Best sellers

Out-of-Stock
Sanskrutha Patamala 4
Out-of-Stock
සංස්කෘත පාඨමාලා 04 - මෙම ගද්‍ය, පද්‍ය සංග‍්‍රහය සංස්කෘත හදාරණ නවකයන්, ආධුනිකයන් වෙනුවෙන් සම්පාදිතය. 
Pali Namakyathapadamala
පාළි නාමාඛ්‍යාතපදමාලා, පාළි නාමාඛ්‍යාත වරනැගිල - පාලි භාෂාව ඉගෙන ගන්නවුන් විසින් නාම වරනැගිලිත්, ආඛ්‍යාත වරනැගිලිත් මූලිකව හැදෑරීම සදහා සකසන ලද්දකි.
Rs 190.00
Pali Rachana 1
පාලි රචනා 1 - පාලි භාෂාව ආධුනිකයන්ට පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිද්දෙන් සරල කෙටි වැකි, පුංචි කතන්දර හා පිංතූර මාර්ගයෙන් සැකසූ මෙම කෘතිය පාඨශාලා වල හා පිරිවෙන් වල මුල්ම පොත වශයෙන් භාවිතා කළ හැකිය. 
Rs 500.00
Hela Sannaya Sahitha Balawatharaya
බාලාවතාරය - මේ පෙළ පොතෙහිද සූත්‍ර පාඨ කළු අකුරින් යොදා ඇති අතර පාඩම් කිරීමේ පහසුව පිණිස වැකි ගොනුකොට ඇත. සන්නයෙහි දැක්වෙන සිරස්තල පිටු අංක සහිතව පෙළෙහි ද නිසි තැන යොදා ඇත්තේ සන්නයෙහි අදාළ තැන සොයා ගැනීමේ පහසුව පිණිසයි.
Rs 1,340.00
Bauddha Arthika Darshanaya
බෞද්ධ ආර්ථික දර්ශනය - ආර්ථීක ප‍්‍රශ්න උග‍්‍රව ඇති මෙවැනි සමයක ඒ පිළිබද බෞද්ධ මතය පැහැදිලි කරන මෙම ග‍්‍රන්ථය අගනා කාලීන මෙහෙයක් ඉටු කරනු ලබයි.
Rs 220.00
Sidhartha Gauthama Buddha Charithaya
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය -   ස්දධාර්ථ ගෞතමයන් වහන්සේගේ පහළ වීම, උන්වහන්සේගේ ජීවන චරිතය හා බුද්ධත්වයට පත්වීම ඇතුළු සියලූ තොරතුරු අඩංගු මෙම බුද්ධ චරිතය, පෙහෙවස් සමාදන් වූ අයට කියවීමට අත්ශයින් සුදුසු අගනා පුස්තකයකි. බුදුන් වහන්සේ සහ බුද්ධ ධර්මය පිළිබඳ වටිනා තොරතුරු රාශියක් විස්තර කරන මෙම ග‍්‍රන්ථය දඹදිව වන්දනා කිරීමට යන අයට වැදගත් ය. දඹදිව වැදගත් සියලූම සිද්ධස්ථාන පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුළත් වේ. 
Rs 1,200.00
Bodhi Poojawa
වර්තමානයේ දී බෝධි පූජාවන් පැවැත්වීමට බෞද්ධ සමාජය තුළ ප්‍රධාන තැනක් හිමිව ඇත. එහෙත් නිවැරදිව අවබෝධයෙන් යුක්තව පවත්වන බෝධි පූජාවන් ඉතා අල්පය. මේ ග්‍රන්ථය තුළින් නිවැරදි බෝධි පූජාව පවත්වන්නේ කෙසේද යන්න පිළිබඳවත් බෝධි පූජාව යන්නෙහි නිවැරදි අවබෝධයක් ලබා ගැනුම කළ හැකිය. බෝධි පූජා පැවත්වීම තුළින් ලැබෙන ආනිසංස පිළිබඳව අට්ඨ කථාවන් හි දැක්වෙන කථාවන් ද මෙහි දක්වා ඇති බැවින් අවබෝධයෙන් යුතුව බෝධි පූජාවන් පවත්වන සැදැහෙවතුන්ට මෙය මහෝපකාරී වෙයි.
Rs 270.00
Sithata Badha Karana Panchaneewarana saha ewa jayaganna hati
සිතට බාධා කරන පඤ්චනීවරණ සහ ඒවා ජයගන්නා හැටි පිළිබද පාලි ත‍්‍රිපිටකයෙන් සහ අටුවා කථාවන්ගෙන් උපුටාගත් කොටස් සහ ඒ ගැන අර්ථ විවරණයන්ගෙන් සැදුම්ලත් කෘතියකි. 
Rs 160.00
Out-of-Stock
Bhawanavata Sarala Magak
Out-of-Stock
භාවනාවට සරල මඟක් - ඒකාකාරී ජීවන රටාවක් තුල මානසික සහනයට අවශ්‍ය භාවනාව පිළිබඳ ඉතා සරල පැහැදිලි කරුණු ඉදිරපත් කොට රචනා කරන ලද වටිනා පොත් පිංචකි..
Patisambhidamagga 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි  එන පටිසම්භිදාමග්ග 1  කාණ්ඩය වේ . 
Rs 2,550.00
Thripitaka Suchiya
පොල්වත්තේ බුද්ධත්ත නාහිමියන්ගේ කෘතියකි.තුන්පිටකයේ ඇතුළත් සූත්‍ර-ගාථා-ශික්ෂාපද ආදියේ නාමාවලියයි.ඒ ඒ පිටකවල ඒ ඒ වර්ගවල කවර කවර සූත්‍ර ඇතුළත් දැයි මෙහි පැහැදිලිව දැක්වේ.පන්සල්වල අත්‍යවශ්‍යම ග්‍රන්ථයකි. 
Rs 1,100.00
Sri Lankave Ithihasaya - 3
ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 3 -  පුරාණ කාලයේ සිට නූතන යුගය දක්වා විහිදෙන දිවයිනේ පොහොසත් හා විවිධ වූ ඉතිහාසය පිළිබඳ දළ විශ්ලේෂණයක් සපයන පොතක් වේ. එය ප්‍රාග් ඓතිහාසික යුගය, අනුරාධපුර සහ පොළොන්නරුව පුරාණ රාජධානි, යුරෝපීය පාලනය යටතේ පැවති යටත් විජිත සමය සහ රටේ නිදහස සහ නිදහසින් පසු වර්ධනයන් වැනි ප්‍රධාන කාල පරිච්ඡේදයන් ආවරණය කරයි. මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජීය, සංස්කෘතික සහ ආර්ථික වර්ධනයන් ඇතුළුව ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විවිධ පැතිකඩයන් වෙත ගැඹුරට යොමු කළ හැකි අතර, දිවයිනේ අතීතය පිළිබඳව පාඨකයන්ට පුළුල් අවබෝධයක් ලබාදේ.
Rs 165.00
Out-of-Stock
Dhamma Pada Atta Katha - 1
Out-of-Stock
ධම්මපදට්ඨ කථා - 1 - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Buddhist Dictionary
Authentic, clear explanations of all key Theravada Buddhist terms and doctrines, arranged alphabetically, with textual references. An indispensable aid for the serious student of Theravada Buddhism.
Rs 325.00
Out-of-Stock
Sanskrutha Patamala 03
Out-of-Stock
සංස්කෘත පාඨමාලා 03 - මෙම ගද්‍ය, පද්‍ය සංග‍්‍රහය සංස්කෘත හදාරණ නවකයන්, ආධුනිකයන් වෙනුවෙන් සම්පාදිතය. 
Budu Dahamehi Hadawatha Bhawanawai
බුදු දහමෙහි හදවත භාවනාවයි -  අජාන් බ‍්‍රහ්මවංසො ස්වාමීන් වහන්සේ විසින් කරන ලද දේශන ඇසුරෙන් සම්පාදිත මෙම අගනා කෘතිය තුළින් ඉදිරිපත් කර ඇත්තේ, ප‍්‍රථම ධ්‍යාන තත්ත්වය තෙක් භාවනාව දියුණූ කිරීමේ සත් පියවරකින් යුත් භාවනා ක‍්‍රමයකි. 
Rs 350.00
Vinaya Karma Potha
‘‘විනයො නාම සාසනස්ස ආයු“ විනය යනු බුද්ධ සසුනේ ආයුෂයයි. මෙහිදි මෙම විනය කර්‍මයන් ආවට ගියාට සිදු කිරීමක් නැත්තේය. නිවැරදි ලෙස සීමා බන්ධනය කොට විනය කර්‍මයන් සඳහා සුදුසු විනයධර භික්ෂූන් එක්ව එකී විනය කර්‍මයන් සිදු කරයි. එයට හේතුව නම් විනය කර්‍ම සිදු කරන අවස්ථාවන්හි දී විනයාගත ක්‍රම නොඉක්මවා ඉතා පිරිසිදු ලෙසම එය කළ යුතු බැවිනි. මෙලෙස ඉතා පිරිසිදු ලෙස විනය කර්‍මයන් සිදු කරන්නට ඒ පිළිබඳව මනා අවබෝධය අවශ්‍යය වේ. පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රදායන් රැකගෙන විනය කර්‍මයන් සිදු කරනු ලැබුව ද අද වන විට සමහරක් භික්ෂූන් විසින් ශාසන විනයේ ස්වභාවය නොදැන විනය කර්‍ම සිදු කිරීම හේතුවෙන් අවිනය පැතිරීමේ අවස්ථාවන් ඇත. එකී අවස්ථාවන් මඟ හැර දන්නා සහ නොදන්නා හැමට සම්බුද්ධ ශාසනය තුල වූ විනය කර්‍මයන් පිළිබඳ අවබෝධයක් සහ එම විනය කර්‍මයන් පිරිසිදු ව සිදු කරන අකාරය පිළිබඳ ව ද මෙම විනය කර්‍ම ග්‍රන්ථය මගින් දැනගත හැකිය. 
Rs 530.00
Buddha Neethi Sangrahaya
බෞද්ධ සංස්කෘතිය තුළ හැදී වැඩුන ද බෞද්ධ දර්ශනය පිළිබඳ දැනුම බොහෝ බෞද්ධයන්ට අද නැත. එහෙයින් ජීවිතයේ යම් යම් අවස්ථාවල බුදු දහමට අනුව ජීවිතය හැඩ ගස්වා ගැනීම පිළිබඳ ගැටළු රාශියක් අද නිර්මාණය වී ඇත. බුද්ධ නීතී සංග්‍රහය එම ගැටළුවලට පිළිතුරු සපයයි. ජීවිතයේ බොදුනුවන් පිළිපැදිය යුතු දහම් මාර්ගයට අවශ්‍යය කරන උපදෙස් රාශියක් ත්‍රිපිටකය තුළින් එකතුකොට බුද්ධ නීති සංග්‍රය තුළ විස්තර කෙරෙයි. 
Rs 370.00
Out-of-Stock
Oba Hadawathe Dora Wivara Kirima Ha Suvaya Genena Thavath Bauddha Katha
Out-of-Stock
ජීවිතයට බොහෝ සෙයින් සමීප මෙම ශික්ෂණ කථාන්තර එකතුව, අජාන් බ‍්‍රහ්මවංසො හිමියන් විසින් යොදාගෙන ඇත්තේ සතිමත් බව, ප‍්‍රඥාව, ආදරය හා දයානුකම්පාව පිළිබද වූ ගැඹූරු විග‍්‍රහයන් දියත් කිරීම සදහාය. සෑම කථාන්තරයම සත්‍යයේ ගොරහැඩි මුවාත ප‍්‍රත්‍යක්ෂව දක්නට ඇත. මෙය ''Opening The Door Of Your Heart'' නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Uththareethara Brahmavihara Guna Sathara
''The Four Sublime States''  නම් කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙයින් මිනිස් සිතෙහි වර්ධනය කරගත හැකි මෛත‍්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව යන උත්තරීතර ගුණ සතරෙහි යථා ස්වරූපය පිළිබද නිරවුල් අවබෝධය ද සත්‍යාවබෝධය ද අත්කර ගැනීම සදහා එම උතුම් ගුණයන් උපකාරී වන අන්දම පැහැදිලි කරයි. 
Rs 130.00
Ajan Cha Himiyange Nirwana Deshana
පූජ්‍ය අජාන් චා හිමියන්ගේ ධර්ම දේශනා වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සරල ය. එහෙත් එහි අන්තර්ගතව ඇත්තේ අතිශයින්ම ගැඹුරු ධර්මතාවකි. මේ එවැනි ධර්ම දේශනා වල එකතුවකින් සැදුම්ලත් ''Every thing is Teaching Us'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Rs 450.00