Books

Navathimama ya Gamana
නැවතීමම ය ගමන - බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් සද්ධර්මයේ හරය චතුරාර්‍ය සත්‍යයයි. උන් වහන්සේ පුරා පන්සාලිස් වසක් තිස්සේ ගම් දනව් සිසාරා වැඩම කරමින් ප්‍රාතිහාර්‍ය සහිතව, විවිධ පර්‍යායන්ගෙන් දේශනා කොට වදාළේ මේ උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයයි. 
පසුව ලේඛනගත වූ මේ උතුම් ධර්මයට මේ වන විට සිය දහස් ගණන් පරිවාර ග්‍රන්ථ ලියැවී ඇත. ඒ නිසා ම මේ ධර්මය සාමාන්‍ය ජනයාට අවබෝධ කර ගැනීම වඩාත් සංකීර්ණ කරුණක් බවට පත් ව ඇත. අද දවස මේ ධර්මය අවබෝධ කරගනු කැමති පින්වතා පූර්වනිගමනවලින් තොරව, කිසිදු දෘෂ්ටියකට හසු නොවී, තමන්ගේ පෞද්ගලික විශ්වාසන්ට සහ පිළිගැනීම්වලට ගැති නොවී, පුද්ගලාබද්ධ පැහැදීම්වලට යට නොවී, අපක්ෂපාතීව මේ ධර්මය දෙස බැලිය යුතු ය.
මේ ධර්ම දේශනා එකතුව වනාහි එසේ වඩාත් නිදහස් ව, නිවහල්ව, ස්වාධීනව ඒ උතුම් ආර්‍ය සත්‍ය ධර්මය දෙස බැලීමටත් අවබෝධ කර ගැනීමටත් ඔබට මඟ සලසනු ඇත.
Rs 600.00
Kirinda Puraviddayathmaka Saha Samaja Widdayathmaka Wivaranayaki
කිරින්ද පුරාවිද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක විවරණයකි - කිරින්ද ඔබ අතට පත්වනුයේ නවතම කරුණු ගණනාවක් සමඟින් ය. කිරින්ද ගැන අප දැන සිටියේ විහාර මහා දේවිය ගොඩ බැස්ස තැන හැටියට ය. නමුත්, ඊට වඩා විෂය පරාසයක් වෙත මෙහි කතුවරයා අපව ගෙන එයි.
කිරින්දේ ප්‍රාග් ඓතිහාසික ගල්ලෙන් ගැනත් සෙල්ලිපි තුනක්ම කිරින්දේ ඇති බවත් මුල්මවරට අපට දැන ගැනීමට ලැබෙනුයේ කිරින්ද කෘතියෙනි. මෙවැනි අනගි කරුණු ගණනවකින් සමන්විත කිරින්ද දක්ෂිණ ශ්‍රී ලංකාවේ වෙහෙර විහාර වන්දනා චාරිකාවේ යන ඔබ අතේ තිබිය යුතු කෘතියකි.
Rs 490.00
Parani Lakdiva Kanthava
පැරණි ලක්දිව කාන්තාව - ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන මේ දක්වා සැකසුණු ග්‍රන්ථවල දිවයිනේ දේශපාලන, ආර්ථික හා සමාජ උච්චාවචන පිළිබඳ සඳහන් වෙතත් කාන්තාවගෙන් විසූ එහි දී සිදූ වූ කාර්‍යභාරය ගැන දක්වා ඇත්තේ අවම වශයෙනි. මේ තත්ත්වය වටහාගත් මහාචාර්‍ය ඉන්දාණි මුණසිංහ විසින් අතීත ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් ඉටු වූ සමාජ මෙහෙවර සම්බන්ධව කරන ලද පර්‍යේෂණයක ප්‍රතිඵල ලෙස ප්‍රකාෂයට පත් වූ, රාජ්‍ය සම්මාන ලද, "පැරණි ලක්දිව කාන්තාව" නම් කෘතිය මගින් පුරාණ ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධව දක්නට ලැබුණු එම අවකාශය සම්පූර්ණ වේ. පුරාණ ශිලාලේඛන හා ග්‍රන්ථ ඇසුරු කරමින් රචිත මේ ග්‍රන්ථයෙන් පැරණි ලක්දිව විසූ කතුන්ගේ ආගමික ජීවිතය, වෘත්තීය ජීවිතය හා ගෘහස්ථ ජීවිතය ද සම්බන්ධව මෙතෙක් ආවරණය වී තිබුණු තොරතුරු රාශියක් එළිදැක්වේ. මේ ග්‍රන්ථයෙන් කියැවෙන පැරණි ලක්දිව කතුන්ගේ රුව, ගුණ හා සවිය ගැන අසන පාඨක ජනයා තුළ මහත් අභිමානයක් ජනිත වෙයි. එසේ නැගෙන අභිමානය ඔවුන්ගේ පෞර්ෂය ශක්තිමත් කිරීමෙහි ලා නිසැකයෙන් ම හේතු වේ.
Rs 1,250.00
Aranya Kavya Sagarava
ආරණ්‍ය කාව්‍ය සංග්‍රහය - මෙම කාව්‍ය සංග්‍රහය පඤ්ඤානන්ද හිමියන්ගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහය වුවද භාෂා භාවිතය රූපක උපමා ව්‍යංගාර්ථවත් භාෂා භාවිතය කාව්‍ය ආකෘති භාවිතය වැනි දෑ කවිය තුළට ගෙන ඒමෙන් උන්වහන්සේගේ කවීත්වය කාව්‍ය සංග්‍රහය පුරා කැපී පෙනෙයි. සතතාභ්‍යාස තුළින් තම කවිත්වය ඔප්නංවා ගැනීමට මෙන්ම ගී පද රචකයෙකු ලෙසත් උන්වහන්සේ තම නිර්මාණකරණයෙහි නිම් වළලු පුළුල් කර ගනිමින් සිටින බව පැහැදිලි ය.
ආරණ්‍ය පද්‍ය නිර්මාණ එකතුව තේමා රැසක් පිළිබඳව කවියා සිය කවිත්වය පළ කරවන්නකි. පඤ්ඤානන්ද හිමියන්ගේ කාව්‍ය නිර්මාණ වල කැපී පෙනෙන ලක්ෂණය නම් සමාජය අවවරප්‍රසාදිත පිරිස් වෙනුවෙන් උන්වහන්සේ සිය පෑන මෙහෙයවා තිබීමය. එහිදී සෙසු කවීන් නොදකින සියුම් සිද්ධි හා අවස්ථා කවියාගේ ඇසට ලක් වී තිබේ.
Rs 300.00
Out-of-Stock
Sansara Mandira -II obe Karmaya Suvapath Kirima
Out-of-Stock
සංසාර මන්දිර - 2 ඔබේ කර්මය සුවපත් කිරීම - ජිනා සෙර්මිනාරා මහත්මියගේ Many Mansions Part 2 කෘතියේ සිංහල පරිවර්තනය "දිවි මතින්" එහි පළමු කොටස වේ. සංසාර මන්දිර නමින් Many Mansions Part 1 කෘතිය සිංහලට පරිවර්තනය කළෝ අපවත් වී වදාළ පූජ්‍ය කන්නිමහර සුමංගල පඬි හිමිපාණෝ යි. Many Mansions Part 2 සහ World Within කෘතියේ සෑහෙන කොටසක් ද එතුමන් විසින් සිංහලට පරිවර්තනය කරන ලදී. Many Mansions Part 2 සහ World Within කෘති දෙක අතර සමානතා ඉතා බොහෝ ය.
Out-of-Stock
Sasara Gamana
Out-of-Stock
සසර ගමන - "සසර ගමන" යන මැයෙන් ගෞරවණීය පල්ලෙවෙල දේවරක්ඛිත හිමිපාණන් වහන්සේ විසින් රචිත අගනා ධර්ම පුස්තකය බණ දහම් ගැඹුරින් උගත් නූගත් හැම දෙනාටම කියවා ධර්ම රසය විඳගත හැකි අගනා නිර්මාණයකි. ආරම්භයේදී ම මනෝවිද්‍යාඥයින්ගේ විග්‍රහයන් ද උපයෝගී කර ගනිමින් මිනිස් බිළිඳෙකුගේ මව් කුස පිළිසිඳ ගැනීමේ සිට දිගු කලක් ජීවත් වී මරණාවස්ථාව දක්වා මිනිස් සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳ කර ඇති  ධරමානුලකූල විග්‍රහය බෙහෙවින් අගනේ ය. 
මරණානුස්මෘති භාවනාව වඩන බොහෝ දෙනෙකුට බිය උපදවන අවස්ථාවක් ලෙස සැලකෙතත් මෙම ග්‍රන්ථයෙහි සරලව දක්වා ඇති විස්තර විවරණ භාවනාවේ යෙදෙන්නට හා සාමාන්‍ය ජනතාවට ද මනා අවබෝධයක් හා මානසික සුවයක් ලබා දෙයි. කර්මය හා පුනර්භවය පිළිබඳ දැක්වෙන විවරණ බෙහෙවින් අගනේ ය. 
අවසාන පරිච්ඡේදය ලෙස දැක්වෙන නිවීම පිළිබඳ විස්තර භාවනා වැඩීම සම්බන්ධයෙන් පවත්නා දුර්මත බැහැර ලා අති අයුරු සිත් ගන්නා සුළු ය.
උප ග්‍රන්ථයෙහි සංග්‍රහ කොට තිබෙන කරුණු ද බුදු දහමෙහි සැනසුම කරා ගමන් කරවන මං පෙත් විවරණය කරයි.
Asirimath Sithulpauva
අසිරිමත් සිතුල්පව්ව - සිතුල්පව්ව විහාරය අයත් වූයේ පුරාණ රුහුණේ කතරගම ක්ෂත්‍රීය රජ පරම්පරාවේ පාලනය යටතේ පැවති වපසරිය තුලය.
මෙය දිවයිනේ පැරණිතම විහාරයක් වූවා පමණක් නොව විශාලතම සංඝාරාම අතලොස්සෙන් එකක් ද වූයේ ය. දෙතිස්ඵල රැහ බෝධීන් අතරින් එකක් රෝපණය කිරීමට තෝරා ගත් ස්ථාන අතරින් එකක් රෝපණය කිරීමට තෝරා ගත් ස්ථාන අතරින් එකක් වූයේය ද සිතුල්පව්වයි. 
මහාවංශයට අනුව සිතුල්පව්ව විහාරය කරවන ලද්දේ රුහුණේ පාලකයාව සිටි කාවන්තිස්සයි. ක්‍රිස්තු පූර්ව පළමු සියවසේ දී රජ පැමිණි වලගම්බා සමයේ දී මෙහි භික්ෂූන් වහන්සේලා 12 000 ක් වැඩ විසූ බව පැරණි මූලාශ්‍රවල සඳහන් වෙයි. දුටුගැමුණු රජුගේ දශමහා යෝධයන් අතරින් සිව් දෙනෙකු විසින් මහා සංඝයා විශයෙහි පිදූ ගල් ලෙන් මෙම ස්ථනයේ දක්නට ලැබෙයි. සද්ධාතිස්ස, ලජ්ජිතිස්ස, ඉලනාග, ගජබා මෙම ස්ථානයට අනුග්‍රහය දැක්වූ රජුන් අතර වූ බවට සාධක සෙල් ලිපිවලින් අනාවරණය වෙයි. අනුරාධපුර අවධියෙන් පසුව මෙම ස්ථානයට කවර ඉරණමක් අත්වීද යන්න පිළිබඳ සාධක කිසි තැනෙක දක්නට නොලැබෙයි.
මෙම ග්‍රන්ථය ඔබ අතට පත් කෙරෙනුයේ එහි යන නොයන ඔබ හට අත්වැලක් සලසනු පිණිස ය.
Rs 690.00
Asirimath Polonnnaruva
අසිරිමත් පොළොන්නරුව - පොලොන්නරුව යනු දිවයිනේ දෙවන අගනුවරයි. මෙම ස්ථානය ක්‍රිස්තු වර්ෂ මුල් සියවස්වල පටන් විටින් විට අනුරාධපුරයේ සිට රජකළ ඇතැම් රජවරුන්ට තාවකාලික වාසස්ථානයක්ද විය. එහෙයින් එය කඳවුරුපුර නමින්ද නම් විය. පොලොන්නරුව මුලින්ම නිත්‍ය වාසස්ථානය බවට පත් කරගන්නා ලද්දේ රාජ රාජ නම් සොළී පාලකයා යටතේ ය. සොළී පාලනයෙන් රට මුදවා ගත් පළමු විජයබාහු රජු 1055 වසරේ දී රාජ්‍යත්වයට පත් විය. ඔහුගේ පාලන සමය දිවයිනේ ඉසුරුමත් අවධියක් ලෙස සළකනු ලැබේ. එතැන් පටන් එතරම් බලවත් නොවූ රජුන් තිදෙනෙකුන් පසුව පළමු පරාක්‍රමබාහු රාජ්‍යත්වයට පත් වෙයි. අභ්‍යන්තර අරගල වලට සාර්ථකව මුහුණ දුන් ඔහු 1153 වසරෙ දී දිවයිනේ පාලකයා බවට පත් විය. පොලොන්නරුව විහාරාරාම හා නගරාංගයන්ගෙන් සම්පූර්ණ කළ ඔහු පරාක්‍රම සමුද්‍රය නම් සුප්‍රකට ජලාශය ද පොලොන්නරුවේ ඉදිකළේය. මින් පසු පොලොන්නරුවේ රජ පද පත් ප්‍රබල රජෙකු ලෙස ඉස්මතු වන්නේ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල පමණකි. 
පොලොන්නරුව අද දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය අතින් දෙවැනි වනුයේ අනුරාධපුරයට පමණි. එහි යන ඔබට අත්වැලක් සැපයීම මෙම ග්‍රන්ථයේ අරමුණයි. 
Rs 490.00
Nuthana Thissamaharamaya
නූතන තිස්සමහාරාමය - සුමිත් රණසිංහයන් සමාජ පුරාවිද්‍යාව ජනතාව වෙත ගෙන යන විද්වතෙකි. හෙතම වෘත්තියෙන් පුරාවිද්‍යාඥයෙකි. මධ්‍යම සංස්කෘතික අරමුදල තුළ සිටින පිරිස් කළමනාකරුවෙකි, සහකාර අධ්‍යක්ෂවරයෙකි. කෘති රචනා කිරීමට සුදුසුකම් ලද්දෙකි. හෙළ, සකු හා පාලි ආදී භාෂාවන් පිළිබඳ විද්වතෙකි. ඉලක්ක හා අරමුණු ජය ගැනීමට සිය කාර්‍ය මණ්ඩලය මෙහෙය වන පාලකයෙකි. 
සිය රාජකාරි ජීවිතයට අමතරව තම විෂය දහරාව අනාගත පරපුරට දායාද කිරීමට කැප වෙන්නෙකි.
සමාජ පුරාවිද්‍යාව පිළිබඳව පරිඥානයක් සතු ඒ මහතා තිස්සමහාරාම ව්‍යාපෘතියේ කළමනාකරු ලෙස නිරත වූ වකවානුවෙහි තිස්සමහාරාමය මෑත ඉතිහාසය ගැන ගවේෂණය කර නිර්මිත නවතම කෘතිය "නූතන තිස්සමහාරාමය" යි.
මීට පෙරත් කතරගම් පුවත, කන්දබඩ පත්තුව, සොළොස්මස්ථාන,සඳගිරිය ආදි වශයෙන් ප්‍රකාශ කර ඇති ගමවේෂණාත්මක කෘතිවල කතුවරයා ය. ගීත රචකයෙකි. පුවත්පත් ලේඛකයෙකි. 
තිස්සමහාරාමය නූතන ඉතිහාසය පිළිබඳව අප නොදන්නා ඉසව් වෙත පරිච්ඡේද ගණනාවක් මගින් කරුණු ගොනුකර රචිත මේ ග්‍රන්ථය පාඨක රුචිය දනවන අගනා ශාස්ත්‍රීය කෘතියකි. සරසවි විද්‍යාර්ථින්ට ද අගනා මූලාශ්‍රයකි.   
Rs 1,200.00
Danuma Sanasuma Wadana Budu Bana Gihi Pavidi
දැනුම සැනසුම වඩන බුදු බණ (ගිහි, පැවිදි) - දිවුලපිටිය බලගල්ල සරස්වතී පිරිවෙන්හි වැඩ වාසය කරන කථිකාචාර්‍ය හිඳගල ඤාණාධාර ස්වාමීන් වහන්සේ කෘතහස්ත සැබෑ මානව දයාව සපිරි ගිහි පැවිදි දෙපාර්ශවයට ම අත්‍යවශ්‍ය වූ හිමිනමකි. උන්වහන්සේ ඉතා කුඩා කාලයේ සිට ම තමන් වහන්සේගේ ආචාර්‍ය උපාධ්‍යාය ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ කොට ගෙන සහ බලගල්ල සරස්වතී පිරිවෙන ආශ්‍රය නිශ්‍රය කරන්නා වූ ඉතා වැදගත් ස්වාමීන් වහන්සේලාගෙන් ගුරු හරුකම් මෙන්ම ආදර්ශවත් චරිත දෙස බලා තමන්ගේ ජීවිතය මැනවින් සකස් කරගන්නා හිමි නමකි.
දශක ගණනාවක් තුළ උන්වහන්සේ ලබා ගත් හසල දැනුම් සම්භාරයත් අත්දැකීම් සමුදායත් කැටි කොට "දැනුම සැනසුම වඩන බුදුබණ" ග්‍රන්ථය රචනා කොට ඇත. මෙකී ග්‍රන්ථය ශ්‍රී ලාංකීය සහ එයින් බැහැර වූ අනෙකුත් රටවල් හැරුණු කොට ගිහි පැවිදි දෙපාර්ශවයම සැලකිල්ලට ගෙන ග්‍රන්ථය රචනා කොට ඇත. එම කෘතිය පුරාවට බුද්ධ චරිතය, බුදු දහම, භික්ෂු චර්‍යා රටාවන්, බෞද්ධ දර්ශනය හා බෞද්ධ සංස්කෘතිය ආශ්‍රයෙන් ඔප්නංවා ග්‍රන්ථය ඕනෑම කෙනෙකුට කියවා තේරුම් ගත හැකි පරිද්දෙන් රචනා කර තිබීම අතිශයින් අගය කළ යුත්තකි.
Rs 650.00
Out-of-Stock
Buddhist Monks And Monasteries Of India
Out-of-Stock
Buddhist Monks And Monasteries Of India - Though India is no longer a Buddhist country, Buddhism held its place among Indian faiths for nearly seventeen centuries (500 B.C.-A.D. 1200). During this long stretch of time the Buddhist monks were organized in Sanghas in most parts of the country and their activities and achievements have profoundly influenced India`s traditional culture.
There are monumental remains of Buddhist monastic life scattered all over India: in the south there are about a thousand cave-monasteries, among them Ajanta, world-famous for its exquisite mural paintings; in the north, less spectacular, the ruins of monastic edifices from Taxila in the west to Paharpur in the east. A connected history of the Buddhist monks of ancient India, their activities, their monastic establishments and their contributions to Indian culture, is available for the first time in this work, which is remarkable also for its pervading human interest.
In reconstructing the history of the emperors and kings who were patrons of Buddhism, the early missionaries and the illustrious monk-scholars of later times, the author has used sources in four languages-Pali, Sanskrit, Chinese and Tibetan
Out-of-Stock
Discipline The Canonical Buddhism of Vinayapitaka
Out-of-Stock
Discipline The Canonical Buddhism of Vinayapitaka - Discipline: The Canonical Buddhism of the Vinayapitaka is a penetrating analysis of a heretofore neglected, yet centrally important portion of the Pali Canon. In identifying the pivotal role of discipline in the bhikkhu quest for nibbana Professor Holt finds that Vinaya rules represent a practical implementation of the Buddha’s Dhamma. Specifically adherence to this monastic code theoretically facilitates an overcoming of asavas, mental dispositions that foster attachment to the “self” and thus perpetuate the process of samsaric kammic retribution. The formulation of Buddhist monastic law, therefore, need not be seen as the result of casuistry, rather, it is the consequence of a conscious attempt on the part of the early Buddhist tradition to identify behavioral expressions that once generate and reflect a calmed, detached and disciplined mental and spiritual state. The author has also examined the significance of the principal rituals of Buddhist monasticism as they are prescribed within the Vinaya text. He interprets these rites as cultic celebrations of discipline which, in turn, legitimate the Sangha’s claim to be the embodiment and reservoir of the Buddha’s teachings. The claim supported the Sangha’s role of occupying a mediating position between the spiritual needs of the laity and the authority and the spiritual exemplar of Buddhism, the Buddha. In short, Discipline, written from the perspective of the history of religious approach, contributed significantly to the increased understanding of the dynamics of the Buddhist religion in its formulative stages.
Winaya Shiromani
විනය ශිරෝමණී - විනය බුද්ධ ශාසනයේ පැවැත්මයි. විනය නැති වූ විට ශාසනය ද අතුරුදහන් වන බව තථාගතයන් වහන්සේ දේශනා කර ඇත. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ දින සිට පනවාපු නීති හෙවත් විනය නීති අවුරුදු 450ක් ම රක්ෂා වුණා. එතෙක් සියලු පනවන ලද සිකපද ටික ටික කැඩීමට සමහර පැවිදි උතුමෝ පටන් ගත්තා. එම අවස්ථාවේ විනය පිළිබඳ දක්ෂ උපාලි මහ රහතන් වහන්සේ සියළු භික්ෂූන් රැස් කරවා පළමු  සංගායනාව පැවැත් වූ සේක. එයින් භික්ෂූන් පන්සියයක් තෝරා ගත්හ. එම නිසා එය "පඤ්ච සතික" නම් විය. එහිදී පනවන ලද විනය කර්ම මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වී ඇත.
Rs 1,000.00
Anagarika Prathipadava Hevath Sitha Nivana Maga
අනගාරික ප්‍රතිපදාව හෙවත් සිත නිවන මග - භික්ෂු ප්‍රතිපදාව පිළිබඳව අප්‍රකට ව පවත්නා විවිධ කරුණු ගිහි පින්වතුන් විසින් කියවා ආගමික  විශ්වාසයන් තහවුරු කර ගැනීමටත් භික්ෂූන් වහන්සේ විෂයයෙහි පවත්නා ගෞරවය වෙනස් නොවීමටත් හේතුවන අයුරින් ඒවා විස්තරාත්මකව මෙම ග්‍රන්ථය තුළ දක්වා ඇත.
Rs 500.00
Sanghadhikarana Jothika
සංඝාධිකරණ ජෝතිකා - වසර 2500ත් වැඩි දීර්ඝ කාලීන අඛණ්ඩ ඉතිහාසයක් ඇති සම්බුද්ධ ශාසනයේ ජීවය සුපේශල ශික්ෂාකාමී සංඝ රත්නයයි. එය සංඝ සාමාග්‍රිය පවත්නා තාක් සුරක්ෂිතය. එබැවින් භික්ෂූන් වහන්සේලා ධර්ම විනය සංඛ්‍යාත ජීවමාන ශාස්තෘත්වයේ මාර්ගෝපදේශකත්වයට අනුකූලව සමගිව සංඝයාගේ විධායක බලයටත් අධිකරණ බලයටත් අවනත විය යුතුය. ඒ සඳහා සම්පාදිත මේ සංඝාධිකරණ ජෝතිකාව කාලීන අවශ්‍යතාවයක් සපුරාලීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයකි.
Rs 600.00
Bhikshu Samajaya
භික්ෂු සමාජය - ලෝක ඉතිහාසයේ වාර්තාගත දීර්ඝතම අවිච්චින්න මානව සංවිධානයක් වශයෙන් බෞද්ධ භික්ෂු සමාජය විද්වතුන්ගේ නොමඳ අවධානයට පාත්‍ර වූවකි. එබඳු සංවිධානයක පැවැත්මට මූලාධාර වූ විනය ශික්ෂාවවලින් වර්තමාන සමාජ සංවිධානවලට ගත හැකි ආදර්ශ රාශියකි. එහෙත් විනය ශික්ෂා පිළිබඳ සරල සිංහල භාෂාවෙන් විචාරාත්මකව ලියන ලද ග්‍රන්ථ ඉතා විරලය.
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්‍ය පූජ්‍ය දේවාලේගම මේධානන්ද හිමියන් විසින් රචිත එමෙන්ම නව සංස්කරණයකින් යුක්තව පළ කොට ඇති "භික්ෂු සමාජය" නමැති කෘතිය ඉහත කී අඩුව බොහෝ දුරට සම්පූර්ණ කිරීමට ගත් ප්‍රශස්ථ උත්සාහයක් ලෙස සඳහන් කළ යුතුය. ශාස්ත්‍රීය මෙන්ම ප්‍රායෝගික යන දෙපක්ෂයෙන්ම විනය ශික්ෂා පිළිබඳ ප්‍රාමාණික අවබෝධයකින් යුතු උන්වහන්සේගේ මෙම කෘතිය විද්වත් පාඨක ජනතාවගේ මෙන්ම සාමාන්‍ය බෞද්ධ ජනතාවගේ ද අවධානයට යොමු විය යුතු කෘතියක් බව සඳහන් කරනු කැමැත්තෙමි.
Rs 250.00
Out-of-Stock
Sivura
Out-of-Stock
සිවුර - සිවුර පිළිබඳ විවිධ කතා ජාතක කතා මඟින් පළ කර තිබේ. මෙම කතා පුවත් මඟින් හෙළි වන තොරතුරු වෙන් කොට මෙම ග්‍රන්ථය ඇතුළත් කර ඇති අතර ඉන් පෙර පැවති කතාවන් ද එක් කර ඇත. එසේ ම එහි පවතින සමාජ ආකල්ප ආදිය ද බොහෝ දුරට එක් කොට ඇත. ආදිතම ඇඳුම විදියට කරුණු එක් කිරීමේ දී රේරුකානේ චන්දවිමල මහ නා හිමියන්ගේ 'ශාසනාවතරණය' හා 'උපසම්පදාශීලය' යන ග්‍රන්ථ හා වෙනත් එක් කළ තොරතුරු මඟින් එහි පැරණි බව ඔප්පු කිරීමට උත්සාහ කර ඇත. සිවුරේ පවතින පැරණි බව එහි ආරම්භය, අඳින විදිය හා සිවුර සකස් කරන විදිය මෙන් ම විනයානුකූල බව ආදිය ද ඒ සඳහා භාවිත කරන ක්‍රමවේද මෙන්ම ගත යුතු දෑ ආදිය ද විග්‍රහ කොට ඇත.
Bhikkupathimokkan
භික්කුපාතිමොක්ඛං - 'සෞන්දර්‍ය පිළිබඳ බෞද්ධ ආකල්පය', 'පාලි අට්ඨකතාවන්හි පිළිබිඹු වන ව්‍යාකරණ සම්ප්‍රදාය' වැනි ශාස්ත්‍ර්‍රීය ග්‍රන්ථ හා සංස්කරණ ග්‍රන්ථ රාශියක් මුද්‍රණය කරවා ඇති උන්වහන්සේ පාඨකයන් වෙත ඉදිරිපත් කරන "භික්ඛුපාතිමොක්ඛං" නමැති මෙම කුඩා පාඨ ග්‍රන්ථය භික්ෂු භික්ෂුණී උභය ප්‍රතිමෝක්ශයෙහි ඇතුළත් ශික්ෂාපද සංග්‍රහයකි. විනය ශික්ෂාපද හදාරන අයට අත්පොතක් වශයෙන් මෙය භාවිත කළ හැකිය. බුද්ධශාසනයේ චිරස්ථිතිය සඳහා විනය ශික්ෂාපද ආරක්ෂා කිරීම බෙහෙවින් ඉවහල් වන බව සාම්ප්‍රදායික පිළිගැනීමයි. පිරිවෙන් අධ්‍යාපනය ලබන සිසුන්ට පාලි විනය ශික්ෂාපද වාචෝද්ගත කොට හැදෑරීමේ දී මෙම ග්‍රන්ථය බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව කිව හැකිය.
Rs 150.00
Bhikkupathimokkan
භික්ඛුපාතිමොක්ඛං - භික්ඛු භික්ඛුනී පාතිමොක්ඛ ශික්ෂාපද අඩංගු වන්නේ විනය පිටකයේ සුත්තවිභංග නමින් හැඳින්වෙන පාරාජික පාලි හා පාචිත්තිය පාලි ග්‍රන්ථ දෙකෙහිය. උපෝසථ දිනයෙහි භික්ෂු භික්ෂුණීන්ගේ ප්‍රයෝජනය සඳහා ඉතා ඈත යුගයකදී ම එම සිකපද පමණක් සංග්‍රහ කිරීමෙන් භික්ඛු පාතිමොක්ඛයත්, භික්ඛුනී පාතිමොක්ඛයත් බිහිවිය. දැනට මුද්‍රණයෙන් බිහි වී ඇති පිටපත් ප්‍රමාණවත් සංඛ්‍යාවක් තුලනාත්මකව පරීක්ෂාවට භාජනය කොට පාටාන්තර දෝෂයන් හැකිතාක් අඩුකොට මෙම භික්ඛුපාතිමොක්ඛය පිළියෙල කරන ලදී. මෙය සැකසීමේ දී මූලික අරමුණ වූයේ ද උපෝසථ දින  සීමාමාලකයේදී ද අත්පොතක් වශයෙන් භාවිත කිරීම සඳහා උපයෝගී කර ගැනීමට වඩාත් නිවැරදි පාඨග්‍රන්ථයක් පිළියෙල කිරීම ය.
Rs 280.00
Pali Thripitaka Grantha Wanshaya
පාලි  ත්‍රිපිටක ග්‍රන්ථ වංශය  - සකල ලෝක සත්ත්වයින්ගේ සංසාර තරණය පිණිස බුදු රජුන් වදාළ ධර්ම - විනය සංගීතියෙහි මහ තෙරවරුන් විසින් ක්‍රිස්තු වර්ෂයෙනුත් ශත වර්ෂ කීපයකට පෙර පිටකත්‍රයෙහි ලා සංගෘහිත වූ නමුත්, ඒ එක් එක් පිටකයක ඇතුළත් වන පුස්තකයනුත්, එකී පුස්තකයන්හි පිළිවෙළින් අන්තර්ගත වූ සූත්‍රාන්ත ධර්ම දේශනාවනුත් පිළිබඳ විස්තරයක් සිංහල පාඨකයනට පහසුවෙන් වටහා ගත හැකි පරිදි මෙතෙක් සම්පාදනය නොවීමේ අඩුපාඩුව හුදෙක් පිරිමසාලීමේ අදහසින් මෙය පිළියෙල කරන ලදී.
 ත්‍රිපිටකය පිළිබඳ පර්‍යේෂණ පැවැත් වූ පෙර අපර දෙදිගෙහිම පඬිවරුන්ගේ ලිපි ලේඛනාදිය ආශ්‍රයෙන් පාලි භාෂාවේ සම්භවය හා ව්‍යාප්තිය ගැනත්, ධර්ම විනයාන්තර ගත පුස්තකයන්ගේ රචනා කාලයන් ගැනත් සිංහල පොත්වල සඳහන් නුවූ කරුණු රාශියක්ම මෙහි ඇතුළත් ය.
මෙකී සංස්කරණයෙහි විනය පිටකය සම්පූර්ණයෙනුත්, සූත්‍ර පිටකයෙන් දීඝ හා මජ‍්ඣිම නිකායනුත් මෙකල ආධුනිකයනට ප්‍රයෝජනවත් වන ලෙසකින් අන්තර්ගතකොට ඇත්තේ ය.
Rs 250.00
Out-of-Stock
Herana Huruva
Out-of-Stock
හෙරණ හුරුව - ශ්‍රී සම්බුද්ධ ශාසනයේ පැවිද්දකු වශයෙන් දශක 05ට වැඩි කාලයක් ලත් තම අත්දැකීම් මූලික කරගෙන පූජ්‍ය මාපලගම මෙත්තෙය්‍ය හිමියන් නවක සාමණේරයන් වහන්සේලා අරමුණෙහි තබා 'හෙරණ හුරුව' ග්‍රන්ථය සසුනේ පැවිදි වූ සහ පැවිදි වන හෙරණුන් හට තම දායක පිරිස හා සම්බන්ධ කටයුතුවල දී දැනුවත් වීම සඳහා අවශ්‍ය ආගමික වතාවත් පිළිබඳව ග්‍රන්ථයක අවශ්‍යතාවය සපුරයි. 
සංඝගත දක්ෂිණාවේ පටන් බෝධි පූජාව දක්වා ආගමික වතාවත් ඉතා සරල අයුරින් රචනා කර ඇති මෙම ග්‍රන්ථය සෑම සාමණේරයන් වහන්සේ නමක් ම පරිහරණය කළ යුතු කෘතියක් වශයෙන් අගය කළ යුතුය.