍රවල සඳහන් වෙයි. දුටුගැමුණු රජුගේ දශමහා යෝධයන් අතරින් සිව් දෙනෙකු විසින් මහා සංඝයා විශයෙහි පිදූ ගල් ලෙන් මෙම ස්ථනයේ දක්නට ලැබෙයි. සද්ධාතිස්ස, ලජ්ජිතිස්ස, ඉලනාග, ගජබා මෙම ස්ථානයට අනුග්‍රහය දැක්වූ රජුන් අතර වූ බවට සාධක සෙල් ලිපිවලින් අනාවරණය වෙයි. අනුරාධපුර අවධියෙන් පසුව මෙම ස්ථානයට කවර ඉරණමක් අත්වීද යන්න පිළිබඳ සාධක කිසි තැනෙක දක්නට නොලැබෙයි. මෙම ග්‍රන්ථය ඔබ අතට පත් කෙරෙනුයේ එහි යන නොයන ඔබ හට අත්වැලක් සලසනු පිණිස ය. Rs 690.00 Add to cart Buy
Out-of-Stock Sasara Gamana Out-of-Stock සසර ගමන - "සසර ගමන" යන මැයෙන් ගෞරවණීය පල්ලෙවෙල දේවරක්ඛිත හිමිපාණන් වහන්සේ විසින් රචිත අගනා ධර්ම පුස්තකය බණ දහම් ගැඹුරින් උගත් නූගත් හැම දෙනාටම කියවා ධර්ම රසය විඳගත හැකි අගනා නිර්මාණයකි. ආරම්භයේදී ම මනෝවිද්‍යාඥයින්ගේ විග්‍රහයන් ද උපයෝගී කර ගනිමින් මිනිස් බිළිඳෙකුගේ මව් කුස පිළිසිඳ ගැනීමේ සිට දිගු කලක් ජීවත් වී මරණාවස්ථාව දක්වා මිනිස් සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳ කර ඇති ධරමානුලකූල විග්‍රහය බෙහෙවින් අගනේ ය. මරණානුස්මෘති භාවනාව වඩන බොහෝ දෙනෙකුට බිය උපදවන අවස්ථාවක් ලෙස සැලකෙතත් මෙම ග්‍රන්ථයෙහි සරලව දක්වා ඇති විස්තර විවරණ භාවනාවේ යෙදෙන්නට හා සාමාන්‍ය ජනතාවට ද මනා අවබෝධයක් හා මානසික සුවයක් ලබා දෙයි. කර්මය හා පුනර්භවය පිළිබඳ දැක්වෙන විවරණ බෙහෙවින් අගනේ ය. අවසාන පරිච්ඡේදය ලෙස දැක්වෙන නිවීම පිළිබඳ විස්තර භාවනා වැඩීම සම්බන්ධයෙන් පවත්නා දුර්මත බැහැර ලා අති අයුරු සිත් ගන්නා සුළු ය. උප ග්‍රන්ථයෙහි සංග්‍රහ කොට තිබෙන කරුණු ද බුදු දහමෙහි සැනසුම කරා ගමන් කරවන මං පෙත් විවරණය කරයි. Rs 550.00 Details View details
Out-of-Stock Sansara Mandira -II obe Karmaya Suvapath Kirima Out-of-Stock සංසාර මන්දිර - 2 ඔබේ කර්මය සුවපත් කිරීම - ජිනා සෙර්මිනාරා මහත්මියගේ Many Mansions Part 2 කෘතියේ සිංහල පරිවර්තනය "දිවි මතින්" එහි පළමු කොටස වේ. සංසාර මන්දිර නමින් Many Mansions Part 1 කෘතිය සිංහලට පරිවර්තනය කළෝ අපවත් වී වදාළ පූජ්‍ය කන්නිමහර සුමංගල පඬි හිමිපාණෝ යි. Many Mansions Part 2 සහ World Within කෘතියේ සෑහෙන කොටසක් ද එතුමන් විසින් සිංහලට පරිවර්තනය කරන ලදී. Many Mansions Part 2 සහ World Within කෘති දෙක අතර සමානතා ඉතා බොහෝ ය. Rs 1,000.00 Details View details
Out-of-Stock Parani Lakdiva Kanthava Out-of-Stock පැරණි ලක්දිව කාන්තාව - ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන මේ දක්වා සැකසුණු ග්‍රන්ථවල දිවයිනේ දේශපාලන, ආර්ථික හා සමාජ උච්චාවචන පිළිබඳ සඳහන් වෙතත් කාන්තාවගෙන් විසූ එහි දී සිදූ වූ කාර්‍යභාරය ගැන දක්වා ඇත්තේ අවම වශයෙනි. මේ තත්ත්වය වටහාගත් මහාචාර්‍ය ඉන්දාණි මුණසිංහ විසින් අතීත ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් ඉටු වූ සමාජ මෙහෙවර සම්බන්ධව කරන ලද පර්‍යේෂණයක ප්‍රතිඵල ලෙස ප්‍රකාෂයට පත් වූ, රාජ්‍ය සම්මාන ලද, "පැරණි ලක්දිව කාන්තාව" නම් කෘතිය මගින් පුරාණ ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධව දක්නට ලැබුණු එම අවකාශය සම්පූර්ණ වේ. පුරාණ ශිලාලේඛන හා ග්‍රන්ථ ඇසුරු කරමින් රචිත මේ ග්‍රන්ථයෙන් පැරණි ලක්දිව විසූ කතුන්ගේ ආගමික ජීවිතය, වෘත්තීය ජීවිතය හා ගෘහස්ථ ජීවිතය ද සම්බන්ධව මෙතෙක් ආවරණය වී තිබුණු තොරතුරු රාශියක් එළිදැක්වේ. මේ ග්‍රන්ථයෙන් කියැවෙන පැරණි ලක්දිව කතුන්ගේ රුව, ගුණ හා සවිය ගැන අසන පාඨක ජනයා තුළ මහත් අභිමානයක් ජනිත වෙයි. එසේ නැගෙන අභිමානය ඔවුන්ගේ පෞර්ෂය ශක්තිමත් කිරීමෙහි ලා නිසැකයෙන් ම හේතු වේ. Rs 1,250.00 Details View details
Asirimath Haththikuchchi Wiharaya අසිරිමත් හත්ථිකුච්චි විහාරය - හත්ථිකුච්චි යන නම ව්‍යුත්පන්න වී ඇත්තේ ඇත් හෙවත් හත්ථි යන්නත් කුස හෙවත් කුච්චි යන්නත් සන්ධි වීමෙන් විය යුතු ය. මෙය යම් තාක් දුරකට සනාථ කෙරෙන ලෙනක් සහිත ගල් කුලක් මෙම භූමියෙහි දකින්නට ලැබෙයි. ඒ අනුව පැරණි මූලාශ්‍රයන්හි ඇත් කුස් වෙහෙර යන්නෙන් දැක්වෙන්නේ මෙම විහාරය විය යුතු ය. මෙම ස්ථානයෙන් ලැබෙන පැරණි සෙල්ලිපිවල ද ස්ථානය ද හඳුන්වා ඇත්තේ හත්ථිකුච්චි යන අර්ථවත් ඇති කුච වෙහෙර යනුවෙනි. මෙම ස්ථානය මහත් ජන ආකර්ෂණයක් දිනා ගැනීමට එක් හේතුවක් වී ඇත්තේ සිරිසඟබෝ රජු හිස දන් දුන් ස්ථානය මෙය බවට ඇති ජන විශ්වාසය හා ඇතැම් විද්වතුන් දරණ මතයයි. මෙම විහාරස්ථානය මුලින්ම භික්ෂු වාසය පිණිස පිළියෙල වූයේ ක්‍රිස්තු පූර්ව තෙවන සියවසත්, ක්‍රිස්තු වර්ෂ පළමු සියවසත් අතර බව මේ ස්ථානයෙන් ලැබෙන පූර්ව බ්‍රාහ්මී සෙල් ලිපි සහිත ගල් ලෙන් වලින් සනාථ වෙයි. මෙම ලෙන් ලිපිවලට අතිරේකව ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ නවය සියවස දක්වා කාලයට අයත් ගිරි ලිපි 56ක් මේ ස්ථානයේ වෙයි. ප්‍රතිමා ගෘහයක්, වටදා ගෙයක්, උපෝෂථඝරයක්, බෝධිඝරයක් හා ජන්ථාඝරයක් මෙම ස්ථානයේ ඇති විශේෂිත ගොඩනැගිලි අතර වෙයි. මෙම ග්‍රන්ථයෙහි මුඛ්‍ය අරමුණ වන්නේ මෙම ස්ථානයට යන නොයන ඔබව ස්ථානය පිළිබඳව දැනුවත් කිරීමයි. Rs 590.00 Add to cart Buy
Sathipattana Suthraya Eya Ada Bhavithayata Ganieema සතිපට්ඨාන සූත්‍රය එය අද භාවිතයට ගැනීම - සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව සඳහන් වේ. Rs 100.00 Add to cart Buy
Thirasara Sanvardhanaye Bauddha Nyaya තිරසර සංවර්ධනයේ බෞද්ධ න්‍යාය - මෙම පොතෙන් සිදු කරන්නේ සිඟාලෝවාද සූත්‍රයෙන් ඉදිරිපත් කරන එම කරුණ තවදුරටත් පැහැදිලි කිරීමයි. Rs 250.00 Add to cart Buy
Out-of-Stock Mahaa Parinibbana Suthraya Out-of-Stock මහා පරිනිබ්බාන සුත්‍රය - බුදුරජාණන් වහන්සේගේ සැදෑ සමය විදහා පාමින් මෙම ග්‍රන්ථය රචනා වී ඇත. Rs 150.00 Details View details
Jeevithayata Aruthak ජීවිතයට අරුතක් - වර්තමාන සමාජය තුල ගුණ ධර්ම පිරිහීමට පත්ව ඇත්තේ ධර්මය පිළිබඳ සැබෑ වැටහීමක් නොමැතිකම නිසාය. එම අඩුව යම්තාක් දුරට හෝ සපුරාලනු වස් අප විසින් මෙම කුඩා පොත් පිංච සම්පාදනය කලෙමු. Rs 150.00 Add to cart Buy
Karaneeya Mettha Suthraye Matupittata Nopenena Yatarthavadi Vigrahayak කරණීය මෙත්ත සූත්‍රයේ මතුපිටට නොපෙනෙන යථාර්තවාදී විග්‍රහයක් - කරණීයමෙත්ත සූත්‍රය පිළිබඳ ඉතා යථාර්ථවාදී විග්‍රහයක් මෙයින් සඳහන් වේ. Rs 100.00 Add to cart Buy
Thripitakaya Sisara-Palamu Piyavara ත්‍රිපිටකය සිසාරා - පළමු පියවර - මාගධී (පාලි) භාෂාවෙන් පුස්තක ගත වී දැනට සිංහල පරිවර්තන සහිතව පිළියෙල වී ඇති ත්‍රිපිටක ග්‍රන්ථ හැදෑරීම සඳහා ධර්මාභිලාෂීන් උනන්දු කරවීමේ අදහසින් මෙහි සඳහන් සූත්‍ර ධර්ම පිළිබඳව සරළ බස් වහර උපයෝගී කොට ගනිමින් අවබෝධයක් ලබා දෙන්නට දරනු ලබන උත්සාහයකි. Rs 225.00 Add to cart Buy
Siri Sadaham Amavasi සිරි සදහම් අමාවැසි - සූත්‍ර ඇසුරින් ලියවුනු ධර්ම කතා ඇතුළත් ග්‍රන්ථයකි. Rs 200.00 Add to cart Buy
Out-of-Stock Buddha bashitha Upama Katha Out-of-Stock බුද්ධභාෂිත උපමා - බුදු දහමෙහි අන්තර්ගත ප්‍රධාන ධර්ම කරුණු, එනම් උපමේයයන් පැහැදිලි කිරීමට බුදු දහමට අනන්‍යතාවයක් වූ විවිධ උපමාවන් රැසක් යොදා ගනිමින් මෙම කෘතිය හඳුන්වාදීමට කැමතිය. Rs 350.00 Details View details
Paritrana Dhamma Deshana පරිත්‍රාණ ධර්ම දේශනාව - බෞද්ධයන් විසින් පෞද්ගලික සහ පොදු ජීවිතයේ වැදගත් අවස්ථාවල දී සෙත්සාන්තියක් වශයෙන්, ආරක්ෂක සම්මත පරිත්‍රාණ ධර්ම දේශනා පවත්වයි. ඒ පිළිබඳ විග්‍රහයක් මෙහි සඳහන් වේ. Rs 200.00 Add to cart Buy
Loka Sobhavaya Pilibada Baudhdha Mathaya ලෝක ස්වභාවය පිළිබඳ බෞද්ධ මතය - අනෙකුත් දාර්ශනික මත හා බෞද්ධ මතය අග්ගඤ්ඤ සූත්‍රය මුල් කරගෙන සංක්ෂේපයෙන් හෝ ඉදිරිපත් කර ඇත. Rs 150.00 Add to cart Buy
Pela Atuva Magin Helivana Maharahathunge Samajacharanaya පෙල අටුවාමගින් හෙළිවන මහරහතුන්ගේ සමාජචරණය - රහතන් වහන්සේගේ සමාජ චරණය පිළිබඳ පෙළ අටුවා ආශ්‍රිතව සිදු කරන ලද විමර්ශනයක දී මෙම ග්‍රන්ථය නිර්මාණය කරන ලදී. Rs 561.00 Add to cart Buy
Sumaga (Sigalovada Suthraya Asurin) සුමග (සිඟාලෝවාද සූත්‍රය ඇසුරින්) - සිඟාලෝවාද සූත්‍රය ඇසුරින් ඉතා සරළ ලෙස ගනිමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. Rs 120.00 Add to cart Buy