Best sellers

Out-of-Stock
Bauddha Darshanaya
Out-of-Stock
චතුරාර්ය  සත්‍ය, ආත්මදෘෂ්ටිය, සංස්කාර ධර්ම,විඤ්ඤාණය,අන්තරාභවය ආදී ප්‍රධාන මාතෘකා රැසක් ගැන ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කෙරේ.
Waidika Yugayen Bauddha Yugayata
වෛදික යුගයෙන් බෞද්ධ යුගයට - වෛදික යුගයේ පටන් බෞද්ධ යුගය දක්වා භාරතයෙහි පහළ වූ නන්වැදෑරුම් ආගම් හා දර්ශනවාදයන් බෞද්ධාගම හා තුලනාත්මක විවරණයකින් විමැසුම් කරන අතර වෛදික යුගයේහිදි බිහිවුන බ්‍රහ්මණ -ආරණ්‍යක -උපනිෂද්-සෘග්වේද යන වේද සංහිතාවන්ද බෞද්ධ යුගයේ ප්‍රාරම්භය සහ ඉතිහාසයට පූර්ව කාල සීමා ආදිය සැකෙවින් හඳුන්වන කෘතියකි.
Rs 475.00
Mahavanshaya Sinhala
මහාවංශය සිංහල - විජය රජුගේ පටන් 1948 නිදහස දිනාගැනීම දක්වා කාල පරාසය ඇතුලත් වේ. මහානාම මාහිමියන් විසින් ලියන්නට පටන්ගත් මහාවංශය පඬිවරුන් ගණනාවකගේ දායකත්වයෙන් මේ දක්වා නිර්මාණය වී ඇත. පොතේ අවසානයට එකතු කර ඇති අකාරාදී ග්‍රන්ථපද විවරණය පොතේ වටිනාකම වර්ධනය කරයි..
Rs 2,150.00
Itha Parani Sinhala Bana Katha - Seehalavaththuve Sinhala Anuvadaya
ඉතා පැරණි සිංහල බණ කතා - මෙම ග්‍රන්ථය සීහලවත්ථුවේ සිංහල අනුවාදයයි. මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය. බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත. ඒ හැම කතාවක්ම බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකි ය. 
Rs 745.00
Mithurange Age - Wana Katha 2
මිතුරන්ගේ අගේ - වන කතා 2 - වනකතාව අපේ යක්කඩුවේ නායක හාමුදුරුවන්ගේ මුල්ම පොතයි. විද්‍යාලංකාර පිරිවෙන ආර්ථික අමාරුකම්වලින් ගොඩ ගැනීමට උපකාර වුණෙත් මේ වනකතාවයි. වරක් රාජඋදහසට ලක් වුණෙත් තවත් වරක් රාජ ප්‍රසාදයට ලක් වුණෙත් මේ වනකතාවයි. ලියන භාෂාවෙත් කියන භාෂාවෙත් පරතරය නැති කළේ වනකතාවයි. ඒ මගින් ලේඛන කලාවේ මහත් පෙරළියක් ඇති කිරීමට හේතු වූයෙත් මේ වනකතාවයි. නවකතාවක් මෙන්ම බණ කතාවක් හැටියට ද රස විදිය හැක්කෙත් වනකතාවයි.
Rs 800.00
Withakkasantana Suthraya
විතක්කසන්ඨාන සූත්‍රය - විතක්කසණ්ඨාන සූත්‍රය ඇසුරින් චිත්ත ව්‍යාකූලත්වය ඇති කරන සිතිවිලි ඉවත් කිරීම පිළිබඳව සාකච්ඡා කරයි.
Rs 80.00
Jeewithayata Sathuta Lagakaragnne Mehemai
ජීවිතයට සතුට ළඟාකරගන්නේ මෙහෙමයි - අජාන් බ්‍රහ්මවංසෝ මහ‌තෙරුන් වහන්සේ  අපට ජීවිතයට සතුට ළඟා කර ගැනීමේ මාර්ගය කියා දෙමින් Finding Happiness in Life මැයෙන් පැවැත් වූ දේශනයේ සිංහල පරිවර්තනය මෙම ග්‍රන්ථයේ සඳහන් වේ. 
Rs 170.00
Out-of-Stock
Maha Sathipattana Karmasthana Wivaranaya
Out-of-Stock
මහා සතිපට්ඨාන කර්මස්ථාන විවරණය - ධර්මයේ සියුම් තැන් පවා ශ්‍රාවකයන්ට වටහා ගත හැකි ලෙස සුමට කර විස්තර කළ හැකි අද්විතීය ධර්ම‌ දේශනා කෞෂල්‍යයක් හිමි පූජ්‍ය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ අතින් වර්තමාන යුගයට ඉතාමත් ම අත්‍යවශ්‍ය සතිපට්ඨාන කර්මස්ථානයන් සියල්ල ම විවරණය කරන ග්‍රන්ථ රත්නයක් ලෙසින් මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැක.
Out-of-Stock
Uppalavanna Maha Rahath Theraniya
Out-of-Stock
උප්පලවණ්ණා මහ රහත් තෙරණිය - අප මහා ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දෙවැනි අග්‍ර ශ්‍රාවිකාව සහ  ඍද්ධිමත් භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත්, 'උත්පලවන්නා තෙරණිය', 'උපුල්වන් තෙරණිය' යන නම් දෙකෙන් ද ප්‍රකට, මහ රහත් තෙරණිය වන 'උප්පලවණ්ණා' මහරහත් තෙරණියගේ කථාව මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කෙරේ. 
Samskrita Prathamadarsa Reader -I
සංස්කෘත ප‍්‍රථමාදර්ශය - Reader  -  I - මූලික පිරිවෙන් සංස්කෘත විෂය නිර්දේශිත කෘතියක් වන මෙය නාගර අක්ෂරයෙන් මුද්‍රිතය.
Rs 540.00
The Power Of Mindfulness
The Power Of Mindfulness - The purpose of this essay is to demonstrate and explain the efficacy of the method of mindfulness (satipatthana), that is, to show the actual power of mindfulness. Those who have already taken up the practice of mindfulness will recognize in this essay features of their own practice, and be encouraged to cultivate them deliberately.
Rs 180.00
Bauddha Shabdakoshaya
බෞද්ධ ශබ්දකෝෂය - ඉංග‍්‍රීසි පෙළ සහිතව ප‍්‍රථම වරට පළකරන ශාස්ත‍්‍රීයවූත් ප‍්‍රාමාණිකවූත් බෞද්ධ ශබ්දකෝෂයේ මෙම සිංහල පරිවර්තනය සිංහල සහ ඉංග‍්‍රීසි යන ද්විභාෂාවන් ම උපයෝගී කරගනිමින් ධර්ම ශාස්ත‍්‍රීය කටයුතුවල නියැලෙන වියතුන්ට මෙන්ම අධ්‍යාපනිකයන්ට ද, ධර්මය පිළිබද ගැඹුරුවූත් නිවැරදිවූත් පිරිසිදු වූත් දැනීමක් හා දැක්මක් අපේක්ෂා කරන සියලූ දෙනාට ද, අතිශයින්ම ප‍්‍රයෝජනවත් ප‍්‍රායෝගික අත් පොතක් බදුය. 
Rs 1,750.00
Sinhala Hodiya Nam Potha Magul Lakuna Ganadevi Hella Wadan Kavi Potha Buddha Padya Sakaskada
සිංහල හෝඩිය/ නම් පොත/ මඟුල් ලකුණ/ ගණදෙවි හෑල්ල/ වදන් කවි පොත/ බුද්ධ පද්‍යය/ සකස්කඩ - සිංහල දරුවනට අත්පොත් තැබීමෙන් පසුව අපේ විහාරස්ථාන වලත්, පාසල් වලත් පුරාණයේ සිට භාවිතා කරන ලද පැරණි පොත් පෙළක් විය. මෙය එම පොත් පෙළෙහිම එකතුවකින් සැදුම් ලත් ග්‍රන්ථයකි.
Rs 360.00
Namashta Shathakaya Nawarathnaya Wyasakaraya Hithopadeshaya
නාමාෂ්ට ශතකය/ නවරත්නය/ ව්‍යාසකාරය/ හිතෝපදේශය - පුරාතන පන්සල්හි දරුවනට අකුරු ඉගැන්වීමේ පොත් පෙලෙහි මූලික අධ්‍යයන ග්‍රන්ථයන් වන නාමාෂ්ට ශතකය/ නවරත්නය/ ව්‍යාසකාරය/ හිතෝපදේශය සංස්කෘත පෙළ සහ සිංහල අර්ථය ද සහිතව මෙහි අන්තර්ගත වේ.
Rs 520.00
Thelakataha Gatha
තෙලකටාහ ගාථා - කැළණිතිස් රජ සමයෙහි කැළණි මහා වෙහෙර වැසි කැළණි මහරහතන් වහන්සේ වදාළ 'ධම්මගාථා' නමින් හැඳින්වෙන තෙලකටාහ ගාථා 100ක් මෙම පොතෙහි අන්තර්ගතය. පාලි ගාථා 100 ත් එහි පදපෙල අරුත් සරල ආකාරයෙන් ඉදිරිපත් කර සංස්කරණය කර ඇත..
Rs 350.00
Pali Namakyathapadamala
පාළි නාමාඛ්‍යාතපදමාලා, පාළි නාමාඛ්‍යාත වරනැගිල - පාලි භාෂාව ඉගෙන ගන්නවුන් විසින් නාම වරනැගිලිත්, ආඛ්‍යාත වරනැගිලිත් මූලිකව හැදෑරීම සදහා සකසන ලද්දකි.
Rs 190.00
Pali Nama Waranagilla
පාලි නාම වරනැගිල්ල - පාලි භාෂාව ඉගනීමට පටන් ගන්නා ආධුනිකයා පළමුවෙන් ම අත්පොත් තබන්නේ පාලි වරනගිල්ලෙනි.  කච්චායන ව්‍යාකරණ ක්‍රමය පුහුණුව පිණිස පුහුණුව පිණිස පළමුවෙන් භාවිත කල යුත්තේද මෙයයි. බාලාවතාරය ඇසුරු කොටගෙන මෙය ගොඩනගා ඇත. මෙහි පාලි නාමපද මාලා, ආඛ්‍යාත පදමාල ඇතුලත්ය.
Rs 585.00
Prathya Shathakaya
ප්‍රත්‍යය ශතකය - මෙම කෘතිය සංස්කෘත පෙළ සහ සිංහල අර්ථය ද අන්තර්ගතව නොයෙක් සංස්කෘත පොත්වලින් උපුටා ගන්නා ලද ශ්ලෝකයන්ගේ එකතුවකින් සැදුම් ලද්දකි.
Rs 140.00
The All-Embracing of Net of Views
The Brahmajala, one of the Buddha’s most important discourses, weaves a net of sixty-two cases capturing all the speculative views on the self and the world. ...
Rs 800.00
Me Athbawayedee ma...
මේ අත්බවයේදී ම.... - ''In This Very Life''  කෘතියෙහි සිංහල අනුවාදය වන මෙය සයාඩෝ උ පණ්ඩිතාභිවංස හිමියන් විසින් 1984 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට් හි විපස්සනා භාවනා සමිතියේ දී පවත්වන ලද දේශන වල එකතුවකින් සැදුම් ලද්දකි. 
Rs 700.00
Budu Dahamehi Hadawatha Bhawanawai
බුදු දහමෙහි හදවත භාවනාවයි -  අජාන් බ‍්‍රහ්මවංසො ස්වාමීන් වහන්සේ විසින් කරන ලද දේශන ඇසුරෙන් සම්පාදිත මෙම අගනා කෘතිය තුළින් ඉදිරිපත් කර ඇත්තේ, ප‍්‍රථම ධ්‍යාන තත්ත්වය තෙක් භාවනාව දියුණූ කිරීමේ සත් පියවරකින් යුත් භාවනා ක‍්‍රමයකි. 
Rs 350.00